ත්‍රිපිටකය
4. විභඞ්ගවග්ගො 4. විභංග වර්ගය
1. භද්දෙකරත්තසුත්තං 1. භද්දෙකරත්ත සූත්‍රය
2. ආනන්දභද්දෙකරත්තසුත්තං 2. ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය
3. මහාකච්චානභද්දෙකරත්තසුත්තං 3. මහා කච්චායන භද්දේකරත්ත සූත්‍රය
4. ලොමසකඞ්ගියභද්දෙකරත්තසුත්තං 4. ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය
5. චූළකම්මවිභඞ්ගසුත්තං (සුභසුත්තන්තිපි වුච්චති) 5. චූලකම්ම විභංග සූත්‍රය
6. මහාකම්මවිභඞ්ගසුත්තං 6. මහාකම්ම විභංග සූත්‍රය
7. සළායතනවිභඞ්ගසුත්තං 7. සළායතන විභංග සූත්‍රය
8. උද්දෙසවිභඞ්ගසුත්තං 8. උද්දෙස විභංග සූත්‍රය
9. අරණවිභඞ්ගසුත්තං 9. අරණ විභංග සූත්‍රය
10. ධාතුවිභඞ්ගසුත්තං 10. ධාතු විභංග සූත්‍රය
342
එවං මෙ සුතං - එකං සමයං භගවා මගධෙසු චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි; යෙන භග්ගවො කුම්භකාරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භග්ගවං කුම්භකාරං එතදවොච - ‘‘සචෙ තෙ, භග්ගව, අගරු විහරෙමු ආවෙසනෙ (විහරාමාවෙසනෙ (සී. පී.), විහරාම නිවෙසනෙ (ස්‍යා. කං.), විහරෙමු නිවෙසනෙ (ක.)) එකරත්ත’’න්ති. ‘‘න ඛො මෙ, භන්තෙ, ගරු. අත්ථි චෙත්ථ පබ්බජිතො පඨමං වාසූපගතො. සචෙ සො අනුජානාති, විහරථ (විහර (සී. පී.)), භන්තෙ, යථාසුඛ’’න්ති.
තෙන ඛො පන සමයෙන පුක්කුසාති නාම කුලපුත්තො භගවන්තං උද්දිස්ස සද්ධාය අගාරස්මා අනගාරියං පබ්බජිතො. සො තස්මිං කුම්භකාරාවෙසනෙ (කුම්භකාරනිවෙසනෙ (ස්‍යා. කං. ක.)) පඨමං වාසූපගතො හොති. අථ ඛො භගවා යෙනායස්මා පුක්කුසාති තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං පුක්කුසාතිං එතදවොච - ‘‘සචෙ තෙ, භික්ඛු, අගරු විහරෙමු ආවෙසනෙ එකරත්ත’’න්ති. ‘‘උරුන්දං, ආවුසො (ඌරූන්දං (සී. ස්‍යා. කං. පී.), උරූද්ධං (ක.) දී. නි. 2 සක්කපඤ්හසුත්තටීකා ඔලොකෙතබ්බා), කුම්භකාරාවෙසනං. විහරතායස්මා යථාසුඛ’’න්ති.
අථ ඛො භගවා කුම්භකාරාවෙසනං පවිසිත්වා එකමන්තං තිණසන්ථාරකං (තිණසන්ථරිකං (සී.), තිණසන්ථරකං (ස්‍යා. කං.)) පඤ්ඤාපෙත්වා නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අථ ඛො භගවා බහුදෙව රත්තිං නිසජ්ජාය වීතිනාමෙසි. ආයස්මාපි ඛො පුක්කුසාති බහුදෙව රත්තිං නිසජ්ජාය වීතිනාමෙසි.
අථ ඛො භගවතො එතදහොසි - ‘‘පාසාදිකං ඛො අයං කුලපුත්තො ඉරියති. යංනූනාහං පුච්ඡෙය්‍ය’’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං පුක්කුසාතිං එතදවොච - ‘‘කංසි ත්වං, භික්ඛු, උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසී’’ති? ‘‘අත්ථාවුසො, සමණො ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති . තාහං භගවන්තං උද්දිස්ස පබ්බජිතො. සො ච මෙ භගවා සත්ථා. තස්ස චාහං භගවතො ධම්මං රොචෙමී’’ති. ‘‘කහං පන, භික්ඛු, එතරහි සො භගවා විහරති අරහං සම්මාසම්බුද්ධො’’ති. ‘‘අත්ථාවුසො, උත්තරෙසු ජනපදෙසු සාවත්ථි නාම නගරං. තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො’’ති. ‘‘දිට්ඨපුබ්බො පන තෙ, භික්ඛු, සො භගවා; දිස්වා ච පන ජානෙය්‍යාසී’’ති? ‘‘න ඛො මෙ, ආවුසො, දිට්ඨපුබ්බො සො භගවා; දිස්වා චාහං න ජානෙය්‍ය’’න්ති.
අථ ඛො භගවතො එතදහොසි - ‘‘මමඤ්ච ඛ්වායං (මං ත්වායං (සී.), මමං ඛ්වායං (ස්‍යා. කං.), මං ඛ්වායං (පී.)) කුලපුත්තො උද්දිස්ස පබ්බජිතො. යංනූනස්සාහං ධම්මං දෙසෙය්‍ය’’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං පුක්කුසාතිං ආමන්තෙසි - ‘‘ධම්මං තෙ, භික්ඛු, දෙසෙස්සාමි. තං සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්මා පුක්කුසාති භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
342
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරණසේක් රජගහනුවර යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. භග්ගව නම් කුම්භකාර තෙම යම්තැනෙක්හිද එතැනට එළඹිසේක එළඹ, භග්ගව නම් කුම්භකාරයාට මෙය වදාළේය. “භග්ගවය, ඉදින් තොපට බරක් නොවේ නම් කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි” යනුයි. “ස්වාමීනි, මට නම් බරක් නොවේ. මෙහි පළමුකොට වාසයට එළඹියාවූ පැවිදිවූ තැනැත්තෙක්ද ඇත්තේය. ඉදින් හෙතෙම අවසර දෙයි නම් ස්වාමීනි, සැපසේ වාසය කරනු මැනවැ’ යි කීය.
