ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලොකායතිකසුත්තං 8. ලෝකායතික සූත්‍රය
9. අරියසාවකසුත්තං 9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. දුතියඅරියසාවකසුත්තං 10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛවග්ගො 6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසනසුත්තං 1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදානසුත්තං 2. උපාදාන සූත්‍රය
3. සංයොජනසුත්තං 3. සංයෝජන සූත්‍රය
4. දුතියසංයොජනසුත්තං 4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛසුත්තං 5. මහාරුක්ඛ සූත්‍රය
6. දුතියමහාරුක්ඛසුත්තං 6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණරුක්ඛසුත්තං 7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූපසුත්තං 8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණසුත්තං 9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදානසුත්තං 10. නිදාන සූත්‍රය
7. මහාවග්ගො 7. මහා වර්ගය
1. අස්සුතවාසුත්තං 1. අස්සුතවන්තු සූත්‍රය
2. දුතියඅස්සුතවාසුත්තං 2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්තමංසූපමසුත්තං 3. පුත්‍ර මාංශ සූත්‍රය
4. අත්ථිරාගසුත්තං 4. රාග සූත්‍රය
5. නගරසුත්තං 5. නගර සූත්‍රය
6. සම්මසසුත්තං 6. සම්මසන සූත්‍රය
7. නළකලාපීසුත්තං 7. නළකලාපිය සූත්‍රය
67
එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිකො (මහාකොට්ඨිතො (සී. ස්‍යා. කං. පී.)) බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිකො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘කිං නු ඛො, ආවුසො සාරිපුත්ත, සයංකතං ජරාමරණං, පරංකතං ජරාමරණං, සයංකතඤ්ච පරංකතඤ්ච ජරාමරණං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං ජරාමරණ’’න්ති? ‘‘න ඛො, ආවුසො කොට්ඨික, සයංකතං ජරාමරණං, න පරංකතං ජරාමරණං, න සයංකතඤ්ච පරංකතඤ්ච ජරාමරණං, නාපි අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං ජරාමරණං. අපි ච, ජාතිපච්චයා ජරාමරණ’’න්ති.
‘‘කිං නු ඛො, ආවුසො සාරිපුත්ත, සයංකතා ජාති, පරංකතා ජාති, සයංකතා ච පරංකතා ච ජාති, උදාහු අසයංකාරා අපරංකාරා අධිච්චසමුප්පන්නා ජාතී’’ති? ‘‘න ඛො, ආවුසො කොට්ඨික, සයංකතා ජාති, න පරංකතා ජාති, න සයංකතා ච පරංකතා ච ජාති, නාපි අසයංකාරා අපරංකාරා අධිච්චසමුප්පන්නා ජාති. අපි ච, භවපච්චයා ජාතී’’ති.
‘‘කිං නු ඛො, ආවුසො සාරිපුත්ත, සයංකතො භවො...පෙ.... සයංකතං උපාදානං... සයංකතා තණ්හා... සයංකතා වෙදනා... සයංකතො ඵස්සො... සයංකතං සළායතනං... සයංකතං නාමරූපං, පරංකතං නාමරූපං, සයංකතඤ්ච පරංකතඤ්ච නාමරූපං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං නාමරූප’’න්ති ? ‘‘න ඛො, ආවුසො කොට්ඨික, සයංකතං නාමරූපං, න පරංකතං නාමරූපං, න සයංකතඤ්ච පරංකතඤ්ච නාමරූපං, නාපි අසයංකාරං අපරංකාරං, අධිච්චසමුප්පන්නං නාමරූපං. අපි ච, විඤ්ඤාණපච්චයා නාමරූප’’න්ති.
‘‘කිං නු ඛො, ආවුසො සාරිපුත්ත, සයඞ්කතං විඤ්ඤාණං, පරඞ්කතං විඤ්ඤාණං, සයංකතඤ්ච පරංකතඤ්ච විඤ්ඤාණං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං විඤ්ඤාණ’’න්ති? ‘‘න ඛො, ආවුසො කොට්ඨික, සයංකතං විඤ්ඤාණං, න පරංකතං විඤ්ඤාණං න සයංකතඤ්ච පරංකතඤ්ච විඤ්ඤාණං, නාපි අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං විඤ්ඤාණං. අපි ච, නාමරූපපච්චයා විඤ්ඤාණ’’න්ති.
