ත්‍රිපිටකය
8. සිඞ්ගාලසුත්තං 8. සිගාලක සූත්‍රය
242
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සිඞ්ගාලකො (සිගාලකො (සී.)) ගහපතිපුත්තො කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා (පුථුද්දිසා (සී. ස්‍යා. පී.)) නමස්සති - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං.
242
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්දකනිවාප නම්වූ, වෙළුවන වෙහෙරෙහි වාසය කළහ.
එකල සිගාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලිබැඳගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, යට දිසාවය, උතුරු දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන් නමස්කාර කරන්නේය.
243
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා සිඞ්ගාලකං ගහපතිපුත්තං කාලස්සෙව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථං අල්ලකෙසං පඤ්ජලිකං පුථුදිසා නමස්සන්තං - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං. දිස්වා සිඞ්ගාලකං ගහපතිපුත්තං එතදවොච - ‘‘කිං නු ඛො ත්වං, ගහපතිපුත්ත, කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා නමස්සසි - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිස’’න්ති? ‘‘පිතා මං, භන්තෙ, කාලං කරොන්තො එවං අවච - ‘දිසා, තාත, නමස්සෙය්‍යාසී’ති. සො ඛො අහං, භන්තෙ, පිතුවචනං සක්කරොන්තො ගරුං කරොන්තො මානෙන්තො පූජෙන්තො කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා නමස්සාමි - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිස’’න්ති.
243
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස ගියෝය.
කල් ඇතිවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත් වූ ඇඳුම් ඇතිව, තෙත්වූ හිස කෙස් ඇතිව ඇඳිලි බැඳගෙන (ඇඟිලි එකට තබාගෙන) නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය, යන බොහෝ දිසාවන් වඳින්නවූ සිගාලක නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝය. (එසේ) දැක සිගාලක නම් ගෘහපති පුත්‍රයාට මෙය කීවාහුය. “ගෘහපති පුත්‍රය, නුඹ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව ඇදිලි බැඳ ගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන්ට කුමක් හෙයින් වඳින්නෙහිදැ”යි, ඇසූහ.
“ස්වාමීන් වහන්ස, (මගේ) පියා මැරෙණ කල මට මෙසේ කීයේය. ‘දරුව, දිශාවන්ට නමස්කාර කරව” (කියායි.)
“ස්වාමීන් වහන්ස, ඒ මම පියාගේ වචනයට සත්කාර කරන්නේ, ගෞරව කරන්නේ, බුහුමන්කරන්නේ, පුදන්නේ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාවය, දකුණු දිශාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිශාවය යන බොහෝ දිශාවන්ට නමස්කාර කරමි’යි කීයේය.
ඡ දිසා ඡ දිසා
චත්තාරොකම්මකිලෙසා චත්තාරොකම්මකිලෙසා
චතුට්ඨානං චතුට්ඨානං
ඡ අපායමුඛානි ඡ අපායමුඛානි
සුරාමෙරයස්ස ඡ ආදීනවා සුරාමෙරයස්ස ඡ ආදීනවා
විකාලචරියාය ඡ ආදීනවා විකාලචරියාය ඡ ආදීනවා
සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා
ජූතප්පමාදස්ස ඡ ආදීනවා ජූතප්පමාදස්ස ඡ ආදීනවා
පාපමිත්තතාය ඡ ආදීනවා පාපමිත්තතාය ඡ ආදීනවා
ආලස්‍යස්ස ඡ ආදීනවා ආලස්‍යස්ස ඡ ආදීනවා
මිත්තපතිරූපකා මිත්තපතිරූපකා
සුහදමිත්තො සුහදමිත්තො
260
‘‘චත්තාරොමෙ , ගහපතිපුත්ත, මිත්තා සුහදා වෙදිතබ්බා. උපකාරො (උපකාරකො (ස්‍යා.)) මිත්තො සුහදො වෙදිතබ්බො, සමානසුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො, අත්ථක්ඛායී මිත්තො සුහදො වෙදිතබ්බො, අනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො.
