ත්‍රිපිටකය
7. චිත්තසංයුත්තං 7.චිත්ත සංයුත්තය
1. සංයොජනසුත්තං 1. සංයෝජන සූත්‍රය
2. පඨමඉසිදත්තසුත්තං 2. ඉසිදත්ත සූත්‍රය
3. දුතියඉසිදත්තසුත්තං 3. දුතිය ඉසිදත්ත සූත්‍රය
4. මහකපාටිහාරියසුත්තං 4. මහක සූත්‍රය
5. පඨමකාමභූසුත්තං 5. කාමභූ සූත්‍රය
6. දුතියකාමභූසුත්තං 6. දුතිය කාමභූ සූත්‍රය
348
එකං සමයං ආයස්මා කාමභූ මච්ඡිකාසණ්ඩෙ විහරති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙනායස්මා කාමභූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ආයස්මන්තං කාමභුං එතදවොච - ‘‘කති නු ඛො, භන්තෙ, සඞ්ඛාරා’’ති? ‘‘තයො ඛො, ගහපති, සඞ්ඛාරා - කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො’’ති. ‘‘සාධු, භන්තෙ’’ති ඛො චිත්තො ගහපති ආයස්මතො කාමභුස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං කාමභුං උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘කතමො පන, භන්තෙ, කායසඞ්ඛාරො, කතමො වචීසඞ්ඛාරො, කතමො චිත්තසඞ්ඛාරො’’ති? ‘‘අස්සාසපස්සාසා ඛො, ගහපති, කායසඞ්ඛාරො, විතක්කවිචාරා වචීසඞ්ඛාරො, සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති.
‘‘සාධු, භන්තෙ’’ති ඛො චිත්තො ගහපති...පෙ.... උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘කස්මා පන, භන්තෙ, අස්සාසපස්සාසා කායසඞ්ඛාරො, කස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො, කස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති? ‘‘අස්සාසපස්සාසා ඛො, ගහපති, කායිකා. එතෙ ධම්මා කායප්පටිබද්ධා, තස්මා අස්සාසපස්සාසා කායසඞ්ඛාරො. පුබ්බෙ ඛො, ගහපති, විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති, තස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො. සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා. එතෙ ධම්මා චිත්තප්පටිබද්ධා, තස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති.
සාධු...පෙ.... උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘කථං පන, භන්තෙ, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති හොතී’’ති? ‘‘න ඛො, ගහපති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස භික්ඛුනො එවං හොති - ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජිස්ස’න්ති වා ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමී’ති වා ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො’ති වා . අථ ඛ්වස්ස පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති යං තං තථත්තාය උපනෙතී’’ති.
සාධු ...පෙ.... උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස පන, භන්තෙ , භික්ඛුනො කතමෙ ධම්මා පඨමං නිරුජ්ඣන්ති, යදි වා කායසඞ්ඛාරො, යදි වා වචීසඞ්ඛාරො, යදි වා චිත්තසඞ්ඛාරො’’ති? ‘‘සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස ඛො, ගහපති, භික්ඛුනො වචීසඞ්ඛාරො පඨමං නිරුජ්ඣති, තතො කායසඞ්ඛාරො, තතො චිත්තසඞ්ඛාරො’’ති.
සාධු...පෙ.... උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘ය්වායං, භන්තෙ, මතො කාලඞ්කතො, යො චායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, ඉමෙසං කිං නානාකරණ’’න්ති? ‘‘ය්වායං ගහපති, මතො කාලඞ්කතො තස්ස කායසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, වචීසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, චිත්තසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, ආයු පරික්ඛීණො, උස්මා වූපසන්තා, ඉන්ද්‍රියානි විපරිභින්නානි. යො ච ඛ්වායං, ගහපති, භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, තස්සපි කායසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, වචීසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, චිත්තසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, ආයු අපරික්ඛීණො, උස්මා අවූපසන්තා, ඉන්ද්‍රියානි විප්පසන්නානි. ය්වායං, ගහපති, මතො කාලඞ්කතො, යො චායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, ඉදං නෙසං නානාකරණ’’න්ති.
සාධු...පෙ.... උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘කථං පන, භන්තෙ, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨානං හොතී’’ති? ‘‘න ඛො, ගහපති, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස භික්ඛුනො එවං හොති - ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහිස්ස’න්ති වා ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහාමී’ති වා ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතො’ති වා. අථ ඛ්වස්ස පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති, යං තං තථත්තාය උපනෙතී’’ති.
සාධු , භන්තෙ...පෙ.... උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස පන, භන්තෙ, භික්ඛුනො කතමෙ ධම්මා පඨමං උප්පජ්ජන්ති, යදි වා කායසඞ්ඛාරො, යදි වා වචීසඞ්ඛාරො, යදි වා චිත්තසඞ්ඛාරො’’ති? ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස, ගහපති, භික්ඛුනො චිත්තසඞ්ඛාරො පඨමං උප්පජ්ජති, තතො කායසඞ්ඛාරො, තතො වචීසඞ්ඛාරො’’ති.
