ත්‍රිපිටකය
(17) 2. පටිපදාවග්ගො (17) 2. පටිපදා වර්‍ගය
1. සංඛිත්තසුත්තං 1. සංඛිත්ත පටිපදා සූත්‍රය
2. විත්ථාරසුත්තං 2. විත්‍ථත පටිපදා සූත්‍රය
3. අසුභසුත්තං 3. අසුභානු පස්සි සූත්‍රය
4. පඨමඛමසුත්තං 4. පච්චක්කොසන සූත්‍රය
164
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, පටිපදා. කතමා චතස්සො? අක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා. කතමා ච, භික්ඛවෙ, අක්ඛමා පටිපදා? ඉධ, භික්ඛවෙ, එකච්චො (එකච්චො පුග්ගලො (සී. ස්‍යා. කං.)) අක්කොසන්තං පච්චක්කොසති, රොසන්තං පටිරොසති, භණ්ඩන්තං පටිභණ්ඩති. අයං වුච්චති, භික්ඛවෙ, අක්ඛමා පටිපදා.
‘‘කතමා ච, භික්ඛවෙ, ඛමා පටිපදා? ඉධ, භික්ඛවෙ, එකච්චො අක්කොසන්තං න පච්චක්කොසති, රොසන්තං න පටිරොසති, භණ්ඩන්තං න පටිභණ්ඩති. අයං වුච්චති, භික්ඛවෙ, ඛමා පටිපදා.
‘‘කතමා ච, භික්ඛවෙ, දමා පටිපදා? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී; යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති; රක්ඛති චක්ඛුන්ද්‍රියං; චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී; යත්වාධිකරණමෙනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති ; රක්ඛති මනින්ද්‍රියං; මනින්ද්‍රියෙ සංවරං ආපජ්ජති. අයං වුච්චති, භික්ඛවෙ, දමා පටිපදා.
‘‘කතමා ච, භික්ඛවෙ, සමා පටිපදා? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති සමෙති බ්‍යන්තීකරොති අනභාවං ගමෙති; උප්පන්නං බ්‍යාපාදවිතක්කං...පෙ.... උප්පන්නං විහිංසාවිතක්කං... උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති සමෙති බ්‍යන්තීකරොති අනභාවං ගමෙති. අයං වුච්චති, භික්ඛවෙ, සමා පටිපදා. ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො පටිපදා’’ති. චතුත්ථං.
164
“මහණෙනි, මේ ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්? නොඉවසන ප්‍රතිපදාවය, ඉවසන ප්‍රතිපදාවය, සන්සිඳුනු ප්‍රතිපදාවය, සම ප්‍රතිපදාවය යන සතරය.
“මහණෙනි, නොඉවසන ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආක්‍රොශ කරන්නාට ආපසු ආක්‍රොශ කරයිද, ක්‍රොධ කරන්නාට ආපසු ක්‍රොධ කෙරේද, කොලාහාල කරන්නාට ආපසු කෝලාහාල කරයිද, මේ අක්‍ෂමා ප්‍රතිපදායයි කියනු ලැබේ.
“මහණෙනි, ඉවසන ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආක්‍රොශ කරන්නාට ආපසු ආක්‍රොශ නොකෙරේද, ක්‍රොධ කරන්නාට ආපසු ක්‍රොධ නොකරයිද, කොලාහල කරන්නාට ආපසු කෝලාහල නොකරාද, මහණෙනි, මේ ක්‍ෂමා ප්‍රතිපදායයි කියනු ලැබේ.
“මහණෙනි, සන්සිඳුනු ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම ඇසින් රූපයක් දැක නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් සෝතේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. සෝතේන්‍ද්‍රියය රකියි. සෝතේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයෙන් ගඳ සුවඳත් ආඝ්‍රාණය කොට නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් ඝානේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ඝානේන්‍ද්‍රියය රකියි. ඝානේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ, නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් ජිහ්වේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ජිහ්වේන්‍ද්‍රියය රකියි. ජිහ්වේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් පහසක් දැනී, නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, වේ. යම් කාරණයකින් කායේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. කායේන්‍ද්‍රියය රකියි. කායේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් ධර්‍මයක් දැන නිමිති නොගන්නේ වේ, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේ, යම් කාරණයකින් මනින්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රියය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ සන්සිඳුනු ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
“මහණෙනි, සම ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කාම අදහස නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපන් ව්‍යාපාද විතර්‍කය, නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපන් විහිංසා විර්‍කය නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපනූපන් ලාමක අකුශල ධර්මයන් නොඉවසයි. දුරුකරයි. අත්හරියි. සමනය කරයි. අවසන් කරයි. අභාවයට යවයි. මහණෙනි, මේ සම ප්‍රතිපදාවයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.”
5. දුතියඛමසුත්තං 5. අක්ඛම සූත්‍රය
6. උභයසුත්තං 6. උභය හීන සූත්‍රය
7. මහාමොග්ගල්ලානසුත්තං 7. මොග්ගල්ලාන සූත්‍රය
8. සාරිපුත්තසුත්තං 8. සාරීපුත්ත සූත්‍රය
9. සසඞ්ඛාරසුත්තං 9. සසංඛාර සූත්‍රය
10. යුගනද්ධසුත්තං 10. යුගනද්‍ධ සූත්‍රය