ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
33
සාවත්ථියං...පෙ.... ‘‘චතුචත්තාරීසං වො, භික්ඛවෙ, ඤාණවත්ථූනි දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමානි (කතමානි ච (ස්‍යා. කං. පී. ක.)), භික්ඛවෙ, චතුචත්තාරීසං ඤාණවත්ථූනි? ජරාමරණෙ ඤාණං, ජරාමරණසමුදයෙ ඤාණං, ජරාමරණනිරොධෙ ඤාණං, ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං; ජාතියා ඤාණං, ජාතිසමුදයෙ ඤාණං, ජාතිනිරොධෙ ඤාණං, ජාතිනිරොධගාමිනියා පටිපදාය ඤාණං; භවෙ ඤාණං, භවසමුදයෙ ඤාණං, භවනිරොධෙ ඤාණං, භවනිරොධගාමිනියා පටිපදාය ඤාණං; උපාදානෙ ඤාණං, උපාදානසමුදයෙ ඤාණං, උපාදානනිරොධෙ ඤාණං, උපාදානනිරොධගාමිනියා පටිපදාය ඤාණං; තණ්හාය ඤාණං, තණ්හාසමුදයෙ ඤාණං, තණ්හානිරොධෙ ඤාණං, තණ්හානිරොධගාමිනියා පටිපදාය ඤාණං; වෙදනාය ඤාණං, වෙදනාසමුදයෙ ඤාණං, වෙදනානිරොධෙ ඤාණං, වෙදනානිරොධගාමිනියා පටිපදාය ඤාණං; ඵස්සෙ ඤාණං...පෙ.... සළායතනෙ ඤාණං... නාමරූපෙ ඤාණං... විඤ්ඤාණෙ ඤාණං... සඞ්ඛාරෙසු ඤාණං, සඞ්ඛාරසමුදයෙ ඤාණං, සඞ්ඛාරනිරොධෙ ඤාණං, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං. ඉමානි වුච්චන්ති, භික්ඛවෙ, චතුචත්තාරීසං ඤාණවත්ථූනි.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො, අයං වුච්චති ජරා. යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කළෙවරස්ස නික්ඛෙපො. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා, ඉදඤ්ච මරණං; ඉදං වුච්චති, භික්ඛවෙ, ජරාමරණං.
‘‘ජාතිසමුදයා ජරාමරණසමුදයො; ජාතිනිරොධා ජරාමරණනිරොධො; අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදයං පජානාති, එවං ජරාමරණනිරොධං පජානාති, එවං ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානාති, ඉදමස්ස ධම්මෙ ඤාණං . සො ඉමිනා ධම්මෙන දිට්ඨෙන විදිතෙන අකාලිකෙන පත්තෙන පරියොගාළ්හෙන අතීතානාගතෙන යං නෙති.
‘‘යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ජරාමරණං අබ්භඤ්ඤංසු, ජරාමරණසමුදයං අබ්භඤ්ඤංසු, ජරාමරණනිරොධං අබ්භඤ්ඤංසු, ජරාමරණනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤංසු, සබ්බෙ තෙ එවමෙව අබ්භඤ්ඤංසු, සෙය්‍යථාපාහං එතරහි.
‘‘යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ජරාමරණං අභිජානිස්සන්ති, ජරාමරණසමුදයං අභිජානිස්සන්ති, ජරාමරණනිරොධං අභිජානිස්සන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං අභිජානිස්සන්ති, සබ්බෙ තෙ එවමෙව අභිජානිස්සන්ති, සෙය්‍යථාපාහං එතරහීති. ඉදමස්ස අන්වයෙ ඤාණං.
