ත්‍රිපිටකය
5. රොහිතස්සවග්ගො 5. රොහිතස්ස වර්‍ගය
1. සමාධිභාවනාසුත්තං 1. සමාධිභාවනා සූත්‍රය
2. පඤ්හබ්‍යාකරණසුත්තං 2. පඤ්හව්‍යාකරණ සූත්‍රය
3. පඨමකොධගරුසුත්තං 3. කොධගරුතා සූත්‍රය
4. දුතියකොධගරුසුත්තං 4. අසද්‍ධම්ම චතුක්ක සූත්‍රය
5. රොහිතස්සසුත්තං 5. පළමුවෙනි රොහිතස්ස සූත්‍රය
6. දුතියරොහිතස්සසුත්තං 6. දුතිය රොහිතස්ස සූත්‍රය
46
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉමං, භික්ඛවෙ, රත්තිං රොහිතස්සො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො , භික්ඛවෙ, රොහිතස්සො දෙවපුත්තො මං එතදවොච - ‘යත්ථ නු ඛො, භන්තෙ (සං. නි. 1.107), න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, සක්කා නු ඛො සො, භන්තෙ, ගමනෙන ලොකස්ස අන්තො ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වා’ති? එවං වුත්තෙ අහං, භික්ඛවෙ, රොහිතස්සං දෙවපුත්තං එතදවොචං - ‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’ති. එවං වුත්තෙ, භික්ඛවෙ, රොහිතස්සො දෙවපුත්තො මං එතදවොච - ‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතමිදං, භන්තෙ, භගවතා - යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමි’’’.
‘‘භූතපුබ්බාහං, භන්තෙ, රොහිතස්සො නාම ඉසි අහොසිං භොජපුත්තො ඉද්ධිමා වෙහාසඞ්ගමො. තස්ස මය්හං, භන්තෙ, එවරූපො ජවො අහොසි, සෙය්‍යථාපි නාම දළ්හධම්මා ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙන තිරියං තාලච්ඡායං අතිපාතෙය්‍ය . තස්ස මය්හං, භන්තෙ, එවරූපො පදවීතිහාරො අහොසි, සෙය්‍යථාපි නාම පුරත්ථිමා සමුද්දා පච්ඡිමො සමුද්දො. තස්ස මය්හං, භන්තෙ, එවරූපෙන ජවෙන සමන්නාගතස්ස එවරූපෙන ච පදවීතිහාරෙන එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි - අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී’’ති. සො ඛො අහං, භන්තෙ, අඤ්ඤත්‍රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්‍ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්‍ර නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරායෙව කාලඞ්කතො.
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතමිදං, භන්තෙ, භගවතා - ‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’’’ති. එවං වුත්තෙ අහං, භික්ඛවෙ, රොහිතස්සං දෙවපුත්තං එතදවොචං -
‘‘‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං, තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’ති. න චාහං, ආවුසො, අප්පත්වාව ලොකස්ස අන්තං දුක්ඛස්සන්තකිරියං වදාමි. අපි චාහං, ආවුසො, ඉමස්මිංයෙව බ්‍යාමමත්තෙ කළෙවරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපද’’න්ති.
‘‘ගමනෙන න පත්තබ්බො, ලොකස්සන්තො කුදාචනං;
න ච අප්පත්වා ලොකන්තං, දුක්ඛා අත්ථි පමොචනං.
‘‘තස්මා හවෙ ලොකවිදූ සුමෙධො,
ලොකන්තගූ වුසිතබ්‍රහ්මචරියො;
ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා,
නාසීසතී ලොකමිමං පරඤ්චා’’ති. ඡට්ඨං;
46
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පසු භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම කාලය ඉක්ම ගිය රාත්‍රියෙහි හොබනා ශරීර වර්‍ණ ඇතිව. මුළු ජේතවනය ආලෝක කොට, මා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ එකත්පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම මට, ‘ස්වාමීනි, යම් තැනෙක වනාහි නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, පහළ නොවේද. ස්වාමීනි, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් දැන ගැනීමට හෝ දැකීමට හෝ පැමිණීමට හෝ හැක්කේදැ?’ යි ඇසීය. මෙසේ ඇසූ කල්හි, මහණෙනි, මම රොහිතස්ස දිව්‍ය පුත්‍රයාට, ‘ඇවැත්නි, යම් තැනෙක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමනින් ලෝකයෙහි ඒ කෙළවර දත හැකියයි හෝ දැක්ක හැකියයි හෝ පැමිණිය හැකියයි හෝ මම නොකියමි.’