සාධු...පෙ.... උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතං පන, භන්තෙ , භික්ඛුං කති ඵස්සා ඵුසන්ති’’? ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතං ඛො, ගහපති, භික්ඛුං තයො ඵස්සා ඵුසන්ති - සුඤ්ඤතො ඵස්සො, අනිමිත්තො ඵස්සො, අප්පණිහිතො ඵස්සො’’ති.
සාධු...පෙ.... උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස පන, භන්තෙ, භික්ඛුනො කිංනින්නං චිත්තං හොති, කිංපොණං, කිංපබ්භාර’’න්ති? ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස ඛො, ගහපති, භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාර’’න්ති.
‘‘සාධු, භන්තෙ’’ති ඛො චිත්තො ගහපති ආයස්මතො කාමභුස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං කාමභුං උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා පන, භන්තෙ, කති ධම්මා බහූපකාරා’’ති? ‘‘අද්ධා ඛො ත්වං, ගහපති, යං පඨමං පුච්ඡිතබ්බං තං පුච්ඡසි. අපි ච ත්‍යාහං බ්‍යාකරිස්සාමි. සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා ඛො, ගහපති, ද්වෙ ධම්මා බහූපකාරා - සමථො ච විපස්සනා චා’’ති. ඡට්ඨං.
348
එක් කලෙක ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේ අම්බාටක වනයෙහිවූ මච්ඡිකා සණ්ඩනම් වන ලැහැබෙහි වාසය කරති. එකල්හි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ කාමභූ ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන් “ස්වාමීනි, සංස්කාරයෝ කෙතෙක්දැයි” ඇසීය.
“ගෘහපතිය, කාය සංස්කාරය, වචී සංස්කාරය, චිත්ත සංස්කාරයයි සංස්කාර තිදෙනෙකි.”
“ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, “ස්වාමීනි, කාය සංස්කාරය කවරේද, වචී සංස්කාරය කවරේද, චිත්ත සංස්කාරය කවරේදැයි” තවත් ප්‍රශ්නයක් ඇසීය.
“ගෘහපතිය, ආශ්වාස ප්‍රශ්වාසය වනාහි කාය සංස්කාර ය. විතර්ක විචාරය වචී සංස්කාර ය. සංඥාවද වේදනාවද චිත්ත සංස්කාර ය"යි කීයේය.
“ස්වාමීනි, යහපතැයි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, ස්වාමීනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයකින් කාය සංස්කාරද, කවර හෙයකින් විතර්ක විචාරයෝ වචී සංස්කාරද, කවර හෙයින් සංඥාවද වේදනාවද වාක් සංස්කාරදැයි’ තවත් ප්‍රශ්නයක් ඇසීය.
“ගෘහපතිය ආශ්වාස ප්‍රශ්වාසයෝ කායිකය මේ ධර්මයෝ කය පිළිබඳය, එසේ හෙයින් ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාර වෙත්. ගෘහපතිය, පළමුකොට කල්පනාකොට විචාරණය කොට පසුව වචන පිටකරයි. එහෙයින් විතර්ක විචාරයෝ වාක් සංස්කාරවෙති. සංඥාවද වේදනාවද චෛතසිකයෝය. මේ ධර්මයෝ සිත පිළිබඳය. එසේ හෙයින් සංඥාවද, වේදනාවද චිත්ත සංඛාර වෙත්.”
“ස්වාමීනි, යහපතැයි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, ස්වාමීනි, කෙසේ වනාහි සංඥා වෙදයිත නිරෝධ සමාපත්තිය වේදැයි” තවත් ප්‍රශ්නයක් ඇසීය.
“ගෘහපතිය, සංඥාවෙදයිත නිරෝධයට සමවදින භික්ෂුවට මම සංඥාවෙදයිත නිරෝධයට සම වදින්නෙමියි’ කියා හෝ ‘මම සංඥාවෙදයිත නිරෝධයට සමවදිමි’ කියා හෝ ‘මම සංඥා වෙදයිත නිරෝධයට සමවැදුනෙමියි’ කියා හෝ මෙසේ අදහස් නොවේ. හුදෙක් ඔහු විසින් යම් ඒ සිතක් ඒ බවට පැමිණෙයිද ඔහු විසින් පළමුකොටම ඒ ආකාරයෙන් පුරුදුකරන ලද්දේ වේයයි කීය.
