8. නාගසංයුත්තං | 8. නාග සංයුත්තය |
1. සුද්ධිකසුත්තං | 1. සුද්ධික සූත්‍රය |
342
සාවත්ථිනිදානං
|
342
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ නාගයෝනි සතරකි. කවර සතරක්ද යත්. අණ්ඩජ නාගයෝය. ජලාබුජ නාගයෝය සංසෙදජ නාගයෝය. ඕපපාතික නාගයෝය. මහණෙනි, මේ සතර නාග යෝනීහුය.
|
2. පණීතතරසුත්තං | 2. පණීත රත සූත්‍රය |
343
සාවත්ථිනිදානං. ‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, නාගයොනියො. කතමා චතස්සො? අණ්ඩජා නාගා, ජලාබුජා නාගා, සංසෙදජා නාගා, ඔපපාතිකා නාගා. තත්ර
|
343
(1 වෙනි ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, මේ නාගයෝනි සතරකි. කවර සතරක්ද යත්. අණ්ඩජ නාගයෝය, ජලාබුජ නාගයෝය. සංසෙදජ නාගයෝය. ඕපපාතික නාගයෝය යනුයි මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ට වඩා ජලාබුජ - සංසේදජ - ඕපපාතික නාගයෝ අතිශයින් උතුම්ය. මහණෙනි, එහි අණ්ඩජ-ජලාබුජ නාගයනට වඩා සංසෙදජ- ඕපපාතික නාගයෝ අතිශයින් උතුම්ය. මහණෙනි, එහි අණ්ඩජ-ජලාබුජ සංසෙදජ නයින්ට වඩා ඕපපාතික නාගයෝ අතිශයින් උතුම්ය. මහණෙනි, මේ සතර නාගයෝනීහුය.
|
3. උපොසථසුත්තං | 3. උපොසථ සූත්‍රය (1) |
344
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චෙ අණ්ඩජා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තී’’ති?
‘‘ඉධ
|
344
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
[2] “ස්වාමීනි යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් අණ්ඩජ නාගයෝ පෙහෙවස් සමාදන් වෙත්ද, හරන ලද කය ඇත්තෝ වෙත්ද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?
[3] “මහණ, මේ ලෝකයෙහි ඇතැම් අණ්ඩජ නාගයන්ට මෙබඳු සිතක් වෙයි.
‘අපි වනාහි පෙර කයින් දෙයාකාර ක්‍රියා ඇත්තෝ වීමු වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. සිතින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. කයින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ, සිතින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ, ඒ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහ බවට පැමිණියෝ වෙමු. ඉදින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් වචනයෙන් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් සිතින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් මෙසේ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමු. එහෙයින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙමු වචනයෙන් සුචරිතයෙහි හැසිරෙමු සිතින් සුචරිතයෙහි හැසිරෙමු’ යනුයි. යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් අණ්ඩජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරනලද කය ඇත්තෝ වෙත්ද මහණ මේ එයට හේතුවයි. මේ ප්රත්යයි.”
|
4. දුතියඋපොසථසුත්තං | 4. උපොසථ සූත්‍රය. (2) |
345
සාවත්ථිනිදානං
|
345
(1 වෙනි ඡේදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රයේ මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් ජලාබුජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද කය ඇත්තාහු වෙත්ද, ස්වාමීනි, මෙයට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැම් ජලාබුජ නාගයන්ට මෙබඳු සිතක් වෙයි.
‘අපි වනාහි පෙර කයින් දෙයාකාර ක්‍රියා ඇත්තෝ වීමු වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. සිතින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. කයින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ, සිතින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ, ඒ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ නාගයන්ගේ සහබවට පැමිණියෝ වෙමු. ඉදින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් වචනයෙන් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් සිතින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් මෙසේ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමු. එහෙයින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙමු. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙමු. සිතින් සුචරිතයෙහි හැසිරෙමු’ යනුයි. යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් ජලාබුජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද කය ඇත්තෝ වෙත්ද, මහණ මේ එයට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|
5. තතියඋපොසථසුත්තං | 5. උපොසථ සූත්‍රය. (3) |
346
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චෙ සංසෙදජා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තී’’ති? ‘‘ඉධ, භික්ඛු...පෙ.... අයං
|
346
(1 වෙනි ඡේදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රයේ මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සංසෙදජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද කය ඇත්තෝ වෙත්ද, මෙයට හේතුව කවරේද? මෙයට ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැම් සංසෙදජ නාගයන්ට මෙබඳු සිතක් වෙයි.