“මහණෙනි, මෙසේ කී කල්හි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම මට, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘ඇවැත්නි, යම් තැනෙක්හි වනාහි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ඒ ලෝකයෙහි ඒ කෙළවර ගමනින් දත හැකියයි හෝ දැක්ක හැකියයි හෝ පැමිණිය හැකියයි හෝ නොවදාරමි’ යි වදාරන ලද්ද, යහපත්කොට වදාරන ලද්දක්මය. ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයි. ස්වාමීනි, අද්භූතයකියි කීයේය.
‘ස්වාමීනි, පෙරවූ දෙයක් නම් මම ඉර්ධි ඇති, අහසින් යන වැදි පුත්‍රවූ, රොහිතස්ස නම් ඎෂිවරයෙක් වීමි. ස්වාමීනි, ඒ මට මෙබඳු ජවයක් විය. හික්මුනාවූ, අත්දැකීම් ඇති, සිල්ප දක්වා, පළපුරුදු දුනු දරණ, දුනු ආචාර්‍ය්‍යයෙක් යම් සේ සීඝ්‍ර ඊතලයෙන් නිදුකින් තල් ගසක සෙවනක් සරසට ඉක්ම වන්නේද, ඒ යම් සේ පෙරදිග මුහුදින් බටහිර මුහුද යම් සේ ඉක්මවන්නේද, මෙබඳු ගමන් වේගයක් වූයේය. ස්වාමීනි, මෙබඳු ජවයකින් යුත්, මෙබඳු ගමන් වේගයකින් යුත්, ඒ මට මම පා ගමනින් ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නෙමි යන මෙබඳු අදහසක් පහළ විය. ස්වාමීනි, ඒ මම අනුභව කිරීම්, පානය කිරීම්, කෑම් රස විඳීම් හැර, මළ මූත්‍ර කිරීම් හැර, නිදීම්, ක්ලාන්ත සංසිඳුවීම් හැර, වර්‍ෂ සියයක් ඉතිරිවූ ආයුෂ ඇත්තේ, වර්‍ෂ සියයක් ජීවත් වන්නේ, වර්‍ෂ සියයක් ගොස් ලෝකයාගේ කෙළවරට නොපැමිණම, අතරෙහි කළුරිය කෙළෙමි.
‘ඇවැත්නි, යම් තැනක පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමනින් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද නොකියමි’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ වචනය මනාකොට වදාරන ලද්දක්මය. ස්වාමීනි, එය ආශ්චර්‍ය්‍යයි. අද්භූතයි” කීයේය.
“මහණෙනි, මෙසේ කී කල්හි මම රොහිතස්ස දිව්‍ය පුත්‍රයාට, ‘ඇවැත්නි, යම් තැනෙක්හි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමණින් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද, නොකියමි’ යි කීවෙමි. ඇවැත්නි මම ලෝකයෙහි කෙළවරට නොපැමිණ, දුක්ඛයාගේ කෙළවර කිරීම නොකියමි. ඇවැත්නි, මම නැවතද, සංඥාව සහිතවූ, සිත සහිතවූ, බඹයක් පමණවූ, මේ ශරීරයෙහි, ලෝකය හෙවත් දුක්ඛ සත්‍යයද පනවමි. සමුදය හෙවත් දුකට හේතුවද පනවමි. දුක්ඛ නිරෝධය හෙවත් නිවන පනවමි. දුක්ඛ නිරෝධයට යන ප්‍රතිපදාව පනවමි.
“ගමනින් ලෝකයෙහි කෙළවරට කිසිකලෙක නොපැමිණිය හැක. ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදමක්ද නැත්තේය. එසේ හෙයින් ඒකාන්තයෙන් ලෝකයෙහි කෙළවරට ගිය, වැස නිමවන ලද බඹසර ඇති, ලෝකය දත්, ඤාණවන්ත, පම් සමනය කළ පුද්ගලයා ලෝකයෙහි කෙළවර දැක, මෙලොවද, පරලොවද බලාපොරොත්තු නොවෙයි.”
7. සුවිදූරසුත්තං 7. සුවිදුරවිදුර සූත්‍රය
8. විසාඛසුත්තං 8. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය
9. විපල්ලාසසුත්තං 9. චතුවිපල්ලාස සූත්‍රය
10. උපක්කිලෙසසුත්තං 10. චන්‍දිම සුරියොපක්කිලෙස සූත්‍රය