“එකල්හි වනාහි පුක්කුසාති නම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම ඒ කුම්භකාර ශාලාවෙහි පළමු වාසයට එළඹියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තෙමේ යම් තැනෙක්හිද එතැනට එළඹිසේක. එළඹ, ආයුෂ්මත් පුක්කුසාතිහට මෙය වදාළේය. “මහණ, ඉදින් තොපට බරක් නොවේ නම්, කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි”යි “ඇවැත්නි, කුම්භකාර ශාලාව ඉඩ ඇත්තේය. ආයුෂ්මත් තෙමේ සැපසේ වාසය කෙරේවා”යි කීය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට ඇතුල්ව එක්පසක තණ ඇතිරියක් පනවා පළඟ බැඳගෙණ කය ඍජුකොට පිහිටුවා සිහිය ඉදිරිපත්කොට එළවා වැඩහුන්සේක ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩිකාලයක් හිඳීමෙන් ඉක්මවූ සේක. පුස්කුසාති ආයුෂ්මත් තෙමේද රාත්‍රියෙහි වැඩි කාලයක් හිඳගැණීමෙන් ඉක්ම වූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍ර තෙමේ වනාහි ප්‍රසාද එලවන පරිද්දෙන්ම ඉරියව් පවත්වයි. මම අසන්නෙම් නම්, යෙහෙකැයි, කියායි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති ආයුෂ්මතුන්ට මෙය වදාළේය. “මහණ, නුඹ කවරෙකු උදෙසා පැවිදිවූයේ වෙහිද? නුඹගේ ශාස්තෘ තෙමේ හෝ කවරෙක්ද, නුඹ කවරෙකුගේ හෝ ධර්මයක් කැමැති වන්නෙහිදැ?”යි ඇසූහ.
“ඇවැත්නි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත්තේය. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයෙක් පැන නැංගේය. ඒ භාග්‍යවත් තෙමේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ථවාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙකි, බුද්ධය, භාග්‍යවත්ය, යනුවෙනි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයේ වෙමි. ඒ භාග්‍යවත් තෙමේ මාගේ ශාස්තෘ වෙයි. මම ඒ භාග්‍යවත්හුගේ ධර්මය කැමති වෙමියි’යි කීය.
“මහණ, මේ කාලයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ කොතැන්හි වාසය කරණසේක්දැ?”යි ඇසූහ. “ඇවැත්නි, උතුරු දනව්වල සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වාසය කරණසේකැයි” කීය.
“මහණ, තොප විසින් ඒ භාග්‍යවත් තෙමේ දක්නා ලද්දේද, දැක, දැන, හඳුනන්නෙහිදැ”යි ඇසූහ. “ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් නොදක්නා ලදි. මම දැක නොහඳුනන්නෙමි”යි කීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍ර තෙමේ වනාහි මා උදෙසා පැවිදිවූයේය. මොහුට මම ධර්මය දේශනා කරන්නෙම් නම් යෙහෙකැ’යි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තවුසන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණ, තොපට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමියි” වදාළේය. “ඇවැත්නි, එසේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
343
‘‘‘ඡධාතුරො (ඡද්ධාතුරො (සී.)) අයං, භික්ඛු, පුරිසො ඡඵස්සායතනො අට්ඨාරසමනොපවිචාරො චතුරාධිට්ඨානො; යත්ථ ඨිතං මඤ්ඤස්සවා නප්පවත්තන්ති, මඤ්ඤස්සවෙ ඛො පන නප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චති. පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය, සච්චමනුරක්ඛෙය්‍ය, චාගමනුබ්‍රූහෙය්‍ය, සන්තිමෙව සො සික්ඛෙය්‍යා’ති - අයමුද්දෙසො ධාතුවිභඞ්ගස්ස (ඡධාතුවිභඞ්ගස්ස (සී. ස්‍යා. කං. පී.)).
343
‘මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්ත වන්නේය, ස්පර්ශ ආයතන සයකින් යුක්ත වන්නේය සිතේ හැසිරීම් දහඅටකින් යුක්ත යම් තැනෙක්හි සිටියහුට වැරදි හැඟීම් නොපවතිත්ද, එවැනි පිහිටීම් සතරක් ඇත්තාහුය. වැරදි හැඟීම් නොපවත් වන්නාවූ ක්ෂිණාශ්‍රව මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. (අර්හත් ඵල) ප්‍රඥාවට ප්‍රමාද නොවන්නේය. වාග් සත්‍යය ආරක්ෂා කරන්නේය. කෙලෙස් දුරු කිරීම වඩන්නේය. හෙතෙම කෙලෙස් සංසිඳිමෙහිම හික්මෙන්නේය. මේ වනාහි සවැදෑරුම් ධාතු විභංගයාගේ උද්දෙසය වේ.
344
‘‘‘ඡධාතුරො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? (ඡයිමා, භික්ඛු, ධාතුයො) (( ) නත්ථි සී. පී. පොත්ථකෙසු) - පථවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු. ‘ඡධාතුරො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
344
“මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි, මෙසේ වනාහි මේ කියනලදී. මෙය කුමක් සඳහා කියන ලදද? පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි). මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි මෙසේ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
345
‘‘‘ඡඵස්සායතනො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛුසම්ඵස්සායතනං, සොතසම්ඵස්සායතනං, ඝානසම්ඵස්සායතනං, ජිව්හාසම්ඵස්සායතනං, කායසම්ඵස්සායතනං, මනොසම්ඵස්සායතනං. ‘ඡඵස්සායතනො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
345
“මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? චක්ඛුසම්ඵස්ස ආයතනය, සොත සම්ඵස්ස ආයතනය, ඝාණ සම්ඵස්ස ආයතනය, ජිව්හා සම්ඵස්ස ආයතනය, කාය සම්ඵස්ස ආයතනය, මනො සම්ඵස්ස ආයතනය (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තව ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.