‘‘යතො ඛො, භික්ඛවෙ, අරියසාවකස්ස ඉමානි ද්වෙ ඤාණානි පරිසුද්ධානි හොන්ති පරියොදාතානි - ධම්මෙ ඤාණඤ්ච අන්වයෙ ඤාණඤ්ච. අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙක්ඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙක්ඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
‘‘කතමා ච, භික්ඛවෙ, ජාති...පෙ.... කතමො ච, භික්ඛවෙ, භවො... කතමඤ්ච, භික්ඛවෙ, උපාදානං... කතමා ච, භික්ඛවෙ තණ්හා... කතමා ච, භික්ඛවෙ, වෙදනා... කතමො ච, භික්ඛවෙ, ඵස්සො... කතමඤ්ච, භික්ඛවෙ , සළායතනං... කතමඤ්ච, භික්ඛවෙ, නාමරූපං ... කතමඤ්ච, භික්ඛවෙ, විඤ්ඤාණං... කතමෙ ච, භික්ඛවෙ, සඞ්ඛාරා? තයොමෙ, භික්ඛවෙ , සඞ්ඛාරා - කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරොති. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, සඞ්ඛාරා.
‘‘අවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො; අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො; අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො එවං සඞ්ඛාරෙ පජානාති, එවං සඞ්ඛාරසමුදයං පජානාති , එවං සඞ්ඛාරනිරොධං පජානාති, එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, ඉදමස්ස ධම්මෙ ඤාණං. සො ඉමිනා ධම්මෙන දිට්ඨෙන විදිතෙන අකාලිකෙන පත්තෙන පරියොගාළ්හෙන අතීතානාගතෙන යං නෙති.
‘‘යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා සඞ්ඛාරෙ අබ්භඤ්ඤංසු, සඞ්ඛාරසමුදයං අබ්භඤ්ඤංසු, සඞ්ඛාරනිරොධං අබ්භඤ්ඤංසු, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤංසු, සබ්බෙ තෙ එවමෙව අබ්භඤ්ඤංසු, සෙය්‍යථාපාහං එතරහි.
‘‘යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා සඞ්ඛාරෙ අභිජානිස්සන්ති, සඞ්ඛාරසමුදයං අභිජානිස්සන්ති, සඞ්ඛාරනිරොධං අභිජානිස්සන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අභිජානිස්සන්ති, සබ්බෙ තෙ එවමෙව අභිජානිස්සන්ති, සෙය්‍යථාපාහං එතරහි. ඉදමස්ස අන්වයෙ ඤාණං.
‘‘යතො ඛො, භික්ඛවෙ, අරියසාවකස්ස ඉමානි ද්වෙ ඤාණානි පරිසුද්ධානි හොන්ති පරියොදාතානි - ධම්මෙ ඤාණඤ්ච අන්වයෙ ඤාණඤ්ච. අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙක්ඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙක්ඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපී’’ති. තතියං.
33
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, නුඹලාට ඤාණවස්තූන් හතළිස් හතරක් දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි (දේශනා කළසේක.) ‘එසේය ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, ඤාණවස්තු හතළිස් හතර කවරේද?”
“ජරාමරණ දන්නා ඤාණය. ජරාමරණ හේතූන් දන්නා ඤාණය, ජරා මරණයන්ගේ නිරුද්ධවීම දන්නා ඤාණය, ජරාමරණ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව දන්නා ඤාණය.
“ජාතිය දන්නා ඤාණය, ජාති හේතුව දන්නා ඤාණය, ජාති නිරෝධය දන්නා ඤාණය, ජාති නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.
භවය දන්නා ඤාණය, භව හේතුව දන්නා ඤාණය, භව නිරෝධය දන්නා ඤාණය, භව නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.
උපාදානය දන්නා ඤාණය, උපාදාන හේතුව දන්නා ඤාණය, උපාදාන නිරෝධය දන්නා ඤාණය, උපාදාන නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.
