ත්‍රිපිටකය
2. සීහනාදවග්ගො 2. සීහනාද වර්ගය
1. චූළසීහනාදසුත්තං 1. චූල සීහනාද සූත්‍රය
2. මහාසීහනාදසුත්තං 2. මහා සීහනාද සූත්‍රය
3. මහාදුක්ඛක්ඛන්ධසුත්තං 3. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය
4. චූළදුක්ඛක්ඛන්ධසුත්තං 4. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය
5. අනුමානසුත්තං 5. අනුමාන සූත්‍රය
6. චෙතොඛිලසුත්තං 6. චෙතොඛිල සූත්‍රය
7. වනපත්ථසුත්තං 7. වනපත්ථ සූත්‍රය
8. මධුපිණ්ඩිකසුත්තං 8. මධු පිණ්ඩික සූත්‍රය
9. ද්වෙධාවිතක්කසුත්තං 9. ද්වෙධා විතක්ක සූත්‍රය
10. විතක්කසණ්ඨානසුත්තං 10. විතක්ක සණ්ඨාන සූත්‍රය
216
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘අධිචිත්තමනුයුත්තෙන, භික්ඛවෙ, භික්ඛුනා පඤ්ච නිමිත්තානි කාලෙන කාලං මනසි කාතබ්බානි. කතමානි පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසි කාතබ්බං කුසලූපසංහිතං. තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති (එකොදිභොති (ස්‍යා. ක.)) සමාධියති. සෙය්‍යථාපි, භික්ඛවෙ, දක්ඛො පලගණ්ඩො වා පලගණ්ඩන්තෙවාසී වා සුඛුමාය ආණියා ඔළාරිකං ආණිං අභිනිහනෙය්‍ය අභිනීහරෙය්‍ය අභිනිවත්තෙය්‍ය (අභිනිවජ්ජෙය්‍ය (සී. පී.)); එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසි කාතබ්බං කුසලූපසංහිතං. තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
216
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ කියා කථා කළහ. භික්ෂූහු, ‘ස්වාමීනි’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, විදර්ශනාවට පාදකවූ සමාධිය වඩන්නාවූ භික්ෂුව විසින් කලින් කළ කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය. කිනම් කරුණු පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම හේතුකොට ගෙන ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ලාමකවූ අකුසල කල්පනා උපදිත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිතවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූ දෝෂ සහගතවූ, මෝහ සහගතවූ, ලාමකවූ, යම් අකුසල කල්පනාවෝවෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟ වෙයි සමාධිය ඇතිවෙයි.
“මහණෙනි, යම්සේ දක්ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් පිටකරන්නේද, නිකුත් කරන්නේද, ගලවා දමන්නේද, මහණෙනි, එසේම භික්ෂුවහට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ලාමකවූ අකුසල කල්පනාවෝ උපදිද්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් කුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කළ යුතුය. කුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහිකිරීම හේතුකොටගෙන ඒ භික්ෂුවගේ ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, හිඳියි, නවතියි, එකඟ වෙයි, සමාධියට පැමිණෙයි.
217
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසං විතක්කානං ආදීනවො උපපරික්ඛිතබ්බො - ‘ඉතිපිමෙ විතක්කා අකුසලා, ඉතිපිමෙ විතක්කා සාවජ්ජා, ඉතිපිමෙ විතක්කා දුක්ඛවිපාකා’ති. තස්ස තෙසං විතක්කානං ආදීනවං උපපරික්ඛතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්‍යථාපි, භික්ඛවෙ, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො අහිකුණපෙන වා කුක්කුරකුණපෙන වා මනුස්සකුණපෙන වා කණ්ඨෙ ආසත්තෙන අට්ටියෙය්‍ය හරායෙය්‍ය ජිගුච්ඡෙය්‍ය; එවමෙව ඛො, භික්ඛවෙ, තස්ස චෙ භික්ඛුනො තම්හාපි නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසං විතක්කානං ආදීනවො උපපරික්ඛිතබ්බො - ‘ඉතිපිමෙ විතක්කා අකුසලා, ඉතිපිමෙ විතක්කා සාවජ්ජා, ඉතිපිමෙ විතක්කා දුක්ඛවිපාකා’ති. තස්ස තෙසං විතක්කානං ආදීනවං උපපරික්ඛතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
217
“මහණෙනි, ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, එසේ නම් ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදිනව මෙනෙහි කළ යුතුය. මෙසේද මේ කල්පනාවෝ අකුසල්ය, මෙසේද මේ කල්පනාවෝ වරද සහිතය. මෙසේද මේ කල්පනාවෝ දුක්වූ විපාක ඇත්තෝය. කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවගේ ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගත වූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශවෙත්, ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම සිටියි, නවතියි, එකඟවෙයි, සමාධිය ඇතිවෙයි. මහණෙනි, යම්සේ තරුණවූ අලංකාරයට කැමතිවූ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් හැකිලෙන්නේද පිළිකුල් කරන්නේද මහණෙනි, එපරිද්දෙන්ම ඒ අරමුණෙන් අන්‍ය කුසලයෙන් යුක්තවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෙෂ සහගතවූද මෝහ සහගතවූද අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ අකුසල්ය, මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ වරද සහිතය. මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තාහුයයි ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඔහුට ලෝභ සහගතවූද දෝෂ සහගත වූද මෝහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශයට පැමිණෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟබවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.
218
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො තෙසම්පි විතක්කානං ආදීනවං උපපරික්ඛතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසං විතක්කානං අසතිඅමනසිකාරො ආපජ්ජිතබ්බො. තස්ස තෙසං විතක්කානං අසතිඅමනසිකාරං ආපජ්ජතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්‍යථාපි, භික්ඛවෙ, චක්ඛුමා පුරිසො ආපාථගතානං රූපානං අදස්සනකාමො අස්ස; සො නිමීලෙය්‍ය වා අඤ්ඤෙන වා අපලොකෙය්‍ය. එවමෙව ඛො, භික්ඛවෙ, තස්ස චෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං ආදීනවං උපපරික්ඛතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
218
“මහණෙනි, ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවහට උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, හිඳියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.
“මහණෙනි, යම්සේ ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඇස් හමුවට පැමිණියාවූ රූපයක් නොදකිනු කැමැත්තේ නම් හෙතෙම ඇස් පියාගන්නේ හෝ වේද අන් දිශාවක් බලන්නේ හෝ වේද, මහණෙනි, එමෙන් ඒ ලාමක අකුසල ධර්මයන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ඒ ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවුද ඒ ලාමක අකුශල ධර්මයෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ ප්‍රහීන වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන සිත අභ්‍යන්තරයෙහිම පවතියි. නවතියි, එකඟ බවට පැමිණෙයි.
219
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො තෙසම්පි විතක්කානං අසතිඅමනසිකාරං ආපජ්ජතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසං විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකාතබ්බං. තස්ස තෙසං විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො සීඝං ගච්ඡෙය්‍ය. තස්ස එවමස්ස - ‘කිං නු ඛො අහං සීඝං ගච්ඡාමි? යංනූනාහං සණිකං ගච්ඡෙය්‍ය’න්ති. සො සණිකං ගච්ඡෙය්‍ය. තස්ස එවමස්ස - ‘කිං නු ඛො අහං සණිකං ගච්ඡාමි? යංනූනාහං තිට්ඨෙය්‍ය’න්ති. සො තිට්ඨෙය්‍ය . තස්ස එවමස්ස - ‘කිං නු ඛො අහං ඨිතො? යංනූනාහං නිසීදෙය්‍ය’න්ති. සො නිසීදෙය්‍ය. තස්ස එවමස්ස - ‘කිං නු ඛො අහං නිසින්නො? යංනූනාහං නිපජ්ජෙය්‍ය’න්ති. සො නිපජ්ජෙය්‍ය. එවඤ්හි සො, භික්ඛවෙ, පුරිසො ඔළාරිකං ඔළාරිකං ඉරියාපථං අභිනිවජ්ජෙත්වා (අභිනිස්සජ්ජෙත්වා (ස්‍යා.)) සුඛුමං සුඛුමං ඉරියාපථං කප්පෙය්‍ය. එවමෙව ඛො, භික්ඛවෙ, තස්ස චෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං අසතිඅමනසිකාරං ආපජ්ජතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
219
“මහණෙනි, ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවූ අමතක කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගත වූද, මෝහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි. මහණෙනි, ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි, නවතියි, එකඟ බවට පැමිණෙයි, සමාධියට පැමිණෙයි.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් ඉක්මණින් යන්නේද, ඔහුට ‘මම කුමක් නිසා වහා යන්නෙම්ද? සෙමින් යන්නෙම්ය’යි අදහස් වන්නේය. හෙතෙම හෙමින් යන්නේය. ඔහු නැවත කුමක් නිසා ‘මම සෙමින් යන්නෙම්ද? නැවතී සිටින්නෙම් නම් යහපතැ’යි සිතා නවතින්නේය. නැවත ඔහු කුමක් නිසා ‘මම නැවතී සිටින්නෙම්ද? මම හිඳගන්නෙම්ය’යි සිතා හිඳගන්නේය. නැවත ඔහු ‘කුමක් නිසා මම හිඳගන්නෙම්ද? නිදාගන්නෙම්ය’යි සිතා නිදාගන්නේය. මහණෙනි, මෙසේ ඒ පුරුෂතෙම ඔළාරික ඉරියව් නවත්වා සියුම් ඉරියව් පවත්වන්නේය. මහණෙනි, එසේම ඒ කල්පනා නොකරන්නාවූ අමතක කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුමද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගත වූද දෝෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පවතියි, හිඳියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.
220
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො තෙසම්පි විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි. තෙන, භික්ඛවෙ, භික්ඛුනා දන්තෙභිදන්තමාධාය (දන්තෙ + අභිදන්තං + ආධායාති ටීකායං පදච්ඡෙදො, දන්තෙභීති පනෙත්ථ කරණත්ථො යුත්තො විය දිස්සති) ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හිතබ්බං අභිනිප්පීළෙතබ්බං අභිසන්තාපෙතබ්බං . තස්ස දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්‍යථාපි, භික්ඛවෙ, බලවා පුරිසො දුබ්බලතරං පුරිසං සීසෙ වා ගලෙ වා ඛන්ධෙ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්‍ය අභිනිප්පීළෙය්‍ය අභිසන්තාපෙය්‍ය; එවමෙව ඛො, භික්ඛවෙ, තස්ස චෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි. තෙන, භික්ඛවෙ, භික්ඛුනා දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හිතබ්බං අභිනිප්පීළෙතබ්බං අභිසන්තාපෙතබ්බං. තස්ස දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
220
“මහණෙනි, ඒ කල්පනාවන්ගේ මූලහේතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවටද, ඉදින් ඒ ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මොහසහගතවූද, ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම් මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටි කාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂසහගත වූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.
“මහණෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසෙන් හෝ අල්වා, කරෙන් හෝ අල්වා, නිග්‍රහකරන්නේද, පෙළෙන්නේද, තබන්නේද, මහණෙනි, එසේම ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගත වූද, ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට ගෙන සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගත වූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.
221
‘‘යතො ඛො (යතො ච ඛො (ස්‍යා. ක.)), භික්ඛවෙ, භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තෙසම්පි විතක්කානං ආදීනවං උපපරික්ඛතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තෙසම්පි විතක්කානං අසතිඅමනසිකාරං ආපජ්ජතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තෙසම්පි විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු වසී විතක්කපරියායපථෙසු. යං විතක්කං ආකඞ්ඛිස්සති තං විතක්කං විතක්කෙස්සති, යං විතක්කං නාකඞ්ඛිස්සති න තං විතක්කං විතක්කෙස්සති. අච්ඡෙච්ඡි තණ්හං, විවත්තයි (වාවත්තයි (සී. පී.)) සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
221
“මහණෙනි, යම් හෙයකින් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, ලාමක අකුසල කල්පනාවෝ උපදිත්ද, එම අරමුණෙන් අන්‍යවූ කුසල් පිණිස පවත්නාවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ දෝෂ පරීක්ෂා කර බලන්නාහටද ලෝභ සහගතවූද, දෝෂ සහගත වූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඔවුහු පහ වෙත්, විනාශ වෙත් ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි. එකඟවෙයි, සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව බලන්නාවූ භික්ෂුවහටද ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධියට පැමිණෙයි.
“දත්වලින් දත් තදකොට, දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවූද, පෙළන්නාවූද, තවන්නාවූද, භික්ෂුවටද ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුතෙම යම් කල්පනාවක් කැමති නම් එය කල්පනා කරන්නාවූද, යම් කල්පනාවක් නොකැමති නම් එය කල්පනා නොකරන්නාවූද කල්පනා විෂයෙහි පුරුදුකරන ලද වශීභාව ඇත්තේයයි කියනු ලැබේ. හෙතෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරළා දැමීය. මනාකොට අර්හත් මාර්ග ඥානයෙන් මානය ප්‍රහීනකොට දුක් කෙළවර කෙළේය.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළෝය. සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.