ත්‍රිපිටකය
5. සළායතනවග්ගො 5. සළායතන වර්ගය
1. අනාථපිණ්ඩිකොවාදසුත්තං 1. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය
2. ඡන්නොවාදසුත්තං 2. ඡන්නොවාද සූත්‍රය
3. පුණ්ණොවාදසුත්තං 3. පුණ්ණොවාද සූත්‍රය
4. නන්දකොවාදසුත්තං 4. නන්දකොවාද සූත්‍රය
5. චූළරාහුලොවාදසුත්තං 5. චූල රාහුලොවාද සූත්‍රය
6. ඡඡක්කසුත්තං 6. ඡඡක්ක සූත්‍රය
7. මහාසළායතනිකසුත්තං 7. මහාසළායතන සූත්‍රය
8. නගරවින්දෙය්‍යසුත්තං 8. නගරවින්දෙය්‍ය සූත්‍රය
9. පිණ්ඩපාතපාරිසුද්ධිසුත්තං 9. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය
10. ඉන්ද්‍රියභාවනාසුත්තං 10. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය
453
එවං මෙ සුතං - එකං සමයං භගවා ගජඞ්ගලායං (කජඞ්ගලායං (සී. පී.), කජ්ජඞ්ගලායං (ස්‍යා. කං.)) විහරති සුවෙළුවනෙ (වෙළුවනෙ (ස්‍යා. කං.), මුඛෙලුවනෙ (සී. පී.)). අථ ඛො උත්තරො මාණවො පාරාසිවියන්තෙවාසී (පාරාසරියන්තෙවාසී (සී. පී.), පාරාසිරියන්තෙවාසී (ස්‍යා. කං.)) යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උත්තරං මාණවං පාරාසිවියන්තෙවාසිං භගවා එතදවොච - ‘‘දෙසෙති, උත්තර, පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවන’’න්ති? ‘‘දෙසෙති, භො ගොතම, පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවන’’න්ති. ‘‘යථා කථං පන, උත්තර, දෙසෙති පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවන’’න්ති? ‘‘ඉධ, භො ගොතම, චක්ඛුනා රූපං න පස්සති, සොතෙන සද්දං න සුණාති - එවං ඛො, භො ගොතම, දෙසෙති පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවන’’න්ති. ‘‘එවං සන්තෙ ඛො, උත්තර, අන්ධො භාවිතින්ද්‍රියො භවිස්සති, බධිරො භාවිතින්ද්‍රියො භවිස්සති; යථා පාරාසිවියස්ස බ්‍රාහ්මණස්ස වචනං. අන්ධො හි, උත්තර, චක්ඛුනා රූපං න පස්සති, බධිරො සොතෙන සද්දං න සුණාතී’’ති. එවං වුත්තෙ, උත්තරො මාණවො පාරාසිවියන්තෙවාසී තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
අථ ඛො භගවා උත්තරං මාණවං පාරාසිවියන්තෙවාසිං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘අඤ්ඤථා ඛො, ආනන්ද, දෙසෙති පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවනං, අඤ්ඤථා ච පනානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොතී’’ති. ‘‘එතස්ස, භගවා, කාලො; එතස්ස, සුගත, කාලො යං භගවා අරියස්ස විනයෙ අනුත්තරං ඉන්ද්‍රියභාවනං දෙසෙය්‍ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙනහානන්ද, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
453
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කජංගල නම් නියම්ගම සමීපයෙහිවූ මුවෙලු වෙනෙහි (මුඛෙලු නම් එක් වෘක්ෂ විශේෂයෙකි. ඒ මුවෙලු රුකින් ගැවසීගත් මහ වනලැහැබෙක) වැඩවසන සේක. ඉක්බිති “පාරාසරිය” නම් බමුණාගේ අතවැසිවූ “උත්තර” නම් මානවකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පස්ව උන්නාවූ පාරාසරිය බ්‍රාහ්මණයාගේ අතවැසිවූ උත්තර නම් මානවකයාට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. “උත්තරය, පාරාසරිය බ්‍රාහ්මණ තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කෙරේදැයි’ ඇසූහ. “ගෞතමයන් වහන්ස, පාරාසරිය, බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කෙරේයයි” (කීය.)
“උත්තරය, ඒ කෙසේ වනාහි පාරාසරිය බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කෙරේදැයි” වදාළසේක. “භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇසින් රූපය නොබලයි. කණින් ශබ්දය නොඅසයි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ පාරාසරිය බමුණුතෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කෙරේ” (යයි කීය.)
“උත්තරය, පාරාසරිය බමුණාගේ වචනය යම් ප්‍රකාරයකින් වේද, එසේ ඇති කල්හි වනාහි අන්ධතෙම වඩන ලද ඉඳුරන් ඇත්තෙක් වන්නේය. බිහිරා වඩනලද ඉඳුරන් ඇත්තෙක් වන්නේය. ඒ එසේමැයි, අන්ධ තෙමේ රූප නොදකී. බිහිරා හඬ නොඅසායයි” (වදාළසේක.)
මෙසේ වදාළ කල්හි පාරාසරිය බමුණාගේ අතවැසිවූ උත්තර මානවක තෙමේ නිහඬ බවට පැමිණියේ තේජස් රහිත බවට පැමිණියේ කරබා ගත්තේ යට හෙලා ලු මුව ඇත්තේ සිතිවිලි සිතමින් වැටහීම නැත්තෙක්ව හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාසරිය බමුණාගේ අතැවැසිවූ, නිශ්ශබ්දවූ, තේජස් නැති බවට පැමිණියාවූ, කරබාගත් මුහුණ පහත් කරගෙන කල්පනා කරන්නාවූ, කරුණු නොවැටහෙන්නාවූ උත්තර මානවකයා දැක, ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්ට කථා කළසේක. ආනන්දය, පරාසරිය බමුණා ශ්‍රාවකයන්ට ඉඳුරන් වැඩීම අන් ආකාරයකින් කියයි. ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව අන් ආකාරයකින් වේයයි (වදාළසේක.)
“යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ නම් භාග්‍යවතුන් වහන්ස, මේ එයට කල් වන්නේය. සුගතයන් වහන්ස, මේ එයට කල් වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි” (කීය.)
“එසේවී නම් ආනන්දය, අසව මනාකොට මෙනෙහිකරව. කියන්නෙමි”යි වදාළේය. “එසේය, වහන්සැ”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවත්හට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
454
‘‘කථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොති? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං . තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, චක්ඛුමා පුරිසො උම්මීලෙත්වා වා නිමීලෙය්‍ය, නිමීලෙත්වා වා උම්මීලෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු.
454
“ආනන්දය, කෙසේ වනාහි ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව වේද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක ඇලීම උපදියිද, කිපීම උපදියිද, සිත ඇලීම හා කිපීම උපදියිද, හෙතෙම මෙසේ මට ලෝභය උපන්නේය. ද්වේෂය උපන්නේය. ලෝභය හා ද්වේෂය උපන්නේය. එය වනාහි ප්‍රත්‍යයන් විසින් කරන ලද්දේය. ඕළාරිකය, හේතුවෙන් උපන්නේය. යම් මේ විදර්ශනොපෙක්ෂාවක් වේද, එය ශාන්තය. එය ප්‍රණීතයයි දනීද, ඔහුට උපන් ඒ ලෝභ සිතද, උපන් කෝප සිතද, ලෝභ සිත හා කෝප සිතද නිරුද්ධ වෙයි. විදර්ශනා උපෙක්ෂාව මනාව පිහිටයි. ආනන්දය, යම්සේ වනාහි පිරිසිදු ඇස් ඇති පුරුෂයෙක් ඇස්පිය අරින්නේද, ඇස් ඇර පියන්නේද, ආනන්දය, එපරිද්දෙන්ම යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන් උපන් ලෝභ සිතද, උපන් කෝප සිතද, උපන් ලෝභ සහ කෝප සිතද නිරුද්ධ වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දය, ආර්‍ය්‍යවිනයයෙහි මෙය ඇසින් දතයුතුවූ රූපාරම්මණයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.
455
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, බලවා පුරිසො අප්පකසිරෙනෙව අච්ඡරං (අච්ඡරිකං (ස්‍යා. කං. පී. ක.)) පහරෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා සොතවිඤ්ඤෙය්‍යෙසු සද්දෙසු.
455
“නැවතද ආනන්දයෙනි, භික්ෂුවට කණින් (ශ්‍රොත විඥානයෙන්) ශබ්ද අසා මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනීද, මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්‍ශනා) උපෙක්‍ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්‍ශනොපෙක්‍ෂාව මනාව සිටීයයි ආනන්දයෙනි, යම්සේ වනාහි ශක්තිමත් පුරුෂයෙක් අසුර ගසන්නේද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා මෙසේ ඉක්මනින් මෙසේ පහසුවෙන් උපන් මනාපවූ සිතද, උපන් අමනාපවූ සිතද උපන් මනාප අමනාප සිතද, නිරුද්ධ වෙයි. විදර්‍ශනොපෙක්‍ෂාව මනාව සිටීද, ආනන්දය, මෙය ආර්‍ය්‍ය විනයයෙහි කණින් දතයුතුවූ ශබ්දයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.
456
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො ඝානෙන ගන්ධං ඝායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද , ඊසකංපොණෙ (ඊසකපොණෙ (සී. ස්‍යා. කං. පී.), ඊසකඵණෙ (සී. අට්ඨ.), ‘‘මජ්ඣෙ උච්චං හුත්වා’’ති ටීකාය සංසන්දිතබ්බා) පදුමපලාසෙ (පදුමිනිපත්තෙ (සී. ස්‍යා. කං. පී.)) උදකඵුසිතානි පවත්තන්ති, න සණ්ඨන්ති; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා ඝානවිඤ්ඤෙය්‍යෙසු ගන්ධෙසු.
456
“නැවතද ආනන්දයෙහි, මහණහට ඝ්‍රාණවිඥානයෙන් (නැහැයෙන්) ගඳ ආඝ්‍රාණයකොට මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය, මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දයෙනි, යම්සේ වනාහි මඳක් නැබුරුවූ නෙලුම් කොළයෙකැ වැටෙන්නාවූ දියබින්දු නොසිටිද්ද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දයෙනි, මෙය ආර්ය විනයයෙහි නාසයෙන් දතයුතුවූ ගන්ධයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.
457
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො ජිව්හාය රසං සායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති . සෙය්‍යථාපි, ආනන්ද, බලවා පුරිසො ජිව්හග්ගෙ ඛෙළපිණ්ඩං සංයූහිත්වා අප්පකසිරෙන වමෙය්‍ය (සන්ධමෙය්‍ය (ක.)); එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා ජිව්හාවිඤ්ඤෙය්‍යෙසු රසෙසු.
457
‘නැවතද ආනන්දය, භික්ෂුහට ජිව්හා විඥානයෙන් (දිවෙන්) රස විඳගෙන මනාප සිත උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්ශනාඋපෙක්ෂාව මනාව පිහිටයි. ආනන්දයෙනි, යම්සේ ශක්තිය ඇති පුරුෂයෙක් දිවග කෙළ පිඩක් එකතුකොට පහසුවෙන් කෙළගසන්නේද, එපරිද්දෙන්ම ආනන්දය, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව පිහිටයිද ආනන්දය, එය ආර්ය විනයෙහි දිවෙන් දතයුතු රසයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.
458
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා කායවිඤ්ඤෙය්‍යෙසු ඵොට්ඨබ්බෙසු.
458
“නැවතද ආනන්දය, මහණහට කයින් පහස ස්පර්ශකොට මනාපවූ සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය, ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂා මනාව පිහිටයි. ආනන්දය, යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අත හෝ දිගහරින්නේද, දික්කළ අත හෝ වක් කරන්නේද, එපරිද්දෙන්ම ආනන්දය, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දය, මෙය ආර්ය විනයෙහි කයින් දතයුතු ස්පර්ශයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.
459
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, බලවා පුරිසො දිවසංසන්තත්තෙ (දිවසසන්තෙත්තෙ (සී.)) අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්‍ය. දන්ධො, ආනන්ද, උදකඵුසිතානං නිපාතො, අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා මනොවිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු. එවං ඛො, ආනන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොති.
459
‘නැවතද ආනන්දය, මහණහට මනසින් ධර්මාරම්මණයන් දැන මනාප සිත උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දයෙනි, යම්සේ වනාහි ශක්ති ඇති පිරිමියෙක් දවස මුළුල්ලෙහි තැවුණු යකඩ තැටියක දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ හෙලන්නේද, ආනන්දයෙනි, ඒ දිය බින්දු වැටීම හෙමිහිටය. එතකුදුවුවත් වහාම ඒ දිය බින්දු හාත්පස ක්ෂයවීමට වැනසීමට යන්නේද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන් උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දයෙනි, එය ආර්යවිනයයෙහි සිතින් දතයුතුවූ, ධර්මාරම්මණයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.
“ආනන්දයෙනි, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව වේ” (යයි වදාළසේක.)
460
‘‘කථඤ්චානන්ද , සෙඛො හොති පාටිපදො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා..., ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. එවං ඛො, ආනන්ද, සෙඛො හොති පාටිපදො.
460
“නැවතද ආනන්දය, කෙසේ නම් ශෛක්ෂ තෙමේ ප්‍රතිපදාවෙන් යුක්තවේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක මනාප සිතද උපදී, අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජා වෙයි, පිළිකුල් කෙරෙයි. කණින් ශබ්ද අසා මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට මනාප සිතද උපදී, අමනාප සිතද උපදී, මනාප-අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද, හැකිලෙයි, ලජ්ජාවෙයි. පිළිකුල් කෙරෙයි. දිවෙන් රස ආස්වාදනයකොට (විඳ) මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. කයින් ප්‍රෂ්ටව්‍යය ස්පර්ශකොට මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණ කොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද, හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. සිතින් ධර්මාරම්මණය දැන මනාපවූ සිතද උපදී. අමනාපවූ සිතද උපදී. මනාප-අමනාපවූ සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිතින්ද, උපන් අමනාප සිතින්ද, උපන් මනාප අමනාප සිතින්ද කරණකොටගෙන හැකිලෙයි, ලජ්ජා වෙයි, පිළිකුල් කෙරෙයි, ආනන්දය, මෙසේ වනාහි ශෛක්ෂ තෙමේ පිළිපැදීමෙන් යුක්ත වේ.
