ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
මජ්ඣිමපණ්ණාසපාළි මජ්ඣිම පණ්ණාසකය
1. ගහපතිවග්ගො 1. ගෘහපති වර්ගය
1. කන්දරකසුත්තං 1. කන්දරක සූත්‍රය
2. අට්ඨකනාගරසුත්තං 2. අට්ඨක නාගර සූත්‍රය
3. සෙඛසුත්තං 3. සෙඛ සූත්‍රය
4. පොතලියසුත්තං 4. පොතලිය සූත්‍රය
5. ජීවකසුත්තං 5. ජීවක සූත්‍රය
6. උපාලිසුත්තං 6. උපාලි සූත්‍රය
7. කුක්කුරවතිකසුත්තං 7. කුක්කුරවතිය සූත්‍රය
78
එවං මෙ සුතං - එකං සමයං භගවා කොලියෙසු විහරති හලිද්දවසනං නාම කොලියානං නිගමො. අථ ඛො පුණ්ණො ච කොලියපුත්තො ගොවතිකො අචෙලො ච සෙනියො කුක්කුරවතිකො යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. අචෙලො පන සෙනියො කුක්කුරවතිකො භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා කුක්කුරොව පලිකුජ්ජිත්වා (පලිකුණ්ඨිත්වා (ස්‍යා. කං.), පලිගුණ්ඨිත්වා (ක.)) එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවන්තං එතදවොච - ‘‘අයං , භන්තෙ, අචෙලො සෙනියො කුක්කුරවතිකො දුක්කරකාරකො ඡමානික්ඛිත්තං භොජනං භුඤ්ජති. තස්ස තං කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති? ‘‘අලං, පුණ්ණ, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’ති. දුතියම්පි ඛො පුණ්ණො කොලියපුත්තො ගොවතිකො...පෙ.... තතියම්පි ඛො පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවන්තං එතදවොච - ‘‘අයං, භන්තෙ, අචෙලො සෙනියො කුක්කුරවතිකො දුක්කරකාරකො ඡමානික්ඛිත්තං භොජනං භුඤ්ජති. තස්ස තං කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති?
78
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොලිය ජනපදයෙහි ‘හළිද්ද වසන’ නම් කොලිය ජනපද වාසීන්ගේ නියම්ගමක් වේ. (එය ගොදුරු ගම්කොට) වැඩවෙසෙන සේක.
එකල්හි සමාදන්වූ ගොව්‍රත ඇති (ගොනෙකු මෙන් හැසිරෙන සීලය ඇති) “පුණ්ණ” නම් කොලිය පුත්‍ර තෙමේද, සමාදන්වූ සුනඛ ව්‍රතය ඇති (බල්ලෙකු මෙන් හැසිරෙන සීලය ඇති) “සෙනිය” නම් අචෙලක තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ගොන් පැවතුම් ඇත්තාවූ “පුණ්ණ” නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. බලු පැවතුම් ඇත්තාවූ “සේනිය” නම් ආවෙලක තෙම වනාහී භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා බල්ලෙකු මෙන් බිම ලැග ගෙණ එකපැත්තක හුන්නේය.
එකපැත්තක හුන්නාවූම ගොන් පැවතුම් ඇති පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇති සේනිය නම් අචෙලක තෙමේ දුෂ්කරක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ ඒ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේදැ”යි ඇසුවේය.
“පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි” (වදාළේය)
දෙවනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම දුෂ්කර ක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කන්නේ ඔහුගේ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”
“පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරව.” තුන්වෙනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලියපුත්‍ර තෙම භාග්‍යවතුන්වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම දුෂ්කරක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව ගතිය කවරේද?”