‘‘ඉදානෙව ඛො මයං ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං එවං ආජානාම - ‘න ඛ්වාවුසො කොට්ඨික, සයංකතං නාමරූපං, න පරංකතං නාමරූපං, න සයංකතඤ්ච පරංකතඤ්ච නාමරූපං, නාපි අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං නාමරූපං. අපි ච, විඤ්ඤාණපච්චයා නාමරූප’’’න්ති.
‘‘ඉදානෙව ච පන මයං ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං එවං ආජානාම - ‘න ඛ්වාවුසො කොට්ඨික, සයංකතං විඤ්ඤාණං, න පරංකතං විඤ්ඤාණං, න සයංකතඤ්ච පරංකතඤ්ච විඤ්ඤාණං , නාපි අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං විඤ්ඤාණං. අපි ච, නාමරූපපච්චයා විඤ්ඤාණ’’’න්ති.
‘‘යථා කථං පනාවුසො සාරිපුත්ත, ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බො’’ති? ‘‘තෙනහාවුසො, උපමං තෙ කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ජානන්ති. සෙය්‍යථාපි, ආවුසො, ද්වෙ නළකලාපියො අඤ්ඤමඤ්ඤං නිස්සාය තිට්ඨෙය්‍යුං. එවමෙව ඛො, ආවුසො, නාමරූපපච්චයා විඤ්ඤාණං; විඤ්ඤාණපච්චයා නාමරූපං; නාමරූපපච්චයා සළායතනං; සළායතනපච්චයා ඵස්සො...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. තාසං චෙ, ආවුසො , නළකලාපීනං එකං ආකඩ්ඪෙය්‍ය, එකා පපතෙය්‍ය; අපරං චෙ ආකඩ්ඪෙය්‍ය, අපරා පපතෙය්‍ය. එවමෙව ඛො, ආවුසො, නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො; විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො; නාමරූපනිරොධා සළායතනනිරොධො; සළායතනනිරොධා ඵස්සනිරොධො...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’ති. ‘‘අච්ඡරියං , ආවුසො සාරිපුත්ත; අබ්භුතං, ආවුසො සාරිපුත්ත! යාවසුභාසිතං චිදං ආයස්මතා සාරිපුත්තෙන. ඉදඤ්ච පන මයං ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං ඉමෙහි ඡත්තිංසාය වත්ථූහි අනුමොදාම - ‘ජරාමරණස්ස චෙ, ආවුසො, භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය. ජරාමරණස්ස චෙ, ආවුසො, භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, ධම්මානුධම්මප්පටිපන්නො භික්ඛූති අලං වචනාය. ජරාමරණස්ස චෙ, ආවුසො, භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූති අලං වචනාය. ජාතියා චෙ... භවස්ස චෙ... උපාදානස්ස චෙ... තණ්හාය චෙ... වෙදනාය චෙ... ඵස්සස්ස චෙ... සළායතනස්ස චෙ... නාමරූපස්ස චෙ... විඤ්ඤාණස්ස චෙ... සඞ්ඛාරානං චෙ... අවිජ්ජාය චෙ, ආවුසො, භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය. අවිජ්ජාය චෙ, ආවුසො, භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, ධම්මානුධම්මප්පටිපන්නො භික්ඛූති අලං වචනාය . අවිජ්ජාය චෙ, ආවුසො, භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූති අලං වචනායා’’’ති. සත්තමං.
67
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් “මහා කොට්ඨිත” ස්ථවිරයන් වහන්සේද, බරණැස් නුවර ඉසිපතනයෙහිවූ, මිගදායෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් “මහාකොට්ඨිත” ස්ථවිරතෙම සවස් කාලයෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් හා සමග සතුටු වූයේය. සතුටුවිය යුතු වූත් සිහිකටයුතු වූත් කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙම වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් හට මෙය කීයේය.
“ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, කිමෙක්ද? ජරාමරණය තමා විසින් කරන ලද්දේද? ජරාමරණය අනුන් විසින් කරන ලද්දේද? ජරාමරණය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් ජරාමරණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලදුව ඉබේ ඇතිවූයේද”? “ඇවැත් කොට්ඨිතය, ජරාමරණය වනාහි තමන් විසින් නොකරන ලදී. ජරාමරණය අනුන් විසින් නොකරන ලදී. ජරාමරණය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලදී. ජරාමරණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලදුව, ඉබේ ඇති නොවූයේය. එතකුදුවුවත් ජාතිය (ඉපදීම නිසා) ජරා මරණය ඇතිවේ.”