346
‘‘‘අට්ඨාරසමනොපවිචාරො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානීයං රූපං උපවිචරති, දොමනස්සට්ඨානීයං රූපං උපවිචරති, උපෙක්ඛාට්ඨානීයං රූපං උපවිචරති; සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, දොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති , උපෙක්ඛාට්ඨානීයං ධම්මං උපවිචරති - ඉති ඡ සොමනස්සුපවිචාරා, ඡ දොමනස්සුපවිචාරා, ඡ උපෙක්ඛුපවිචාරා. ‘අට්ඨාරසමනොපවිචාරො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
346
“මහණ, මේ පුරුෂ තෙම දහඅටක්වූ සිතේ හැසිරීම්වලින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? ඇසින් රූපය දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි. නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට සොම්නසට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නසයෙහි හැසිරීම් සයක්ය, දොම්නසයෙහි හැසිරීම් සයක්ය, උපෙක්ෂාවෙහි හැසිරීම් සයක්යයි, (දහඅටක් වෙත්) මහණ, මේ පුරුෂ තෙම අටළොස් සිත් හැසිරීමකින් යුක්ත යයි, මෙසේ ඒ යමක් කියනලද නම් ඒ මේ සඳහා කියන ලදී.
347
‘‘‘චතුරාධිට්ඨානො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? පඤ්ඤාධිට්ඨානො, සච්චාධිට්ඨානො, චාගාධිට්ඨානො, උපසමාධිට්ඨානො. ‘චතුරාධිට්ඨානො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
347
“මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේ යයි, මෙසේ වනාහි කියනලදී. එය කුමක් සඳහා කියන ලදද, ප්‍රඥාව පිහිටීම කොට ඇත්තේය. සත්‍යය පිහිටීම කොට ඇත්තේය. ත්‍යාගය පිහිටීම කොට ඇත්තේය. සංසිඳීම පිහිටීම කොට ඇත්තේය. (යන සතරයි). මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, ඒ මෙය සඳහා කියන ලදී.
348
‘‘‘පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය, සච්චමනුරක්ඛෙය්‍ය, චාගමනුබ්‍රූහෙය්‍ය, සන්තිමෙව සො සික්ඛෙය්‍යා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? කථඤ්ච, භික්ඛු, පඤ්ඤං නප්පමජ්ජති? ඡයිමා, භික්ඛු, ධාතුයො - පථවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු.
348
“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය, සත්‍යය ආරක්ෂා කරන්නේය, ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේ යයි, මෙසේ වනාහි මේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද? මහණ, කෙසේ නම් ප්‍රඥාව ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවේද, මහණ, මේ ධාතු සයක් වෙත්. පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි).
349
‘‘කතමා ච, භික්ඛු, පථවීධාතු? පථවීධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා පථවීධාතු? යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං (උපාදිණ්ණං (පී. ක.)), සෙය්‍යථිදං - කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජං (අට්ඨිමිඤ්ජා (සී. පී.)) වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං - අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා පථවීධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා පථවීධාතු යා ච බාහිරා පථවීධාතු පථවීධාතුරෙවෙසා . ‘තං නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පථවීධාතුයා නිබ්බින්දති, පථවීධාතුයා චිත්තං විරාජෙති.
349
“මහණ, පඨවි ධාතුව කවරීද? පඨවි ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව නම් කවරීද, අධ්‍යාත්මිකවූද, තමන් තුළ පවත්නාවූද, යම් තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්: කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුලුය, වකුගඩුවය, හෘදය මාංශය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුවය, අතුනුය, අතුනු බහන්ය, නොපැසුණ ආහාරය, මළය, (යන මොහුයි).
“අන්‍යවූද, කිසියම් අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෝ තොමෝ අධ්‍යාත්මිකවූ පඨවි ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ පඨවි ධාතුවක් වන්නීද, යම් බාහිරවූ පඨවි ධාතුවකුත් වන්නීද, මෝ තොමෝ පඨවි ධාතුම වන්නීය. ‘එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඅලවයි.
350
‘‘කතමා ච, භික්ඛු, ආපොධාතු? ආපොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා ආපොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං සෙය්‍යථිදං - පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං - අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු ආපොධාතුරෙවෙසා. ‘තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපොධාතුයා නිබ්බින්දති, ආපොධාතුයා චිත්තං විරාජෙති.
350
“මහණ, අපොධාතුව කවරීද? ආපොධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආපොධාතුව කවරීද, අධ්‍යාත්මිකව තමන් තුළ පවත්නාවූ යම් වැගිරීමක්, වැගිරීම් ගතියක් තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්: පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය යන මොහුද මෙයින් අන්‍යවූද යම් කිසිවක් හෝ අධ්‍යාත්මිකවූ, තමන් පිළිබඳවූ වැගිරීමක්, වැගිරෙන බවට පැමිණි දෙයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෙය අධ්‍යාත්මිකවූ ආපොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආපොධාතුවක් වන්නීද, යම් බාහිරවූ ආපෝ ධාතුවකුත් වන්නීද, එය ආපොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, අපොධාතුව කෙරෙහි කලකිරෙයි. ආපොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
351
‘‘කතමා ච, භික්ඛු, තෙජොධාතු? තෙජොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා තෙජොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං, සෙය්‍යථිදං - යෙන ච සන්තප්පති, යෙන ච ජීරීයති, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං - අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු තෙජොධාතුරෙවෙසා. ‘තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජොධාතුයා නිබ්බින්දති, තෙජොධාතුයා චිත්තං විරාජෙති.
