ත්‍රිපිටකය
7. ලක්ඛණසුත්තං 7. ලක්ඛණ සූත්‍රය
ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි
198
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භද්දන්තෙ’’ති (භදන්තෙති (සී. ස්‍යා. පී.)) තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
198
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වාසය කරන්නාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළාහුය. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවාහුය.
199
‘‘ද්වත්තිංසිමානි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති; සෙය්‍යථිදං, චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදො (විවටච්ඡදො (ස්‍යා. ක.), විවත්තච්ඡදො (සී. පී.)).
199
“මහණෙනි, මේ ලක්ෂණ දෙතිස මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයෝය. යම් ඒ ලක්ෂණවලින් යුක්තවූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක්ම වෙත්. අන් ගතියක් නොවන්නීය, ඉදින් (ඔහු) ගිහිගෙයි වාසය කෙරේද, සතර දිශාවට අධිපති වූයේ දිනූ රටවල් ඇත්තේ, ජනපදයන්හි ප්‍රධානයා වූයේ, රත්න සතකින් යුක්ත වූයේ, දැහැමි වූයේ, ධර්ම රාජයන්වූ සක්විති රජෙක් වෙයි.
ඔහුට මේ රත්න හත වෙති ඒ කවරේද? චක්‍ර රත්නය, ඇත් රත්නය, අස් රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පරසේනාවන් මැඩිය හැකිවූ දෙව් පුතුන් හා සමානවූ ශරීර ඇති, සූරවූ දහසකට අධිකවූ පුත්‍රයෝ වෙති. හෙතෙම සයුර සීමාකොට වූ මේ පොළොව දඬුවම්කිරීම් නැතිව ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි. ඉදින් (ඒ ලක්ෂණ ඇති) මහාපුරුෂයා ගිහිගෙන් නික්ම මහණ වේද, ලෝකයෙහි කෙලෙස් නමැති වැස්ම සිඳිනලද, අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි.
200
‘‘කතමානි ච තානි, භික්ඛවෙ, ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා? සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී...පෙ.... සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදො.
‘‘ඉධ, භික්ඛවෙ, මහාපුරිසො සුප්පතිට්ඨිතපාදො හොති. යම්පි, භික්ඛවෙ, මහාපුරිසො සුප්පතිට්ඨිතපාදො හොති, ඉදම්පි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
‘‘පුන චපරං, භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි (සබ්බාකාරපරිපූරානි සුවිභත්තන්තරානි (සී. පී.)). යම්පි , භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි, ඉදම්පි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
‘‘පුන චපරං, භික්ඛවෙ, මහාපුරිසො ආයතපණ්හි හොති...පෙ.... දීඝඞ්ගුලි හොති... මුදුතලුනහත්ථපාදො හොති... ජාලහත්ථපාදො හොති... උස්සඞ්ඛපාදො හොති... එණිජඞ්ඝො හොති... ඨිතකොව අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති... කොසොහිතවත්ථගුය්හො හොති... සුවණ්ණවණ්ණො හොති කඤ්චනසන්නිභත්තචො... සුඛුමච්ඡවි හොති, සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙ න උපලිම්පති... එකෙකලොමො හොති, එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි... උද්ධග්ගලොමො හොති, උද්ධග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවට්ටානි (කුණ්ඩලාවත්තානි (බහූසු)) දක්ඛිණාවට්ටකජාතානි (දක්ඛිණාවත්තකජාතානි (සී. ස්‍යා. පී.)) ... බ්‍රහ්මුජුගත්තො හොති... සත්තුස්සදො හොති... සීහපුබ්බද්ධකායො හොති... චිතන්තරංසො (පිතන්තරංසො (ස්‍යා.)) හොති... නිග්‍රොධපරිමණ්ඩලො හොති, යාවතක්වස්ස කායො තාවතක්වස්ස බ්‍යාමො යාවතක්වස්ස බ්‍යාමො තාවතක්වස්ස කායො... සමවට්ටක්ඛන්ධො හොති... රසග්ගසග්ගී හොති... සීහහනු හොති... චත්තාලීසදන්තො හොති ... සමදන්තො හොති... අවිරළදන්තො හොති... සුසුක්කදාඨො හොති... පහූතජිව්හො හොති... බ්‍රහ්මස්සරො හොති කරවීකභාණී... අභිනීලනෙත්තො හොති... ගොපඛුමො හොති... උණ්ණා භමුකන්තරෙ ජාතා හොති, ඔදාතා මුදුතූලසන්නිභා. යම්පි, භික්ඛවෙ, මහාපුරිසස්ස උණ්ණා භමුකන්තරෙ ජාතා හොති, ඔදාතා මුදුතූලසන්නිභා, ඉදම්පි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
‘‘පුන චපරං, භික්ඛවෙ, මහාපුරිසො උණ්හීසසීසො හොති. යම්පි, භික්ඛවෙ, මහාපුරිසො උණ්හීසසීසො හොති, ඉදම්පි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
‘‘ඉමානි ඛො තානි, භික්ඛවෙ, ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී...පෙ.... සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදො.