260
“ගෘහපති පුත්‍රය, හොඳ හිත ඇති මේ මිත්‍රයෝ සතර දෙනෙක් දතයුතු වෙත්. උපකාර නම් (හැම කටයුත්තකදීම පිටු නොපානා) හොඳ හිත ඇති මිත්‍රයෙක් දත යුතුයි. සමාන සුඛ දුක්ඛ, නම් (සැප දුක් දෙක්හි සමාන පැවතුම් ඇති) හොඳ සිතැති මිත්‍රයෙක් දතයුතුයි. අත්ථක්ඛායී නම් (අවැඩින් වළකා වැඩෙහි යොදවන) හොඳ සිතැති මිත්‍රයෙක් දත යුතුයි. අනුකම්පක, නම් (මිතුරුකම සලකා අනුකම්පා කරණ) හොඳ සිතැති මිත්‍රයෙක් දතයුතුයි.
261
‘‘චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි උපකාරො මිත්තො සුහදො වෙදිතබ්බො. පමත්තං රක්ඛති, පමත්තස්ස සාපතෙය්‍යං රක්ඛති, භීතස්ස සරණං හොති, උප්පන්නෙසු කිච්චකරණීයෙසු තද්දිගුණං භොගං අනුප්පදෙති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, චතූහි ඨානෙහි උපකාරො මිත්තො සුහදො වෙදිතබ්බො.
261
“ගෘහපති පුත්‍රය, උපකාරක නම් හොඳ හිතැති මිත්‍රයා කරුණු සතරකින් දතයුතුයි. මත්වූ මිතුරා රකියි. මත්වූ මිතුරාගේ ධනය රකියි. භයක් පැමිණි මිතුරාට උපකාර වෙයි. කටයුත්තක් ඇති කල්හි දෙගුණයක් කොට වස්තුව දෙයි. ගෘහපති පුත්‍රය, උපකාර නම් හොඳ හිතැති මිතුරා මේ කරුණු සතරින්ද දතයුතුයි.
262
‘‘චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි සමානසුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො. ගුය්හමස්ස ආචික්ඛති, ගුය්හමස්ස පරිගූහති, ආපදාසු න විජහති, ජීවිතංපිස්ස අත්ථාය පරිච්චත්තං හොති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, චතූහි ඨානෙහි සමානසුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො.
262
“ගෘහපති පුත්‍රය, සමාන සුව දුක් ඇති හොඳ හිතැති මිතුරා කරුණු සතරකින් දතයුතුයි. තමන්ගේ රහස් මිතුරාට කියයි. මිතුරාගේ රහස් හෙළිනොකරයි. මිතුරාට විපතක් පැමිණි කල්හි අත් නොහරියි. ඒ මිතුරාගේ යහපත සඳහා ජීවිතය පවා පුදනලද්දේ වෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් සුව දුක් දෙක්හි සමාන පැවතුම් ඇති හොඳ හිතැති මිතුරා දතයුතුයි.
263
‘‘චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි අත්ථක්ඛායී මිත්තො සුහදො වෙදිතබ්බො. පාපා නිවාරෙති, කල්‍යාණෙ නිවෙසෙති, අස්සුතං සාවෙති, සග්ගස්ස මග්ගං ආචික්ඛති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, චතූහි ඨානෙහි අත්ථක්ඛායී මිත්තො සුහදො වෙදිතබ්බො.
263
“ගෘහපති පුත්‍රය, කරුණු සතරකින් අත්ථක්ඛායී නම් හිත වැඩ කියන්නාවූ හොඳ හිතැති මිතුරා කරුණු සතරකින් දත යුතුයි. පව් කිරීමෙන් වළක්වයි. යහපත් කටයුත්තෙහි යොදවයි. නොඇසූ දෙය අස්වයි. දෙව්ලොව මග කියයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අත්ථක්ඛායී නම් හොඳ හිතැති මිතුරා දත යුතුයි.