351
“මහණ, තෙජොධාතුව කවරීද, තෙජො ධාතුව අධ්‍යාත්මිකද වන්නීද, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ තෙජොධාතුව කවරීද, යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උණුසුමක්, උණුසුම් බවක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, යමකින් තැවේද, යමකින් දිරණු ලැබේද, යමකින් දවනු ලැබේද, යමකින් කනලද බොනලද කඩා කන ලද, දිවගාන ලද දේ, මනාකොට පැසීමට යේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ, උණුසුමක්, උණුසුම් බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ තෙජොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ තෙජොධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ තෙජොධාතුවකුත් වන්නීද, එය තෙජොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, තෙජොධාතුව කෙරෙහි කලකිරෙයි. තෙජොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
352
‘‘කතමා ච, භික්ඛු, වායොධාතු? වායොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා වායොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං, සෙය්‍යථිදං - උද්ධඞ්ගමා වාතා අධොගමා වාතා කුච්ඡිසයා වාතා කොට්ඨාසයා (කොට්ඨසයා (සී. ස්‍යා. කං. පී.)) වාතා අඞ්ගමඞ්ගානුසාරිනො වාතා අස්සාසො පස්සාසො ඉති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං - අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා වායොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු වායොධාතුරෙවෙසා. ‘තං නෙතං මම , නෙසොහමස්මි , න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායොධාතුයා නිබ්බින්දති, වායොධාතුයා චිත්තං විරාජෙති.
352
“මහණ, වායොධාතුව කවරීද, වායොධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ වායොධාතුව කවරීද? යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ හැමීමක් වාතයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, උඩට ගමන් කරන්නාවූ වාතයෝය, යටට ගමන් කරන්නාවූ වාතයෝය, ආමාශය තුළ පවත්නා වාතයෝය, ආමාශයෙන් පිටත පවත්නා වාතයෝය, අවයව අනුව ගමන් කරන්නාවූ වාතයෝය, ආශ්වාස ප්‍රශ්වාස වාතය (යනුයි.) මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ වාතයක්, හැමීම් ගතියක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ වායොධාතුයයි කියනු ලැබේ. අධ්‍යාත්මිකවූ යම් වායොධාතුවකුත් වන්නීද, බාහිරවූ යම් වායොධාතුවකුත් වන්නීද, එය වායොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමියි, එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, වායොධාතුව කෙරෙහි කලකිරෙයි. වායොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
353
‘‘කතමා ච, භික්ඛු, ආකාසධාතු? ආකාසධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා ආකාසධාතු ? යං අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං, සෙය්‍යථිදං - කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං යෙන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣොහරති, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගං (අධොභාගා (සී. ස්‍යා. කං. පී.) දෙවදූතසුත්තෙන සමෙති) නික්ඛමති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං අඝං අඝගතං විවරං විවරගතං අසම්ඵුට්ඨං මංසලොහිතෙහි උපාදින්නං - අයං වුච්චති භික්ඛු අජ්ඣත්තිකා ආකාසධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආකාසධාතු යා ච බාහිරා ආකාසධාතු ආකාසධාතුරෙවෙසා. ‘තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආකාසධාතුයා නිබ්බින්දති, ආකාසධාතුයා චිත්තං විරාජෙති.
353
“මහණ, ආකාශධාතු තොමෝ කවරීද? ආකාශ ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක්, හිස් බවක්, තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්, කන් සිදුරද, නාස් සිදුරද, මුවදොරද, යමකිනුත් කනලද, බොනලද කඩා කනලද, දිවගාන ලද දෙය ගිලෙයිද, යම් තැනෙක් හිත් කනලද, බොනලද, කඩා කනලද, දිවගාන ලද දෙය දරා සිටීද, යමකිනුත් කනලද බොනලද, කඩා කන ලද, දිවගාන ලද දෙය යටභාගයෙන් නික්මේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක් හිස්බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ ආකාශධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආකාශධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ ආකාශ ධාතුවකුත් වන්නීද, එය ආකාශධාතුව වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආකාශධාතුව කෙරෙහි කලකිරෙයි. ආකාශධාතුව කෙරෙහි සිත නොඅලවයි.
354
‘‘අථාපරං විඤ්ඤාණංයෙව අවසිස්සති පරිසුද්ධං පරියොදාතං. තෙන ච විඤ්ඤාණෙන කිං (තෙන විඤ්ඤාණෙන කිඤ්ච (සී.)) විජානාති? ‘සුඛ’න්තිපි විජානාති, ‘දුක්ඛ’න්තිපි විජානාති, ‘අදුක්ඛමසුඛ’න්තිපි විජානාති. සුඛවෙදනියං, භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛං වෙදනං වෙදයමානො ‘සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව සුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
354
“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ විඤ්ඤාණයම ඉතිරිවේ. ඒ විඤ්ඤණයෙන් කිසිවක් දැනගනී. සැපයයිද දනී. දුකයයිද දනී. සැපත් නොවේය දුකත් නොවේයයි දනී. මහණ, සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි හෙතෙම සැප වේදනාව විඳින්නේ, සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා හටගත් යම් සැප වේදනාවක් වීද එයද නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
355
‘‘දුක්ඛවෙදනියං, භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛං වෙදනං වෙදයමානො ‘දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව දුක්ඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
355
මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්වූ වේදනාව උපදියි. දුක් වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්වූ වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
356
‘‘අදුක්ඛමසුඛවෙදනියං, භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. සො අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව අදුක්ඛමසුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
356
මහණ, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්ද නොවූ සැපද නොවූ වේදනාව උපදියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
357
‘‘සෙය්‍යථාපි, භික්ඛු, ද්වින්නං කට්ඨානං සඞ්ඝට්ටා (සම්ඵස්ස (සී. පී.), සඞ්ඝටා (ස්‍යා. කං.)) සමොධානා උස්මා ජායති, තෙජො අභිනිබ්බත්තති, තෙසංයෙව ද්වින්නං කට්ඨානං නානාභාවා වික්ඛෙපා යා තජ්ජා උස්මා සා නිරුජ්ඣති, සා වූපසම්මති; එවමෙව ඛො, භික්ඛු, සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛං වෙදනං වෙදයමානො ‘සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව සුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
357
“මහණ, යම්සේ ලීදඬු දෙකක් එකට ගැටීමෙන් උණුසුම හටගණීද, ගින්න උපදීද, ඒ ලීදඬු දෙක වෙන්වීමෙන් වෙන්කොට තැබීමෙන් යම් එයින් හටගත් යම් උණුසුමක් වේද, නිරුද්ධ වේද, එය සංසිඳේද, මහණ මෙපරිද්දෙන්ම සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාව විඳින්නේ සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි.
