(21) 1. සප්පුරිසවග්ගො | (21) 1. සප්පුරිස වර්ගය |
1. සික්ඛාපදසුත්තං | 1. සික්ඛාපූරක සූත්‍රය |
201
‘‘අසප්පුරිසඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසො? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. අයං වුච්චති, භික්ඛවෙ, අසප්පුරිසො.
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති; අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති; අත්තනා ච කාමෙසුමිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරෙ සමාදපෙති; අත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති; අත්තනා ච සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති, පරඤ්ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානෙ සමාදපෙති. අයං වුච්චති, භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො.
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසො? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති; අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති; අත්තනා
|
201
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද,
“මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි.
“මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයාය.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද?
“ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායි.”
|
2. අස්සද්ධසුත්තං | 2. අස්සද්ධ සූත්‍රය |
202
‘‘අසප්පුරිසඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසො? ඉධ, භික්ඛවෙ, එකච්චො අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති. අයං වුච්චති, භික්ඛවෙ, අසප්පුරිසො.
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච අස්සද්ධො හොති, පරඤ්ච අස්සද්ධියෙ
(අසද්ධාය (ක.)) සමාදපෙති; අත්තනා ච අහිරිකො
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච සද්ධාසම්පන්නො හොති, පරඤ්ච සද්ධාසම්පදාය සමාදපෙති
|
202
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් අශ්රද්ධාද, ලජ්ජා නැත්තේද, භය නැත්තේද, අල්පශ්රුතද, කුසීතද, මුළා සිහි ඇත්තේද, දුෂ්ප්රාඥද,
“මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තමා අශ්රද්ධාද, අනුන්ද අශ්‍රද්ධාවෙහි සමාදන් කරවයිද, තමා ලජ්ජා නැත්තේද, අනුන්ද නිර්ලජ්ජාවෙහි සමාදන් කරවයිද, තමා බිය නැද්ද, අනුන්ද බිය නැති බවෙහි සමාදන් කරවයිද, තමා අල්පශ්රුතද, අනුන්ද අල්පශ්‍රුත බැව්හි සමාදන් කරවයිද, තමා කුසීතද, අනුන්ද කුසීත බැව්හි සමාදන් කරවයිද, තමා මුළා සිහි ඇත්තේද, අනුන්ද මුළාබැව්හි සමාදන් කරවයිද, තමා දුෂ්ප්රාඥද, අනුන්ද දුෂ්ප්‍රාඥ බැව්හි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශ්‍රද්‍ධාවත්ද, ලජ්ජාවේද, බිය ඇත්තේ වේද, බහුශ්‍රුතද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේද, සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ. “මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ශ්‍රද්‍ධාවත්ද, අනුන්ද ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවයිද, තමා ලජ්ජා ඇත්තේ වේද, අනුන්ද ලජ්ජා ඇති බවෙහි සමාදන් කරවයිද, තමා බිය ඇත්තේද, අනුන්ද බිය ඇති බැව්හි සමාදන් කරවයිද, තමා බහුශ්‍රුතද, අනුන්ද බහුශ්‍රුත බැව්හි සමාදන් කරවයිද, තමන්ද පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේවේද, අනුන්ද පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි සමාදන් කරවයිද, තමා එළඹ සිටි සිහි ඇත්තේ වේද, අනුන්ද එළඹ සිටි සිහියෙහි සමාදන් කරවයිද, තමා ප්‍රඥා සම්පන්නද, අනුන්ද ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායයි කියනු ලැබේ.”
|
3. සත්තකම්මසුත්තං | 3. සත්තකම්ම සූත්‍රය |
203
‘‘අසප්පුරිසඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති; අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති; අත්තනා ච කාමෙසුමිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරෙ සමාදපෙති; අත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති; අත්තනා ච පිසුණවාචො හොති, පරඤ්ච පිසුණාය වාචාය සමාදපෙති; අත්තනා ච ඵරුසවාචො
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසො? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුණාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො, හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති, භික්ඛවෙ, සප්පුරිසො.
‘‘කතමො
|
203
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, පිසුණු කියන්නේ වේද, පරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද,
“මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන්ද සතුන් මරන්නේ වේද, අන්‍යයන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයි. තමන්ද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයි. තමන්ද කාමමිත්ථ්යාචාරයෙහි හැසිරෙන්නේ වේද, අනුන්ද කාමයෙහි වරදවා හැසිරීමෙහි සමාදන් කරවයි. තමන්ද බොරු කියන්නේ වේද, අන්‍යයන්ද බොරුකීමෙහි සමාදන් කරවයි. තමන්ද පිසුණු කියන්නේවේද, අනුන්ද පිසුණු කීමෙහි සමාදන් කරවයි. තමන්ද පරුෂ වචන කියන්නේ වේද, අනුන්ද පරුෂ වචන කීමෙහි සමාදන් කරවයි. තමන්ද ප්‍රලාප දොඩන්නේ වේද, අනුන්ද ප්‍රලාප දෙඩීමෙහි සමාදන් කරවයි.
“මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද?
“ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, පිසුණු කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
“මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාද පිසුණු කීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද පිසුණු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, තමන්ද ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේ, අනුන්ද ඵරුෂ වචනයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, තමන්ද ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද ප්‍රලාප දෙඩීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායයි කියනු ලැබේ.
|
4. දසකම්මසුත්තං | 4. දසකම්ම සූත්‍රය |
204
‘‘අසප්පුරිසඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසො? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලු හොති, බ්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨිකො හොති. අයං වුච්චති, භික්ඛවෙ, අසප්පුරිසො.
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසො
‘‘කතමො
|
204
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, බහුලවූයේ වේද, විපන්න සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද,
“මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමාද තෘෂ්ණා බහුලකොට ඇත්තේ වේද, අනුන් තෘෂ්ණා බහුල භාවයෙහි සමාදන් කරවයිද, තමාද විපන්න සිත් ඇත්තේ වේද, අනුන් විපන්න සිත් සමාදන් කරවයිද, තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද? ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, තෘෂ්ණා බහුලකොට නැත්තේ වේද, විපන්න සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටිකද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාද තෘෂ්ණා බහුලකොට නැත්තේ වේද, අනුන්ද තෘෂ්ණා බහුලභාවයෙහි සමාදන් නොකරයිද, තමාද විපන්න සිත් නැත්තේ වේද, අනුන්ද අව්‍යාපාදයෙහි සමාදන් කරවයිද, තමන් සම්‍යක් දෘෂ්ටිකද, අනුන් සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායයි කියනු ලැබේ.”
|
5. අට්ඨඞ්ගිකසුත්තං | 5. අට්ඨංගික සූත්‍රය |
205
‘‘අසප්පුරිසඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච; සප්පුරිසඤ්ච, සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච. තං සුණාථ...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසො? ඉධ, භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති, මිච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවාචො හොති, මිච්ඡාකම්මන්තො හොති, මිච්ඡාආජීවො හොති, මිච්ඡාවායාමො හොති, මිච්ඡාසති හොති, මිච්ඡාසමාධි හොති. අයං
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ භික්ඛවෙ, එකච්චො අත්තනා
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසො? ඉධ, භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති, සම්මාසඞ්කප්පො හොති, සම්මාවාචො හොති, සම්මාකම්මන්තො හොති, සම්මාආජීවො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මාසමාධි හොති. අයං වුච්චති, භික්ඛවෙ, සප්පුරිසො.