“චිත්ත ගෘහපතිතෙම, ස්වාමීනි, යහපතැයි ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, සංඥාවෙදයිත නිරෝධයට සමවදින භික්ෂුවට කාය සංස්කාරය හෝ වචී සංස්කාරය හෝ චිත්ත සංස්කාරය හෝ කවර ධර්ම කෙනෙක් පළමුවෙන් නිරුද්ධවෙත් දැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ගෘහපතිය, සංඥාවෙදයිත නිරෝධයට සමවදින භික්ෂුවට වචී සංස්කාරය පළමුව නිරුද්ධවේ. ඉක්බිති කාය සංස්කාරයද ඉක්බිති චිත්ත සංස්කාරයද නිරුද්ධ වෙයි.
“ස්වාමීනි, යහපතැයි” ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, ගෘහපතිතෙම, ස්වාමීනි, යමෙක් මළේද, කලුරිය කෙළේද යම් මේ භික්ෂුවක් සංඥා වෙදයිත නිරෝධයට සම වැදුනේද මොවුන්ගේ වෙනස කවරේදැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ගෘහපතිය යමෙක් මළේද, කලුරිය කළේද, ඔහුගේ කාය සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය. වචී සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය. චිත්ත සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය. ප්‍රාණය නිරුද්ධවිය, උෂ්ණය සංසිඳුනේය, ඉන්ද්‍රියයෝ බිඳුනාහ. ගෘහපතිය, යම් මේ භික්ෂුවක් වනාහි සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනේද, ඔහුගේද කාය සංස්කාරය නිරුද්ධ වූයේය, සංසිඳුනේය. වාක් සංස්කාරයද නිරුද්ධවූයේය, සංසිඳුනේය. චිත්ත සංස්කාරයද නිරුද්ධවූයේය, සංසිඳුනේය. ප්‍රාණය නිරුද්ධ නොවීය. උෂ්ණය නොසංසිඳුනේය. ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. ගෘහපතිය, යමෙක් වනාහි මළේද කාලක්‍රියා කළේද, යම් මේ භික්ෂුවක් සංඥා වෙදයිත නිරෝධයට පැමිණියේද මේ ඔවුන්ගේ වෙනසයයි” කීය.
“ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, ස්වාමීනි. කෙසේ වනාහි සංඥාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටීම වේදැයි තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ගෘහපතිය, සංඥාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට ‘මම සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නෙමියි’ කියා හෝ ‘මම සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටිමියි’ කියා හෝ ‘මම සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටෙමියි’ කියා හෝ මෙසේ අදහස් නොවේ. හුදෙක් යම්සේ සිත ඒ බවට පැමිණෙයිද ඔහු විසින් පළමුකොටම එසේ පුරුදු කරන ලදැයි කීය.
“ස්වාමීනි, යහපතැයි, චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභු තෙරුන්ගෙන්, ස්වාමීනි, සංඥාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට කාය සංස්කාරය හෝ වචීසංස්කාරය හෝ චිත්ත සංස්කාරය හෝ කවර ධර්මකෙනෙක් පළමුව උපදිත් දැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ගෘහපතිය, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නාවූ භික්ෂුවට පළමුව චිත්ත සංස්කාරය උපදී. ඊට පසු කාය සංස්කාරය උපදී. ඉක්බිති වාක් සංස්කාරය උපදී යයි” කීයේය.
“ස්වාමීනි, යහපතැයි” චිත්තගෘහපතිතෙම, ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූතෙරුන්ගෙන්, ස්වාමීනි, සංඥාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුව කෙතෙක් ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්දැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ගෘහපතිය සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටි භික්ෂුව සුඤ්ඤතඵස්සය, අනිමිත්ත ඵස්සය, අප්පණිහිත ඵස්සය යන තුන් ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්යයි” කීයේය.
“ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූතෙරුන්ගෙන්, “ස්වාමීනි, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටි භික්ෂුවගේ සිත කුමකට නැමුණේ වෙයිද, යොමුවූයේ වෙයිද, බරවූයේ වෙයිදැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ගෘහපතිය, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත නිවනට නැමුණේ වෙයි, නිවනට යොමුවූයේ වෙයි. නිවනට බරවූයේ වෙයි.”
“ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභු ස්ථවිරයන්ගේ වචනයට සතුටුව කැමැතිව ස්වාමීනි සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට කවර ධර්ම කෙනෙක් බොහෝ උපකාර වෙත්දැයි” ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන්ගෙන් තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ගෘහපතිය, ඔබ ඒකාන්තයෙන් පළමුව ඇසිය යුත්ත පසුව අසන්නෙහිය, නමුත් තොපට මම ප්‍රකාශ කරන්නෙමි. ගෘහපතිය, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට සමථය හා විදර්ශනාව යන ධර්ම දෙකක් බොහෝ උපකාරයහ.”
7. ගොදත්තසුත්තං 7. ගෝදත්ත සූත්‍රය
8. නිගණ්ඨනාටපුත්තසුත්තං 8. නිගණ්ඨ සූත්‍රය
9. අචෙලකස්සපසුත්තං 9. අචේල සූත්‍රය
10. ගිලානදස්සනසුත්තං 10. ගිලාන සූත්‍රය