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? ජාතිය (ඉපදීම) තමා විසින් කරන ලද්දේද? ඉපදීම අනුන් විසින් කරන ලද්දේද? ඉපදීම තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් ඉපදීම තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ. ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය ඉපදීම වනාහි තමන් විසින් නොකරන ලද්දේය. ඉපදීම අනුන් විසින් නොකරන ලද්දේය. ඉපදීම තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. ඉපදීම තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් භවය නිසා ඉපදීම ඇතිවේ.”
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? භවය තමා විසින් කරන ලද්දේද? භවය අනුන් විසින් කරන ලද්දේද? භවය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේ නොහොත් භවය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය භවය වනාහි තමන් විසින් නොකරන ලද්දේය. භවය අනුන් විසින් නොකරන ලද්දේය. භවය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. භවය තමන් විසින් හෝ අනුන් විසින් නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් උපාදානය නිසා භවය ඇතිවේ.”
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? උපාදානය තමා විසින් කරන ලද්දේද? උපාදානය අනුන් විසින් කරන ලද්දේද? උපාදනය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් උපාදානය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය උපාදානය වනාහි තමන් විසින් නොකරන ලද්දේය. උපාදානය අනුන් විසින් නොකරන ලද්දේය. උපාදානය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. උපාදනය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් තණ්හාව නිසා උපාදනය ඇතිවේ.”
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? තණ්හාව තමා විසින් කරන ලද්දේද? තණ්හාව අනුන් විසින් කරන ලද්දේද? තණ්හාව තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් තණ්හාව තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය තණ්හාව වනාහි තමන් විසින් නොකරන ලද්දේය. තණ්හාව අනුන් විසින් නොකරන ලද්දේය. තණ්හාව තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. තණ්හාව තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් වේදනාව නිසා තණ්හාව ඇතිවේ.”
ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? වේදනාව තමා විසින් කරන ලද්දේද? වේදනාව අනුන් විසින් කරන ලද්දේද? වේදනාව තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් වේදනාව තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය වේදනාව වනාහි තමන් විසින් නොකරන ලද්දේය. වේදනාව අනුන් විසින් නොකරන ලද්දේය. වේදනාව තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. වේදනාව තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.”
ඇවැත් ශාරිපුත්‍රයෙනි කිමෙක්ද? ස්පර්ශය තමා විසින් කරන ලද්දේද? ස්පර්ශය අනුන් විසින් කරන ලද්දේද? ස්පර්ශය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් ස්පර්ශය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය ස්පර්ශය වනාහි තමන් විසින් නොකරන ලද්දේය. ස්පර්ශය අනුන් විසින් නොකරන ලද්දේය. ස්පර්ශය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. ස්පර්ශය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.”
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? සළායතන තමා විසින් කරන ලද්දේද? සළායතන අනුන් විසින් කරන ලද්දේද? සළායතන තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් සළායතන තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති වූයේද?” “ඇවැත් කොට්ඨිතය සළායතන වනාහි තමන් විසින් නොකරන ලද්දේය. සළායතන අනුන් විසින් නොකරන ලද්දේය. සළායතන තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. සළායතන තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් නාමරූප නිසා සළායතන ඇතිවේ.”
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? නාමරූප තමා විසින් කරන ලද්දේද? නාමරූප අනුන් විසින් කරන ලද්දේද? නාමරූප තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් නාමරූප තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය, නාමරූප වනාහි තමන් විසින් නොකරන ලද්දේය. නාමරූප අනුන් විසින් නොකරන ලද්දේය. නාමරූප තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. නාමරූප තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ.”
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? විඤ්ඤාණය තමා විසින් කරනලද්දේද? විඤ්ඤාණය අනුන් විසින් කරන ලද්දේද? විඤ්ඤාණය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් විඤ්ඤාණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය, විඤ්ඤාණය වනාහි තමන් විසින් නොකරන ලද්දේය. විඤ්ඤාණය අනුන් විසින් හෝ නොකරන ලද්දේය. විඤ්ඤාණය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. විඤ්ඤාණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවේ.”
“දැන් වනාහි අපි ඇවැත් සැරියුත් තෙරුන්ගේ කීම මෙසේ දැනගතිමු. (කෙසේද?) ඇවැත් කොට්ඨිතය, නාම රූපය වනාහි තමා විසින් නොකරන ලද්දේය. නාමරූපය අනුන් විසින් නොකරන ලද්දේය. නාමරූපය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. නාමරූපය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය’ කියායි. දැන් වනාහි ඇවැත් සැරියුත් තෙරුන්ගේ කීම මෙසේ අපි දැනගතිමු. (කෙසේද?) ‘ඇවැත් කොට්ඨිතය, විඤ්ඤාණය වනාහී තමා විසින් නොකරන ලද්දේය. විඤ්ඤාණය අනුන් විසින් නොකරන ලද්දේය. විඤ්ඤාණය තමන් විසින්ද, අනුන් විසින්ද නොකරන ලද්දේය. විඤ්ඤාණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය’ කියායි. එහෙත් නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවේ යනුයි.
“ඇවැත් සාරිපුත්‍රයෙනි, කෙසේ වනාහි මේ කීමෙහි අර්ථය දතයුතු වන්නේද?” “ඇවැත්නි, එසේවී නම් ඔබට උපමාවක් කරන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි ඇතැම් නැණවත් පුරුෂයෝ කියන ලද්දහුගේ අදහස දැනගනිත්. ඇවැත්නි, යම්සේ බටලී මිටි දෙකක් එකක් අනික නිසා සිටින්නාහුද, එසේම ඇවැත්නි නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“ඇවැත්නි, ඉදින් ඒ බටලී මිටි දෙකින් එකක් අදින්නේ නම් එකක් වැටෙන්නේය. ඉදින් අනික අදින්නේ නම් අනික වැටෙන්නේය. එසේම ඇවැත්නි නාමරූප නැතිවීමෙන් (නාමරූප නිරෝධයෙන්) විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේ. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවේ. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේ. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවේ. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහය නැතිවේ.
“ඇවැත් සාරිපුත්‍රයෙනි, ආශ්චර්යයි. ඇවැත් ශාරිපුත්‍රයෙනි, අද්භූතයි. යම් හෙයකින් ඇවැත් සැරියුත් තෙරුන් විසින් මෙය මනාකොට කියනු ලැබීද, (එහෙයින්) අපි වනාහි ඇවැත් සැරියුත් තෙරුන්ගේ මේ කීම මේ ස තිසක් වස්තුවෙන් අනුමෝදන් වෙමු. ඉදින් ඇවැත්නි, මහණතෙම ජරා මරණයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, (ඔහුට) ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ජරා මරණයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, (ඔහුට) ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ජරා මරණයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම ජාතියට (ඉපදීමට) කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ඉපදීමට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි මහණතෙම ඉපදීමට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැති කිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන්, මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම භවයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම භවයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුව යයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම භවයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන්, මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම උපාදානයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථීක භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම උපාදානයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණ තෙම උපාදානයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැති කිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේවෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම තණ්හාවට කලකිරීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, හෙතෙම තණ්හාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම තණ්හාවට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැති කිරීමෙන්. (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේවෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම වේදනාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම වේදනාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම වේදනාවට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම ස්පර්ශයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ස්පර්ශයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ස්පර්ශයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේවෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම සළායතනයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම සළායතනයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම සළායතනයන්ට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, ඔහුට මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම නාමරූපයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම නාමරූපයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි. මහණතෙම නාමරූපයන්ට කලකිරීමෙන්, නොඇලීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේවෙයිද (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම විඤ්ඤාණයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම විඤ්ඤාණයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම විඤ්ඤාණයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම සංස්කාරයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම සංස්කාරයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම සංස්කාරයන්ට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, ඔහුට මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම අවිජ්ජාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම අවිජ්ජාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම අවිජ්ජාවට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
(හත්වන නළකලාපිය සූත්‍රය නිමි.)
8. කොසම්බිසුත්තං 8. කෝසම්බී සූත්‍රය
9. උපයන්තිසුත්තං 9. උපයන්ති සූත්‍රය
10. සුසිමසුත්තං 10. සුසීම සූත්‍රය
8. සමණබ්‍රාහ්මණවග්ගො 8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. ජරාමරණසුත්තං 1. පච්චය සූත්‍රය
2-11. ජාතිසුත්තාදිදසකං 2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තරපෙය්‍යාලං 9. අන්තර පෙය්යාලය
1. සත්ථුසුත්තං 1. සත්ථු වර්ගය
2-11. දුතියසත්ථුසුත්තාදිදසකං 2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛාසුත්තාදිපෙය්‍යාලඑකාදසකං 2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