‘‘ඉමානි ඛො, භික්ඛවෙ, ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි බාහිරකාපි ඉසයො ධාරෙන්ති, නො ච ඛො තෙ ජානන්ති - ‘ඉමස්ස කම්මස්ස කටත්තා ඉදං ලක්ඛණං පටිලභතී’ති.
200
මහණෙනි, මහා පුරුෂයාගේ ඒ දෙතිස් මහා පුරුෂලක්ෂණයෝ කවරහුද? යම් ලක්ෂණයන් ගෙන් යුක්තවූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක් වෙත්. අන්‍ය ගතියක් නැත.
“ඉදින් (ඔහු) ගිහිගෙයි වාසය කෙරේද? සක්විති රජ වෙයි. ඔහුට මේ රත්න හත වෙති. ඒ කවරේද? චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට සතුරු සේනාවන් මැඩිය හැකිවූ, දිව්‍ය පුත්‍රයන් හා සමානවූ ශරීර ඇති සූරවු දහසකට අධිකවූ පුත්‍රයෝ වෙති. හෙතෙම සාගරය කෙළවර කොටවූ මේ පොළොව දඬුවම් කිරීමක් නැතිව, ආයුධ රහිතව, ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
“ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වේද? ලෝකයෙහි කෙලෙස් නමැති වහල සිඳිනලද අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි.
“මහණෙනි, මෙහි මහාපුරුෂ තෙමේ මනාකොට පිහිටි පාද ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහාපුරුෂ තෙමේ මනාකොට පිහිටි පා ඇත්තේ වේද? මහණෙනි, එයද මහා පුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, නැවතද මහාපුරුෂයාගේ යටි පතුල්වල දහසක් අර ඇති, නිම්වලලු සහිතවූ නැබ සහිතවූ, සියලු අයුරින් සම්පූර්ණවූ චක්‍රයෝ පහල වෙත්ද, මහණෙනි, මෙයද මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, නැවතද මහාපුරුෂ තෙමේ දික් විළුම් ඇත්තේ වෙයි. දිගඇඟිලි ඇත්තේවෙයි, මෘදුවූ තරුණවූ අතුල් පතුල් ඇත්තේවෙයි. දැල්කවුලුවකට බඳු සමවූ ඇඟිලි ඇති අත් පා ඇත්තේ වෙයි. පිරුණු ගොප් මස ඇති පා ඇත්තේ වෙයි. ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි. සිටගෙනම නොනැමී දෙ අත්තලවලින් දනහිස් අතගායිද, පිරිමදීද, කොෂය තුළ සැඟවුනු පුරුෂ ලක්ෂණ ඇත්තේ වෙයි. රන්වන්වූ හම ඇත්තේ වෙයි. සියුම් හම ඇත්තේ වෙයි, සියුම්වූ හම ඇති බැවින් දූලි කුණු ශරීරයෙහි නොඅල්ලන්නේ වෙයි. එක එක ලොම් ඇත්තේ වෙයි, රෝම කූපයන්හි එක් එක් රෝම හට ගත්තාහුය. උඩුකුරු අක්ඇති රෝම ඇත්තේ වෙයි, උඩු කුරුවූ ලොම් නිල්වන්ය, අඳුන්වන්ය.
“කෙලින් පිහිටි ශරීරය ඇත්තේ වෙයි. (දෙ පිටිපතුල් දෙ උරහිස්, කර යන) සත් තැන උස් වූයේ වෙයි. සිංහයෙකුගේ ශරීරයේ ඉදිරිපස මෙන් සම්පූර්ණ ශරීරයක් ඇත්තේ වෙයි. පිට දෙපැත්ත මැද පිරුණේ වෙයි. නුග රුකක්සේ වටවූ බව ඇත්තේ වෙයි. උන්වහන්සේගේ ශරීරය යම් පමණ වේද බඹයත් එපමණය. බඹය යම් පමණද ශරීරයත් එපමණය. සම වට බෙල්ල ඇත්තේ වෙයි. සත්සියයක් රසනහර ඇත්තේ වෙයි. සිංහයෙකුගේ යට හක්ක මෙන් සම්පූර්ණ උඩු යටි හකු දෙක ඇත්තේ වෙයි. සම සතලිස් දත් ඇත්තේ වෙයි, සම දත් ඇත්තේ වෙයි, සිදුරු නැතිවූ දත් ඇත්තේ වෙයි, දිලිසෙන ඉතා සුදු දත් ඇත්තේ වෙයි, මෘදු දික් පළල් දිව ඇත්තේ වෙයි, බ්‍රහ්මයාගේ මෙන් කටහඬ ඇත්තේ වෙයි. කුරවීක හඬ බඳු කටහඬ ඇත්තේ වෙයි. පිරිසිදු නිල්වන් පාට ඇස් ඇත්තේ වෙයි, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු පැහැදුනු ඇස් ගුලි ඇත්තේ වෙයි. දෙ බැම අතර සුදුවූ මෘදුවූ පුලුන් පෙදක් වැනි දකුණට කරකැවී නළල මැද පිහිටි රෝමයක් වූයේ වෙයි.