‘‘කතමො
|
205
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා කල්පනා ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද, මිත්‍යා ආජීව ඇත්තේ වේද, මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, මිත්‍යා සිහි ඇත්තේ වේද, මිත්‍යාවෙන් සිත එකඟ කිරීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා වචන ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කර්මාන්තයෙහි සමාදන් කරවයිද, තමා මිත්‍යා ජීවිකාව ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන්ද මිත්‍යා සිහි ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා සිහියෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යාවෙන් සිත එකඟ කරන්නේ වේද, අනුන්ද මිත්‍යාවෙන් සිත එකඟ කරවයිද,
“මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සම්‍යක් කල්පනා ඇත්තේද, සම්‍යක් වචන ඇත්තේද, සම්‍යක් කටයුතු ඇත්තේද, සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාම ඇත්තේ වේද, සම්‍යක් ස්මෘති ඇත්තේ වේද, සම්‍යක් සමාධි ඇත්තේ වේද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ වේද, අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් කල්පනා ඇත්තේ වේද, අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වචන ඇත්තේ වේද, අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වැඩ ඇත්තේ වේද, අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද, තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තද, අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් ව්‍යායාම කරන්නේද, අනුන්ද යහපත් ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් සිහි ඇත්තේ වේද, අනුන්ද යහපත් සිහියෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත්ව සිත එකඟ කරයිද, අනුන්ද යහපත්ව සිත එතඟ කිරීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින්ම සත්පුරුෂයායයි කියනු ලැබේ.
|
6. දසමග්ගසුත්තං | 6. දසංගික සූත්‍රය |
206
‘‘අසප්පුරිසඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච; සප්පුරිසඤ්ච, සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච. තං සුණාථ...පෙ....
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසො? ඉධ
‘‘කතමො ච, භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති...පෙ.... අත්තනා ච මිච්ඡාඤාණී හොති, පරඤ්ච මිච්ඡාඤාණෙ සමාදපෙති; අත්තනා ච මිච්ඡාවිමුත්ති හොති, පරඤ්ච මිච්ඡාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති, භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො.
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසො? ඉධ, භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති...පෙ.... සම්මාඤාණී හොති, සම්මාවිමුත්ති හොති. අයං වුච්චති, භික්ඛවෙ, සප්පුරිසො.
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති...පෙ.... අත්තනා ච සම්මාඤාණී හොති, පරඤ්ච සම්මාඤාණෙ සමාදපෙති; අත්තනා ච සම්මාවිමුත්ති හොති, පරඤ්ච සම්මාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති, භික්ඛවෙ, සප්පුරිසෙන සප්පුරිසතරො’’ති. ඡට්ඨං.
|
206
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා කල්පනා ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද, මිත්‍යා ආජීව ඇත්තේ වේද, මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා වචන ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කර්මාන්තයෙහි සමාදන් කරවයිද, තමා මිත්‍යා ජීවිකාව ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි ඤාණයෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි ඤාණයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි මිදීමෙන් සමාදන් කරවයිද,
“මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සම්‍යක් කල්පනා ඇත්තේද, සම්‍යක් වචන ඇත්තේද, සම්‍යක් කටයුතු ඇත්තේද, සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාම ඇත්තේ වේද, යහපත් නුවණ ඇත්තේ වේද, යහපත් මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ වේද, අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් කල්පනා ඇත්තේ වේද, අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වචන ඇත්තේ වේද, අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වැඩ ඇත්තේ වේද, අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද, තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තද, අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් ව්‍යායාම කරන්නේද, අනුන්ද යහපත් ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් නුවණ ඇත්තේ වේද, අනුන්ද යහපත් නුවණෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද යහපත් මිදීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායයි කියනු ලැබේ.”
|
7. පඨමපාපධම්මසුත්තං | 7. පඨම පාපතර සූත්‍රය |
207
‘‘පාපඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, පාපො? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති...පෙ.... මිච්ඡාදිට්ඨිකො හොති. අයං වුච්චති, භික්ඛවෙ, පාපො.
‘‘කතමො ච, භික්ඛවෙ, පාපෙන පාපතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතී
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, කල්යාණෙන කල්යාණතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති...පෙ.... අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති, භික්ඛවෙ, කල්යාණෙන කල්යාණතරො’’ති. සත්තමං.
|
207
“මහණෙනි, තොපට පාපී පුද්ගලයාද, පාපී පුද්ගලයන්ගෙන් අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි පුද්ගලයාද, නිවැරදි පුද්ගලයින්ගෙන් අතිශය නිවැරදි පුද්ගලයාද දෙසන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාපී පුද්ගලයා කවරේද?
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, මිත්‍යා දෘෂ්ටික වේද. මහණෙනි, මේ පාපී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පාපී පුද්ගලයාටත් වඩා අතිශයින් පාපීවූ පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන්ද මිත්‍යා දෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යා දෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ පාපයාටත් වඩා අතිශයින් පාපයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයා කවරේද?
“ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සම්‍යක් දෘෂ්ටික වේද,
“මහණෙනි, මේ නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයන්ගෙන් අතිශය නිවැරදි පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාත් සම්‍යක් දෘෂ්ටික වේද, අන්‍යයාත් සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ නිවැරදි පුද්ගලයාගෙනුත් අතිශය නිවැරදි පුද්ගලයායයි කැයනු ලැබේ.”
|
8. දුතියපාපධම්මසුත්තං | 8. දුතිය පාපතර සූත්‍රය |
208
‘‘පාපඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, පාපෙන පාපතරඤ්ච; කල්යාණඤ්ච, කල්යාණෙන කල්යාණතරඤ්ච. තං සුණාථ, සාධුකං මනසිකරොථ; භාසිස්සාමී’’ති. එවං...පෙ.... එතදවොච -
‘‘කතමො ච, භික්ඛවෙ, පාපො? ඉධ, භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති...පෙ.... මිච්ඡාඤාණී හොති, මිච්ඡාවිමුත්ති හොති. අයං වුච්චති, භික්ඛවෙ, පාපො.
‘‘කතමො ච, භික්ඛවෙ, පාපෙන පාපතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති...පෙ.... අත්තනා ච මිච්ඡාඤාණී හොති, පරඤ්ච මිච්ඡාඤාණෙ සමාදපෙති; අත්තනා ච මිච්ඡාවිමුත්ති හොති, පරඤ්ච මිච්ඡාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති, භික්ඛවෙ, පාපෙන පාපතරො.
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, කල්යාණෙන කල්යාණතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති...පෙ.... අත්තනා ච සම්මාඤාණී හොති
|
208
“මහණෙනි, තොපට පාපී පුද්ගලයාද, පාපී පුද්ගලයන්ගෙන් අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි පුද්ගලයාද, නිවැරදි පුද්ගලයින්ගෙන් අතිශය නිවැරදි පුද්ගලයාද දෙසන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාපී පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා කල්පනා ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද, මිත්‍යා ආජීව ඇත්තේ වේද, මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ පාපී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පවිටු පුද්ගලයාටත් වඩා අතිශයින් පවිටු පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා වචන ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කර්මාන්තයෙහි සමාදන් කරවයිද, තමා මිත්‍යා ජීවිකාව ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි ඤාණයෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි ඤාණයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි මිදීමෙන් සමාදන් කරවයිද,
“මහණෙනි, මේ පාපී පුද්ගලයාටත් වඩා අතිශයින් පාපී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සම්‍යක් කල්පනා ඇත්තේද, සම්‍යක් වචන ඇත්තේද, සම්‍යක් කටයුතු ඇත්තේද, සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාම ඇත්තේ වේද, යහපත් නුවණ ඇත්තේ වේද, යහපත් මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ වේද, අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් කල්පනා ඇත්තේ වේද, අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වචන ඇත්තේ වේද, අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වැඩ ඇත්තේ වේද, අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද, තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තද, අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් ව්‍යායාම කරන්නේද, අනුන්ද යහපත් ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් නුවණ ඇත්තේ වේද, අනුන්ද යහපත් නුවණෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද යහපත් මිදීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.
|
9. තතියපාපධම්මසුත්තං | 9. පඨම පාපධම්ම සූත්‍රය |
209
‘‘පාපධම්මඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, පාපධම්මෙන
‘‘කතමො ච, භික්ඛවෙ, පාපධම්මො? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති...පෙ.... මිච්ඡාදිට්ඨිකො හොති. අයං වුච්චති, භික්ඛවෙ, පාපධම්මො.
‘‘කතමො ච, භික්ඛවෙ, පාපධම්මෙන පාපධම්මතරො? ඉධ භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති...පෙ.... අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති, භික්ඛවෙ, පාපධම්මෙන පාපධම්මතරො.
