ත්‍රිපිටකය
11. සක්කසංයුත්තං 11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
1. පඨමවග්ගො 1. සුවීර වර්‍ගය
1. සුවීරසුත්තං 1. සුවීර සූත්‍රය
2. සුසීමසුත්තං 2. සුසීම සූත්‍රය
3. ධජග්ගසුත්තං 3. ධජග්ග සූත්‍රය
4. වෙපචිත්තිසුත්තං 4. වේපචිත්ති (නොහොත් ඛන්ති) සූත්‍රය
5. සුභාසිතජයසුත්තං 5. සුභාෂිත ජය සූත්‍රය
6. කුලාවකසුත්තං 6. කුලාවක සූත්‍රය
7. නදුබ්භියසුත්තං 7. න දුබ්භිය සූත්‍රය
8. වෙරොචනඅසුරින්දසුත්තං 8. වීරෝවන් අසුරින්‍ද (නොහොත් අත්‍ථ) සූත්‍රය
9. අරඤ්ඤායතනඉසිසුත්තං 9. ඉසයො අරඤ්ඤතා (නොහොත් ගන්‍ධ) සූත්‍රය
10. සමුද්දකසුත්තං 10. ඉසයො සමුද්දකා (නොහොත් සම්බර) සූත්‍රය
2. දුතියවග්ගො 2. සත්තවත වර්‍ගය
1. වතපදසුත්තං 1. දේවා (නොහොත් වතපද) සූත්‍රය
2. සක්කනාමසුත්තං 2. දේවා සූත්‍රය
3. මහාලිසුත්තං 3. දේවා සූත්‍රය
4. දලිද්දසුත්තං 4. දළිද්ද සූත්‍රය
5. රාමණෙය්‍යකසුත්තං 5. රාමණෙය්‍යක සූත්‍රය
6. යජමානසුත්තං 6. යජමාන සූත්‍රය
7. බුද්ධවන්දනාසුත්තං 7. වන්‍දනා සූත්‍රය
8. ගහට්ඨවන්දනාසුත්තං 8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය
264
සාවත්ථියං. තත්‍ර...පෙ.... එතදවොච - ‘‘භූතපුබ්බං, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො මාතලිං සඞ්ගාහකං ආමන්තෙසි - ‘යොජෙහි, සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං. උය්‍යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. ‘එවං භද්දන්තවා’ති ඛො, භික්ඛවෙ, මාතලි සඞ්ගාහකො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා සක්කස්ස දෙවානමින්දස්ස පටිවෙදෙසි - ‘යුත්තො ඛො තෙ, මාරිස, සහස්සයුත්තො ආජඤ්ඤරථො. යස්ස දානි කාලං මඤ්ඤසී’’’ති. අථ ඛො, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො වෙජයන්තපාසාදා ඔරොහන්තො අඤ්ජලිං කත්වා (පඤ්ජලිකො (පී.), පඤ්ජලිං කත්වා (ක.)) සුදං පුථුද්දිසා නමස්සති. අථ ඛො, භික්ඛවෙ, මාතලි සඞ්ගාහකො සක්කං දෙවානමින්දං ගාථාය අජ්ඣභාසි -
‘‘තං නමස්සන්ති තෙවිජ්ජා, සබ්බෙ භුම්මා ච ඛත්තියා;
චත්තාරො ච මහාරාජා, තිදසා ච යසස්සිනො;
අථ කො නාම සො යක්ඛො, යං ත්වං සක්ක නමස්සසී’’ති.
‘‘මං නමස්සන්ති තෙවිජ්ජා, සබ්බෙ භුම්මා ච ඛත්තියා;
චත්තාරො ච මහාරාජා, තිදසා ච යසස්සිනො.
‘‘අහඤ්ච සීලසම්පන්නෙ, චිරරත්තසමාහිතෙ;
සම්මාපබ්බජිතෙ වන්දෙ, බ්‍රහ්මචරියපරායනෙ.