“මහණෙනි, යම් හේතුවකින් මහපුරුෂයාගේ දෙබැම අතර සුදුවූ මෘදුවූ පුළුන් පෙදක් වැනි ඌර්ණරෝමයක් වූයේද මෙයද, මහණෙනි, මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, නැවතද මහාපුරුෂ තෙමේ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇත්තේ වෙයි.
“මහණෙනි, මහපුරිස් තෙමේ යම් බඳුවූ සම්පූර්ණ හිස ඇත්තේ වේද, මෙයද මහණෙනි, මහාපුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, ඒ මේ ලක්ෂණ දෙතිස වනාහි මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයෝය. යම් ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහාපුරුෂයාගේ ගති දෙකක් වෙත්. අන් ගතියක් නොවන්නීය. ඉදින් ඔහු ගිහිගෙයි වසයිද සක්විති රජ වෙයි. ඉදින් ගිහිගෙන් නික්ම මහණ වේද ලෝකයෙහි කෙලෙස් නමැති පියස්ස සුන් කළ අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි. මහණෙනි, මහාපුරුෂයාගේ මේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණයන් බාහිර ඍෂීහුද දනිත්, එහෙත් ඔවුහු මේ කර්මය කළ හෙයින් මේ ලක්ෂණ ලබත්යයි නොදනිත්.
(1) සුප්පතිට්ඨිතපාදතාලක්ඛණං (1) සුප්පතිට්ඨිතපාදතාලක්ඛණං
(2) පාදතලචක්කලක්ඛණං (2) පාදතලචක්කලක්ඛණං
(3-5) ආයතපණ්හිතාදිතිලක්ඛණං (3-5) ආයතපණ්හිතාදිතිලක්ඛණං
(6) සත්තුස්සදතාලක්ඛණං (6) සත්තුස්සදතාලක්ඛණං
(7-8) කරචරණමුදුජාලතාලක්ඛණානි (7-8) කරචරණමුදුජාලතාලක්ඛණානි
(9-10) උස්සඞ්ඛපාදඋද්ධග්ගලොමතාලක්ඛණානි (9-10) උස්සඞ්ඛපාදඋද්ධග්ගලොමතාලක්ඛණානි
(11) එණිජඞ්ඝලක්ඛණං (11) එණිජඞ්ඝලක්ඛණං
(12) සුඛුමච්ඡවිලක්ඛණං (12) සුඛුමච්ඡවිලක්ඛණං
(13) සුවණ්ණවණ්ණලක්ඛණං (13) සුවණ්ණවණ්ණලක්ඛණං
(14) කොසොහිතවත්ථගුය්හලක්ඛණං (14) කොසොහිතවත්ථගුය්හලක්ඛණං
(15-16) පරිමණ්ඩලඅනොනමජණ්ණුපරිමසනලක්ඛණානි (15-16) පරිමණ්ඩලඅනොනමජණ්ණුපරිමසනලක්ඛණානි
(17-19) සීහපුබ්බද්ධකායාදිතිලක්ඛණං (17-19) සීහපුබ්බද්ධකායාදිතිලක්ඛණං
(20) රසග්ගසග්ගිතාලක්ඛණං (20) රසග්ගසග්ගිතාලක්ඛණං
(21-22) අභිනීලනෙත්තගොපඛුමලක්ඛණානි (21-22) අභිනීලනෙත්තගොපඛුමලක්ඛණානි
(23) උණ්හීසසීසලක්ඛණං (23) උණ්හීසසීසලක්ඛණං
(24-25) එකෙකලොමතාඋණ්ණාලක්ඛණානි (24-25) එකෙකලොමතාඋණ්ණාලක්ඛණානි
(26-27) චත්තාලීසඅවිරළදන්තලක්ඛණානි (26-27) චත්තාලීසඅවිරළදන්තලක්ඛණානි
(28-29) පහූතජිව්හාබ්‍රහ්මස්සරලක්ඛණානි (28-29) පහූතජිව්හාබ්‍රහ්මස්සරලක්ඛණානි
(30) සීහහනුලක්ඛණං (30) සීහහනුලක්ඛණං
(31-32) සමදන්තසුසුක්කදාඨාලක්ඛණානි (31-32) සමදන්තසුසුක්කදාඨාලක්ඛණානි