79
‘‘අද්ධා ඛො තෙ අහං, පුණ්ණ, න ලභාමි. අලං, පුණ්ණ, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡීති; අපි ච ත්‍යාහං බ්‍යාකරිස්සාමි. ඉධ, පුණ්ණ, එකච්චො කුක්කුරවතං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරසීලං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං , කුක්කුරාකප්පං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං. සො කුක්කුරවතං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරසීලං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරාකප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං කායස්ස භෙදා පරං මරණා කුක්කුරානං සහබ්‍යතං උපපජ්ජති. සචෙ ඛො පනස්ස එවංදිට්ඨි හොති - ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති, සාස්ස (සායං (ක.)) හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිස්ස (මිච්ඡාදිට්ඨිකස්ස (සී.)) ඛො අහං, පුණ්ණ, ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි - නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉති ඛො, පුණ්ණ, සම්පජ්ජමානං කුක්කුරවතං කුක්කුරානං සහබ්‍යතං උපනෙති, විපජ්ජමානං නිරය’’න්ති. එවං වුත්තෙ, අචෙලො සෙනියො කුක්කුරවතිකො පරොදි, අස්සූනි පවත්තෙසි.
අථ ඛො භගවා පුණ්ණං කොලියපුත්තං ගොවතිකං එතදවොච - ‘‘එතං ඛො තෙ අහං, පුණ්ණ, නාලත්ථං. අලං, පුණ්ණ, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’ති. ‘‘නාහං, භන්තෙ, එතං රොදාමි යං මං භගවා එවමාහ; අපි ච මෙ ඉදං, භන්තෙ, කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. අයං, භන්තෙ, පුණ්ණො කොලියපුත්තො ගොවතිකො. තස්ස තං ගොවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති? ‘‘අලං, සෙනිය, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’ති. දුතියම්පි ඛො අචෙලො සෙනියො...පෙ.... තතියම්පි ඛො අචෙලො සෙනියො කුක්කුරවතිකො භගවන්තං එතදවොච - ‘‘අයං, භන්තෙ, පුණ්ණො කොලියපුත්තො ගොවතිකො. තස්ස තං ගොවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති?
79
“පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, පුණ්ණය, ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. එහෙත් තට මම ප්‍රකාශ කරන්නෙමි. පුණ්ණය, මේ ලෝකයෙහි ඇතමෙක් බලු පැවතුම් සමාදානය සම්පූර්ණකොට නිරතුරුව වඩාද, බලු ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, බලු සිත සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරෙයන් වඩාද, හෙතෙම බලු පැවතුම් සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා, බලු ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, බලු චිත්තය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බල්ලන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහී මොහුගේ මෙබඳු ඇදහීමක් වේද, ‘මම මේ ශීලයෙන් හෝ පැවතුමෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමියි’ (කියායි.) එය මොහුගේ මිථ්‍යාදෘෂ්ටිය වන්නීය. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුට වනාහි නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. පුණ්ණය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ බලු පැවතුම වනාහි බල්ලන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්‍යාමාන වේ”යයි මෙසේ වදාළ කල්හි බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම හැඬුයේය. කඳුලු වැගිරවූයේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍රයාට මෙය කීයේය. “පුණ්ණය ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. පුණ්ණය, කම් නැත. පුණ්ණය මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, කීයේ මේ නිසාය.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමක් මට මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේ වුවත් මාගේ මේ බලු පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්‍ර තෙමේද සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තෙකි. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”
“සෙනියය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි” (වදාළේය). දෙවනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”
“සෙනියය, කම් නැත මෙය තිබේවා. මා මෙය නොවිචාරව.”
තුන්වෙනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්‍ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”
80
‘‘අද්ධා ඛො තෙ අහං, සෙනිය, න ලභාමි. අලං, සෙනිය, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡීති; අපි ච ත්‍යාහං බ්‍යාකරිස්සාමි. ඉධ, සෙනිය, එකච්චො ගොවතං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගොසීලං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගොචිත්තං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගවාකප්පං (ග්වාකප්පං (ක.)) භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං. සො ගොවතං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගොසීලං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගොචිත්තං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගවාකප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං කායස්ස භෙදා පරං මරණා ගුන්නං සහබ්‍යතං උපපජ්ජති. සචෙ ඛො පනස්ස එවංදිට්ඨි හොති - ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති , සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිස්ස ඛො අහං, සෙනිය, ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි - නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉති ඛො, සෙනිය, සම්පජ්ජමානං ගොවතං ගුන්නං සහබ්‍යතං උපනෙති, විපජ්ජමානං නිරය’’න්ති. එවං වුත්තෙ, පුණ්ණො කොලියපුත්තො ගොවතිකො පරොදි, අස්සූනි පවත්තෙසි.
අථ ඛො භගවා අචෙලං සෙනියං කුක්කුරවතිකං එතදවොච - ‘‘එතං ඛො තෙ අහං, සෙනිය , නාලත්ථං. අලං, සෙනිය, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’ති. ‘‘නාහං, භන්තෙ, එතං රොදාමි යං මං භගවා එවමාහ; අපි ච මෙ ඉදං, භන්තෙ, ගොවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. එවං පසන්නො අහං, භන්තෙ, භගවති; පහොති භගවා තථා ධම්මං දෙසෙතුං යථා අහං චෙවිමං ගොවතං පජහෙය්‍යං, අයඤ්චෙව අචෙලො සෙනියො කුක්කුරවතිකො තං කුක්කුරවතං පජහෙය්‍යා’’ති. ‘‘තෙන හි, පුණ්ණ, සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
80
“සෙනියය, කම් නැත. සෙනියය, මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි. එකාන්තයෙන් තොපගේ ඉල්ලීම මම නොලබමි. එහෙත් තට මම ප්‍රකාශ කරන්නෙමි.
“සෙනියය, මේ ලෝකයෙහි ඇතමෙක් ගොන් පැවතුම් සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, ගොන් ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, හෙතෙම ගොන් පැවතුම සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා, ගොන් ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන්ගේ ස්වභාවයට පැමිණේ. ඉදින් වනාහී, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අන්‍යතරයෙක් හෝ වන්නෙමියි, ඔහුගේ ඇදහීම වේද, එය (ඒ ඇදහීම) ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. සෙනියය, මිථ්‍යා දෘෂ්ටි ඇත්තහුට වනාහී මම නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. සේනියය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ ගොන් පැවතුම් වනාහි භවයන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්‍යමාන වෙයි.” මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍රතෙම හැඬුයේය. කඳුළු වැගිරවූයේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලකයාට මෙය වදාළේය. “සෙනියය, කම් නැත සේනියය මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි’ මෙය වනාහී තොප ගෙන් මම නොලබමි.”යි කීයේ මේ නිසාය.
“ස්වාමීනි, යමක් මට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේවූවත් මාගේ මේ ගොන් පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් මමද මේ ගොන් පැවතුම් දුරුකරන්නෙම්ද, මේ බලු පැවතුම ඇත්තාවූ සෙනියනම් අචෙලක තෙමේද ඒ බලු පැවතුම දුරු කරන්නේද, එපරිද්දෙන් ධර්මය දේශනා කරන්ට සමර්ථවේනම් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රශන්න වූයේ වෙමියි,” (කීයේය.)
“පුණ්ණය, එසේනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි,”යි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
81
‘‘චත්තාරිමානි, පුණ්ණ, කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි? අත්ථි, පුණ්ණ, කම්මං කණ්හං කණ්හවිපාකං; අත්ථි, පුණ්ණ, කම්මං සුක්කං සුක්කවිපාකං; අත්ථි, පුණ්ණ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං; අත්ථි, පුණ්ණ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං, කම්මක්ඛයාය සංවත්තති .
‘‘කතමඤ්ච, පුණ්ණ, කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ, පුණ්ණ, එකච්චො සබ්‍යාබජ්ඣං (සබ්‍යාපජ්ඣං (සී. ස්‍යා. කං.)) කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං සබ්‍යාබජ්ඣං ලොකං උපපන්නං සමානං සබ්‍යාබජ්ඣා ඵස්සා ඵුසන්ති. සො සබ්‍යාබජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්‍යාබජ්ඣං වෙදනං වෙදෙති එකන්තදුක්ඛං, සෙය්‍යථාපි සත්තා නෙරයිකා . ඉති ඛො, පුණ්ණ, භූතා භූතස්ස උපපත්ති හොති; යං කරොති තෙන උපපජ්ජති, උපපන්නමෙනං ඵස්සා ඵුසන්ති. එවංපාහං, පුණ්ණ, ‘කම්මදායාදා සත්තා’ති වදාමි. ඉදං වුච්චති, පුණ්ණ, කම්මං කණ්හං කණ්හවිපාකං.
‘‘කතමඤ්ච, පුණ්ණ, කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ, පුණ්ණ, එකච්චො අබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො අබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්‍යාබජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං අබ්‍යාබජ්ඣං ලොකං උපපන්නං සමානං අබ්‍යාබජ්ඣා ඵස්සා ඵුසන්ති. සො අබ්‍යාබජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො අබ්‍යාබජ්ඣං වෙදනං වෙදෙති එකන්තසුඛං, සෙය්‍යථාපි දෙවා සුභකිණ්හා. ඉති ඛො , පුණ්ණ, භූතා භූතස්ස උපපත්ති හොති; යං කරොති තෙන උපපජ්ජති, උපපන්නමෙනං ඵස්සා ඵුසන්ති. එවංපාහං, පුණ්ණ, ‘කම්මදායාදා සත්තා’ති වදාමි. ඉදං වුච්චති, පුණ්ණ, කම්මං සුක්කං සුක්කවිපාකං.
‘‘කතමඤ්ච, පුණ්ණ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ, පුණ්ණ, එකච්චො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි ලොකං උපපජ්ජති. තමෙනං සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සබ්‍යාබජ්ඣාපි අබ්‍යාබජ්ඣාපි ඵස්සා ඵුසන්ති. සො සබ්‍යාබජ්ඣෙහිපි අබ්‍යාබජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වෙදනං වෙදෙති වොකිණ්ණසුඛදුක්ඛං, සෙය්‍යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. ඉති ඛො, පුණ්ණ, භූතා භූතස්ස උපපත්ති හොති; යං කරොති තෙන උපපජ්ජති. උපපන්නමෙනං ඵස්සා ඵුසන්ති. එවංපාහං, පුණ්ණ, ‘කම්මදායාදා සත්තා’ති වදාමි. ඉදං වුච්චති, පුණ්ණ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
‘‘කතමඤ්ච , පුණ්ණ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං, කම්මක්ඛයාය සංවත්තති? තත්‍ර, පුණ්ණ, යමිදං කම්මං කණ්හං කණ්හවිපාකං තස්ස පහානාය යා චෙතනා, යමිදං (යම්පිදං (සී. පී.)) කම්මං සුක්කං සුක්කවිපාකං තස්ස පහානාය යා චෙතනා, යමිදං (යම්පිදං (සී. පී.)) කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං තස්ස පහානාය යා චෙතනා - ඉදං වුච්චති, පුණ්ණ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං, කම්මක්ඛයාය සංවත්තතීති. ඉමානි ඛො, පුණ්ණ, චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානී’’ති.
81
“පුණ්ණය, මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනලද්දාවූ මේ කර්ම සතරක් වෙත්. කවර සතරක්දයත්, පුණ්ණය, කෘෂ්ණවූ (දස අකුසල් කර්ම පථවූ) කෘෂ්ණ විපාක ඇති (අපායෙහි උපදින හෙයින් කළුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, ශුක්ලවූ (දසකුසල කර්ම පථයවූ) ශුක්ල විපාක ඇති (ස්වර්ගයෙහි උපදින හෙයින් සුදුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණවූද, ශුක්ලවූද (මිශ්‍රක කර්මයවූ) කෘෂ්ණවූද, ශුක්ලවූද විපාක ඇති (සැපවූද දුක්වූද විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ලනොවූ, කෘෂ්ණ ශුක්ලනොවූ විපාක ඇති (යම්) කර්මයක් කර්මක්ෂය කිරීම පිණිස පවතීද (එබඳුවූ) කර්මයක්ද ඇත්තේය.
