ත්‍රිපිටකය
4. ඔක්කන්තසංයුත්තං 4. ඔක්කන්ත සංයුත්තකය
1. චක්ඛුසුත්තං 1. චක්ඛු සූත්‍රය
2. රූපසුත්තං 2. රූප සූත්‍රය
3. විඤ්ඤාණසුත්තං 3. චක්ඛු විඤ්ඤාණ සූත්‍රය
4. සම්ඵස්සසුත්තං 4. ඵස්ස සූත්‍රය
5. සම්ඵස්සජාසුත්තං 5. වේදනා සූත්‍රය
6. රූපසඤ්ඤාසුත්තං 6. සඤ්ඤා සූත්‍රය
7. රූපසඤ්චෙතනාසුත්තං 7. චෙතනා සූත්‍රය
8. රූපතණ්හාසුත්තං 8. තණ්හා සූත්‍රය
9. පථවීධාතුසුත්තං 9. ධාතු සූත්‍රය
10. ඛන්ධසුත්තං 10. ඛන්ධ සූත්‍රය
311
සාවත්ථිනිදානං. ‘‘රූපං, භික්ඛවෙ, අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි; වෙදනා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී; සඤ්ඤා... සඞ්ඛාරා අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො; විඤ්ඤාණං අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි . යො, භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං සද්දහති අධිමුච්චති, අයං වුච්චති සද්ධානුසාරී, ඔක්කන්තො සම්මත්තනියාමං , සප්පුරිසභූමිං ඔක්කන්තො, වීතිවත්තො පුථුජ්ජනභූමිං; අභබ්බො තං කම්මං කාතුං, යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්‍ය; අභබ්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති’’.
‘‘යස්ස ඛො, භික්ඛවෙ, ඉමෙ ධම්මා එවං පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති, අයං වුච්චති - ‘ධම්මානුසාරී, ඔක්කන්තො සම්මත්තනියාමං, සප්පුරිසභූමිං ඔක්කන්තො, වීතිවත්තො පුථුජ්ජනභූමිං; අභබ්බො තං කම්මං කාතුං, යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්‍ය; අභබ්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති’. යො, භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං පජානාති එවං පස්සති, අයං වුච්චති - ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො’’’ති. දසමං.
311
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූපය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය, සඤ්ඤාව අනිත්‍යය පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය, සංස්කාරයෝ අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණියේද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ මෙසේ ප්‍රඥාව කරණකොට ගෙන ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙත්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායි කියනු ලැබේ.
“හෙතෙම යම් කර්මයක්කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණේද ඒතාක් කළුරිය කිරීමට නුදුසුසු වෙයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියිද, දකියිද හෙතෙමේ අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”