358
‘‘දුක්ඛවෙදනියං, භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛං වෙදනං වෙදයමානො ‘දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව දුක්ඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
358
මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදියි. හෙතෙම දුක් වේදනාව විඳින්නේ දුක් වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද එය නිරුද්ධ වේ. සංසිඳේයයි දැනගනියි.
359
‘‘අදුක්ඛමසුඛවෙදනියං , භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. සො අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව අදුක්ඛමසුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
359
මහණ, නිදුක් නොසැප වේදනාවට (උපෙක්ෂා වේදනාවට) කරුණුවූ ස්පර්ය නිසා උපෙක්ෂා වේදනාව උපදියි. හෙතෙම නිදුක් නොසැප වේදනාව විඳින්නේ නිදුක් නොසැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් නිදුක් නොසැප වේදනාවක් වේද එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැන ගනියි.
360
‘‘අථාපරං උපෙක්ඛායෙව අවසිස්සති පරිසුද්ධා පරියොදාතා මුදු ච කම්මඤ්ඤා ච පභස්සරා ච. සෙය්‍යථාපි, භික්ඛු, දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා උක්කං බන්ධෙය්‍ය, උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙය්‍ය, උක්කාමුඛං ආලිම්පෙත්වා සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛෙ පක්ඛිපෙය්‍ය, තමෙනං කාලෙන කාලං අභිධමෙය්‍ය, කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙය්‍ය, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛෙය්‍ය, තං හොති ජාතරූපං (ජාතරූපං ධන්තං (සී. පී.)) සුධන්තං නිද්ධන්තං නීහටං (නිහතං (ස්‍යා. කං. ක.)) නින්නීතකසාවං (නිහතකසාවං (ක.)) මුදු ච කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච, යස්සා යස්සා ච පිළන්ධනවිකතියා ආකඞ්ඛති - යදි පට්ටිකාය (පවට්ටිකාය (සී. ස්‍යා.)) යදි කුණ්ඩලාය යදි ගීවෙය්‍යකාය යදි සුවණ්ණමාලාය තඤ්චස්ස අත්ථං අනුභොති; එවමෙව ඛො, භික්ඛු, අථාපරං උපෙක්ඛායෙව අවසිස්සති පරිසුද්ධා පරියොදාතා මුදු ච කම්මඤ්ඤා ච පභස්සරා ච.
360
“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ මෘදුවූ කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ. මහණ, යම්සේ දක්ෂවූ රන්කරුවෙක් හෝ රන්කරු අතවැස්සෙක් හෝ කඹුරු උදුනක් (කෝවක්) බඳින්නේද, උදුන බැඳ උදුන් මුවවිට ආලේප කරන්නේය. උදුන් මුවවිට ආලේප කොට අඬුවෙන් රත්‍රන් ගෙන, උදුන් මුඛයෙහි බහා ලන්නේය. ඊට කලින් කල ගිනි පිඹින්නේය. කලින් කල ජලයෙන් තෙමන්නේය. කලින් කල මැදහත්ව බලන්නේය. ඒ රත්රන් සුද්ධවූවක්, ඉතා පිරිසිදුවූවක්, නිර්මලවූවක් (පහවගිය මළ ඇත්තක්) පහවගිය කසට ඇත්තක්, මෘදුවූවක්, කර්මන්‍ය වූවක්, බැබළීම් සහිත වූවක් වෙයි. යම් යම් පළඳනා විකෘතියක් කැමැති වේද, ඉදින් පවඬිකා නම් ආභරණයක් කිරීමටද, ඉදින් කුණ්ඩලාභරණයක් කිරීමටද, ඉදින් ග්‍රීවයෙහි පළඳන ආභරණයක් කිරීමටද, ඉදින් රන් මාලයක් කිරීමටද කැමැති වෙයිද, මොහුගේ ඒ අදහස සම්පූර්ණ වන්නේය. මහණ, එපරිද්දෙන්ම ඉන්පසු පිරිසිදුවූ, නිර්මලවූ, මෘදුවූ, කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ.
361
‘‘සො එවං පජානාති - ‘ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං ආකාසානඤ්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං. එවං මෙ අයං උපෙක්ඛා තංනිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍ය. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං විඤ්ඤාණඤ්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං. එවං මෙ අයං උපෙක්ඛා තංනිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍ය. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං ආකිඤ්චඤ්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං. එවං මෙ අයං උපෙක්ඛා තංනිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍ය. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං. එවං මෙ අයං උපෙක්ඛා තංනිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍යා’’’ති.
361
“හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණුකොට ඉතා බොහෝ කලක් පවත්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව විඤ්ඤාණඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරු කොට, එය කරුණු කොට ඉතා දීර්ඝ කාලයක් පවතින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට, එය කරුණුකොට බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේය යනුවෙනි.
362
‘‘සො එවං පජානාති - ‘ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං ආකාසානඤ්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං; සඞ්ඛතමෙතං. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං විඤ්ඤාණඤ්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං; සඞ්ඛතමෙතං. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං ආකිඤ්චඤ්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං; සඞ්ඛතමෙතං. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං; සඞ්ඛතමෙත’’’න්ති.
‘‘සො නෙව තං අභිසඞ්ඛරොති, න අභිසඤ්චෙතයති භවාය වා විභවාය වා. සො අනභිසඞ්ඛරොන්තො අනභිසඤ්චෙතයන්තො භවාය වා විභවාය වා න කිඤ්චි ලොකෙ උපාදියති, අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තංයෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
362
“හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, මෙය හේතුප්‍රත්‍යයෙන් ඇතිවන ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව විඤ්ඤාණඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි කියායි. හෙතෙම එය රැස් නොකරන්නේය, සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරයි. හෙතෙම රැස් නොකරන්නේ සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරන්නේ, ලෝකයෙහි කිසිවක් මම යයි (අල්වා නොගනියි) මම යයි අල්වා නොගන්නේ නොඇලෙයි නොඇල්ලෙන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්මය පිණිස අනිකක් නැතැයි දැනගනියි.
363
‘‘සො සුඛඤ්චෙ වෙදනං වෙදෙති, ‘සා අනිච්චා’ති පජානාති, ‘අනජ්ඣොසිතා’ති පජානාති, ‘අනභිනන්දිතා’ති පජානාති. දුක්ඛඤ්චෙ වෙදනං වෙදෙති , ‘සා අනිච්චා’ති පජානාති, ‘අනජ්ඣොසිතා’ති පජානාති, ‘අනභිනන්දිතා’ති පජානාති. අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදෙති, ‘සා අනිච්චා’ති පජානාති, ‘අනජ්ඣොසිතා’ති පජානාති, ‘අනභිනන්දිතා’ති පජානාති.
363
හෙතෙම ඉදින් සැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. වැද්ද ගැනීමට නුසුදුසුයයි දැනගනියි. ඇලීමෙන් සතුටුවීමට සුදුසු නැතැයි දැනගනියි. ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගත්යයි දැනගනියි. තණ්හාවෙන් සතුටු නොවිය යුතු යයි දැනගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගන්නා ලද්දීයයි දැනගනියි. නොසතුටුවන ලද්දීයයි දැන ගනියි.
364
‘‘සො සුඛඤ්චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො නං වෙදෙති; දුක්ඛඤ්චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො නං වෙදෙති; අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො නං වෙදෙති. සො කායපරියන්තිකං වෙදනං වෙදයමානො ‘කායපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ජීවිතපරියන්තිකං වෙදනං වෙදයමානො ‘ජීවිතපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ‘කායස්ස භෙදා පරං මරණා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තී’ති පජානාති.
364
හෙතෙම, ඉදින් සැපවූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කායපරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිත පරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් මෙහි පසු විඳිනලද සතුටුවන ලද සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි.
365
‘‘සෙය්‍යථාපි, භික්ඛු, තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායති; තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා (අනුපාහාරා (සී. පී.), අනුපාදානා (ක.)) අනාහාරො නිබ්බායති; එවමෙව ඛො, භික්ඛු, කායපරියන්තිකං වෙදනං වෙදයමානො ‘කායපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ජීවිතපරියන්තිකං වෙදනං වෙදයමානො ‘ජීවිතපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ‘කායස්ස භෙදා පරං මරණා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තී’ති පජානාති. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන පඤ්ඤාධිට්ඨානෙන සමන්නාගතො හොති. එසා හි, භික්ඛු, පරමා අරියා පඤ්ඤා යදිදං - සබ්බදුක්ඛක්ඛයෙ ඤාණං.
365
“මහණ, යම්සේ තෙලද නිසා වැටියද නිසා තෙල් පහන ඇවිලේද, ඒ තෙල්ද වැටියද කෙළවර වීමෙන් අනික් තෙල් වැටි නොඑළවීමෙන් හේතුරහිත වූයේ නිවේද මහණ, මෙපරිද්දෙන්ම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි, දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ භේදයෙන් ජීවිතයාගේ කෙළවර වීමෙන් මෙහි සතුටු වන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම්වූ අර්හත්ඵල ප්‍රඥාව නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, මේ වනාහි උතුම්වූ ආර්‍ය්‍ය ප්‍රඥාවයි. එනම්, සියලු දුක් නැති කිරීමෙහි ඤාණයවේ.
366
‘‘තස්ස සා විමුත්ති සච්චෙ ඨිතා අකුප්පා හොති. තඤ්හි, භික්ඛු, මුසා යං මොසධම්මං, තං සච්චං යං අමොසධම්මං නිබ්බානං. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන සච්චාධිට්ඨානෙන සමන්නාගතො හොති. එතඤ්හි, භික්ඛු, පරමං අරියසච්චං යදිදං - අමොසධම්මං නිබ්බානං.
366
ඔහුගේ ඒ අර්හත් ඵල විමුක්තිය පරමාර්ථ සත්‍යයෙහි පිහිටියා කැළඹියනොහැකි වූවා වේ. මහණ, එයද වෙනස්වන ස්වභාවය ඇත්තේය. නැසෙන ස්වභාවය ඇත්තේය, නොනැසෙන ස්වභාවයවූ නිර්වාණයක් වේද එයම සත්‍යයි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම්වූ පරමාර්ථ සත්‍ය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, නොනැසෙන ස්වභාව ඇත්තාවූ, මේ නිවණම උතුම් ආර්‍ය්‍ය සත්‍යවේ.
367
‘‘තස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො උපධී හොන්ති සමත්තා සමාදින්නා. ත්‍යාස්ස පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන චාගාධිට්ඨානෙන සමන්නාගතො හොති. එසො හි, භික්ඛු, පරමො අරියො චාගො යදිදං - සබ්බූපධිපටිනිස්සග්ගො.
367
එය වනාහි, පෙර (පෘථග්ජන කාලයෙහි) නොදන්නාහුගේ සම්පූර්ණ කරණලද ගන්නා ලද ස්කන්ධාදී උපාධීහු (ආසා) වෙත්ද, මොහුගේ ඒ උපාධීහු ප්‍රහීණවූවාහු සිඳිනලද මුල් ඇත්තාහු කරටිය සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත ඇතිවීම නැතිකරණ ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
“එහෙයින් මෙයින් යුක්තවූ මහණතෙම මේ උතුම්වූ ක්ලෙශ පරිත්‍යාගය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මේ තෙමේ වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ ත්‍යාගය වේ. එනම්, සියලු උපාධීන්ගේ දුරලීමයි.
368
‘‘තස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො අභිජ්ඣා හොති ඡන්දො සාරාගො. ස්වාස්ස පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො. තස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො ආඝාතො හොති බ්‍යාපාදො සම්පදොසො. ස්වාස්ස පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො. තස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො අවිජ්ජා හොති සම්මොහො. ස්වාස්ස පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන උපසමාධිට්ඨානෙන සමන්නාගතො හොති. එසො හි, භික්ඛු, පරමො අරියො උපසමො යදිදං - රාගදොසමොහානං උපසමො. ‘පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය, සච්චමනුරක්ඛෙය්‍ය, චාගමනුබ්‍රූහෙය්‍ය, සන්තිමෙව සො සික්ඛෙය්‍යා’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
368
ඒ නොදන්නහුගේම වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) අභිධ්‍යාව (ආලය) රාග සහිත වීමක් වේද, මොහුගේ එය ප්‍රහීණවූයේ වෙයි. උදුරන ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැතිකරණ ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ඒ අඥානවූ, ඔහුගේම වනාහි පෙර ක්‍රෝධයෙක් ව්‍යාපාදයෙක් ද්වේෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. උදුරණ ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැති කරණ ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේවේ. ඒ අඥානවූවහුගේම වනාහි පෙර අවිද්‍යාවක් සම්මෝහයක් ද්වේෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. සිඳින ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම කරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. එහෙයින් මෙයින් යුක්තවූ මහණ තෙම මේ උතුම්වූ ක්ලෙශයන් සංසිඳීම නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මෙතෙම වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ උපසමයවේ. එනම්, රාග දොස මෝහයන්ගේ සංසිඳීමයි.
“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය. සත්‍යය ආරක්ෂා කරන්නේය. ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.
369
‘‘‘යත්ථ ඨිතං මඤ්ඤස්සවා නප්පවත්තන්ති, මඤ්ඤස්සවෙ ඛො පන නප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චතී’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘අස්මී’ති, භික්ඛු, මඤ්ඤිතමෙතං, ‘අයමහමස්මී’ති මඤ්ඤිතමෙතං, ‘භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘න භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘රූපී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘අරූපී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘සඤ්ඤී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘අසඤ්ඤී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං. මඤ්ඤිතං, භික්ඛු, රොගො මඤ්ඤිතං ගණ්ඩො මඤ්ඤිතං සල්ලං. සබ්බමඤ්ඤිතානං ත්වෙව, භික්ඛු, සමතික්කමා මුනි සන්තොති වුච්චති. මුනි ඛො පන, භික්ඛු, සන්තො න ජායති, න ජීයති, න මීයති, න කුප්පති, න පිහෙති. තඤ්හිස්ස, භික්ඛු, නත්ථි යෙන ජායෙථ, අජායමානො කිං ජීයිස්සති, අජීයමානො කිං මීයිස්සති, අමීයමානො කිං කුප්පිස්සති, අකුප්පමානො කිස්ස (කිං (ක.)) පිහෙස්සති? ‘යත්ථ ඨිතං මඤ්ඤස්සවා නප්පවත්තන්ති, මඤ්ඤස්සවෙ ඛො පන නප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චතී’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉමං ඛො මෙ ත්වං, භික්ඛු, සංඛිත්තෙන ඡධාතුවිභඞ්ගං ධාරෙහී’’ති.
369
යම් තැනෙක්හි සිටියහුට උත්සන්නවූ හැඟීම් (තෘෂ්ණාදී ත්‍රිවිධ මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ) නොපවතිත්ද, මඤ්ඤානාවන්ගේ උත්සන්න භාවය වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ යයි. මෙසේ වනාහි මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණ, මේ ස්කන්ධය මම වෙමියි හඟින ලදී. මෙතෙම මම වෙමියි හඟින ලදී. වන්නෙමියි හඟින ලදී. නොවන්නෙමියි, හඟින ලදී. රූප ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. රූප නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා ඇත්තෙක් වන්නෙමියි, හඟින ලදී. සංඥා නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. නොම සංඥා ඇත්තෙක් නොම අසංඥා ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. මහණ, හැඟීම රොගයකි. හැඟීම ගඩකි. හැඟීම හුලකි. මහණ, සියලු හැඟීම් ඉක්ම වීමෙන් මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. මහණ, මුනිතෙම වනාහි සංසිඳුනේ නූපදියි. නොදිරයි, නොමියයි, නොකිපෙයි, නොවෙයි, මහණ, යමකින් උපදින්නේද එයද මොහුට නැත්තේය. නූපදිනු ලබන්නේ කිම දිරන්නේද? නොදිරනු ලබන්නේ කිම? මිය යන්නේද? නොමියනු ලබන්නේ කිම කිපෙන්නේද? නොකිපෙනු ලබන්නේ කුමකට කැමති වන්නේද? යම් තැනෙක්හි සිටියහුට මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ නොපවතිත්ද, මඤ්ඤනාවන්ගේ උත්සන්නවීම වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි, කියනු ලැබේයයි. මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී. මහණ මාගේ මේ සැකෙවින් (කියන ලද) සවැදෑරුම් ධාතු විභාගය වනාහි නුඹ දරවයයි” වදාළේය.
370
අථ ඛො ආයස්මා පුක්කුසාති - ‘‘සත්ථා කිර මෙ අනුප්පත්තො, සුගතො කිර මෙ අනුප්පත්තො සම්මාසම්බුද්ධො කිර මෙ අනුප්පත්තො’’ති උට්ඨායාසනා එකංසං චීවරං කත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච - ‘‘අච්චයො මං, භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යොහං භගවන්තං ආවුසොවාදෙන සමුදාචරිතබ්බං අමඤ්ඤිස්සං. තස්ස මෙ, භන්තෙ, භගවා අච්චයං අච්චයතො පටිග්ගණ්හාතු ආයතිං සංවරායා’’ති. ‘‘තග්ඝ ත්වං, භික්ඛු, අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං , යං මං ත්වං ආවුසොවාදෙන සමුදාචරිතබ්බං අමඤ්ඤිත්ථ. යතො ච ඛො ත්වං, භික්ඛු, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පටිග්ගණ්හාම. වුද්ධිහෙසා, භික්ඛු, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජතී’’ති. ‘‘ලභෙය්‍යාහං, භන්තෙ, භගවතො සන්තිකෙ උපසම්පද’’න්ති. ‘‘පරිපුණ්ණං පන තෙ, භික්ඛු, පත්තචීවර’’න්ති? ‘‘න ඛො මෙ, භන්තෙ, පරිපුණ්ණං පත්තචීවර’’න්ති. ‘‘න ඛො, භික්ඛු, තථාගතා අපරිපුණ්ණපත්තචීවරං උපසම්පාදෙන්තී’’ති.
අථ ඛො ආයස්මා පුක්කුසාති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පත්තචීවරපරියෙසනං පක්කාමි. අථ ඛො ආයස්මන්තං පුක්කුසාතිං පත්තචීවරපරියෙසනං චරන්තං විබ්භන්තා ගාවී (භන්තගාවී (සී. පී.), ගාවී (ස්‍යා. කං.)) ජීවිතා වොරොපෙසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘යො සො, භන්තෙ, පුක්කුසාති නාම කුලපුත්තො භගවතා සංඛිත්තෙන ඔවාදෙන ඔවදිතො සො කාලඞ්කතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති? ‘‘පණ්ඩිතො, භික්ඛවෙ, පුක්කුසාති කුලපුත්තො පච්චපාදි ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං විහෙසෙසි (විහෙඨෙසි (සී. ස්‍යා. කං.) විහෙසෙති (ක.)). පුක්කුසාති, භික්ඛවෙ, කුලපුත්තො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
370
“ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රතෙම මාගේ ශාස්තෘතෙමේ වනාහි වැඩිසේක. මාගේ සුගතයන් වහන්සේ වනාහි වැඩිසේක. මාගේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වනාහි වැඩිසේකැයි හුනස්නෙන් නැගිට සිව්ර ඒකංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ සිරසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙමි. ඒ මාගේ වරද බාලයෙකු සේ අඥානයෙකු සේ අදක්ෂයෙකු සේ සලකා ඒ මාගේ වරද දුරු වේවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වායි යනුයි.
“එසේනම් මහණ, නුඹ මට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙහිද? මහණ, බාලයෙකුසේ අඥානයකුසේ අදක්ෂයෙකුසේ මට ඔබ ‘ඇවැත්නියි’ ව්‍යවහාර කළයුතුයයි සැලකුවෙහිද? ඒ වරද කෙළෙහිද, යම් හෙයකිනුත් නුඹ වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් ප්‍රතිකාර කෙරෙහිද, තොපගේ ඒ වරද අපි පිළිගනිමු. මහණ, ආර්‍ය්‍ය විනයෙහි යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කෙරේද, මත්තෙහි සංවරයට පැමිණේද, එය වැඩි දියුණුව වේයයි” වදාළේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි උපසම්පදාව ලබන්නෙමියි, (කීයේය.)
“මහණ, නුඹගේ පාත්‍ර සිව්රු සම්පූර්ණ වේදැයි?” ඇසූහ.
“ස්වාමීනි, මාගේ පාත්‍ර සිව්රු වනාහි සම්පූර්ණ නොවේයයි කීය. “මහණ, තථාගතවරයෝ සම්පූර්ණ නොවූ පාත්‍ර සිව්රු ඇත්තහු උපසම්පදා නොකෙරෙත්යයි,” (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට පාත්‍ර සිව්රු සෙවීමට ගියේය. ඉක්බිති පාත්‍ර සිව්රු සෙවීමට යන්නාවූ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රයන් කුලප්පවූ එලදෙනක් දිවියෙන් තොරකෙළේය.
එකල්හි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහුය. “ස්වාමීනි, යම් ඒ පුක්කුසාති නම් කුලපුත්‍රයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද හෙතෙම කළුරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව (උත්පත්තිය) කවරේද?” යනුයි.
“මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙම පණ්ඩිතවේ. ධර්මයට අනුධර්මවූ ප්‍රතිපදා ඇත්තේවේ. ධර්මාවබොධය පිණිස මා නොවෙහෙසුවේය. මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙමේ ඔරම්භාගිය සංයෝජන පස නැති කිරීමෙන් ඕපපාතිකවූයේ ඒ ලෝකයෙන් පෙරළා එන ස්වභාව නැත්තේ එහි පිරිනිවන් පාන්නේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.
11. සච්චවිභඞ්ගසුත්තං 11. සච්චවිභංග සූත්‍රය
12. දක්ඛිණාවිභඞ්ගසුත්තං 12. දක්ඛිණවිභංග සූත්‍රය