ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
උපරිපණ්ණාසපාළි උපරි පණ්ණාසය
1. දෙවදහවග්ගො 1. දේවදහ වර්ගය
1. දෙවදහසුත්තං 1. දේවදහ සූත්‍රය
2. පඤ්චත්තයසුත්තං (පඤ්චායතනසුත්ත (ක.)) 2. පඤ්ඤත්තය සූත්‍රය
3. කින්තිසුත්තං 3. කින්ති සූත්‍රය
4. සාමගාමසුත්තං 4. සාමගාම සූත්‍රය
5. සුනක්ඛත්තසුත්තං 5. සුනක්ඛත්ත සූත්‍රය
6. ආනෙඤ්ජසප්පායසුත්තං 6. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය
7. ගණකමොග්ගල්ලානසුත්තං 7. ගණක මොග්ගල්ලාන සූත්‍රය
74
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො ගණකමොග්ගල්ලානො (ගණකමොග්ගලානො (ක.)) බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ගණකමොග්ගල්ලානො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච -
‘‘සෙය්‍යථාපි, භො ගොතම, ඉමස්ස මිගාරමාතුපාසාදස්ස දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං - යාව පච්ඡිමසොපානකළෙවරාः ඉමෙසම්පි හි, භො ගොතම, බ්‍රාහ්මණානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං - අජ්ඣෙනෙः ඉමෙසම්පි හි, භො ගොතම, ඉස්සාසානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං - ඉස්සත්ථෙ (ඉස්සත්තෙ (ක.)). අම්හාකම්පි හි, භො ගොතම, ගණකානං ගණනාජීවානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං - සඞ්ඛානෙ. මයඤ්හි, භො ගොතම, අන්තෙවාසිං ලභිත්වා පඨමං එවං ගණාපෙම - ‘එකං එකකං, ද්වෙ දුකා, තීණි තිකා, චත්තාරි චතුක්කා, පඤ්ච පඤ්චකා, ඡ ඡක්කා, සත්ත සත්තකා, අට්ඨ අට්ඨකා, නව නවකා, දස දසකා’ති; සතම්පි මයං, භො ගොතම, ගණාපෙම, භිය්‍යොපි ගණාපෙම. සක්කා නු ඛො, භො ගොතම, ඉමස්මිම්පි ධම්මවිනයෙ එවමෙව අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා පඤ්ඤපෙතු’’න්ති?
74
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි ‘ගණක මොග්ගල්ලාන’ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ මේ මිගාරමාතු පාසාදයාගේ අන්තිම හිණිපෙත්ත දක්වා පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් දක්නා ලැබේද, භවත් ගෞතමයන් වහන්ස, එමෙන් මේ බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර ඉගෙණීමෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, මේ දුනු ශිල්පයෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, ගණන් ශාස්ත්‍රයෙන් ජීවත්වන්නාවූ අපගේ ගණන් ශාස්ත්‍රයෙහිද පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ගෝලයන් ලැබ පළමුකොට මෙසේ ගණන් කරවමු. එක, එකය. දෙක, දෙකය. තුන, තුනය. හතර, හතරය. පහ, පහය. හය, හයය. හත, හතය. අට, අටය. නවය, නවයය. දසය, දසයය. මෙසේ භවත් ගෞතමයන් වහන්ස, අපි සියයටද ගණන් කරවමු. භවත් ගෞතමයන් වහන්ස, මේ ධර්ම විනයෙහිද, එසේ පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් පෙන්විය හැක්කේද?”
75
‘‘සක්කා , බ්‍රාහ්මණ, ඉමස්මිම්පි ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා පඤ්ඤපෙතුං. සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, දක්ඛො අස්සදම්මකො භද්දං අස්සාජානීයං ලභිත්වා පඨමෙනෙව මුඛාධානෙ කාරණං කාරෙති, අථ උත්තරිං කාරණං කාරෙති; එවමෙව ඛො, බ්‍රාහ්මණ, තථාගතො පුරිසදම්මං ලභිත්වා පඨමං එවං විනෙති - ‘එහි ත්වං, භික්ඛු, සීලවා හොහි, පාතිමොක්ඛසංවරසංවුතො විහරාහි ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛස්සු සික්ඛාපදෙසූ’’’ති.
‘‘යතො ඛො, බ්‍රාහ්මණ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, තමෙනං තථාගතො උත්තරිං විනෙති - ‘එහි ත්වං, භික්ඛු, ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො හොහි, චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහී හොහි මානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජාහි; රක්ඛාහි චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජාහි. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහී හොහි මානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජාහි; රක්ඛාහි මනින්ද්‍රියං, මනින්ද්‍රියෙ සංවරං ආපජ්ජාහී’’’ති.
‘‘යතො ඛො, බ්‍රාහ්මණ, භික්ඛු ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො හොති, තමෙනං තථාගතො උත්තරිං විනෙති - ‘එහි ත්වං, භික්ඛු, භොජනෙ මත්තඤ්ඤූ හොහි. පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙය්‍යාසි - නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය - ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’’’ති.
‘‘යතො ඛො, බ්‍රාහ්මණ , භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති, තමෙනං තථාගතො උත්තරිං විනෙති - ‘එහි ත්වං, භික්ඛු, ජාගරියං අනුයුත්තො විහරාහි, දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්‍යං කප්පෙය්‍යාසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහී’’’ති.
‘‘යතො ඛො, බ්‍රාහ්මණ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති, තමෙනං තථාගතො උත්තරිං විනෙති - ‘එහි ත්වං, භික්ඛු, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොහි, අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී , ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී , උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී’’’ති.
‘‘යතො ඛො, බ්‍රාහ්මණ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති, තමෙනං තථාගතො උත්තරිං විනෙති - ‘එහි ත්වං, භික්ඛු, විවිත්තං සෙනාසනං භජාහි අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජ’න්ති. සො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනප්පත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති; බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්‍යාපාදපදොසා චිත්තං පරිසොධෙති; ථිනමිද්ධං (ථීනමිද්ධං (සී. ස්‍යා. කං. පී.)) පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති; උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති; විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
75
“බ්‍රාහ්මණය, මේ ධර්ම විනයෙහි පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, පෙන්විය හැක්කේය. බ්‍රාහ්මණය, යම්සේ දක්ෂවූ අශ්වයන් හික්මවන්නෙක් යහපත්වූ අජානීය අශ්වයෙකු ලැබ පළමුකොටම කටකලියාවට පුරුදු කරවයිද, ඉක්බිති මත්තෙහි කටයුතු පුරුදු කරවයිද, බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම තථාගත තෙම දමනය කිරීමට සුදුසු පුරුෂයෙකු ලැබ, පළමුකොටම මෙසේ හික්මවන්නේය. ‘මහණ එව. නුඹ සිල්වත් වෙව. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කරව. සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මෙවයි’ යනුවෙනි.
“බ්‍රාහ්මණය, භික්ෂුතෙම යම් තැනක පටන් සිල්වත්වේද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කෙරේද, සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මේද, තථාගත තෙම ඔහු මත්තෙහි හික්මවයි. ‘මහණ, එව නුඹ ඉන්ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තෙක් වෙව. ඇසින් රූපය දැක නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ චක්ෂුරින්ද්‍රියයෙහි (ඇසෙහි) සංවර නැතුව වාසය කරන්නහු ලෝභය, ද්වේෂය යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. චක්ෂුරින්ද්‍රිය රකුව. චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.
“කණින් ශබ්දය අසා නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ සොතෙන්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. සොතෙන්ද්‍රිය රකුව. සොතෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.
“නාසයෙන් ගන්ධය ආඝ්‍රාණය කොට නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ ඝාණෙන්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ඝාණෙන්ද්‍රිය රකුව. ඝාණෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.
“දිවෙන් රසය දැන නිමිතිගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ජිහ්ව ඉන්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ජිහ්වෙන්ද්‍රිය රකුව. ජිහ්ව ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.
කයින් ප්‍රශ්වව්‍යයන් ස්පර්ශකොට නිමිති ගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ස්පර්ශෙන්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ස්පර්ශෙන්ද්‍රිය රකුව. ස්පර්ශෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.
සිතින් ධර්මය දැන නිමිති ගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යමක් හේතුකොටගෙන මනින්ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභය, ද්වේෂය, යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වැහෙන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. මනින්ද්‍රිය රකුව. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව’යි යනුවෙනි.
“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම ඉඳුරන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව. නුඹ භොජනයෙහි පමණ දක්නෙක් වෙව. නුවණින් සලකා ආහාරය ගණුව. ක්‍රීඩා පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. අලංකාර කිරීම පිණිස නොවේ. යම්තාක්ම මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස විහිංසා වැලැක්ම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිස වේ. මෙසේ පැරණිවූ වේදනාවද නසමි. අළුත් වේදනාවද නූපද වන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද නිරවද්‍ය භාවයද පහසු විහරණයද වන්නේයයි (ආහාර ගනුව යනුවෙනි)
“බ්‍රාහ්මණය, යම් තැනෙක පටන් මහණතෙම වැළඳීමෙහි පමණ දන්නේ වේද, ඔහු තථාගතතෙම මත්තෙහි හික්මවයි. ‘මහණ එව. නුඹ නිදි දුරු කිරීමෙහි යෙදී වාසය කරව. දාවල් දවස සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියගේ ප්‍රථම යාමයෙහි සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියගේ මධ්‍යම යාමය දකුණු පසින් දකුණු පයෙහි වම්පය මඳක් ඉක්මවා තබා සිහි ඇත්තේ නුවණ ඇත්තේ නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට සිංහ සෙය්‍යාවෙන් සයනය කරව. රාත්‍රියගේ පශ්චිම යාමයෙහි නින්දෙන් නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරවයි’ (යනුවෙනි.)
“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව. නුඹ සිහි නුවණින් යුක්තවූවෙක් වෙව ඉදිරියට ගමන් කිරීමෙහිද, ආපසු ගමන් කිරීමෙහිද, නුවණින් යුක්තව කරන්නෙක් ඉදිරිපස බැලීමෙහිද, හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූවෙක්, අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, නුවණින් යුක්තවූවෙක්, දෙපට සිව්ර හා පා සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූවෙක්, අනුභව කිරීමෙහි පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි නුවණින්, යුක්තවූවෙක්, මලමුත්‍ර පහකිරීමෙහි නුවණින් යුක්තවූවෙක්, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදි දුරුකිරීමෙහි, කීමෙහි, කතා නොකිරීමෙහි නුවණින් යුක්තවූවෙක් වේවයි (යනුවෙනි.)
“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම සිහි නුවණින් යුක්තවූයේ වේද, ඒ පුද්ගලයා තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව නුඹ විවේක ඇත්තාවූ සේනාසනයක් භජනය කරව. එනම්: අරණ්‍යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාවය, සොහොනය, අභ්‍යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි. හෙතෙම විවේක ඇති සෙනසුනක් භජනය කරයි. අරණ්‍යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාය, සොහොනය, වනසෙනසුනය, අභ්‍යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි.
හෙතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පළඟ බැඳගෙන ඍජුව කය පිහිටුවා අරමුණට ඉදිරිපත් කොට සිහිය පිහිටුවා හිඳියි. හෙතෙම ලෝකයෙහි ලෝභය දුරුකොට පහව ගියාවූ ‘විෂම ලෝභය ඇති සිතින් යුක්තව වාසය කරයි. ලෝභයෙන් සිත පිරිසිදු කරයි. ද්වේෂය දුරුකොට ද්වේෂ රහිත සිත් ඇත්තේ, සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය හැර පහව ගියාවූ ථීනමිද්ධය ඇතිව ආලෝක සංඥා ඇතිව සිහි නුවණ දෙකින් යුක්තව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන් කම හා පසු තැවීම) දුරුකොට සන්සුන්ව තමා කෙරෙහි සංසිඳුනු සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරුකළ සැක ඇත්තේ කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි යන සැක නැතිව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
76
‘‘සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
‘‘යෙ ඛො තෙ, බ්‍රාහ්මණ, භික්ඛූ සෙක්ඛා (සෙඛා (සබ්බත්ථ)) අපත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති තෙසු මෙ අයං එවරූපී අනුසාසනී හොති. යෙ පන තෙ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා තෙසං ඉමෙ ධම්මා දිට්ඨධම්මසුඛවිහාරාය චෙව සංවත්තන්ති, සතිසම්පජඤ්ඤාය චා’’ති.
එවං වුත්තෙ, ගණකමොග්ගල්ලානො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘කිං නු ඛො භොතො ගොතමස්ස සාවකා භොතා ගොතමෙන එවං ඔවදීයමානා එවං අනුසාසීයමානා සබ්බෙ අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ත්න්ත්ති උදාහු එකච්චෙ නාරාධෙන්තී’’ති? ‘‘අප්පෙකච්චෙ ඛො, බ්‍රාහ්මණ, මම සාවකා මයා එවං ඔවදීයමානා එවං අනුසාසීයමානා අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්තී’’ති.
‘‘කො නු ඛො, භො ගොතම, හෙතු කො පච්චයො යං තිට්ඨතෙව නිබ්බානං, තිට්ඨති නිබ්බානගාමී මග්ගො, තිට්ඨති භවං ගොතමො සමාදපෙතා; අථ ච පන භොතො ගොතමස්ස සාවකා භොතා ගොතමෙන එවං ඔවදීයමානා එවං අනුසාසීයමානා අප්පෙකච්චෙ අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්තී’’ති?
76
“හෙතෙම මේ සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ පඤ්චනීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපෙක්ෂාවෙන්ද, සිහි නුවණ දෙකින්ද, යුක්තව වාසය කරයි. සැපයද නාම කයින් විඳියි. යම් ධ්‍යානයකට පැමිණීම නිසා ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි, කියත්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපයාගේද දුරු කිරීමෙන් දුක්ඛයාගේද දුරු කිරීමෙන් පළමු උපචාර කාලයේම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු කම ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි.
“බ්‍රාහ්මණය, යම් ඒ භික්ෂූහු ශෛක්ෂවූවාහු නොපැමිණි අර්හත්වය ඇත්තාහු උතුම්වූ නිවණ පතමින් වාසය කරත්ද, ඔවුන් කෙරෙහි මාගේ මෙබඳුවූ මේ අනුශාසනාව වෙයි. යම් ඒ භික්ෂූහු රහත්වූවාහු ක්ෂය කළ ආශ්‍රව ඇත්තාහු වැස නිමවනලද බඹසර (උතුම් හැසිරීම) ඇත්තාහු සතර මගින් කරණලද කටයුතු ඇත්තාහු බහා තබන ලද කෙලෙස් බර ඇත්තාහු පිළිවෙළින් පැමිණි අර්හත්වය ඇත්තාහු ක්ෂයකළ භවසංයෝජන ඇත්තාහු මනාව නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාහු වෙත්ද, ඔවුන්ට මේ ධර්මයෝ මේ ආත්මයෙහි සැප විහරණය පිණිසද සිහි නුවණ දෙකින් යුක්තවීම පිණිසද පවතිත්යයි” වදාළේය.
මෙසේ වදාළ කල්හි ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “කිමෙක්ද? භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නාහු මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු සියල්ලෝම ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්ද, නොහොත් ඇතැමෙක් නොපැමිණෙත්ද?”
“බ්‍රාහ්මණය, ඇතැම් මාගේ ශ්‍රාවකයෝ මෙසේ අවවාද කරණු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. ඇතැම්හු නොපැමිණෙත්යයි” (වදාළේය.) “භවත් ගෞතමයන් වහන්ස, නිවණද ඇත්තේද, නිවණට පැමිණෙන මාර්ගයද ඇත්තේය. එහි යොදවන්නාවූ භවත් ගෞතමයන් වහන්සේද ඇත්තාහ. එතකුදු වුවත් භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, සමහරු ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. සමහරු නොපැමිණෙත් යන යමක් වේද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?”