‘‘යෙ ගහට්ඨා පුඤ්ඤකරා, සීලවන්තො උපාසකා;
ධම්මෙන දාරං පොසෙන්ති, තෙ නමස්සාමි මාතලී’’ති.
‘‘සෙට්ඨා හි කිර ලොකස්මිං, යෙ ත්වං සක්ක නමස්සසි;
අහම්පි තෙ නමස්සාමි, යෙ නමස්සසි වාසවා’’ති.
‘‘ඉදං වත්වාන මඝවා, දෙවරාජා සුජම්පති;
පුථුද්දිසා නමස්සිත්වා, පමුඛො රථමාරුහී’’ති.
264
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාර්‍ය්‍යයාට කථා කෙළේය. ‘යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදව. උයන් සිරි දකිනු පිණිස උද්‍යාන භූමියට යමු.”
“මහණෙනි, මාතලී රථාචාර්‍ය්‍ය තෙම ‘එසේ යහපති ස්වාමීනි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ‘නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. ගමනට සුදුසු කල් දනුව’ යි සැලකෙළේය.
“මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම වෛජයන්ත ප්‍රාසාදයෙන් බස්නේ ඇඳිලි බැඳ සියලු දිශාවන් වැන්දේය.
“මහනෙනි, ඉක්බිති මාතලී රථාචාර්‍ය්‍ය තෙම (ඒ දැක) ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය.
“වේදත්‍රය හදාරන්නාවූ සියලු පොළෝතලවාසීහුද, ක්‍ෂත්‍රියයෝද, සතරවරම් මහරජහුද, පිරිවර (සෙසු) දෙවියෝද, ඔබට වඳිති. සක්දෙවිඳුනි, පිරිවර සහිතවූ යමෙකුට ඔබවහන්සේ වඳනෙහිද, ඒ තෙමේ කිනම් (යකෙක්ද?)
“වෙදත්‍රය පාරප්‍රාප්තවූ පෘථිවිතලවාසීවූ සියල්ලෝද, ක්‍ෂත්‍රියයෝද, සිවුවරම් මහරජදරුවෝද, පරිවාර සම්පන්නවූ සෙසු දෙවියෝද මට වඳිත්.
“ඒ මමද ශීලයෙන් සමෘද්‍ධවූ, බොහෝ කලක් මුළුල්ලෙහි එකඟකළ සිත් ඇති, (දිවිහිමියෙන්) බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි යෙදී වසන්නාවූ පැවිද්දන් සකසා වඳිමි.
“පින් කරන්නාවූ, සිල්වත්වූ, උපාසක ගුණයෙහි පිහිටියාවූ, යම් ගෘහස්ථකෙනෙක් දැහැමින් අඹුදරුවන් රකිත්ද, එම්බා මාතලිය, මම ඔවුන් වඳිමි.”
“(මාතලී මෙසේ කීය:) සක්දෙවිඳුනි, යමකුන්ට නුඹවහනුසේ වඳිනෙහිද (ඔහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසව නම්වූ දෙව් රජුනි, යම් කෙනෙකුන්ට ඔබ වඳිනෙහිද මමත් ඔවුන් වඳිමි’ යි.
“මෙසේ කියා මඝ යන නම් ඇත්තාවූ, දෙව් ලොව දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුහිතෘවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම (සතර දිසාවන් හා සතර අනු දිසාවන්) වැඳ දෙවියන් අභිමුඛයෙහි දිව්‍ය රථයට නැංගේය.”
9. සත්ථාරවන්දනාසුත්තං 9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය
10. සඞ්ඝවන්දනාසුත්තං 10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වන වග. (සක්ක පඤ්චකය)
1. ඡෙත්වාසුත්තං 1. ඣත්‍වා සූත්‍රය
2. දුබ්බණ්ණියසුත්තං 2. දුඛණ්ණීය සූත්‍රය
3. සම්බරිමායාසුත්තං 3. මායා සූත්‍රය
4. අච්චයසුත්තං 4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය
5. අක්කොධසුත්තං 5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය