ත්‍රිපිටකය
මජ්ඣිමනිකායො මජ්ඣිම නිකාය
මූලපණ්ණාසපාළි මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.)
1. මූලපරියායවග්ගො 1. මූල පරියාය වර්ගය
1. මූලපරියායසුත්තං 1. මූල පරියාය සූත්‍රය
2. සබ්බාසවසුත්තං 2. සබ්බාසව සූත්‍රය
3. ධම්මදායාදසුත්තං 3. ධම්ම දායාද සූත්‍රය
4. භයභෙරවසුත්තං 4. භයභෙරව සූත්‍රය
5. අනඞ්ගණසුත්තං 5. අනංගණ සූත්‍රය
6. ආකඞ්ඛෙය්‍යසුත්තං 6. ආකඩ්ඛෙය්‍ය සූත්‍රය
7. වත්ථසුත්තං 7. වත්ථ සූත්‍රය
8. සල්ලෙඛසුත්තං 8. සල්ලේඛ සූත්‍රය
9. සම්මාදිට්ඨිසුත්තං 9. සම්මා දිට්ඨි සූත්‍රය
89
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘‘සම්මාදිට්ඨි (සම්මාදිට්ඨී (සී. ස්‍යා.)) සම්මාදිට්ඨී’ති, ආවුසො, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති?
‘‘දූරතොපි ඛො මයං, ආවුසො, ආගච්ඡෙය්‍යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තංයෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. ආයස්මතො සාරිපුත්තස්ස සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙන හි, ආවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො අකුසලඤ්ච පජානාති, අකුසලමූලඤ්ච පජානාති, කුසලඤ්ච පජානාති, කුසලමූලඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, අකුසලං, කතමං අකුසලමූලං, කතමං කුසලං, කතමං කුසලමූලං? පාණාතිපාතො ඛො, ආවුසො, අකුසලං, අදින්නාදානං අකුසලං, කාමෙසුමිච්ඡාචාරො අකුසලං, මුසාවාදො අකුසලං, පිසුණා වාචා (පිසුණවාචා (ක.)) අකුසලං, ඵරුසා වාචා (ඵරුසවාචා (ක.)) අකුසලං, සම්ඵප්පලාපො අකුසලං, අභිජ්ඣා අකුසලං, බ්‍යාපාදො අකුසලං, මිච්ඡාදිට්ඨි අකුසලං - ඉදං වුච්චතාවුසො අකුසලං. කතමඤ්චාවුසො, අකුසලමූලං? ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං - ඉදං වුච්චතාවුසො, අකුසලමූලං.
‘‘කතමඤ්චාවුසො , කුසලං? පාණාතිපාතා වෙරමණී කුසලං, අදින්නාදානා වෙරමණී කුසලං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී කුසලං, මුසාවාදා වෙරමණී කුසලං, පිසුණාය වාචාය වෙරමණී කුසලං, ඵරුසාය වාචාය වෙරමණී කුසලං, සම්ඵප්පලාපා වෙරමණී කුසලං, අනභිජ්ඣා කුසලං, අබ්‍යාපාදො කුසලං, සම්මාදිට්ඨි කුසලං - ඉදං වුච්චතාවුසො, කුසලං. කතමඤ්චාවුසො, කුසලමූලං? අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං - ඉදං වුච්චතාවුසො, කුසලමූලං.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං අකුසලං පජානාති, එවං අකුසලමූලං පජානාති, එවං කුසලං පජානාති, එවං කුසලමූලං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
89
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිඅනාථපිණ්ඩික සිටුහුවිසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.
“ඇවැත්නි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක්දෘෂ්ටිය (හරිදැකීම) යයිකියනු ලැබේ. ඇවැත්නි, ආර්යශ්‍රාවකතෙම කොපමණකින් සම්‍යක්දෘෂ්ටි ඇත්තේවේද? දෘෂ්ටිය සෘජු බවට පැමිණියාවේද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ ධර්මයට (නිර්වාණධර්මයට) පැමිණියේ වේද? ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මේ කීමෙහි අර්ථය දැනගන්නට දුරසිටත් එන්නෙමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම මේ කීමෙහි අර්ථය ප්‍රකාශ කිරීම අයත්වේවා, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දැනගන්නාහුය. ‘ඇවැත්නි, එසේවී නම් අසව් හොඳින් හිතේ තබාගනිව් කියන්නෙමි’ ‘එසේය ඇවැත්නි, ‘කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම අකුසලයත් දනීද අකුසලමූලයන් දනීද කුසලයත් දනීද කුසල මූලයත් දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට ගියා වෙයි ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, අකුසලය කවරේද? අකුසලමූලය කවරේද? කුසලය කවරේද? කුසලමූලය කවරේද? ඇවැත්නි, ප්‍රාණ ඝාතය අකුසල්ය, සොරකම් කිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැසිරීම අකුසල්ය, බොරුකීම අකුසල්ය, කේලාම් කීම් අකුසල්ය, ඵරුෂවචන කීම අකුසල්ය, නිෂ්ඵල කථාකීම අකුසල්ය, අධික ලෝභය අකුසල්ය, බලවත් ක්‍රෝධය අකුසල්ය, වැරදි දෘෂ්ටිය අකුසල්ය, ඇවැත්නි, මේ අකුසලයයි කියනු ලැබේ.
“ඇවැත්නි, අකුසලමුලය කවරේද? ලෝභය අකුසල් මූලයි, ද්වේෂය අකුසල්මූලයි, මෝහය අකුසල්මූලයි, ඇවැත්නි, මේ අකුසල් මුල්යයි කියනු ලැබේ.
“ඇවැත්නි, කුසලය කවරේද? ප්‍රාණඝාතයෙන් වැළැක්ම කුසල්ය, සොරකම් කිරීමෙන් වැළැක්ම කුසල්ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැක්ම කුසල්ය, බොරු කීමෙන් වෙන්වීම කුසල්ය, කේළාම් කීමෙන් වෙන්වීම කුසල්ය, ඵරුෂ වචනයෙන් වෙන්වීම කුසල්ය, හිස් වචනයෙන් වෙන්වීම කුසල්ය අධික ලෝභය නැතිබව කුසල්ය, ව්‍යාපාද නැති බව කුසල්ය, නිවැරදි දැකීම කුසල්ය. ඇවැත්නි, මේ කුසලයයි කියනු ලැබේ.
“ඇවැත්නි, කුසල් මුල් කවරේද? අලෝභය කුසල් මුලයි, අද්වේෂය කුසල් මුලයි, අමෝහය කුසල් මුලයි. ඇවැත්නි, මේ කුසල මුල්යයි කියනු ලැබේ.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකතෙම මෙසේ අකුසලය දනීද, අකුසල්මුල් දනීද, කුසලය දනීද, කුසල්මුල් දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමි යන දැකීම හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ජාතියෙහිදීම දුක් කෙළවර කරන්නන් වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
90
‘‘සාධාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරි (උත්තරිං (සී. ස්‍යා. පී.)) පඤ්හං අපුච්ඡුං (අපුච්ඡිංසු (ස්‍යා.)) - ‘‘සියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති?
‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ආහාරඤ්ච පජානාති, ආහාරසමුදයඤ්ච පජානාති, ආහාරනිරොධඤ්ච පජානාති, ආහාරනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමො පනාවුසො, ආහාරො, කතමො ආහාරසමුදයො, කතමො ආහාරනිරොධො, කතමා ආහාරනිරොධගාමිනී පටිපදා? චත්තාරොමෙ, ආවුසො, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා, සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. තණ්හාසමුදයා ආහාරසමුදයො, තණ්හානිරොධා ආහාරනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආහාරනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො , සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි’.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ආහාරං පජානාති, එවං ආහාරසමුදයං පජානාති, එවං ආහාරනිරොධං පජානාති, එවං ආහාරනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
90
“ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආහාරය දනීද, ආහාරයාගේ හේතුව දනීද, ආහාරයාගේ නැතිකිරීම දනීද, ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ආහාරය කවරේද? ආහාරයාගේ හේතුව කවරේද? ආහාරයාගේ නැතිකිරීම කවරේද? ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසද පවත්නාවූ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්? ඝනවූද සියුම් වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද, දෙවෙනිවූ ස්පර්ශ ආහාරය (විඳීමට හේතු වන්නාවූ සිතත් අරමුණත් ගැටීම) ද, තුන්වැනිවූ මනොසංචෙතනා ආහාරය (උත්පත්තියට හේතුවන කර්මය) ද, සතරවැනිවූ විඤ්ඤාණ ආහාරය (නාම රූපයන්ගේ පැවැත්මට හේතුවූ විඤ්ඤාණය) ද යන සතරය.
“තෘෂ්ණාවගේ හටගැන්ම නිසා ආහාරයෙන් හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් ආහාරයාගේ නැතිකිරීම වෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරැදි වචනය, නිවරැදි කර්මාන්තය, නිවැරැදි ක්‍රියාව, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන මේයි. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ආහාරය දනීද, මෙසේ ආහාරයාගේ හේතුව දනීද, මෙසේ ආහාර නැතිකිරීම දනීද, මෙසේ ආහාර නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවාමේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
91
‘‘සාධාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරි පඤ්හං අපුච්ඡුං - ‘‘සියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති?
‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො දුක්ඛඤ්ච පජානාති, දුක්ඛසමුදයඤ්ච පජානාති, දුක්ඛනිරොධඤ්ච පජානාති, දුක්ඛනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, දුක්ඛං, කතමො දුක්ඛසමුදයො, කතමො දුක්ඛනිරොධො, කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (ක.)) දුක්ඛා - ඉදං වුච්චතාවුසො, දුක්ඛං. කතමො චාවුසො, දුක්ඛසමුදයො? යායං තණ්හා පොනොබ්භවිකා නන්දීරාගසහගතා (පොනොභවිකා (සී. පී.)) තත්‍රතත්‍රාභිනන්දිනී (නන්දිරාගසහගතා (සී. පී.)), සෙය්‍යථිදං, කාමතණ්හා භවතණ්හා විභවතණ්හා - අයං වුච්චතාවුසො, දුක්ඛසමුදයො. කතමො චාවුසො, දුක්ඛනිරොධො? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො - අයං වුච්චතාවුසො, දුක්ඛනිරොධො. කතමා චාවුසො, දුක්ඛනිරොධගාමිනී පටිපදා? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං, සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි - අයං වුච්චතාවුසො, දුක්ඛනිරොධගාමිනී පටිපදා.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං දුක්ඛං පජානාති, එවං දුක්ඛසමුදයං පජානාති, එවං දුක්ඛනිරොධං පජානාති, එවං දුක්ඛනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
91
ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ (වචනය) සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.
“ඇවැත්නි, යම්ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට ආයේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම දුක දනීද, දුක ඉපදීමට හේතුව දනීද, දුක නැති කිරීම දනීද, දුක නැතිකිරීමට යන මාර්ගය දනීද, මෙපමණකින්ද ඇවැත්නි, ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, දුක කවරේද? දුක් හට ගැන්මට හේතුව කවරේද? දුක නැති කිරීම කවරේද? දුක් නැති කිරීමට යන ප්‍රතිපදාව කවරේද යත්? ඉපදීමද දුකය, දිරීමද දුකය, මරණයද දුකය, ශෝකය, වැළපීමය, ශාරීරික දුකය, මානසික දුකය, දැඩි වෙහෙසය යන මොහුද දුකය. කැමතිවන යමක් නොලැබේනම් ඒ ද දුකය. කොටින්ම උපාදානස්කන්ධ පහම දුකය. ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක්හටගැන්මට හේතුව කවරේද, නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ බලවත් තෘෂ්ණාව හා එක්ව පවත්නාවූ ඒ ඒ තැන අලෙන්නාවූ යම් මේ තෘෂ්ණාවක්වේද, එනම් කාම තෘෂ්ණාවය (වස්තුකාම ආශාව) භව තෘෂ්ණාව (ශාස්වත දෘෂ්ටිය හා යෙදුණු ආශාව) විභව තෘෂ්ණාව (උච්ඡේද දෘෂ්ටිය හා යෙදුණු ආශාව) යන මොහුය. ඇවැත්නි, මේ දුක් හටගැන්මට හේතුවයයි කියනු ලැබේ. ඇවැත්නි, දුක් නැති කිරීම කවරේද? ඒ තෘෂ්ණාවගේම ඉතිරි නොකොට නැත්කිරීමක් වේද, දුරලීමක්, මිදීමක්, ආලය නොකිරීමක් වේද, ඇවැත්නි, මේ දුක නැතිකිරීමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි. ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ දුක දනීද, මෙසේ දුක් ඉපදීමට හේතුව දනීද, මෙසේ දුක් නැතිකිරීම දනීද, මෙසේ දුක් නැතිකිරීමට මාර්ගය දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ද්වේෂය දුරුකොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේද වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියාද වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
92
‘‘සාධාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරි පඤ්හං අපුච්ඡුං - ‘‘සියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති?
‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරොධඤ්ච පජානාති, ජරාමරණනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, ජරාමරණං, කතමො ජරාමරණසමුදයො, කතමො ජරාමරණනිරොධො, කතමා ජරාමරණනිරොධගාමිනී පටිපදා? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො - අයං වුච්චතාවුසො, ජරා. කතමඤ්චාවුසො, මරණං? යා (යං (පී. ක.), සතිපට්ඨානසුත්තෙපි) තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලංකිරියා ඛන්ධානං භෙදො, කළෙවරස්ස නික්ඛෙපො, ජීවිතින්ද්‍රියස්සුපච්ඡෙදො - ඉදං වුච්චතාවුසො, මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං - ඉදං වුච්චතාවුසො, ජරාමරණං. ජාතිසමුදයා ජරාමරණසමුදයො, ජාතිනිරොධා ජරාමරණනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදං පජානාති, එවං ජරාමරණනිරොධං පජානාති, එවං ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
92
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළාහුය.
“ඇවැත්නි, ආර්ය ශ්‍රාවකතෙම යම්සේ සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ අනික් ක්‍රමයක් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, ආර්ය ශ්‍රාවකතෙම යම් තැනක පටන් ජරා මරණ දෙක දනීද, ජරා මරණයන්ගේ හේතුව දනීද ජරා මරණයන්ගේ නැති කිරීම දනීද ජරා මරණයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ජරාමරණය කවරේද? ජරාමරණයට හේතුව කවරේද? ජරාමරණ නැතිකිරීම කවරේද? ජරාමරණ නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඒ ඒ සත්ත්ව වර්ගයෙහි ඒ ඒ සත්ත්වයන්ගේ යම් (දිරීමක්) දිරායන බවක් වේද, දත් ආදිය කැඩීයාමක් වේද, ඉසකේ ආදිය පැසීමක් වේද, රැලිවැටුන සම් ඇති බවක් වේද, ආයුෂයාගේ පිරිහීමක් වේද, ඇස් ආදී ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද ඇවැත්නී, මේ ජරාවයයි කියනු ලැබේ. ඇවැත්නි, මරණය කවරේද ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව වර්ගයෙන් යම් චුතවීමක් වේද, චුතවන බවක් වේද, ශරීරයාගේ බිඳීමක් වේද, අතුරුදහන් වීමක් වේද මරණයක් වේද කාලක්‍රියාවක් වේද, පංචස්කන්ධයන්ගේ බිඳීමක් වේද, ශරීරය බැහැර දැමීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ. ඇවැත්නි, මේ ජරාවද මේ මරණයද යන දෙක ජරා මරණයයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරා මරණයන්ගේ ඇතිවීම වෙයි. ජාතිය නැතිකිරීමෙන් ජරා මරණයන්ගේ නැතිවීම වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරා මරණයන් නැති කිරීමට යන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ජරාව හා මරණය දනීද, මෙසේ ජරා මරණයන්ගේ හටගැන්ම දනීද, මෙසේ ජරා මරණයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ ජරා මරණ නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ද්වේෂය දුරු කොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට ආයේ වෙයි.
93
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ජාතිඤ්ච පජානාති, ජාතිසමුදයඤ්ච පජානාති, ජාතිනිරොධඤ්ච පජානාති, ජාතිනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමා පනාවුසො, ජාති, කතමො ජාතිසමුදයො, කතමො ජාතිනිරොධො, කතමා ජාතිනිරොධගාමිනී පටිපදා? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො, ආයතනානං පටිලාභො - අයං වුච්චතාවුසො, ජාති. භවසමුදයා ජාතිසමුදයො, භවනිරොධා ජාතිනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජාතිනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ජාතිං පජානාති, එවං ජාතිසමුදයං පජානාති, එවං ජාතිනිරොධං පජානාති, එවං ජාතිනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
93
“ඇවැත්නි, ඉතා මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයිද ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම ජාතිය (ඉපදීම) දනීද, ඉපදීමට හේතුව දනීද, ඉපදීම නැතිකිරීම දනීද, ඉපදීම නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ජාතිය කවරේද, ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක් වේද, මනාකොට ඉපදීමක් වේද, මව් කුසට පැමිණීමක් වේද, ප්‍රකටව ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක්වේද, ඇවැත්නි, මේ ජාතියයි කියනු ලැබේ. කර්මභවය හේතු කොටගෙන ජාතිය ඇතිවේ. කර්මභවය නැති කිරීමෙන් ජාතිය නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජාතිය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්. නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් අවස්ථාවක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ජාතිය දනීද, මෙසේ ජාතියට හේතුව දනීද, මෙසේ ජාතිය නැතිකිරීම දනීද, මෙසේ ජාතිය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
94
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො භවඤ්ච පජානාති, භවසමුදයඤ්ච පජානාති, භවනිරොධඤ්ච පජානාති, භවනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමො පනාවුසො, භවො, කතමො භවසමුදයො, කතමො භවනිරොධො, කතමා භවනිරොධගාමිනී පටිපදා? තයොමෙ, ආවුසො, භවා - කාමභවො, රූපභවො, අරූපභවො. උපාදානසමුදයා භවසමුදයො, උපාදානනිරොධා භවනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො භවනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං භවං පජානාති, එවං භවසමුදයං පජානාති, එවං භවනිරොධං පජානාති, එවං භවනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති. එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
94
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම කර්මභවය දනීද, කර්මභවය ඇතිවීමට හේතුව දනීද, කර්මභවය නැතිකිරීම දනීද, කර්මභවය නැති කිරීමට යන මාර්ගය දනීද, ඇවැත්නි, මෙපමණකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, භවය කවරේද, භවය ඇතිවීමට හේතුව කවරේද, භවය නැතිකිරීම කවරේද? භවය නැතිකිරීමට යන මාර්ගය කවරේද, ඇවැත්නි, භවයෝ (කර්මභව උත්පත්ති භව) මේ තුනක් වෙත්. කාමභවය, රූප භවය, අරූප භවය (යන තුනයි) උපාදානයන් (තෘෂ්ණාවෙන් දැඩි ලෙස ගැනීම) හේතුකොටගෙන භවයන්ගේ හටගැන්ම වේ. උපාදාන නැතිකිරීම භවයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භවය නැතිකිරීම් මාර්ගය වේ. ඒ කවරේද යත්? නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය. නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ භවය දනීද, මෙසේ භවයාගේ හටගැන්ම දනීද, මෙසේ භවය නැතිකිරීම දනීද, භවය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරු කොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
95
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො උපාදානඤ්ච පජානාති, උපාදානසමුදයඤ්ච පජානාති, උපාදානනිරොධඤ්ච පජානාති, උපාදානනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, උපාදානං, කතමො උපාදානසමුදයො, කතමො උපාදානනිරොධො, කතමා උපාදානනිරොධගාමිනී පටිපදා? චත්තාරිමානි, ආවුසො, උපාදානානි - කාමුපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං. තණ්හාසමුදයා උපාදානසමුදයො, තණ්හානිරොධා උපාදානනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපාදානනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං උපාදානං පජානාති, එවං උපාදානසමුදයං පජානාති, එවං උපාදානනිරොධං පජානාති, එවං උපාදානනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
95
“ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම උපාදානය (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩිකොට අල්ලාගැනීම) දනීද, උපාදාන හේතුව දනීද උපාදාන නැති කිරීම දනීද, උපාදාන නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, උපාදානය කවරේද? උපාදානයන්ගේ හටගැන්ම කවරේද? උපාදානයන්ගේ නැතිකිරීම කවරේද? උපාදානයන් නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ උපාදාන සතරක් වෙත්. කාම උපාදානය, (ආශාවෙන් දැඩිකොට අල්ලා ගැනීම) දිට්ඨි උපාදානය (දෘෂ්ටියෙන් දැඩි කොට අල්ලා ගැනීම) අත්තවාද උපාදානය (ආත්මයක් ඇතැයි තරයේ ගැනීම) සීලබ්බත උපාදානය (ශාසනයෙන් පිටත ශීලව්‍රත තරයේ ගැනීම) යන සතරයි.
තෘෂ්ණාව හේතු කොටගෙන උපාදානයන්ගේ හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් උපාදාන නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම උපාදාන නැති කිරීමට යන මාර්ගයයි එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම උපාදානය දනීද උපාදාන හටගැන්ම දනීද, උපාදාන නැති කිරීම දනීද උපාදානයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා, මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
96
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො තණ්හඤ්ච පජානාති, තණ්හාසමුදයඤ්ච පජානාති, තණ්හානිරොධඤ්ච පජානාති, තණ්හානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමා පනාවුසො, තණ්හා, කතමො තණ්හාසමුදයො, කතමො තණ්හානිරොධො, කතමා තණ්හානිරොධගාමිනී පටිපදා? ඡයිමෙ, ආවුසො, තණ්හාකායා - රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා. වෙදනාසමුදයා තණ්හාසමුදයො, වෙදනානිරොධා තණ්හානිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො තණ්හානිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං තණ්හං පජානාති, එවං තණ්හාසමුදයං පජානාති, එවං තණ්හානිරොධං පජානාති, එවං තණ්හානිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
96
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම තණ්හාව දනීද, තණ්හාව ඉපදීමට හේතුව දනීද තණ්හාව නැති කිරීම දනීද, තණ්හාව නැති කිරීමට යන මාර්ගය දනීද ඇවැත්නි, මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
ඇවැත්නි, තණ්හාව කවරේද? තණ්හාව හටගැන්මට හේතුව කවරේද, තණ්හාව නැති කිරීම කවරේද? තණ්හාව නැති කිරීමට යන මාර්ගය කවරේද?
“ඇවැත්නි, මේ තණ්හාව කොටස් සයක් වෙත්. රූප තණ්හාවය, සද්ද තණ්හාවය, ගන්ධ තණ්හාවය, රස තණ්හාවය, ඵොට්ඨබ්බ තණ්හාවය, ධම්ම තණ්හාවය (යන සයයි). වේදනාවගේ හටගැන්මෙන් තණ්හාවගේ හටගැන්මවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තණ්හාව නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්, නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ තණ්හාව දනීද, මෙසේ තණ්හාව හටගැන්ම දනීද, මෙසේ තණ්හාව නැතිකිරීම දනීද, මෙසේ තණ්හාව නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරු කොට, ක්‍රෝධය දුරුකොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි, ඇවැත්නි මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
97
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො වෙදනඤ්ච පජානාති, වෙදනාසමුදයඤ්ච පජානාති, වෙදනානිරොධඤ්ච පජානාති, වෙදනානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමා පනාවුසො, වෙදනා, කතමො වෙදනාසමුදයො, කතමො වෙදනානිරොධො, කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? ඡයිමෙ, ආවුසො, වෙදනාකායා - චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො, ඵස්සනිරොධා වෙදනානිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං වෙදනං පජානාති, එවං වෙදනාසමුදයං පජානාති, එවං වෙදනානිරොධං පජානාති, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
97
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේමේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුන් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම වේදනාවත් දනීද, වේදනා හටගැන්මත් දනීද, වේදනා නැතිකිරීමත් දනීද, වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, වේදනාව කවරේද? වේදනාවගේ හටගැන්ම කවරේද? වේදනාව නැතිකිරීම කවරේද? වේදනාව නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ වේදනා කොටස් සයක් වෙත්. ඇස හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, කණ හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, නාසය හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, දිව හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, ශරීරය හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, හිත හා ගැටීමෙන් හටගන්නා වේදනාවය (යන සයය) ස්පර්ශය (අරමුණු ගැටීම) හේතුකොටගෙන වේදනාව හටගැන්ම වේ. ස්පර්ශය නැතිකිරීමෙන් වේදනා නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ වේදනාව දනීද, මෙසේ වේදනාවගේ හටගැන්ම දනීද, මෙසේ වේදනා නැතිකිරීම දනීද, මෙසේ වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනිද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
98
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ඵස්සඤ්ච පජානාති, ඵස්සසමුදයඤ්ච පජානාති, ඵස්සනිරොධඤ්ච පජානාති, ඵස්සනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමො පනාවුසො, ඵස්සො, කතමො ඵස්සසමුදයො, කතමො ඵස්සනිරොධො, කතමා ඵස්සනිරොධගාමිනී පටිපදා? ඡයිමෙ, ආවුසො, ඵස්සකායා - චක්ඛුසම්ඵස්සො, සොතසම්ඵස්සො , ඝානසම්ඵස්සො, ජිව්හාසම්ඵස්සො, කායසම්ඵස්සො, මනොසම්ඵස්සො. සළායතනසමුදයා ඵස්සසමුදයො, සළායතනනිරොධා ඵස්සනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ඵස්සනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ඵස්සං පජානාති, එවං ඵස්සසමුදයං පජානාති, එවං ඵස්සනිරොධං පජානාති, එවං ඵස්සනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
98
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනකපටන් ආර්ය ශ්‍රාවකතෙම ස්පර්ශයත් දනීද, ස්පර්ශයාගේ හටගැන්මත් දනීද, ස්පර්ශය නැතිකිරීමත් දනීද, ස්පර්ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි. (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ස්පර්ශය කවරේද? ස්පර්ශයාගේ හටගැන්ම කවරේද? ස්පර්ශය නැතිකිරීම කවරේද? ස්පර්ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ස්පර්ශ කොටස් සයක් වෙත්. ඇස හා ස්පර්ශය, කණ හා ස්පර්ශය, නාසය හා ස්පර්ශය, දිව හා ස්පර්ශය, ශරීරය හා ස්පර්ශය, හිත හා ස්පර්ශය යන සයයි. ආයතන (ඇස ආදී ඉන්ද්‍රිය හය) හටගැන්මෙන් ස්පර්ශයන්ගේ හටගැන්ම වේ. ආයතන හය නැතිකිරීමෙන් ස්පර්ශයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ස්පර්ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවය. එනම්. නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ස්පර්ශය දනීද, මෙසේ ස්පර්ශය හටගැන්ම දනීද, ස්පර්ශය නැති කිරීම දනීද, ස්පර්ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරුකොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයි ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
99
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො සළායතනඤ්ච පජානාති, සළායතනසමුදයඤ්ච පජානාති, සළායතනනිරොධඤ්ච පජානාති, සළායතනනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, සළායතනං, කතමො සළායතනසමුදයො, කතමො සළායතනනිරොධො, කතමා සළායතනනිරොධගාමිනී පටිපදා ? ඡයිමානි, ආවුසො, ආයතනානි - චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං. නාමරූපසමුදයා සළායතනසමුදයො, නාමරූපනිරොධා සළායතනනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සළායතනනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං සළායතනං පජානාති, එවං සළායතනසමුදයං පජානාති, එවං සළායතනනිරොධං පජානාති , එවං සළායතනනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
99
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම ආයතන දනීද, ආයතනයන්ගේ හටගැන්ම දනීද, ආයතන නැතිකිරීම දනීද, ආයතන නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
ඇවැත්නි, සය ආයතනය කවරේද? සය ආයතනයන්ගේ හටගැන්ම කවරේද? සය ආයතනයන්ගේ නැතිකිරීම කවරේද? සය ආයතනයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ආයතන සයක් වෙත්. චක්ඛු ආයතනය සොත ආයතනය, ඝාණ ආයතනය, ජිව්හා ආයතනය, කාය ආයතනය, මනො ආයතනය (යන හයයි.) නාමරූපයන්ගේ (රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ) හටගැන්මෙන් සය ආයතනයන්ගේ හටගැන්ම වේ. නාමරූපයන් නැතිකිරීමෙන් සය ආයතනයන්ගේ නැති කිරීම වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සය ආයතනය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ සය ආයතන දනීද, මෙසේ සය ආයතනයන්ගේ හටගැන්ම දනීද, මෙසේ සය ආයතනයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ සය ආයතන නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්යෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
100
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො නාමරූපඤ්ච පජානාති, නාමරූපසමුදයඤ්ච පජානාති, නාමරූපනිරොධඤ්ච පජානාති, නාමරූපනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, නාමරූපං, කතමො නාමරූපසමුදයො, කතමො නාමරූපනිරොධො, කතමා නාමරූපනිරොධගාමිනී පටිපදා? වෙදනා, සඤ්ඤා, චෙතනා, ඵස්සො, මනසිකාරො - ඉදං වුච්චතාවුසො, නාමං; චත්තාරි ච මහාභූතානි, චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං - ඉදං වුච්චතාවුසො, රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං - ඉදං වුච්චතාවුසො, නාමරූපං. විඤ්ඤාණසමුදයා නාමරූපසමුදයො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො නාමරූපනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං නාමරූපං පජානාති, එවං නාමරූපසමුදයං පජානාති, එවං නාමරූපනිරොධං පජානාති, එවං නාමරූපනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
100
“ඇවැත්නි, ‘ඉතා මැනවැයි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම නාම රූප දෙක දනීද, නාම රූප හටගැන්ම දනීද, නාම රූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි නාමරූප කවරේද? නාමරූපයන්ගේ හට ගැන්ම කවරේද? නාමරූපයන්ගේ නැතිකිරීම කවරේද? නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? වේදනා (විඳීම) ය, සංඥා (හැඟීමය) ය, චෙතනා (මෙහෙයීම) ය, ස්පර්ශ (ගැටීම) ය, මනසිකාර (මෙනෙහිකිරීම) ය යන මේ ධර්ම ඇවැත්නි, නාමයයි කියනු ලැබේ.
“මහා භූත රූප හතර (පස් දිය ගිනි සුළං) ද ඒ සතර මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපද යන මෙය ඇවැත්නි, රූපයයි කියනු ලැබේ. මෙසේ මේ නාමයද මේ රූපයද ඇවැත්නි, නාමරූපයයි කියනු ලැබේ. ප්‍රතිසන්ධිවිඥානයාගේ (පිළිසිඳ ගැනීම පිළිබඳ විඤ්ඤාණය) හටගැන්මෙන් නාමරූපයන්ගේ හටගැන්ම වේ. විඥානය නැතිකිරීමෙන් නාමරූපයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ නාමරූපයන් දනීද, මෙසේ නාමරූපයන්ගේ හටගැන්ම දනීද මෙසේ නාමරූපයන්ගේ නැතිකිරීම දනීද මෙසේ නාමරූපයන් නැතිකිරිමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
101
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො විඤ්ඤාණඤ්ච පජානාති, විඤ්ඤාණසමුදයඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, විඤ්ඤාණං, කතමො විඤ්ඤාණසමුදයො, කතමො විඤ්ඤාණනිරොධො, කතමා විඤ්ඤාණනිරොධගාමිනී පටිපදා? ඡයිමෙ, ආවුසො, විඤ්ඤාණකායා - චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. සඞ්ඛාරසමුදයා විඤ්ඤාණසමුදයො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො විඤ්ඤාණනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං විඤ්ඤාණං පජානාති, එවං විඤ්ඤාණසමුදයං පජානාති, එවං විඤ්ඤාණනිරොධං පජානාති, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති , සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
101
“ඇවැත්නි, මැනවැයි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද, විඤ්ඤාණයාගේ නැතිකිරීම දනීද, විඥානය නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, විඤ්ඤාණය කවරේද? විඤ්ඤාණයාගේ හටගැන්ම කවරේද? විඤ්ඤාණය නැතිකිරීම කවරේද? විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි මේ විඤ්ඤාණ කොටස් සයක් වෙත්. චක්ඛුවිඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජීව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනො විඤ්ඤාණය. (යන සයයි) සංස්කාරයන්ගේ හටගැන්මෙන් විඤ්ඤාණයන්ගේ හටගැන්ම වේ. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඤ්ඤාණයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද, විඤ්ඤාණය නැතිකිරීම දනීද, විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. අවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
102
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො සඞ්ඛාරෙ ච පජානාති, සඞ්ඛාරසමුදයඤ්ච පජානාති, සඞ්ඛාරනිරොධඤ්ච පජානාති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමෙ පනාවුසො, සඞ්ඛාරා, කතමො සඞ්ඛාරසමුදයො, කතමො සඞ්ඛාරනිරොධො, කතමා සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා? තයොමෙ, ආවුසො, සඞ්ඛාරා - කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො. අවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො, අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං සඞ්ඛාරෙ පජානාති, එවං සඞ්ඛාරසමුදයං පජානාති, එවං සඞ්ඛාරනිරොධං පජානාති, එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
102
“ඇවැත්නි මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම සංස්කාරයන් (කුසලා කුසල කර්ම) දනීද, සංස්කාරයන්ගේ හටගැන්ම දනීද, සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද, සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, සංස්කාර කවරේද? සංස්කාරයන්ගේ හටගැන්ම කවරේද? සංස්කාරයන්ගේ නැතිකිරීම කවරේද? සංස්කාරන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙත්. කාය සංඛාරය (කයින් කරන කර්ම) වචී සංඛාරය (වචනයෙන් කරන කර්ම) මනො සංඛාරය (සිතින් කරන කර්ම) යන තුනයි. අවිද්‍යාවගේ හටගැන්මෙන් සංස්කාරයන්ගේ හටගැන්ම වේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාරයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ සංස්කාරයන් දනීද මෙසේ සංස්කාරයන් හටගැන්ම දනීද මෙසේ සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද මෙසේ සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහිනොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
103
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො අවිජ්ජඤ්ච පජානාති, අවිජ්ජාසමුදයඤ්ච පජානාති, අවිජ්ජානිරොධඤ්ච පජානාති, අවිජ්ජානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමා පනාවුසො, අවිජ්ජා, කතමො අවිජ්ජාසමුදයො, කතමො අවිජ්ජානිරොධො, කතමා අවිජ්ජානිරොධගාමිනී පටිපදා? යං ඛො, ආවුසො, දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං - අයං වුච්චතාවුසො, අවිජ්ජා. ආසවසමුදයා අවිජ්ජාසමුදයො, ආසවනිරොධා අවිජ්ජානිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො අවිජ්ජානිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං අවිජ්ජං පජානාති, එවං අවිජ්ජාසමුදයං පජානාති, එවං අවිජ්ජානිරොධං පජානාති, එවං අවිජ්ජානිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
103
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම අවිද්‍යාවත් දනීද, අවිද්‍යාව නැති කිරීමත් දනීද, අවිද්‍යාව නැති කිරිමේ ප්‍රතිපදාවත් දනීද, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, අවිද්‍යාව කවරේද? අවිද්‍යාවට හේතුව කවරේද? අවිද්‍යාව නැති කිරීම කවරේද? අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද?
“ඇවැත්නි, දුක පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක හටගැනීමට හේතුව පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක නැතිකිරීම පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක නැතිකිරීමේ ප්‍රතිපදාව පිළිබඳ යම් නොදැන්මක් වේද ඇවැත්නි, මේ නොදැන්ම අවිද්‍යාවයයි කියනු ලැබේ. ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) හේතුකොටගෙන අවිද්‍යාවගේ හටගැන්ම වේ. ආශ්‍රවයන් නැති කිරීමෙන් අවිද්‍යාව නැති වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපදාවයි එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ අවිද්‍යාව දනීද, මෙසේ අවිද්‍යාවට හේතුව දනීද, මෙසේ අවිද්‍යාව නැතිකිරීම දනීද, මෙසේ අවිද්‍යාව නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
104
‘‘සාධාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරි පඤ්හං අපුච්ඡුං - ‘‘සියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති?
‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ආසවඤ්ච පජානාති, ආසවසමුදයඤ්ච පජානාති, ආසවනිරොධඤ්ච පජානාති, ආසවනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමො පනාවුසො, ආසවො, කතමො ආසවසමුදයො, කතමො ආසවනිරොධො, කතමා ආසවනිරොධගාමිනී පටිපදාති? තයොමෙ, ආවුසො, ආසවා - කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො. අවිජ්ජාසමුදයා ආසවසමුදයො, අවිජ්ජානිරොධා ආසවනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආසවනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ආසවං පජානාති, එවං ආසවසමුදයං පජානාති, එවං ආසවනිරොධං පජානාති, එවං ආසවනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති , උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
ඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
104
“ඇවැත්නි, මැනවැයි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) දනීද, ආශ්‍රවයන්ට හේතුවත් දනීද, ආශ්‍රවයන්ගේ නැතිකිරීමත් දනීද, ආශ්‍රවයන් නැතිකිරීමේ ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ආශ්‍රවයෝ කවරහුද? ආශ්‍රවයන්ට හේතුව කවරේද? ආශ්‍රවයන් නැතිකිරීම කවරේද? ආශ්‍රවයන් නැති කරන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ආශ්‍රව තුනක් වෙත්. කාමාශ්‍රවය (කාම තණ්හාව,) භවාශ්‍රවය (භව තණ්හාවය,) අවිද්‍යාශ්‍රවය (මෝහය) යන තුනයි. අවිද්‍යාව හේතුකොටගෙන ආශ්‍රවයන්ගේ හටගැන්ම වේ. අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රවයන්ගේ නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආශ්‍රවයන් නැති කිරීමේ ප්‍රතිපදාව වෙයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ ආශ්‍රවයන් දනීද, ආශ්‍රවයන්ගේ හටගැන්මත් දනීද, ආශ්‍රව නැතිකිරීමත් දනීද, ආශ්‍රව නැතිකිරීමේ ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරු කොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙමේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටි සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.”
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය ඉතා සතුටින් පිළිගත්තාහුය.
10. මහාසතිපට්ඨානසුත්තං 10. සතිපට්ඨාන සූත්‍රය