“පුණ්ණය, කෘෂ්ණාවූ, කෘෂ්ණ විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුණ්ණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිතවූ කාය සංස්කාරය (කාය ද්වාරයෙහි හටගන්නා දොළොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ වාක් සංස්කාරය (වචනයෙන් පවත්නා දොළොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ මනො සංස්කාරය (සිතෙහි හටගන්නා අකුසල් චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම දුක් සහිතවූ කාය සංස්කාරය රැස්කොට, දුක්සහිතවූ වාක් සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ මනො සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ ලෝකයෙහි උපදියි. දුක් සහිතවූ ලෝකයෙහි උපන්නාවූම ඔහු දුක් සහිතවූ විපාක ස්පර්ශයෝ ස්පර්ශ කරත්. හෙතෙම දුක් සහිතවූ විපාක ස්පර්ශවලින් ස්පර්ශකරන ලද්දේම, දුක් සහිතවූ එකාන්තයෙන් දුක්වූ වේදනාව විඳියි. නිරයෙහි උපන් සත්වයෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේවූ කර්ම හේතුවෙන් සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය කෘෂ්ණවූ කෘෂ්ණවිපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.
“පුණ්ණය, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුණ්ණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිදුක්වූ කාය සංස්කාරය (කාය ද්වාරයෙහි පැවති කාමාවචර කුසල් සිත් අට) රැස්කරයිද, නිදුක්වූ වාක් සංස්කාරය (වචනයෙහි පැවති කුසල්) රැස්කරයිද, නිදුක්වූ මනො සංස්කාරය (මනොද්වාරයෙහි පැවති කුසල චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම නිදුක්වූ කාය සංස්කාරය රැස්කොට නිදුක්වූ වාක් සංස්කාරය රැස්කොට නිදුක්වූ මනො සංස්කාරය රැස්කොට නිදුක්වූ ලෝකයෙහි උපදියි. නිදුක්වූ ලෝකයෙහි උපන්නාවූ ඔහු නිදුක්වූ ස්පර්ශයෝ ස්පර්ශ කරත්. නිදුක්වූ ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම නිදුක්වූ එකාන්ත සැපවූ වේදනාව විඳියි. සුභකිණ්හ නම් දෙවියෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේ වනාහී ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කරත්. පුණ්ණය, මෙසේද, මම සත්වයෝ කර්මය දායාදකොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය, ශුක්ලවූ, ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.
“පුණ්ණය, කෘෂ්ණ ශුක්ලවූ, කෘෂ්ණ ශුක්ල විපාක ඇති කර්මය කවරේද? පුණ්ණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිතවූද නිදුක් සහිත වූද කාය සංස්කාරය රැස් කරයිද, දුක් සහිතවූද, නිදුක්වූද වාක් සංස්කාරය රැස් කරයිද, දුක් සහිතවූද නිදුක් සහිතවූද මනො සංස්කාරය රැස් කරයිද, හෙතෙම දුක් සහිතවූද නිදුක්වූද කාය සංස්කාරය රැස් කොට, දුක් සහිතවූද නිදුක්වූද වාක් සංස්කාරය රැස් කොට, දුක් සහිතවූද නිදුක්වූද මනො සංස්කාරය රැස්කොට දුක්සහිතවූද දුක් රහිතවූද ලෝකයෙහි උපදියි. දුක් සහිතවූද දුක් රහිතවූද ලෝකයෙහි උපන්නාවූම ඔහු දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කරත්. දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම දුක් සහිතවූද දුක් රහිතවූද සැපදුක් දෙකින් මිශ්‍රවූ වේදනාව විඳියි. මනුෂ්‍යයෝද, ඇතැම් දෙවියෝද, ඇතැම් විමාන ප්‍රෙතයෝද යම්සේද, එමෙනි. පුණ්ණය, මෙසේ වනාහී ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තිය වේ. යමක් කරයිද, එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහු යයි කියමි. පුණ්ණය, මෙය, කෘෂ්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.
“පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ල නොවූ, කෘෂ්ණ ශුක්ල නොවූ විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියිද, ඒ කර්මය කවරේද? පුණ්ණය, ඒ ත්‍රිවිධ කර්මයන් අතුරෙන් කෘෂ්ණවූ කෘෂ්ණ විපාක ඇත්තාවූ යම් මේ කර්මයක් වේද, එය දුරු කිරීම පිණිස යම් චෙතනාවක් වේද, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද ඔහුගේ දුරු කිරීම පිණිස යම් චෙතනාවක් වේද, කෘෂ්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද, එය දුරුකිරීම පිණිස යම් චෙතනාවක් වේද, පුණ්ණය, මෙය කෘෂ්ණද නොවූ ශුක්ලද නොවූ, කෘෂ්ණ ශුක්ල විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියිද ඒ මේ කර්මයයි කියනු ලැබේ. පුණ්ණය, මේ කර්ම සතර වනාහි මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන ලද්දාහුය”යි (වදාළේය.)
82
එවං වුත්තෙ, පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ! සෙය්‍යථාපි, භන්තෙ...පෙ.... උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. අචෙලො පන සෙනියො කුක්කුරවතිකො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ! සෙය්‍යථාපි, භන්තෙ...පෙ.... පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්‍යාහං, භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පද’’න්ති. ‘‘යො ඛො, සෙනිය , අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතා’’ති.
‘‘සචෙ, භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං ආකඞ්ඛන්තා උපසම්පදං තෙ චත්තාරො මාසෙ පරිවසන්ති චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය, අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි. චතුන්නං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු, උපසම්පාදෙන්තු භික්ඛුභාවායා’’ති. අලත්ථ ඛො අචෙලො සෙනියො කුක්කුරවතිකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා සෙනියො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා සෙනියො අරහතං අහොසීති.
82
මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොළිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරවු කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ කොට ගනිමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා”යි කීය.
බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම වනාහී භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසන ලද්දක් වැසුම් හරින්නේ, හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද. අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල්පහනක් දරන්නේ හෝ වේද එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි.) ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණ කම ලබන්නෙමි. උපසම්පදාවද ලබන්නෙමියි” (කීයේය)
“සෙනියය, පෙර අන්‍ය තීර්ථකවූ යමෙක් වනාහී මේ ශාසනයෙහි පැවිදි වීම කැමති වේද, උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් වෙසෙයි. සාරමසක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත්. උපසම්පදා කරත්, එතකුදුවුවත් මට මෙහි පුද්ගලයන්ගේ වෙනස් බව ප්‍රකටය”යි (වදාළේය)
“ස්වාමීනි, ඉදින් පෙර අන්‍යතීර්ථකවූවෝ මේ ශාසනයෙහි පැවිදි වීම කැමැත්තාහු උපසම්පදාව කැමැත්තාහු සාර මසක් පිරිවෙස් වෙසෙත් නම්, සාර මසක් ගතවීමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත් නම්, උපසම්පදා කරත් නම්, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස මා පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වා”යි (කීයේය.)
බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබූයේය. උපසම්පදාව ලැබුයේය. උපසම්පදාවූ නොබෝ කල් ඇති ආයුෂ්මත් සේනිය ස්ථවිර තෙමේ වනාහි හුදකලා වූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ, වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, ඒ උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇත්තාවූ (අර්හත් ඵලයට) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදී. සතර මගින් කටයුතු දෙය කරන ලදී. මෙයින්පසු අනික් කළ යුත්තක් නැතැයි මනාව දැන ගත්තේය. ආයුෂ්මත් සෙනිය ස්ථවිර තෙමේ වනාහී රහතන් ගෙන් එක්තරා කෙනෙක් වූයේය.
8. අභයරාජකුමාරසුත්තං 8. අභය (රාජකුමාර) සූත්‍රය
9. බහුවෙදනීයසුත්තං 9. බහුවෙදනීය සූත්‍රය
10. අපණ්ණකසුත්තං 10. අපණ්ණක සූත්‍රය