ත්‍රිපිටකය
(8) 3. ආනන්දවග්ගො (8) 3. ආනන්‍ද වර්‍ගය
1. ඡන්නසුත්තං 1. ඡන්නපරිබ්බාජක සූත්‍රය
2. ආජීවකසුත්තං 2. ආජීවක සාවක සූත්‍රය
3. මහානාමසක්කසුත්තං 3. මහානාම (සමාධිඤාණ) සූත්‍රය
4. නිගණ්ඨසුත්තං 4. අභය (ලිච්ඡවි) සූත්‍රය
5. නිවෙසකසුත්තං 5. සමාදපෙත්තබ්බ සූත්‍රය
6. පඨමභවසුත්තං 6. භව පඤ්හ සූත්‍රය
7. දුතියභවසුත්තං 7. දුතිය භව පඤ්හ සූත්‍රය
8. සීලබ්බතසුත්තං 8. සීලබ්බතවිභජන සූත්‍රය
79
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච - ‘‘සබ්බං නු ඛො, ආනන්ද, සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපට්ඨානසාරං සඵල’’න්ති? ‘‘න ඛ්වෙත්ථ, භන්තෙ, එකංසෙනා’’ති. ‘‘තෙන හානන්ද, විභජස්සූ’’ති.
‘‘යඤ්හිස්ස (යථාරූපං හිස්ස (?) සෙවිතබ්බාසෙවිතබ්බසුත්තානුරූපං), භන්තෙ, සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපට්ඨානසාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපට්ඨානසාරං අඵලං. යඤ්ච ඛ්වාස්ස (යඤ්හිස්ස (ක.), යථාරූපඤ්ච ඛ්වාස්ස (?)), භන්තෙ, සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපට්ඨානසාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපට්ඨානසාරං සඵල’’න්ති. ඉදමවොච ආයස්මා ආනන්දො; සමනුඤ්ඤො සත්ථා අහොසි.
අථ ඛො ආයස්මා ආනන්දො ‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති, උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ භික්ඛූ ආමන්තෙසි - ‘‘සෙඛො, භික්ඛවෙ, ආනන්දො; න ච පනස්ස සුලභරූපො සමසමො පඤ්ඤායා’’ති. අට්ඨමං.
79
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ආනන්‍දය, සාරයයි එළඹ සිටින්නාවූ,-(සාරයයි සිතන්නාවූ) සියලු සීලයද, ව්‍රතයද, දුෂ්කර ක්‍රියාවද, බ්‍රහ්මචර්‍ය්‍යාවද ඵල සහිත වෙයිද?” යනුයි. - “ස්වාමීනි, ඒකාන්ත වශයෙන්ම ඵල සහිත නොවේ.”
“ආනන්‍දය, එසේ නම් බෙදා දක්වනු.” “ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක්, ව්‍රතයක්, දුෂ්කර ක්‍රියාවක්, බ්‍රහ්මචර්‍ය්‍යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත් නම්, කුශල ධර්මයෝ පිරිහෙත් නම්, සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය, ව්‍රතය, දුෂ්කර ක්‍රියාව, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල රහිත වෙයි.”
“ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක්, ව්‍රතයක්, දුෂ්කර ක්‍රියාවක්, බ්‍රහ්මචර්‍ය්‍යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය, ව්‍රතය, දුෂ්කර ක්‍රියාව, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල සහිතයයි.” කීය.
ආනන්‍ද ස්ථවිර තෙම මෙසේ කීය. ශාස්තෲන් වහන්සේ සතුටින් පිළිගත්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ මගේ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටින් පිළිගත් සේකැයි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව කොට ගියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් ගිය නොබෝ වේලාවකින් භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, ආනන්‍ද තෙමේ ශෛක්‍ෂයෙකි. ශෛක්‍ෂ ප්‍රඥාවෙන් ඔහුට සමවූවෙක් සුලභ නොවේය” යි වදාළ සේක.
9. ගන්ධජාතසුත්තං 9. ගන්‍ධජාත සූත්‍රය
10. චූළනිකාසුත්තං 10. සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය