ත්‍රිපිටකය
4. චක්කවග්ගො 4. චක්ක වර්‍ගය
1. චක්කසුත්තං 1. චතු චක්ක සූත්‍රය
2. සඞ්ගහසුත්තං 2. සංගහවත්‍ථු සූත්‍රය
3. සීහසුත්තං 3. සීහොපම සූත්‍රය
4. අග්ගප්පසාදසුත්තං 4. අග්ගප්පසාද සූත්‍රය
34
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, අග්ගප්පසාදා. කතමෙ චත්තාරො? යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා (දිපදා (සී. පී.) අ. නි. 5.32; ඉතිවු. 90) වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති. යෙ, භික්ඛවෙ, අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං අග්ගමක්ඛායති, යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ, භික්ඛවෙ, විරාගෙ ධම්මෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා , භික්ඛවෙ, සඞ්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යෙ , භික්ඛවෙ, සඞ්ඝෙ පසන්නා , අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො අග්ගප්පසාදා’’ති.
‘‘අග්ගතො වෙ පසන්නානං, අග්ගං ධම්මං විජානතං;
අග්ගෙ බුද්ධෙ පසන්නානං, දක්ඛිණෙය්‍යෙ අනුත්තරෙ.
‘‘අග්ගෙ ධම්මෙ පසන්නානං, විරාගූපසමෙ සුඛෙ;
අග්ගෙ සඞ්ඝෙ පසන්නානං, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
‘‘අග්ගස්මිං දානං දදතං, අග්ගං පුඤ්ඤං පවඩ්ඪති;
අග්ගං ආයු ච වණ්ණො ච, යසො කිත්ති සුඛං බලං.
‘‘අග්ගස්ස දාතා මෙධාවී, අග්ගධම්මසමාහිතො;
දෙවභූතො මනුස්සො වා, අග්ගප්පත්තො පමොදතී’’ති (ඉතිවු. 90). චතුත්ථං;
34
“මහණෙනි, මේ අග්‍ර පැහැදීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ පා සතරක් ඇත්තාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ, රූප අත්තාවූ හෝ රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ සංඥා නැත්තාවූ හෝ, භවාග්‍රයෙහි ඉපදුනාවූ හෝ යම්තාක් සත්ත්‍වයෝ ඇත්තාහුද, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගත තෙම ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍රවූ දෙයෙහි පැහැදුනාහු වෙති. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ. මහණෙනි, සංඛත ධර්‍මයෝ යම් තාක් ඇත්තාහුද, ඔවුන් අතුරෙන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුනෝය. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ. මහණෙනි, සංඛතවූ හෝ අසංඛත වූ හෝ යම්තාක් ධර්‍ම වෙත්ද, ඔවුන් අතුරෙන් විරාග සංඛ්‍යාත නිර්‍වාණය අග්‍රයයි කියනු ලැබේ. මදය නොමදයක් කරන, පිපාස සංසිඳුවන, තෘෂ්ණාව නසන, වට්ටය සිඳින, තෘෂ්ණා ක්‍ෂයවූ, විරාගවූ, නිරෝධවූ නිර්‍වාණයක් නිර්‍වාණයයි. මහණෙනි, යම් කෙනෙක් ධර්‍මයෙහි පැහැදුනාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුණාහුය. අග්‍ර දෙයෙහි පැහැදුණවුන්ට අග්‍ර විපාකවේ. මහණෙනි, යම්තාක් සමූහයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් පුරුෂ යුග සතරක්වූ, පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් වූ, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්ඛිණෙය්‍යවූ, අඤ්ජලිකරණීයවූ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවක සංඝයා අග්‍රයි. මහණෙනි, යම් කෙනෙක් සංඝයා කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුණාහුය. අග්‍ර දෙයෙහි පැහැදුණවුන්ට අග්‍ර විපාකය වේ. මහණෙනි, මේ අග්‍රයන් කෙරෙහි පැහැදීම් සතරය.
“ඒකාන්තයෙන් අග්‍රවූවන්ට පැහැදුනවුන්ට, අග්‍රවූ ධර්‍මය දැනගන්නවුන්ට, නිරුත්තර, අග්‍ර දක්‍ෂිණෙය්‍යවූ, බුදුන් කෙරෙහි පැහැදුනවුන්ට, රාගයෙන් දුරුවූ, සංසිඳීම් සැපය ඇති, අග්‍ර ධර්‍මයෙහි පැහැදුනවුන්ටද, නිරුත්තර පුන්‍යක්‍ෂෙත්‍රවූ අග්‍ර සංඝයා කෙරෙහි පැහැදුණවුන්ටද, අග්‍ර වස්තූන් කෙරෙහි දන් දෙන්නවුන්ටද, අග්‍රවූ පින් වැඩෙයි. අග්‍රවූ ආයු, වර්‍ණ, සැප, බල, යසස්, කීර්ති ලැබෙයි. අග්‍ර ධර්‍මයන්ගෙන් යුක්තවූ, අග්‍ර පුද්ගලයාට දන් දෙන්නාවූ, අග්‍ර ධර්‍මයෙන් යුත් නුවණැති පුද්ගල තෙමේ දෙවි වූයේ හෝ, මනුෂ්‍ය වූයේ හෝ, අග්‍ර සැපයට පැමිණ සතුටු වෙයි.”
5. වස්සකාරසුත්තං 5. වස්සකාර සූත්‍රය
6. දොණසුත්තං 6. දොණ (බ්‍රාහ්මණ) සූත්‍රය
7. අපරිහානියසුත්තං 7. අපරිහානීය ධම්ම සූත්‍රය
8. පතිලීනසුත්තං 8. පටිළීන සූත්‍රය
9. උජ්ජයසුත්තං 9. උජ්ජය සූත්‍රය
10. උදායීසුත්තං 10. උදායි බ්‍රාහ්මණ සූත්‍රය