461
‘‘කථඤ්චානන්ද, අරියො හොති භාවිතින්ද්‍රියො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති - ‘පටිකූලෙ (පටික්කූලෙ (සබ්බත්ථ)) අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.
461
“ආනන්දය, කෙසේ නම් ආර්‍ය්‍යතෙමේ වැඩුණු ඉඳුරන් ඇත්තේ වේද, ආනන්දය; මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක මනාප සිත උපදීද, අමනාපවූ සිත උපදීද, මනාප අමනාපවූ සිතද උපදී. ඉදින් පිළිකුල් අරමුණෙහි ‘අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වාසය කෙරේ. ඉදින් පිළිකුල් නොවූ අරමුණෙහි ‘පිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුලය යන හැඟීම ඇත්තෙක්ව වාසය කෙරේ. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද නොපිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල්ය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වසයි. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද පිළිකුල් අරමුණෙහිද පිළිකුල් සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද (පිළිකුලය නොපිළිකුලය යන) ඒ සංඥා දෙකම හැර සිහි ඇත්තෙක්ව, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව, උපෙක්ෂා ඇත්තෙක්ව (මැදහත්ව) වසන්නෙමි’යි කැමැති වේද, සිහියෙන් යුක්තව නුවණින් යුක්තව, මැදහත්ව වාසය කෙරේ.
462
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති - ‘පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයම්ප්ම්ප්පි අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො. එවං ඛො, ආනන්ද, අරියො හොති භාවිතින්ද්‍රියො.
462
“නැවතද ආනන්දය, කණින් ශබ්ද අසා, නාසයෙන් ආඝ්‍රාණය කොට, දිවෙන් රස විඳ, කයින් ස්පර්ශකොට, සිතින් ධර්මයන් දැන, මනාප සිත උපදීද, අමනාප සිත උපදීද, මනාප අමනාප සිත උපදීද, ‘ඉදින් පිළිකුල් අරමුණෙහි නොපිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි නොපිළිකුල්ය යන සංඥාව ඇතිව වාසය කෙරෙයි. ඉදින් නොපිළිකුල් අරමුණෙහි පිළිකුල්ය යන සංඥා ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැතිවේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වාසය කෙරෙයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද නොපිළිකුල්ය යන සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි නොපිළිකුල්ය යන සංඥා ඇතිව වාසය කෙරෙයි.. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල් සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වසයි. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල්ය යන සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වසයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද, ඒ පිළිකුල් නොපිළිකුල් දෙකද හැර සිහි නුවණින් යුක්තව, උපෙක්ෂාව ඇත්තෙක්ව, වසන්නෙමි’යි කැමැති වේද, එහි සිහි නුවණින් යෙදී මැදහත්ව වසයි. ආනන්දය, මෙසේ වනාහි ආර්‍ය්‍යතෙමේ වඩනලද ඉඳුරන් ඇත්තේ වේ.
463
‘‘ඉති ඛො, ආනන්ද, දෙසිතා මයා අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා, දෙසිතො සෙඛො පාටිපදො, දෙසිතො අරියො භාවිතින්ද්‍රියො . යං ඛො, ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, ආනන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි, ඣායථානන්ද, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
463
“ආනන්දයෙනි, මෙසේ වනාහි මා විසින් ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ, ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනලදී. ශෛක්ෂ ප්‍රතිපදාව ඇති පුද්ගලයා දේශනා කරන ලද්දේය. වඩනලද ඉන්ද්‍රියයන් ඇති ආර්‍ය්‍යතෙම දේශනා කරන ලද්දේය. ආනන්දයෙනි, ශ්‍රාවකයනට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන් විසින් අනුකම්පා පිණිස යමක් කටයුතුද, එය මා විසින් තොපට කරනලදී. ආනන්දය, ඒ වෘක්ෂමූලයෝ වෙති. ඒ සූන්‍යාගාරයෝ වෙති. ආනන්දය, භාවනා කරව්. පමා වූවෝ නොවව්. පසුව විපිළිසර වූවෝ නොවව්. මේ තොපට අපගේ අනුශාසනයයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. සතුටු සිතැති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.