තණ්හාව දන්නා ඤාණය, තණ්හා හේතුව දන්නා ඤාණය, තණ්හා නිරෝධය දන්නා ඤාණය, තණ්හා නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
වේදනා දන්නා ඤාණය, වේදනා හේතුව දන්නා ඤාණය, වේදනා නිරෝධය දන්නා ඤාණය, වේදනා නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
ස්පර්ශය දන්නා ඤාණය, ස්පර්ශය හේතුව දන්නා ඤාණය, ස්පර්ශය නිරෝධය දන්නා ඤාණය, ස්පර්ශය නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
සළායතන දන්නා ඤාණය, සළායතන හේතුව දන්නා ඤාණය, සළායතන නිරෝධය දන්නා ඤාණය, සළායතන නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
“නාමරූප දන්නා ඤාණය, නාමරූප හේතුව දන්නා ඤාණය, නාමරූප නිරෝධය දන්නා ඤාණය, නාමරූප නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
“විඤ්ඤාණ දන්නා ඤාණය, විඤ්ඤාණ හේතුව දන්නා ඤාණය, විඤ්ඤාණ නිරෝධය දන්නා ඤාණය, විඤ්ඤාණ නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
“සංඛාර දන්නා ඤාණය, සංඛාර හේතුව දන්නා ඤාණය, සංඛාර නිරෝධය දන්නා ඤාණය, සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
“මහණෙනි, මොහු ඤාණ වස්තු හතලිස් හතර යයි” කියනු ලැබෙත්”
“මහණෙනි, ජරාමරණය කවරේද? ඒ ඒ සත්ව නිකායෙහිවූ, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළි වැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයි කියනු ලැබේ. ඒ ඒ සත්වනිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවී යාමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මෘත්‍යුනම්වූ මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීරයාගේ අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ දිරීමද; මේ මැරීමද, ජරා මරණයයි කියනු ලැබේ ජාති හේතුකොට ගෙන (උප්පත්තිය ඇතිවීමෙන්) ජරා මරණ ඇතිවේ. ජාති නිරෝධයෙන් (උප්පත්තිය නැති කිරීමෙන්) ජරා මරණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරා මරණය නැති කිරීමට ගමන් කළයුතු මාර්ගයයි (කියනු ලැබේ.) හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය සම්මාවායාමය. සම්මාසතිය සහ සම්මාසමාධියයි.
“මහණෙනි, යම් හේතුවකින් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ජරා මරණය දනීද, මෙසේ ජරා මරණයන්ගේ හේතු දනීද, මෙසේ ජරා මරණයන්ගේ නැතිවීම දනීද, මෙසේ ජරා මරණ නැතිකරන මාර්ගය දනීද, මෙය ඔහුගේ චතුස්සත්‍යය දක්නා ඥානය වන්නේය. හෙතෙම නුවණින් දක්නාලද, නුවණින් අවබෝධ කරන ලද කල් නොගොස් අනතුරුවම ඵල දෙන ස්වභාවය ඇති, පැමිණියාවූ නුවණින් බැසගන්නා ලද, මේ චතුරාර්ය සත්‍යධර්මයන් දක්නා ඥානයෙන් අතීත අනාගත කාල දැනගන්නාවූ ඥානයටද පමුණුවන්නේය. අතීත කාලයෙහිවූ, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරා මරණය දැනගත්තාහුද, ජරාමරණයන්ගේ හේතු දැනගත්තාහුද, ජරා මරණයන්ගේ නැතිවීම දැනගත්තාහුද, ජරා මරණය නැතිකරන මාර්ගය දැනගත්තාහුද ඔහු සියලු දෙනම, මම මෙකල්හි යම්සේ දැනගත්තෙම්ද, එසේම දැන ගත්තාහුය. අනාගත කාලයෙහි වෙන යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරාමරණය දැනගන්නාහුද, ජරා මරණයන්ගේ හේතු දැනගන්නාහුද, ජරා මරණයන්ගේ නැතිවීම දැනගන්නාහුද, ජරාමරණය නැතිකරන මාර්ගය දැනගන්නාහුද, ඔවුහු සියලු දෙනම මම යම්සේ මෙකල්හි දැන් දනිම්ද, එසේ දැනගන්නාහුය’ කියායි මෙය ඔහුගේ මාර්ගඥානයට අනුව පහළවන්නාවූ ඥානයයි. (ප්‍රත්‍යවෙක්ෂා ඥානයයි.)
“මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයාහට මාර්ග ඥානයද, ප්‍රත්‍යවෙක්ෂා ඥානයද යන මේ ඥාන දෙක පිරිසිදු වෙත්ද, නිර්මල වෙත්ද, මහණෙනි, මේ ආර්යශ්‍රාවක තෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්ත වූයේයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්ත වූයේයයි කියාද, මේ මාර්ග සද්ධර්මයට පැමිණියේයයි කියාද, මේ මාර්ග සද්ධර්මය දකීයයි කියාද, ශෛක්ෂ ඥානයෙන් යුක්තයයි කියාද ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද, කියනු ලැබේ.
“මහණෙනි, ජාතිය නම් කවරේද? ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැසගැනීමක්, ඉපදීමක්, ස්කන්ධයන්ගේ ඇතිවීමක්, ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි (උප්පත්තියයි) කියනු ලැබේ.
“මහණෙනි, භවය නම් කවරේද? මහණෙනි, කාම භවය, රූප භවය, සහ අරූප භවයයි කියා මේ භවයෝ තිදෙනෙක් වෙත්. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.
“මහණෙනි, උපාදානය කවරේද? මහණෙනි, කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය සහ අත්තවාදුපාදානයයි කියා මේ උපාදානයෝ (දැඩිව අල්වා ගන්නෝ) සිව් දෙනෙක් වෙති. මහණෙනි, මෙය උපාදානයයි (දැඩිව අල්වා ගැනීමයයි) කියනු ලැබේ.
“මහණෙනි, තණ්හාව කවරේද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ඵොට්ඨබ්බ තණ්හාව සහ ධර්ම තණ්හාව යයි කියා, මේ තණ්හා සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය තණ්හාවයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව කවරේද? මහණෙනි, ඇස හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, කණ හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, නහය හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, දිව හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, කය හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව සහ සිත හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව යයි කියා මේ වේදනා සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය වේදනාවයයි කියනු ලැබේ.
“මහණෙනි, ස්පර්ශය කවරේද? මහණෙනි, චක්ඛුස්පර්ශය, ශ්‍රොත ස්පර්ශය, ඝ්‍රාණ ස්පර්ශය, ජිව්හා ස්පර්ශය, කාය ස්පර්ශය සහ මනස් ස්පර්ශයයි කියා මේ ස්පර්ශ සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.
“මහණෙනි, සළායතන කවරේද? මහණෙනි, චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනායතනයයි කියා මේ ආයතන සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය සළායතනයයි කියනු ලැබේ.
“මහණෙනි, නාමරූප කවරේද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයද යන මෙය රූපයයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමයද, රූපයද නාම රූපයයි කියනු ලැබේ.
“මහණෙනි, විඤ්ඤාණය කවරේද? මහණෙනි, චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණයයි කියා මේ විඤ්ඤාණ සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය විඤ්ඤාණයයි කියනු ලැබේ.
“මහණෙනි, සංස්කාර කවරේද? මහණෙනි, කාය සංඛාරය, වචී සංඛාරය සහ චිත්ත සංඛාරයයි කියා මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙති. මහණෙනි, මොවුහු සංස්කාරයෝ යයි කියනු ලැබෙත්.
“අවිජ්ජාව ඇතිවීමෙන් සංස්කාර ඇතිවේ. අවිජ්ජාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාර නැතිකිරීම පිණිස ගමන් කළ යුතු මාර්ගයයි (කියනු ලැබේ.) හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සංකප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.
“මහණෙනි, යම් හෙයකින් ආර්යශ්‍රාවක තෙම වනාහි මෙසේ සංස්කාරයන් දනීද, මෙසේ සංස්කාරයන්ගේ හේතු දනීද, මෙසේ සංස්කාරයන්ගේ නැතිවීම දනීද, මෙසේ සංස්කාරයන් නැතිකරන මාර්ගය දනීද, මෙය මාර්ගඥානය වන්නේය. හෙතෙම නුවණින් දක්නාලද, නුවණින් දන්නා ලද, කල් නොගොස් ඵලදෙන ස්වභාවය ඇති, අවබෝධ කරනලද, නුවණින් පිවිසෙන ලද, මේ චතුරාර්ය සත්‍ය දන්නා ඥානයෙන්, අතීත කාල අනාගත කාල දක්නා නුවණටද පමුණුවයි. අතීත කාලයෙහිවූ යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සංස්කාරයන් දැනගත්තාහුද, සංස්කාරයන්ගේ හේතු දැනගත්තාහුද, සංස්කාරයන්ගේ නැතිවීම් දැනගත්තාහුද, සංස්කාරයන් නැතිකරන මාර්ගය දැන ගත්තාහුද ඔවුහු සියලු දෙනම, මම යම්සේ මෙකල්හි දනිම්ද, එසේම දැන ගත්තාහුය. අනාගත කාලයෙහි වෙන යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සංස්කාරය දැනගන්නාහුද, සංස්කාරයන්ගේ හේතු දැනගන්නාහුද, සංස්කාරයන්ගේ නැතිවීම දැනගන්නාහුද, සංස්කාර නැති කරන මාර්ගය දැනගන්නාහුද, ඔවුහු සියලු දෙනම මම යම්සේ මෙකල්හි දැන් දනිම්ද, එසේ දැනගන්නාහුය කියායි. මෙය ඔහුගේ මාර්ගඥානයට අනුව පහළවන ඥානයයි (ප්‍රත්‍යවේක්ෂා ඥානයයි.)
“මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයාගේ මාර්ග ඥානයද, ප්‍රත්‍යවේක්ෂා ඥානයද යන මේ ඥාන දෙක වනාහි පිරිසිදු වෙත්ද, නිර්මල වෙත්ද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක තෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූයේයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තවූයේ යයි කියාද, මේ මාර්ග සද්ධර්මයට පැමිණියේයයි කියාද, මේ මාර්ග සද්ධර්මය දකීයයි කියාද, ශෛක්ෂ ඥානයෙන් යුක්තයයි කියාද, ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද, කියනු ලැබේ.”
(තුන්වෙනි ඤාණ වත්ථු සූත්‍රය නිමි.)
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලොකායතිකසුත්තං 8. ලෝකායතික සූත්‍රය
9. අරියසාවකසුත්තං 9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. දුතියඅරියසාවකසුත්තං 10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛවග්ගො 6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසනසුත්තං 1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදානසුත්තං 2. උපාදාන සූත්‍රය
3. සංයොජනසුත්තං 3. සංයෝජන සූත්‍රය
4. දුතියසංයොජනසුත්තං 4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛසුත්තං 5. මහාරුක්ඛ සූත්‍රය
6. දුතියමහාරුක්ඛසුත්තං 6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණරුක්ඛසුත්තං 7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූපසුත්තං 8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණසුත්තං 9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදානසුත්තං 10. නිදාන සූත්‍රය
7. මහාවග්ගො 7. මහා වර්ගය
1. අස්සුතවාසුත්තං 1. අස්සුතවන්තු සූත්‍රය
2. දුතියඅස්සුතවාසුත්තං 2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්තමංසූපමසුත්තං 3. පුත්‍ර මාංශ සූත්‍රය
4. අත්ථිරාගසුත්තං 4. රාග සූත්‍රය
5. නගරසුත්තං 5. නගර සූත්‍රය
6. සම්මසසුත්තං 6. සම්මසන සූත්‍රය
7. නළකලාපීසුත්තං 7. නළකලාපිය සූත්‍රය
8. කොසම්බිසුත්තං 8. කෝසම්බී සූත්‍රය
9. උපයන්තිසුත්තං 9. උපයන්ති සූත්‍රය
10. සුසිමසුත්තං 10. සුසීම සූත්‍රය
8. සමණබ්‍රාහ්මණවග්ගො 8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. ජරාමරණසුත්තං 1. පච්චය සූත්‍රය
2-11. ජාතිසුත්තාදිදසකං 2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තරපෙය්‍යාලං 9. අන්තර පෙය්යාලය
1. සත්ථුසුත්තං 1. සත්ථු වර්ගය
2-11. දුතියසත්ථුසුත්තාදිදසකං 2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛාසුත්තාදිපෙය්‍යාලඑකාදසකං 2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