264
‘‘චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි අනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො. අභවෙනස්ස න නන්දති, භවෙනස්ස නන්දති, අවණ්ණං භණමානං නිවාරෙති, වණ්ණං භණමානං පසංසති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, චතූහි ඨානෙහි අනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො’’ති.
264
“අනුකම්පා කරණ හොඳ හිතැති මිතුරා කරුණු සතරකින් දත යුතුයි. මිතුරාගේ පිරිහීමට සතුටු නොවෙයි. ඔහුගේ දියුණුවට සතුටු වෙයි. මිතුරාගේ නුගුණ කියන්නවුන් වළක්වයි. ගුණ කියන්නහුට ප්‍රශංසා කරයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අනුකම්පක නම් හොඳ හිතැති මිතුරා දත යුත්තේය”යි භාග්‍යවතුන්වහන්සේ මෙය කීවාහුය.
265
ඉදමවොච භගවා, ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘උපකාරො ච යො මිත්තො, සුඛෙ දුක්ඛෙ (සුඛදුක්ඛො (ස්‍යා. ක.)) ච යො සඛා (යො ච මිත්තො සුඛෙ දුක්ඛෙ (සී. පී.));
අත්ථක්ඛායී ච යො මිත්තො, යො ච මිත්තානුකම්පකො.
‘‘එතෙපි මිත්තෙ චත්තාරො, ඉති විඤ්ඤාය පණ්ඩිතො;
සක්කච්චං පයිරුපාසෙය්‍ය, මාතා පුත්තං ව ඔරසං;
පණ්ඩිතො සීලසම්පන්නො, ජලං අග්ගීව භාසති.
‘‘භොගෙ සංහරමානස්ස, භමරස්සෙව ඉරීයතො;
භොගා සන්නිචයං යන්ති, වම්මිකොවුපචීයති.
‘‘එවං භොගෙ සමාහත්වා (සමාහරිත්වා (ස්‍යා.)), අලමත්තො කුලෙ ගිහී;
චතුධා විභජෙ භොගෙ, ස වෙ මිත්තානි ගන්ථති.
‘‘එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය, ද්වීහි කම්මං පයොජයෙ;
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය, ආපදාසු භවිස්සතී’’ති.
265
ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙසේද වදාළෝය.
[1] “උපකාර ඇත්තාවූ යම් මිත්‍රයෙක් වේද, සුවදුක් දෙක්හි සමව පවත්නාවූ යම් මිත්‍රයෙකුත් වේද, හිතවැඩ කියනසුලුවූ යම් මිත්‍රයෙකුත් වේද? අනුකම්පා ඇත්තාවූ යම් මිත්‍රයෙකුත් වේද
[2] “යන මේ මිතුරන් සතරදෙනා නුවණ ඇත්තේ මෙසේ දැන හැඳින මව්කෙනෙක් ස්වකීය පුතෙකු සේවනය කරන්නාක් මෙන් යහපත් කොට සේවනය කරන්නේය.
[3] “සීලයෙන් යුක්තවූ නුවණ ඇත්තේ දිලිසෙන ගිනි මෙන් බබලයි. මලෙන් රොන් ගන්නාවූ බමරෙකු මෙන් අනුන්ට පීඩාවක් නැතිව වස්තුව රැස්කරන්නහුගේ සම්පත් රැස්වීමට පැමිණෙත්. කුමක් මෙන්ද? ක්‍රමයෙන් වේයන් විසින් බඳිනු ලබන්නාවූ තුඹස වැඩෙන්නාක් මෙනි.”
[4] “මෙසේ දැහැමින් වස්තුව රැස්කොට ගිහිගෙයි විසීමට සමර්ථවූ පුද්ගල තෙමේ වස්තුව සතර කොටසකට බෙදන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මිතුරන් බැඳ ගනියි.
[5] “එහි එක් කොටසකින් සම්පත් අනුභව කරන්නේය. දෙකොටසක් කර්මාන්ත පිණිස යොදන්නේය. සතරවන කොටස විපත් පැමිණි කල්හි ප්‍රයෝජන වන්නේයයි නිදන් කොට තබන්නේය.”
ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං