ත්‍රිපිටකය
4. සුමනවග්ගො 4. සුමනා වර්‍ගය
1. සුමනසුත්තං 1. සුමනා සූත්‍රය
2. චුන්දීසුත්තං 2. චුන්‍දී සූත්‍රය
3. උග්ගහසුත්තං 3. උග්ගහ සූත්‍රය
4. සීහසෙනාපතිසුත්තං 4. සීහසේනාපති සූත්‍රය
5. දානානිසංසසුත්තං 5. දානානිසංස සූත්‍රය
35
‘‘පඤ්චිමෙ , භික්ඛවෙ, දානෙ ආනිසංසා. කතමෙ පඤ්ච? බහුනො ජනස්ස පියො හොති මනාපො; සන්තො සප්පුරිසා භජන්ති; කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති; ගිහිධම්මා අනපගතො (ගිහිධම්මා අනපෙතො (සී. පී.), ගිහිධම්මමනුපගතො (ක.)) හොති; කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච දානෙ ආනිසංසා’’ති.
‘‘දදමානො පියො හොති, සතං ධම්මං අනුක්කමං;
සන්තො නං සදා භජන්ති (සන්තො භජන්ති සප්පුරිසා (සී.)), සඤ්ඤතා බ්‍රහ්මචාරයො.
‘‘තෙ තස්ස ධම්මං දෙසෙන්ති, සබ්බදුක්ඛාපනූදනං;
යං සො ධම්මං ඉධඤ්ඤාය, පරිනිබ්බාති අනාසවො’’ති. පඤ්චමං;
35
“මහණෙනි, මේ දානයෙහි අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්; බොහෝ දෙනාට ප්‍රිය වූවෙක් මන වඩන්නෙක් වෙයි. ශාන්තවූ සත් පුරුෂයෝ භජනය කරත්. යහපත්වූ ගුණ ඝෝෂාව පැන නඟියි. ගෘහස්ත ධර්මයෙන් පහ නොවූයේ වෙයි හෙවත් නොකඩවූ පඤ්ච ශීලය ඇත්තේ වෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. මහණෙනි, මොහු වනාහි දානයෙහි අනුසස් පස වෙත්ය” යි වදාළ සේක.
(1) “සත්පුරුෂයන්ගේ ධර්‍මය නොඉක්මවමින් දෙනු ලබන්නේ ප්‍රියයෙක් වෙයි. සංයමයෙන් යුක්ත වූ, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තා වූ, ශාන්ත වූ සත්පුරුෂයෝ භජනය කෙරෙත්.
(2) “උන්වහන්සේලා ඔහුට සියලු දුක් දුරලන්නා වූ යම් ධර්‍මයක් දේශනා කෙරෙත්ද, හෙතෙම මෙලොව ඒ ධර්‍මය දැන, ආශ්‍රව රහිතවූයේ පිරිනිවේය” යි වදාළ සේක.
6. කාලදානසුත්තං 6. කාලදාන සූත්‍රය
9. භොජනසුත්තං 7. භෝජන සූත්‍රය
8. සද්ධසුත්තං 8. සද්ධා සූත්‍රය
9. පුත්තසුත්තං 9. පුත්ත සූත්‍රය
10. මහාසාලපුත්තසුත්තං 10. මහාසාල සූත්‍රය