‘‘කතමො ච, භික්ඛවෙ, කල්යාණධම්මො? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... සම්මාදිට්ඨිකො හොති. අයං වුච්චති, භික්ඛවෙ, කල්යාණධම්මො.
‘‘කතමො ච, භික්ඛවෙ, කල්යාණධම්මෙන කල්යාණධම්මතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා
|
209
“මහණෙනි, තොපට පාපී ස්වභාව ඇති පුද්ගලයාද, පාපී ස්වභාව ඇත් පුද්ගලයාටත් වඩා අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශය නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද දේශනා කරන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද?
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, මිත්‍යා දෘෂ්ටි ඇත්තේ වේද,
“මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පාප ස්වභාවයෙනුත් අතිශයින් පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයාගෙන් අතිශයින් පාප ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් ස්වභාව ඇති පුද්ගලයා කවරේද?
“ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සම්‍යක් දෘෂ්ටික වේද,
“මේ යහපත් ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි ස්වභාවය ඇති පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාද සම්‍යක් දෘෂ්ටික වේද, අනුන්ද සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද.
“මහණෙනි, මේ නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි ි පුද්ගලයායයි කියනු ලැබේ.”
|
10. චතුත්ථපාපධම්මසුත්තං | 10. දුතිය පාපධම්ම සූත්‍රය |
210
‘‘පාපධම්මඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, පාපධම්මෙන පාපධම්මතරඤ්ච; කල්යාණධම්මඤ්ච, කල්යාණධම්මෙන කල්යාණධම්මතරඤ්ච. තං සුණාථ...පෙ.....
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, පාපධම්මෙන පාපධම්මතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, කල්යාණධම්මො? ඉධ, භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති...පෙ.... සම්මාඤාණී හොති, සම්මාවිමුත්ති හොති. අයං වුච්චති, භික්ඛවෙ, කල්යාණධම්මො.
‘‘කතමො ච, භික්ඛවෙ, කල්යාණධම්මෙන කල්යාණධම්මතරො? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති...පෙ.... අත්තනා ච සම්මාඤාණී හොති, පරඤ්ච සම්මාඤාණෙ සමාදපෙති; අත්තනා ච සම්මාවිමුත්ති හොති, පරඤ්ච සම්මාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති, භික්ඛවෙ, කල්යාණධම්මෙන
|
210
“මහණෙනි, තොපට පාපී ස්වභාව ඇති පුද්ගලයාද, පාපී ස්වභාව ඇත් පුද්ගලයාටත් වඩා අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශය නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද දේශනා කරන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා කල්පනා ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද, මිත්‍යා ආජීව ඇත්තේ වේද, මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයාය. මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශයින් පාප ස්වභාවයෙන් යුත් පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා වචන ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කර්මාන්තයෙහි සමාදන් කරවයිද, තමා මිත්‍යා ජීවිකාව ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි ඤාණයෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි ඤාණයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි මිදීමෙන් සමාදන් කරවයිද, මහණෙනි, මේ පාප ස්වභාව ඇත්තන්ගෙන් අතිශයින් පාප ස්වභාව ඇත්තේයයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් ස්වභාව ඇත්තේ කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සම්‍යක් කල්පනා ඇත්තේද, සම්‍යක් වචන ඇත්තේද, සම්‍යක් කටයුතු ඇත්තේද, සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාම ඇත්තේ වේද, යහපත් නුවණ ඇත්තේ වේද, යහපත් මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ යහපත් ස්වභාව ඇත්තේයයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් ස්වභාව ඇත්තන්ගෙනුත් අතිශයින් යහපත් ස්වබාවය ඇත්තා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ වේද, අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් කල්පනා ඇත්තේ වේද, අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වචන ඇත්තේ වේද, අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වැඩ ඇත්තේ වේද, අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද, තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තද, අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් ව්‍යායාම කරන්නේද, අනුන්ද යහපත් ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් නුවණ ඇත්තේ වේද, අනුන්ද යහපත් නුවණෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද යහපත් මිදීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ යහපත් ස්වභාව ඇත්තාට වඩා අතිශයින් යහපත් ස්වභාව ඇත්තායයි කියනු ලැබේ.
|