‘අපි වනාහි පෙර කයින් දෙයාකාර ක්‍රියා ඇත්තෝ වීමු. වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. සිතින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තෝ වීමු. කයින් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ වචනයෙන් දෙවැදෑරුම් ක්‍රියා ඇත්තාවූ ඒ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහබවට පැමිණියෝ වෙමු. ඉදින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් වචනයෙන් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් සිතින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් මෙසේ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමු. එහෙයින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙමු. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙමු. සිතින් සුචරිතයෙහි හැසිරෙමු’ යනුයි. යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සංසෙදජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද හරන ලද කය ඇත්තෝ වෙත්ද, මහණ, මේ එයට හේතුවයි, මේ ප්‍රත්‍යයයි.”
|
6. චතුත්ථඋපොසථසුත්තං | 6. උපොසථ සූත්‍රය (4) |
347
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො
‘‘ඉධ, භික්ඛු, එකච්චානං ඔපපාතිකානං නාගානං එවං හොති - ‘මයං ඛො පුබ්බෙ කායෙන ද්වයකාරිනො අහුම්හ, වාචාය ද්වයකාරිනො, මනසා ද්වයකාරිනො. තෙ මයං කායෙන ද්වයකාරිනො, වාචාය ද්වයකාරිනො, මනසා ද්වයකාරිනො, කායස්ස භෙදා පරං මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපන්නා. සචජ්ජ
|
347
(1 වෙනි ඡේදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රයේ මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඕපපාතිකව නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද ශරීර ඇත්තෝ වෙත්ද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැම් ඕපපාතික නාගයන්ට මෙබඳු සිතක් වෙයි. ‘අපි වනාහි පෙර කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නෝ වීමු. වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියාකරන්නෝ වීමු. සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නෝ වීමු. ඒ අපි කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නාහු වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නාහු සිතින් දෙපරිද්දකින් ක්රියාකරන්නාහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික නාගයන්ගේ සහබවට පැමිණියෝ වෙමු. ඉදින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් වචනයෙන් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් සිතින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් මෙසේ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් සුගතියයි කියන ලද ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමු. එහෙයින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙමු. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙමු. සිතින් සුචරිතයෙහි හැසිරෙමු’ යනුයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් ඕපපාතික නාගයෝ පෙහෙවස් වෙසෙත්ද හරන ලද කය ඇත්තෝ වෙත්ද මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.”
|
7. සුතසුත්තං | 7. ද්වයකාරී සූත්‍රය. (1) |
348
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතී’’ති
‘‘ඉධ, භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී හොති, මනසා ද්වයකාරී හොති. තස්ස සුතං හොති - ‘අණ්ඩජා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය’න්ති. සො කායස්ස භෙදා පරං මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතී’’ති. සත්තමං.
|
348
(1 වෙනි ඡේදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රය මෙනි)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහබවට පැමිණෙයිද ස්වාමීනි, මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, ඔහු විසින් අණ්ඩජ නාගයෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණවත්ය. සැප බහුලකොට ඇත්තාහයි අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහබවට පැමිණෙයි.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහබවට පැමිණේද, මේ එයට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|
8. දුතියසුතසුත්තං | 8. ද්වයකාරී සූත්‍රය. (2) |
349
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො
|
349
(1 වෙනි ඡේදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රය මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ නාගයන්ගේ සහබවට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියාකරන්නේ වෙයිද, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, ඔහු විසින් ජලාබුජ නාගයෝ දීර්ඝායුෂ ඇත්තාහ වර්ණවත්ය. සැප බහුලකොට ඇත්තාහයි අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ නාගයන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ නාගයන්ගේ සහබවට පැමිණෙයි.
“මහණ, යම් හෙයකින් මේ සස්නෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ නාගයන්ගේ සහබවට පැමිණේද, මේ එයට හේතුවයි මේ එයට ප්‍රත්‍යයයි.”
|
9. තතියසුතසුත්තං | 9. ද්වයකාරී සූත්‍රය. (3) |
350
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස
|
350
(1 වෙනි ඡේදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රය මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහ බවට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වේද, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වේද, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වේද, ඔහු විසින් සංසෙදජ නාගයෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණවත්ය. සැප බහුලකොට ඇත්තාහයි අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහබවට පැමිණෙයි.
“මහණ යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහබවට පැමිණේද, මහණ, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.”
|
10. චතුත්ථසුතසුත්තං | 10. ද්වයකාරී සූත්‍රය (4) |
351
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස
‘‘ඉධ, භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති - ‘ඔපපාතිකා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය’න්ති. සො කායස්ස භෙදා පරං මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතී’’ති. දසමං.
|
351
(1 වෙනි ඡේදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රය මෙනි.)
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික නාගයන්ගේ සහබවට (එක්වීමට) පැමිණෙයිද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, ඕපපාතික නාගයෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණවත්ය. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයිද, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික නාගයන්ගේ එක්වීමට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික නාගයන්ගේ එක්වීමට පැමිණෙයි.
යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික නාගයන්ගේ එක්වීමට පැමිණේද මහණ, මේ වනාහි ඊට හේතුවයි. මේ වනාහි ඊට ප්‍රත්‍යයයි.”
|
11-20. අණ්ඩජදානූපකාරසුත්තදසකං | 11-20. අන්නදායක ආදී වූ සූත්‍ර දහය |
352-361
එකමන්තං
‘‘ඉධ, භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති - ‘අණ්ඩජා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය’න්ති. සො අන්නං දෙති. සො කායස්ස භෙදා පරං මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජති. අයං ඛො, භික්ඛු, හෙතු...පෙ.... උපපජ්ජතීති...පෙ.... සො පානං දෙති...පෙ.... වත්ථං දෙති...පෙ.... යානං දෙති...පෙ.... මාලං දෙති...පෙ.... ගන්ධං දෙති...පෙ.... විලෙපනං දෙති...පෙ.... සෙය්යං දෙති...පෙ.... ආවසථං දෙති...පෙ.... පදීපෙය්යං
|
352-361
11. අන්නදායක සූත්‍රය
(1 වෙනි ඡේදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රයේ මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ එක්වීමට පැමිණෙයිද, ස්වාමීනි, ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, අණ්ඩජ නාගයෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණවත්ය. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයිද, ඕහට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ එක්වීමට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි ‘හෙතෙම ආහාර දෙයි’ හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ එක්වීමට පැමිණෙයි. මහණ, මේ ඊට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
(මේ වර්ගයේ 11 වෙනි සූත්‍රයේ “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 12 වෙනි සූත්‍රයේ පටන් 20 සූත්‍රය දක්වා යොදාගත යුතුයි.)
12. හෙතෙම පානයකළයුතු දේ දෙයි - පානදායක සූත්‍රය.
13. ” වස්ත්‍ර දෙයි. - වත්ථදායක ” ”
14. ” යානාවන් දෙයි. - යාන ” ”
15. ” මාලාවන් ” - මාලා ” ”
16. ” සුවඳ ” - ගන්ධ ” ”
17. ” විලවුන් ” - විලෙපනදායක ” ”
18. ” සයනයන් ” - සෙය්යදායක සූත්‍රය
19. ” ආවාස ” - ආවසථ ” ”
20. ” පහන් ” - පදීපෙය්යදායක ”
|
21-50. ජලාබුජාදිදානූපකාරසුත්තත්තිංසකං | 21-50. අන්නදායක ජලාබුජ ආදී වූ සූත්‍ර තිහ |
362-391
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා ජලාබුජානං නාගානං...පෙ.... සංසෙදජානං නාගානං...පෙ.... ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතී’’ති?
‘‘ඉධ, භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති - ‘ඔපපාතිකා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය’න්ති. සො අන්නං දෙති...පෙ.... පානං දෙති...පෙ.... පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා
(ඉමිනා පෙය්යාලෙන දස දස සුත්තන්තා කාතබ්බා. එවං චතූසු යොනීසු චත්තාලීසං වෙය්යාකරණා හොන්ති. පුරිමෙහි පන දසහි සුත්තන්තෙහි සහ හොන්ති පණ්ණාසසුත්තන්තාති.)
|
362-391
21. 11 වෙනි සූත්‍රයේ “අණ්ඩජ නාගයින්” වෙනුවට “ජලබුජ නාගයන්” කියා 21 වෙනි සූත්‍රය යොදා ගත යුතුයි. - අන්නදායක ජලාබුජ සූත්‍රය.
22. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායකජලාබුජ සූත්‍රය
23. ” වස්ත්‍ර ” - වත්ථදායක සූත්‍රය
24. ” යානාවන් ” - යාන ” ”
25. ” මාලාවන් ” - මාලා ” ”
26. ” සුවඳ ” - ගන්ධ ” ”
27. ” විලවුන් ” - විලෙපනදායක ” ”
28. ” සයනයන් ” - සෙය්යදායක ” ”
29. ” ආවාස ” - ආවසථ ” ”
30. ” පහන් ” - පදීපෙය්යදායක ” ”
31. 11 වෙනි සූත්‍රයේ “අණ්ඩජ නාගයින්” වෙනුවට “සංසෙදජ නාගයන්” කියා 31 වෙනි සූත්‍රය යොදාගත යුතුයි. - අන්නදායක සංසෙදජ සූත්‍රය.
32. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායක සංසෙදජ සූත්‍රය
33. ” වස්ත්‍ර ” - වත්ථ දායක සූත්‍රය
34. ” යානාවන් ” - යානා ” ”
35. ” මාලාවන් ” - මාලා ” ”
36. ” සුවඳ ” - ගන්ධ ” ”
37. ” විලවුන් ” - විලෙපන ” ”
38. ” සයනයන් ” - සෙය්‍ය ” ”
39. ” ආවාස ” - ආවසථ ” ”
40. ” පහන් ” - පදීපෙය්‍ය ” ”
41. 11 වෙනි සූත්‍රයේ “අණ්ඩජ නාගයින්” වෙනුවට “ඕපපාතික නාගයන්” කියා 41 වෙනි සූත්‍රය යොදා ගත යුතුයි. - අන්නදායක ඕපපාතික සූත්‍රය
42. හෙතෙම පානය කළ යුතුදේ දෙයි - පානදායක ඕපපාතික සූත්‍රය
43. ” වස්ත්‍ර ” - වත්ථදායක ” ”
44. ” යානාවන් ” - යානා ” ”
45. ” මාලාවන් ” - මාලා ” ”
46. ” සුවඳ ” - ගන්ධ ” ”
47. ” විලවුන් ” - විලෙපනදායක ” ”
48. ” සයනයන් ” - සෙය්යදායක ” ”
49. ” ආවාස ” - ආවසථ ” ”
50. ” පහන් ” - පදීපෙය්‍ය ” ”
|