77
‘‘තෙන හි, බ්‍රාහ්මණ, තංයෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි , බ්‍රාහ්මණ, කුසලො ත්වං රාජගහගාමිස්ස මග්ගස්සා’’ති? ‘‘එවං, භො, කුසලො අහං රාජගහගාමිස්ස මග්ගස්සා’’ති. ‘‘තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ, ඉධ පුරිසො ආගච්ඡෙය්‍ය රාජගහං ගන්තුකාමො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්‍ය - ‘ඉච්ඡාමහං, භන්තෙ, රාජගහං ගන්තුං; තස්ස මෙ රාජගහස්ස මග්ගං උපදිසා’ති. තමෙනං ත්වං එවං වදෙය්‍යාසි - ‘එහම්භො (එවං භො (සී. පී.)) පුරිස, අයං මග්ගො රාජගහං ගච්ඡති. තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම ගාමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම නිගමං; තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි රාජගහස්ස ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක්ඛරණීරාමණෙය්‍යක’න්ති. සො තයා එවං ඔවදීයමානො එවං අනුසාසීයමානො උම්මග්ගං ගහෙත්වා පච්ඡාමුඛො ගච්ඡෙය්‍ය. අථ දුතියො පුරිසො ආගච්ඡෙය්‍ය රාජගහං ගන්තුකාමො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්‍ය - ‘ඉච්ඡාමහං, භන්තෙ, රාජගහං ගන්තුං; තස්ස මෙ රාජගහස්ස මග්ගං උපදිසා’ති. තමෙනං ත්වං එවං වදෙය්‍යාසි - ‘එහම්භො පුරිස, අයං මග්ගො රාජගහං ගච්ඡති. තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම ගාමං; තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම නිගමං; තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි රාජගහස්ස ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක්ඛරණීරාමණෙය්‍යක’න්ති. සො තයා එවං ඔවදීයමානො එවං අනුසාසීයමානො සොත්ථිනා රාජගහං ගච්ඡෙය්‍ය. කො නු ඛො, බ්‍රාහ්මණ, හෙතු කො පච්චයො යං තිට්ඨතෙව රාජගහං , තිට්ඨති රාජගහගාමී මග්ගො, තිට්ඨසි ත්වං සමාදපෙතා; අථ ච පන තයා එවං ඔවදීයමානො එවං අනුසාසීයමානො එකො පුරිසො උම්මග්ගං ගහෙත්වා පච්ඡාමුඛො ගච්ඡෙය්‍ය, එකො සොත්ථිනා රාජගහං ගච්ඡෙය්‍යා’’ති? ‘‘එත්ථ ක්‍යාහං, භො ගොතම, කරොමි? මග්ගක්ඛායීහං, භො ගොතමා’’ති.
‘‘එවමෙව ඛො, බ්‍රාහ්මණ, තිට්ඨතෙව නිබ්බානං, තිට්ඨති නිබ්බානගාමී මග්ගො, තිට්ඨාමහං සමාදපෙතා; අථ ච පන මම සාවකා මයා එවං ඔවදීයමානා එවං අනුසාසීයමානා අප්පෙකච්චෙ අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්ති. එත්ථ ක්‍යාහං, බ්‍රාහ්මණ, කරොමි? මග්ගක්ඛායීහං, බ්‍රාහ්මණ, තථාගතො’’ති.
77
“බ්‍රාහ්මණය, එසේවී නම්, තොපගෙන්ම මෙය අසන්නෙමි. යම්සේ තොපට වැටහෙන්නේද, එසේ එය ප්‍රකාශ කරව. බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? නුඹ රජගහ නුවරට යන්නාවූ මාර්ගය පිළිබඳව දක්ෂයෙක් වෙහිද?” “එසේය. පින්වතුන් වහන්ස, මම රජගහනුවරට යන්නාවූ මග පිළිබඳව දක්ෂයෙක්මි”යි කීයේය.
“බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? මෙහි රජගහ නුවරට යනු කැමැත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ වෙත පැමිණ ‘ස්වාමීනි, මම රජගහනුවරට යනු කැමැත්තෙමි. ඒ මට රජගහනුවරට යන මග දක්වනු මැනවැයි’ කියන්නේය. ඔහුට නුඹ මෙසේ කියන්නෙහිය. ‘පින්වත් පුරුෂය, මෙසේ මේ මාර්ගය රජගනුවරට යයි. ඒ මගින් ටික දුරක් යව. ඒ මගින් ටික දුරක් ගිය කල අසවල් නම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල අසවල් නම් නියම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල ආරාමයන්ගෙන් අලංකාරවූ, උයන්වලින් අලංකාරවූ, භූමියෙන් අලංකාරවූ, පොකුණුවලින් අලංකාරවූ, රජගහනුවර දක්නෙහිය,’ කියායි. නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ හෙතෙම වැරදි මගක් ගෙණ ආපසු හැරී යන්නේය.
ඉක්බිති රජගහනුවරට යනු කැමැත්තාවූ දෙවෙනි පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ වෙත පැමිණ ‘ස්වාමීනි, මම රජගහනුවරට යන්ට කැමැත්තෙමි. ඒ මට රජගහනුවරට මග දක්වනු මැනවැයි’ කියන්නේය. ඔහුට නුඹ මෙසේ කියන්නෙහිය. ‘පින්වත් පුරුෂය, මෙසේ මේ මග රජගහ නුවරට යයි. ඒ මගින් ටික දුරක් යව. ඒ මගින් ටික දුරක් ගිය කල අසවල් නම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල අසවල් නම් නියම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව එයින් ටික දුරක් ගිය කල ආරාමයන් ගෙන් අලංකාරවූ, වනයන්ගෙන් අලංකාරවූ, භූමීන්ගෙන් අලංකාරවූ, පොකුණූවලින් අලංකාරවූ, රජගහනුවර දක්නෙහිය’ යනුවෙනි. නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ මෙසේ අනුශාසනා කරණු ලැබූ හෙතෙම සුවසේ රජගහ නුවරට යන්නේය.
“බ්‍රාහ්මණය, රජගහනුවරද ඇත. රජගහනුවරට යන මගද ඇත. යොදවන්නාවූ නුඹ ඇත. එතකුදු වුවත් නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ එක් පුරුෂයෙක් නොමග ගෙන ආපසු හැරී යන්නේය. එක් පුරුෂයෙක් සුවසේ රජගහනුවරට යන්නේය යන මීට හේතුව කුමක්ද?” “භවත් ගෞතමයන් වහන්ස, කාරණය කුමක්ද? මෙහි මම කුමක් කෙරෙම්ද? භවත් ගෞතමයන් වහන්ස, මම මග කියන්නේ වෙමියි කීය.
“බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම නිවණ ඇත්තේමය. නිවණට යන මග ඇත්තේමය. යොදවන්නාවූ මමද සිටිමි. එතකුදු වුවත් මාගේ ශ්‍රාවකයෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු සමහරු ඒකාන්තයෙන් නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. සමහරු නොපැමිණෙත්. බ්‍රාහ්මණය, මෙහි මම කුමක් කෙරෙම්ද? බ්‍රාහ්මණය, තථාගතතෙම මග කියන්නේ වේයයි” වදාළේය.
78
එවං වුත්තෙ, ගණකමොග්ගල්ලානො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘යෙමෙ, භො ගොතම, පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා සඨා මායාවිනො කෙතබිනො (කෙටුභිනො (සී. ස්‍යා. කං. පී.)) උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා ඉන්ද්‍රියෙසු අගුත්තද්වාරා භොජනෙ අමත්තඤ්ඤුනො ජාගරියං අනනුයුත්තා සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො සික්ඛාය න තිබ්බගාරවා බාහුලිකා (බාහුල්ලිකා (ස්‍යා. කං.)) සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා කුසීතා හීනවීරියා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා දුප්පඤ්ඤා එළමූගා, න තෙහි භවං ගොතමො සද්ධිං සංවසති’’.
‘‘යෙ පන තෙ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා අසඨා අමායාවිනො අකෙතබිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරා භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තා සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො සික්ඛාය තිබ්බගාරවා නබාහුලිකා නසාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා ආරද්ධවීරියා පහිතත්තා උපට්ඨිතස්සතිනො සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො අනෙළමූගා, තෙහි භවං ගොතමො සද්ධිං සංවසති.
‘‘සෙය්‍යථාපි , භො ගොතම, යෙ කෙචි මූලගන්ධා, කාලානුසාරි තෙසං අග්ගමක්ඛායති; යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති; යෙ කෙචි පුප්ඵගන්ධා, වස්සිකං තෙසං අග්ගමක්ඛායති; එවමෙව භොතො ගොතමස්ස ඔවාදො පරමජ්ජධම්මෙසු.
