9. සුපණ්ණසංයුත්තං | 9. සුපණ්ණ සංයුත්තය |
1. සුද්ධිකසුත්තං | 1. සුද්ධික සූත්‍රය |
392
සාවත්ථිනිදානං
|
392
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2]“මහණෙනි, මේ ගුරුළු යෝනීහු සතරකි. කවර සතරක්ද යත්? අණ්ඩජ ගුරුළෝය. ජලාබුජ ගුරුළෝය. සංසෙදජ ගුරුළෝය. ඕපපාතික ගුරුළෝය යනුයි. මහණෙනි, මේ සතර ගුරුළු යෝනීහුය.”
|
2. හරන්තිසුත්තං | 2. හරින්ති සූත්‍රය |
393
සාවත්ථිනිදානං
|
393
(මෙහි 1 වෙනි ඡේදය සුද්ධික සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ ගුරුළු යෝනීහු සතරකි. කවර සතරක්ද යත්? අණ්ඩජ ගුරුළෝය. ජලාබුජ ගුරුළෝය. සංසෙදජ ගුරුළෝය. ඕපපාතික ගුරුළෝය යනුයි මහණෙනි, ඒ ගුරුළන් අතරෙහි අණ්ඩජ ගුරුළෝ අණ්ඩජ නාගයන් පැහැර ගනිත්, ජලාබුජ නාගයන් පැහැර නොගනිත්. සංසෙදජ නාගයන් පැහැර නොගනිත්. ඕපපාතික නාගයන් පැහැර නොගනිත්. මහණෙනි, ඒ ගුරුළන් අතුරෙහි ජලාබුජ ගුරුළෝ අණ්ඩජ නාගයන්ද ජලාබුජ නාගයන්ද පැහැර ගනිත්. සංසෙදජ නාගයන් පැහැර නොගනිත්. ඕපපාතික නාගයන් පැහැර නොගනිත්. මහණෙනි, ඒ ගුරුළන් අතරෙහි සංසෙදජ ගුරුළෝ අණ්ඩජ නාගයන්ද ජලාබුජ නාගයන්ද සංසෙදජ නාගයන්ද පැහැර ගනිත්. ඕපපාතික නාගයන් පැහැර නොගනිත්. මහණෙනි, ඒ ගුරුළන් අතරෙහි ඕපපාතික ගුරුළෝ අණ්ඩජ, ජලාබුජ සංසෙදජ, ඕපපාතික නාගයන් පැහැර ගනිත්. මහණෙනි මේ සතර ගුරුළු යොනීහුය.”
|
3. ද්වයකාරීසුත්තං | 3. ද්වයකාරී සූත්‍රය. (1) |
394
සාවත්ථිනිදානං. අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා
|
394
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
[2] “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි. මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
[3] “මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. වචනයෙන් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. සිතින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. අණ්ඩජ ගුරුළෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණවන්තයහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි “මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙන්නෙම් ඉතා හොඳය”යි කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයිද මේ වනාහි එයට හේතුවයි. මේ වනාහි ප්‍රත්‍යයයි.”
|
4-6. දුතියාදිද්වයකාරීසුත්තත්තිකං | 4-6. දුතිය ද්වයකාරී ආදී වූ සූත්‍ර තුන |
395-397
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං
|
395-397
ද්වයකාරී සූත්‍රය (2)
ද්වයකාරී සූත්‍රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට ‘ජලාබුජ ගුරුළන්’ යෙදීමෙන් 4 ද්වයකාරී සූත්‍රය ඇතිවේ.
ද්වයකාරී සූත්‍රය (3)
ද්වයකාරී සූත්‍රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට “සංසෙදජ ගුරුළන්” යෙදීමෙන් 5 ද්වයකාරී සූත්‍රය ඇතිවේ.
ද්වයකාරී සූත්‍රය (4)
ද්වයකාරී සූත්‍රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට “ ඕපපාතික ගුරුළන්” යෙදීමෙන් 6 ද්වයකාරී සූත්‍රය ඇතිවේ.
|
7-16. අණ්ඩජදානූපකාරසුත්තදසකං | 7-16. දානුපකාර ආදී වූ සූත්‍ර දහය |
398-407
සාවත්ථිනිදානං
|
398-407
7. දානුපකාර සූත්‍රය.
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණ කීයේය.
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණේද, මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරයි. වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරයි. සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරයි. අණ්ඩජ ගුරුළෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණ වන්තයහ. සැප බහුල කොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙමි නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක් වීමට පැමිණෙයි. “මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
(මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 8 වෙනි සූත්‍රයේ පටන් 16 වෙනි සූත්‍රය දක්වා යොදාගත යුතුයි.)
8. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායක සූත්‍රය
9. ” වස්ත්‍ර ” - වත්ථදායක ”
10. ” යානාවන් ” - යානාදායක ”
11. ” මාලාවන් ” - මාලාදායක ”
12. ” සුවඳ ” - ගන්ධදායක ”
13. ” විලවුන් ” - විලෙපනදායක ”
14. ” සයනයන් ” - සෙය්යදායක ”
15. ” ආවාස ” - ආවසථදායක ”
16. ” පහන් ” - පදීපෙය්‍ය ”
|
17-46. ජලාබුජාදිදානූපකාරසුත්තතිංසකං | 17-46. අන්නදායක ජලාබුජ ආදී වූ සූත්‍ර තිහ |
408-437
සාවත්ථිනිදානං
(එවං පිණ්ඩකෙන ඡචත්තාලීසං සුත්තන්තා හොන්ති.)
|
408-437
17. මේ වර්ගයේ 17 වෙනි සූත්‍රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට ‘ජලාබුජ ගුරුළන්” කියා 17 වෙනි සූත්‍රය යොදාගත යුතුයි. -අන්නදායක ජලාබුජ සූත්‍රය
18. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායක ජලාබුජ සූත්‍රය
19. ” වස්ත්‍ර ” - වත්ථදායක ”
20. ” යානාවන් ” - යානාදායක ”
21. ” මාලාවන් ” - මාලාදායක ”
22. ” සුවඳ ” - ගන්ධදායක ”
23. ” විලවුන් ” - විලෙපනදායක ”
24. ” සයනයන් ” - සෙය්යදායක ”
25. ” ආවාස ” - ආවසථදායක ”
26. ” පහන් ” - පදීපෙය්යදායක ”
27. 6 වෙනි සූත්‍රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට “සංසේදජ ගුරුළන්” කියා 27 වෙනි සූත්‍රය යොදාගත යුතුයි.
28. හෙතෙම පානය කළයුතු දේ දෙයි - පානදායක සංසේදජ සූත්‍රය
29. ” වස්ත්‍ර ” - වත්ථදායක ” ”
30. ” යානාවන් ” - යානා ” ”
31. ” මාලාවන් ” - මාලා ” ”
32. ” සුවඳ ” - ගන්ධ ” ”
33. ” විලවුන් ” - විලෙපන ” ”
34. ” සයනයන් ” - සෙය්‍ය ” ”
35. ” ආවාස ” - ආවසථ ” ”
36. ” පහන් ” - පදීපෙය්‍ය ” ”
37. 6 වෙනි සූත්‍රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට “ ඕපපාතික ගුරුළන්” කියා 37 වෙනි සූත්‍රය යොදාගත යුතුයි. - අන්නදායක ඕපපාතික සූත්‍රය
38 සිට 46 දක්වා සූත්‍රවලට යොදා ගතයුතු වචන 28 සිට 37 වෙනි සූත්‍රවලට යොදාගත් වචන මෙන් විය යුතුයි.
|