10. ගන්ධබ්බකායසංයුත්තං | 10. ගන්ධබ්බ කාය සංයුත්තය |
1. සුද්ධිකසුත්තං | 1. සුද්ධික සූත්‍රය |
438
එකං
|
438
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම නුඹලාට ගන්ධබ්බකායික දෙවියන් ගැන දේශනා කරන්නෙමි, එය අසවු. මහණෙනි, ගන්ධබ්බකායික දෙවියෝ කවරහුද? මහණෙනි, මූලගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. සාර (හරය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ඵෙග්ගු (ඵලය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි. තව (සිවිය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි පපටිකා (රුක්පොතු) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, පත්‍ර (කොල) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, පුෂ්ප (මල්) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ඵල (ගෙඩි) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, රස ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ගන්ධ ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි. මොවුහු ගන්ධර්ව කායික දෙවතාවෝයයි කියනු ලැබේ.”
|
2. සුචරිතසුත්තං | 2. සුචරිත සූත්‍රය |
439
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජතී’’ති? ‘‘ඉධ, භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති - ‘ගන්ධබ්බකායිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා
|
439
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වකෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්ව කායික දෙවියන් හා එක්වීමට පැමිණේද, (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. ගන්ධර්වකායික දෙවතාවෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේවෙයි. ඔහුට මෙබඳු සිතක්වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධබ්බකායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්වකායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්වකායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|
3. මූලගන්ධදාතාසුත්තං | 3. මූලගන්ධ සූත්‍රය |
440
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං
|
440
(මේ සූත්‍රය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, (එයට) හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද?”
“මහණ, මේ සස්නෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. මූලගන්ධයෙහි වාසය කරන දේවතාවෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම මූලගන්ධයන් දෙන්නේ වෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි. මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|
4-12. සාරගන්ධාදිදාතාසුත්තනවකං | 4-12. සාරගන්ධ සූත්‍රය ආදී වූ සූත්‍ර නවය |
441-449
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච
|
441-449
4. සාරගන්ධ සූත්‍රය.
(මේ සූත්‍රයද මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, (එයට) හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. සාරගන්ධයෙහි වාසය කරන දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි. ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් හොඳය’ කියායි. හෙතෙම සාර ගන්ධයන් දෙන්නේ වෙයි.
“හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාර ගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
(මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ “හෙතෙම සාර ගන්ධයන් දෙන්නේ වෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 5 වෙනි සූත්‍රයේ පටන් 12 වෙනි සූත්‍රය දක්වා ගත යුතුයි.)
5. හෙතෙම ඵෙග්ගු ගන්ධයන් දෙයි. - ඵෙග්ගු දායක සූත්‍රය
6. ”තච ” ” - තච ” ”
7. ” රුක්පතුරු ” ” - පපටිකා ” ”
8. ” කොල ” ” - පත්ත ” ”
9. ” මල් ” ” - පුෂ්ප ” ”
10. ”ගෙඩි ” ” - ඵල ” ”
11. ”රස ” ” - රස ” ”
12. ” ගන්ධ ” ” - ගන්ධගන්ධ ” ”
|
13-22. මූලගන්ධදානූපකාරසුත්තදසකං | 13-22. අන්නදායක මූලගන්ධ ආදී වූ සූත්‍ර දහය |
450-459
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජතී’’ති? ‘‘ඉධ, භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති - ‘මූලගන්ධෙ අධිවත්ථා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්ය’න්ති. සො අන්නං දෙති...පෙ.... පානං දෙති... වත්ථං දෙති... යානං දෙති... මාලං දෙති... ගන්ධං දෙති... විලෙපනං දෙති... සෙය්යං දෙති... ආවසථං දෙති... පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරං මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජතී’’ති. බාවීසතිමං.
|
450-459
13. අන්නදායක මූලගන්ධ සූත්‍රය.
(මෙහි 1 ඡේදය මේ සංයුත්තයේ 2 සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. මූලගන්ධයෙහි වාසය කරන දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණය ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි අධිගෘහිත දෙවියන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි.
“හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
(මේ වර්ගයේ 13 වෙනි සූත්‍රයේ “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 14 වෙනි සූත්‍රයේ පටන් 22 සූත්‍රය දක්වා යොදාගත යුතුයි.)
14. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායක සූත්‍රය.
15. ” වස්ත්‍ර ” - වත්ථදායක ”
16. ” යානාවන් ” - යාන දායක ”
17. ” මාලාවන් ” - මාලා ” ”
18. ” සුවඳ ” - ගන්ධ ” ”
19. ” විලවුන් ” - විලෙපන ” ”
20. ” සයනයන් ” - සෙය්‍ය ” ”
21. ” ආවාස ” - ආවසථ ” ”
22. ” පහන් ” - පදීපෙය්‍ය ” ”
|
23-112. සාරගන්ධාදිදානූපකාරසුත්තනවුතිකං | 23-112. අන්නදායක සාරගන්ධ ආදී වූ සූත්‍ර අනූව |
460-549
සාවත්ථිනිදානං
(එවං පිණ්ඩකෙන එකසතඤ්ච ද්වාදස ච සුත්තන්තා හොන්ති.)
|
460-549
23. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට, “සාරගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇති වන්නේ 23 වෙනි සූත්‍රයයි.
සූත්‍ර 24 සිට 32 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.
33. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසයකරන දෙවියන්” යන වචන වෙනුවට “ඵෙග්ගු ගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 33 වෙනි අන්නදායක සූත්‍රයයි.
සූත්‍ර 34 සිට 42 දක්වා යෙදියයුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.
43. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “තච ගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 43 වෙනි අන්නදායක සූත්‍රයයි.
සූත්‍ර 44 සිට 52 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.
53. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “පපටිකා ගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 53 වෙනි අන්නදායක සූත්‍රයයි.
සූත්‍ර 54 සිට 62 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.
63. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “පත්‍ර ගන්ධයෙහි වාසයකරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 63 වෙනි අන්නදායක සූත්‍රයයි.
සූත්‍ර 64 සිට 72 දක්වා දෙයි යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.
73. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “පුෂ්පගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 73 වෙනි අන්නදායක සූත්‍රයයි.
සූත්‍ර 74 සිට 82 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුය.
83. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසයකරන දෙවියන්” යන වචන වෙනුවට “ඵල ගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 83 වෙනි අන්නදායක සූත්‍රයයි.
සූත්‍ර 84 සිට 92 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදා ගත් වචන මෙන් විය යුතුයි.
93. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “රසගන්ධයෙහි වාසය කරන දෙවියන් යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 93 වෙනි අන්නදායක සූත්‍රයයි.
සූත්‍ර 94 සිට 102 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.
103. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “ගන්ධගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 103 වෙනි අන්නදායක සූත්‍රයයි.
සූත්‍ර 104 සිට 112 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.
|