‘‘අභික්කන්තං , භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
78
මෙසේ වදාළ කල්හි ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රද්ධාව නැත්තාවූ, ජීවිකාව ප්‍රයෝජන කොට ඇත්තාවූ, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූ, කෛරාටිකවූ, මායා ඇත්තාවූ, කෙටුභ ශාස්ත්‍ර දන්නාවූ, උඩඟුවූ, මානය ඇත්තාවූ, චපලවූ, දොඩමලුවූ, විසුරුණු වචන ඇත්තාවූ, ඉන්ද්‍රියයන්හි නොරක්නාලද දොරටු ඇත්තාවූ, වැළඳීමෙහි පමණ නොදන්නාවූ, නිදි දුරුකිරීමෙහි නොයෙදුනාවූ, ශ්‍රමණ බැව්හි බලාපොරොත්තුවක් නැත්තාවූ ශික්ෂාවෙහි තියුණු ගෞරවයක් නැත්තාවූ, ප්‍රත්‍ය බහුලකොට ඇත්තාවූ, සස්න ලිහිල්කොට ගත්තාවූ, පසුබැස්මෙහි පෙරටුව ගමන් කරන්නාවූ, විවේකයෙහි බහා තබනලද බර ඇත්තාවූ, කම්මැලිවූ, හීන වීර්‍ය්‍ය ඇත්තාවූ, සිහි මුළාවූ, නුවණ නැත්තාවූ, සිත එකඟ නොවූ, කැළඹුණු සිත් ඇත්තාවූ, ප්‍රඥා නැත්තාවූ, කෙලතොලුවූ, යම් පුද්ගලයෝ වෙත්ද, භවත් ගෞතම තෙමේ ඔවුන් සමග වාසය නොකරයි.
“ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කෛරාටික නොවූ, මායා නැත්තාවූ කෙටුභ ශාස්ත්‍ර නොකියන්නාවූ, උඩඟු නොවූ, උස්වූ මාන නළ නැත්තාවූ, චපල නොවූ, දොඩමලු නොවූ, විසුරුණු වචන නැත්තාවූ, ඉන්ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තාවූ, වැළඳීමෙහි පමණ දන්නාවූ, නිදි දුරු කිරීමෙහි යෙදුනාවූ, ශ්‍රමණ බැව්හි බලාපොරොත්තු ඇත්තාවූ, ශික්ෂායෙහි තියුණුගෞරව ඇත්තාවූ, ප්‍රත්‍ය බහුලකොට නැත්තාවූ, සස්න ලිහිල්කොට නොගන්නාවූ, පසුබැස්මෙහි බහා තබනලද බරඇත්තාවූ, විවේකයෙහි පෙරටුව ගමන් කරන්නාවූ, පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තාවූ, හරනලද ආත්ම ආශාව ඇත්තාවූ, එළඹ සිටි සිහි ඇත්තාවූ, මනා නුවණ ඇත්තාවූ, සමාධියට පැමිණියාවූ, එකඟවූ සිත් ඇත්තාවූ, ප්‍රඥාව ඇත්තාවූ, කෙලතොලු නොවූ යම් ඒ පුද්ගලයෝ වෙත්ද, භවත් ගෞතමතෙමේ ඔවුන් සමග වාසය කරයි.
“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යම්කිසි සුවඳ මුල් වර්ග වෙත්ද, කලුවැල් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. යම්කිසි සුවඳ හර වර්ග වෙත්ද, රත්සඳුන් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. යම්කිසි සුවඳ මල් වර්ග වෙත්ද, දෑසමන් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ අවවාදය තෙම මෙකල්හි පවත්නා ධර්ම අතුරෙන් අතිශයින් අග්‍රවන්නේය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනෙක ප්‍රකාරයෙන් ධර්ම ප්‍රකාශ කරනලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද, (සරණකොට යමි.) භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණසේක්වායි” කීය.
8. ගොපකමොග්ගල්ලානසුත්තං 8. ගොපක මොග්ගල්ලාන සූත්‍රය
9. මහාපුණ්ණමසුත්තං 9. මහා පුණ්ණමා සූත්‍රය
10. චූළපුණ්ණමසුත්තං 10. චූල පුණ්ණමා සූත්‍රය