ත්‍රිපිටකය
7. මහාවග්ගො 7. මහා වර්‍ගය
1. හිරීඔත්තප්පසුත්තං 1. හිරොත්තප්පවින්න සූත්‍රය
2. සත්තසූරියසුත්තං 2. සත්තසුරියුග්ගමන සූත්‍රය
66
එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘අනිච්චා , භික්ඛවෙ, සඞ්ඛාරා; අධුවා, භික්ඛවෙ, සඞ්ඛාරා; අනස්සාසිකා, භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං, භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං.
‘‘සිනෙරු, භික්ඛවෙ, පබ්බතරාජා චතුරාසීතියොජනසහස්සානි ආයාමෙන, චතුරාසීතියොජනසහස්සානි විත්ථාරෙන, චතුරාසීතියොජනසහස්සානි මහාසමුද්දෙ අජ්ඣොගාළ්හො, චතුරාසීතියොජනසහස්සානි මහාසමුද්දා අච්චුග්ගතො. හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි දෙවො න වස්සති. දෙවෙ ඛො පන, භික්ඛවෙ, අවස්සන්තෙ යෙ කෙචිමෙ බීජගාමභූතගාමා ඔසධිතිණවනප්පතයො තෙ උස්සුස්සන්ති විසුස්සන්ති, න භවන්ති. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අධුවා, භික්ඛවෙ, සඞ්ඛාරා...පෙ.... අලං විමුච්චිතුං.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන දුතියො සූරියො පාතුභවති. දුතියස්ස, භික්ඛවෙ, සූරියස්ස පාතුභාවා යා කාචි කුන්නදියො කුසොබ්භා (කුස්සුබ්භො (සී.), කුස්සොබ්භා (ස්‍යා.)) තා උස්සුස්සන්ති විසුස්සන්ති, න භවන්ති . එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා...පෙ.... අලං විමුච්චිතුං.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තතියො සූරියො පාතුභවති. තතියස්ස, භික්ඛවෙ, සූරියස්ස පාතුභාවා යා කාචි මහානදියො, සෙය්‍යථිදං - ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, තා උස්සුස්සන්ති විසුස්සන්ති, න භවන්ති. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා...පෙ.... අලං විමුච්චිතුං.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන චතුත්ථො සූරියො පාතුභවති. චතුත්ථස්ස, භික්ඛවෙ, සූරියස්ස පාතුභාවා යෙ තෙ මහාසරා යතො ඉමා මහානදියො පවත්තන්ති, සෙය්‍යථිදං - අනොතත්තා, සීහපපාතා, රථකාරා, කණ්ණමුණ්ඩා, කුණාලා, ඡද්දන්තා, මන්දාකිනියා, තා උස්සුස්සන්ති විසුස්සන්ති, න භවන්ති. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා...පෙ.... අලං විමුච්චිතුං.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන පඤ්චමො සූරියො පාතුභවති. පඤ්චමස්ස, භික්ඛවෙ, සූරියස්ස පාතුභාවා යොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, ද්වියොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, තියොජනසතිකානිපි, චතුයොජනසතිකානිපි, පඤ්චයොජනසතිකානිපි, ඡයොජනසතිකානිපි, සත්තයොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති; සත්තතාලම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති, ඡතාලම්පි, පඤ්චතාලම්පි, චතුතාලම්පි, තිතාලම්පි, ද්විතාලම්පි , තාලමත්තම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති; සත්තපොරිසම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති, ඡපොරිසම්පි, පඤ්චපොරිසම්පි, චතුපොරිසම්පි, තිපොරිසම්පි, ද්විපොරිසම්පි, පොරිසම්පි (පොරිසමත්තම්පි (ස්‍යා.)), අඩ්ඪපොරිසම්පි, කටිමත්තම්පි, ජණ්ණුකාමත්තම්පි, ගොප්ඵකමත්තම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති. සෙය්‍යථාපි, භික්ඛවෙ, සරදසමයෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තත්ථ තත්ථ ගොපදෙසු (ගොප්ඵකපදෙසෙසු (ක.)) උදකානි ඨිතානි හොන්ති; එවමෙවං ඛො, භික්ඛවෙ, තත්ථ තත්ථ ගොප්ඵකමත්තානි (ගොපදමත්තානි (සී. ස්‍යා.)) මහාසමුද්දෙ උදකානි ඨිතානි හොන්ති. පඤ්චමස්ස, භික්ඛවෙ, සූරියස්ස පාතුභාවා අඞ්ගුලිපබ්බමත්තම්පි මහාසමුද්දෙ උදකං න හොති. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා...පෙ.... අලං විමුච්චිතුං.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන ඡට්ඨො සූරියො පාතුභවති. ඡට්ඨස්ස, භික්ඛවෙ, සූරියස්ස පාතුභාවා අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා ධූමායන්ති සංධූමායන්ති සම්පධූමායන්ති (ධූපායන්ති සන්ධූපායන්ති සම්පධූපායන්ති (සී. ස්‍යා.)). සෙය්‍යථාපි, භික්ඛවෙ, කුම්භකාරපාකො ආලෙපිතො (ආලිම්පිතො (සී. ස්‍යා.)) පඨමං ධූමෙති සංධූමෙති සම්පධූමෙති; එවමෙවං ඛො, භික්ඛවෙ, ඡට්ඨස්ස සූරියස්ස පාතුභාවා අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා ධූමායන්ති සංධූමායන්ති සම්පධූමායන්ති. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා...පෙ.... අලං විමුච්චිතුං.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන සත්තමො සූරියො පාතුභවති. සත්තමස්ස , භික්ඛවෙ, සූරියස්ස පාතුභාවා අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා ආදිප්පන්ති පජ්ජලන්ති එකජාලා භවන්ති. ඉමිස්සා ච, භික්ඛවෙ, මහාපථවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං දය්හමානානං අච්චි වාතෙන ඛිත්තා යාව බ්‍රහ්මලොකාපි ගච්ඡති. සිනෙරුස්ස, භික්ඛවෙ, පබ්බතරාජස්ස ඣායමානස්ස දය්හමානස්ස විනස්සමානස්ස මහතා තෙජොඛන්ධෙන අභිභූතස්ස යොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති ද්වියොජනසතිකානිපි, තියොජනසතිකානිපි, චතුයොජනසතිකානිපි, පඤ්චයොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති. ඉමිස්සා ච, භික්ඛවෙ, මහාපථවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං දය්හමානානං නෙව ඡාරිකා පඤ්ඤායති න මසි. සෙය්‍යථාපි, භික්ඛවෙ, සප්පිස්ස වා තෙලස්ස වා ඣායමානස්ස දය්හමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායති න මසි; එවමෙවං ඛො, භික්ඛවෙ, ඉමිස්සා ච මහාපථවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං දය්හමානානං නෙව ඡාරිකා පඤ්ඤායති න මසි. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අධුවා, භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අනස්සාසිකා, භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං, භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං.
‘‘තත්‍ර, භික්ඛවෙ, කො මන්තා කො සද්ධාතා - ‘අයඤ්ච පථවී සිනෙරු ච පබ්බතරාජා දය්හිස්සන්ති විනස්සිස්සන්ති, න භවිස්සන්තී’ති අඤ්ඤත්‍ර දිට්ඨපදෙහි?
(අ. නි. 6.54; 7.73) ‘‘භූතපුබ්බං, භික්ඛවෙ, සුනෙත්තො නාම සත්ථා අහොසි තිත්ථකරො කාමෙසු වීතරාගො. සුනෙත්තස්ස ඛො පන, භික්ඛවෙ , සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. සුනෙත්තො, භික්ඛවෙ, සත්ථා සාවකානං බ්‍රහ්මලොකසහබ්‍යතාය ධම්මං දෙසෙසි. යෙ ඛො පන, භික්ඛවෙ, සුනෙත්තස්ස සත්ථුනො බ්‍රහ්මලොකසහබ්‍යතාය ධම්මං දෙසෙන්තස්ස සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං බ්‍රහ්මලොකං උපපජ්ජිංසු. යෙ න සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු තෙ කායස්ස භෙදා පරං මරණා අප්පෙකච්චෙ පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්‍යතං උපපජ්ජිංසු, අප්පෙකච්චෙ නිම්මානරතීනං දෙවානං සහබ්‍යතං උපපජ්ජිංසු, අප්පෙකච්චෙ තුසිතානං දෙවානං සහබ්‍යතං උපපජ්ජිංසු, අප්පෙකච්චෙ යාමානං දෙවානං සහබ්‍යතං උපපජ්ජිංසු , අප්පෙකච්චෙ තාවතිංසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජිංසු , අප්පෙකච්චෙ චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජිංසු, අප්පෙකච්චෙ ඛත්තියමහාසාලානං සහබ්‍යතං උපපජ්ජිංසු, අප්පෙකච්චෙ බ්‍රාහ්මණමහාසාලානං සහබ්‍යතං උපපජ්ජිංසු, අප්පෙකච්චෙ ගහපතිමහාසාලානං සහබ්‍යතං උපපජ්ජිංසු.
‘‘අථ ඛො, භික්ඛවෙ, සුනෙත්තස්ස සත්ථුනො එතදහොසි - ‘න ඛො මෙතං පතිරූපං යොහං සාවකානං සමසමගතියො අස්සං අභිසම්පරායං, යංනූනාහං උත්තරි මෙත්තං (උත්තරි මග්ගං (ක.)) භාවෙය්‍ය’’’න්ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, සුනෙත්තො සත්ථා සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙසි. සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්ත සංවට්ටවිවට්ටකප්පෙ නයිමං ලොකං පුනරාගමාසි. සංවට්ටමානෙ සුදං, භික්ඛවෙ , ලොකෙ ආභස්සරූපගො හොති. විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජති. තත්‍ර සුදං, භික්ඛවෙ, බ්‍රහ්මා හොති මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පන, භික්ඛවෙ, සක්කො අහොසි දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසි චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. පරොසහස්සං ඛො පනස්ස පුත්තා අහෙසුං සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසි. සො හි නාම, භික්ඛවෙ, සුනෙත්තො සත්ථා එවං දීඝායුකො සමානො එවං චිරට්ඨිතිකො අපරිමුත්තො අහොසි - ‘ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, අපරිමුත්තො දුක්ඛස්මා’ති වදාමි’’.
‘‘තං කිස්ස හෙතු? චතුන්නං ධම්මානං අනනුබොධා අප්පටිවෙධා. කතමෙසං චතුන්නං? අරියස්ස, භික්ඛවෙ, සීලස්ස අනනුබොධා අප්පටිවෙධා, අරියස්ස සමාධිස්ස අනනුබොධා අප්පටිවෙධා, අරියාය පඤ්ඤාය අනනුබොධා අප්පටිවෙධා, අරියාය විමුත්තියා අනනුබොධා අප්පටිවෙධා. තයිදං, භික්ඛවෙ, අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං, අරියො සමාධි අනුබොධො පටිවිද්ධො, අරියා පඤ්ඤා අනුබොධා පටිවිද්ධා, අරියා විමුත්ති අනුබොධා පටිවිද්ධා, උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති, නත්ථි දානි පුනබ්භවො’’ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘සීලං සමාධි පඤ්ඤා ච, විමුත්ති ච අනුත්තරා;
අනුබුද්ධා ඉමෙ ධම්මා, ගොතමෙන යසස්සිනා.
‘‘ඉති බුද්ධො අභිඤ්ඤාය, ධම්මමක්ඛාසි භික්ඛුනං;
දුක්ඛස්සන්තකරො සත්ථා, චක්ඛුමා පරිනිබ්බුතො’’ති. දුතියං;
66
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
(1) “මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. (2) මහණෙනි, මේරු පර්‍වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.
“මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. (කෙබඳුද?) බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්‍ෂාව නොවසියි. මහණෙනි, වර්‍ෂාව නොවස්නා කල්හි යම් ඒ ඇට වර්‍ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කලෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, දෙවෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යම් ඒ කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සිඳෙත්. වියලී යත්. නොවෙත්. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, තුන්වෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යම්කිසි ඒ මහා ගංගා වෙද්ද, ඒ කවරහුද, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී (යන මේ ගංගාවෝ) වියලී යත්. සිඳෙත්. නොවෙත්. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍ය්‍යයාගේ පහළ වීමෙන් යම් තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නම්, යම් මහ විල් වෙද්ද, එනම්, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්‍ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සිඳෙත්. නොවෙත්. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, පස්වෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයෙහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයෙහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයෙහි ජලය පහළට බසිත්. සත්තලක් හෝ මහා සමුද්‍රයෙහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයෙහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයෙහි සප්ත පුරුෂ ප්‍රමාණ ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්‍ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යම් සේ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොකුරයන්හි ජලය සිටියේ වේද, මහනෙනි, පස්වෙනි සූර්‍ය්‍යාගේ පහළවීමෙන් ඇඟිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයෙහි ජලය නොවෙයි. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“යම් ඒ දීර්‍ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍ය්‍යයා පහළවේද, මහණෙනි, එබඳු කාලයක් වේමය. මහණෙනි, සවෙනි සූර්‍ය්‍යාගේ පහළවීමෙන් මේ මහා පෘථුවියද, මේරු පර්‍වත රාජයාද දුම් නගත්. විශේෂයෙන් දුම් නගත්. මනාකොට දුම් නගත්. මහණෙනි, යම් සේ කුඹල්කරුවාගේ (වලං ඇසුරූ පෝරණුව) මැටි ආලේප කළේ, පළමු පළමුව දුම් කවාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍ය්‍යාගේ පහළවීමෙන් මේ මහා පෘථිවියද, මේරු පර්‍වත රාජයාද දුම් නගත්. විශේෂයෙන් දුම් නගත්. මහණෙනි, එමෙන්ම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කිසියම් දීර්‍ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍ය්‍යයා පහළවේද, මහණෙනි, එබඳු දීර්‍ඝ කාලයක් වේමය. සත්වෙනි සූර්‍ය්‍යයා පහළවීමෙන් මේ මහා පෘථිවියද, මේරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මේ මහා පෘථුවියේද, මේරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මේරු පර්වතයේද, මේ මහා පෘථුවියේද, දනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කඳින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුළු බිඳීි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුළු බිඳී විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුළු බිඳී විනාශ වෙත්. දනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මේරු පර්වතයෙහිද, මේ මහා පෘථිවියෙහිද අළු නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අළු නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මේ මහා පෘථිවියේද, මේරු පර්වතයේද, අළු නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, මෙසේම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. මහණෙනි, මේ මහා පෘථිවියද, මේරු පර්වතයද, ගින්නෙන් ඩැහැ නොගන්නේයයි, විනාශ නොවන්නේයයි දැක්කවුන් හැර කවරෙක් සිතාද, කවරෙක් අදහාද.
“මහණෙනි, පෙර වනාහි කාමයන්හි දුරු කළ ආශා ඇති තීර්ත්‍ථක නායකවූ සුනෙත්‍ර නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර නම් ශාස්තෘවරයාට වනාහි නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘවරයා බඹලොව ගමන පිණිස සිය ශ්‍රාවකයන්ට ධර්‍මය දේශනා කරයි. මහණෙනි, බඹලොව ගමන පිණිස ධර්‍මය දේශනා කරන්නාවූ සුනෙත්‍ර ශාස්තෘවරයාගේ සියළු ශාසනය (ඔවුහු) සර්‍වප්‍රකාරයෙන් දත්හ. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වු බඹලොව උපන්හ.
“යම් කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් ශාසනය නොදත්තෝද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු ඇතැම් කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන් සමග උපන්හ. ඇතැම් කෙනෙක් නිර්‍මානරතී දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් තුසිත දෙවියන් සමග උපන්හ. ඇතැම්හු යාම දෙවියන් සමග උපන්හ. ඇතැම් කෙනෙක් තව්තිසා දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන් සමග උපන්හ. ඇතැම්හු ක්‍ෂත්‍රිය මහාසාර කුලයන් හා එක්ව උපන්හ. තවත් අයෙක් බ්‍රාහ්මණ මහාසාර කුලයන් හා එක්ව උපන්හ. ඇතැම් කෙනෙක් ගෘහපති මහාසාර කුලයන් හා එක්ව උපන්හ.
“මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘවරයාට මේ අදහස විය. ‘ශ්‍රාවකයන් හා පරලොව සම සම ගතීහු වන්නාහුද, මෙය වනාහි නුසුදුසුය. ඒ මම මත්තෙහි මෛත්‍රිය වඩන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවේය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මේ ලෝකයට නැවත නොආයේය. මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, සතිස් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.
“නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනනසුළු ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූරවූ, විරවූ, අන්‍ය සේනා පරදවන මනා අඟ පසඟ ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවරකොට ඇති මේ පෘථිවිය, දඬුවමින් තොරව, ආයුධ ආදියෙන් (කරණ යුදවලින්) තොරව, ධර්‍මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනෙත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්කවූයේ, චිරස්ථායිවුයේ, නොමිදුනේ විය. (එහෙත්) ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව (වැළැපීම්), දුඃඛ, දොමනස්ස, උපායාස (-සිත් තැවුල්) දුක්වලින් නොමිදුනේ, දුකින් යුක්තවූයේයයි කියමි.
“මහණෙනි, එයට හේතු කවරේද? සතර ධර්‍මයන්ගේ අවබෝධ නොකිරීමෙනි, ප්‍රතිවේධ නොකිරීමෙනි. කවර සතර ධර්මයන්ගේද යත්? ආර්‍ය්‍ය ශීලය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, ආර්‍ය්‍ය සමාධිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, ආර්‍ය්‍ය ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, ආර්‍ය්‍ය විමුක්තිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්ද යනුයි.
“මහණෙනි, යුෂ්මතුන් විසින් ආර්‍ය්‍ය ශීලය අවබෝධ කරණ ලදී, ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍ය සමාධිය අවබෝධ කරණ ලදී, ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍ය ප්‍රඥාව අවබෝධ කරණ ලදී, ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍යවූ විමුක්තිය අවබෝධ කරණ ලදී, ප්‍රතිවේධ කරණ ලදී. භව තෘෂ්ණාව උපුටා දමන ලදී. භවයෙන් භවයට ගෙන යන තෘෂ්ණාව ක්‍ෂය විය. දැන් නැවත ඉපදීමක් නැත.” භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. දේශනාකොට සුගතවූ ශාස්තෲන් වහන්සේ ඉන්පසු මෙය දේශනා කළ සේක
(1) “ශීලයද, සමාධියද, ප්‍රඥාවද, ලෝකෝත්තර මිදිමයයි කියන ලද අර්හත් ඵලයද යන මේ ධර්මයෝ යශස් ඇත්තාවූ ගෞතමයන් විසින් අවබෝධ කරණ ලද්දාහුය.
(2) “මෙසේ බුද්‍ධ තෙම විශිෂ්ට ඥානයෙන් මනාකොට දැන භික්‍ෂූන්ට ධර්‍මය දේශනා කළ සේක. සසර දුක් කෙළවර කළාවූ, පසැස් ඇත්තාවූ ශාස්තෘ තෙම ක්ලේශ පරිනිර්වාණයෙන් නිවුන සේක.”
3. නගරොපමසුත්තං 3. පච්චන්ත නගරෝපම සූත්‍රය
4. ධම්මඤ්ඤූසුත්තං 4. අහුණෙය්‍යසත්තඞ්ග සූත්‍රය
5. පාරිච්ඡත්තකසුත්තං 5. පාරිච්ඡත්තකොපම සූත්‍රය
6. සක්කච්චසුත්තං 6. සක්කාර ගරුකාර සූත්‍රය
7. භාවනාසුත්තං 7. භාවනානුයුත්ත සූත්‍රය
8. අග්ගික්ඛන්ධොපමසුත්තං 8. අග්ගික්ඛන්‍ධොපම සූත්‍රය
9. සුනෙත්තසුත්තං 9. සුනෙත්ත සූත්‍රය
10. අරකසුත්තං 10. අරක සූත්‍රය