ත්‍රිපිටකය
(8) 3. අපණ්ණකවග්ගො (8) 3. අපණ්ණක වර්‍ගය
1. පධානසුත්තං 1. පඨම අපණ්ණක ධම්ම සූත්‍රය
2. සම්මාදිට්ඨිසුත්තං 2. දුතිය අපණ්ණක ධම්ම සූත්‍රය
3. සප්පුරිසසුත්තං 3. අසප්පුරිස ධම්ම සූත්‍රය
4. පඨමඅග්ගසුත්තං 4. පඨම චතුරඞ්ග සූත්‍රය
5. දුතියඅග්ගසුත්තං 5. දුතිය චතුරඞ්ග සූත්‍රය
6. කුසිනාරසුත්තං 6. සියාකංඛා (කුසිනාරා) සූත්‍රය
7. අචින්තෙය්‍යසුත්තං 7. අචින්තෙය්‍ය සූත්‍රය
77
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, අචින්තෙය්‍යානි, න චින්තෙතබ්බානි; යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. කතමානි චත්තාරි? බුද්ධානං, භික්ඛවෙ, බුද්ධවිසයො අචින්තෙය්‍යො, න චින්තෙතබ්බො; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. ඣායිස්ස, භික්ඛවෙ, ඣානවිසයො අචින්තෙය්‍යො, න චින්තෙතබ්බො; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. කම්මවිපාකො, භික්ඛවෙ, අචින්තෙය්‍යො, න චින්තෙතබ්බො; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. ලොකචින්තා, භික්ඛවෙ, අචින්තෙය්‍යා, න චින්තෙතබ්බා; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අචින්තෙය්‍යානි, න චින්තෙතබ්බානි; යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. සත්තමං.
77
“මහණෙනි, යම් දෙයක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, නොසිතිය හැකි, නොසිතිය යුතු මේ සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වන්නේද, මහණෙනි, බුදුවරුන්ගේ බුද්‍ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, කර්‍ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.
“මහණෙනි, මේ සතර නොසිතිය යුතුය. යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වේද, නොසිතිය යුතු, නොසිතිය යැකි මේ කරුණු සතරය.”
8. දක්ඛිණසුත්තං 8. දක්ඛිණ විභඞ්ග සූත්‍රය
9. වණිජ්ජසුත්තං 9. පයුත්තවණිජ්ජා සූත්‍රය
10. කම්බොජසුත්තං 10. කම්බොජ ගමන සූත්‍රය