ත්‍රිපිටකය
4. අග්ගඤ්ඤසුත්තං 4. අග්ගඤ්ඤ සූත්‍රය
වාසෙට්ඨභාරද්වාජා වාසෙට්ඨභාරද්වාජා
චතුවණ්ණසුද්ධි චතුවණ්ණසුද්ධි
රසපථවිපාතුභාවො රසපථවිපාතුභාවො
120
‘‘එකොදකීභූතං ඛො පන, වාසෙට්ඨ, තෙන සමයෙන හොති අන්ධකාරො අන්ධකාරතිමිසා . න චන්දිමසූරියා පඤ්ඤායන්ති, න නක්ඛත්තානි තාරකරූපානි පඤ්ඤායන්ති, න රත්තින්දිවා පඤ්ඤායන්ති, න මාසඩ්ඪමාසා පඤ්ඤායන්ති, න උතුසංවච්ඡරා පඤ්ඤායන්ති , න ඉත්ථිපුමා පඤ්ඤායන්ති, සත්තා සත්තාත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡන්ති. අථ ඛො තෙසං, වාසෙට්ඨ, සත්තානං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන රසපථවී උදකස්මිං සමතනි (සමතානි (බහූසු)); සෙය්‍යථාපි නාම පයසො තත්තස්ස (පයතත්තස්ස (ස්‍යා.)) නිබ්බායමානස්ස උපරි සන්තානකං හොති, එවමෙව පාතුරහොසි. සා අහොසි වණ්ණසම්පන්නා ගන්ධසම්පන්නා රසසම්පන්නා, සෙය්‍යථාපි නාම සම්පන්නං වා සප්පි සම්පන්නං වා නවනීතං එවංවණ්ණා අහොසි. සෙය්‍යථාපි නාම ඛුද්දමධුං (ඛුද්දං මධුං (ක. සී.)) අනෙළකං (අනෙලකං (සී. පී.)), එවමස්සාදා අහොසි. අථ ඛො, වාසෙට්ඨ, අඤ්ඤතරො සත්තො ලොලජාතිකො - ‘අම්භො, කිමෙවිදං භවිස්සතී’ති රසපථවිං අඞ්ගුලියා සායි. තස්ස රසපථවිං අඞ්ගුලියා සායතො අච්ඡාදෙසි, තණ්හා චස්ස ඔක්කමි. අඤ්ඤෙපි ඛො, වාසෙට්ඨ, සත්තා තස්ස සත්තස්ස දිට්ඨානුගතිං ආපජ්ජමානා රසපථවිං අඞ්ගුලියා සායිංසු. තෙසං රසපථවිං අඞ්ගුලියා සායතං අච්ඡාදෙසි, තණ්හා ච තෙසං ඔක්කමි.
120
“වාසෙට්ඨය, එකල (සියළු සක්වළම) එකම ජලයක්ව අඳුරුව පවත්නේය. තද කළුවර වෙයි. සඳ හිරු දෙදෙන නොපෙණෙති. ග්‍රහතාරකාවෝ නොපෙණෙති. රෑදාවල් නොපෙණෙති, මාස අර්ධ මාසයෝ නොපෙණෙති. ඍතුභෙද හා අවුරුදු භෙද සහ ස්ත්‍රිය පුරුෂය යන භෙදයක් නොපෙණෙයි”. සත්වයෝය, සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.
“වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.”
‘යම්සේ උණුකරනලද කිරි නිවෙන කල්හි මතුයෙහි යොදයක් වේද එපරිද්දෙන්ම (රස පොළොව) පහළ විය. ඒ රස පොළොව වර්ණ සම්පන්න විය. සුවඳින් යුක්ත විය. රසයෙන් යුක්ත විය. යහපත් ගිතෙල් හෝ යහපත් වෙඬරු හෝ යම් සේද එසේ වර්ණ සම්පන්න විය. පිළව් නැති දඬුවැල් බෑ මීයක් යම් සේද එබඳු රස ඇත්තීද විය.”
වාසෙට්ඨය, එවිට ආශාව අධික එක්තරා සත්වයෙක් “පින්වත්නි, මේ කුමක් නම් වන්නේදැයි රස පොළොව ඇඟිල්ලෙන් ගෙණ රස බැලුයේය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලු ඔහුගේ ආශාව වැඩි විය. ඔහුට එහි තද ආශාවද පහළ විය. වාසෙට්ඨය, අන්‍ය සත්වයෝද ඔහුගේ ක්‍රියාවට අනුව යාමෙන් රස පොළොව ඇඟිල්ලෙන් ගෙණ රස බැලුවාහුය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බලන්නාවූ ඔවුන්ගේ රස නහර පිණාගියේය. ඔවුන්ට එහි තද ආශාවද පහළ විය.
චන්දිමසූරියාදිපාතුභාවො චන්දිමසූරියාදිපාතුභාවො
භූමිපප්පටකපාතුභාවො භූමිපප්පටකපාතුභාවො
පදාලතාපාතුභාවො පදාලතාපාතුභාවො
අකට්ඨපාකසාලිපාතුභාවො අකට්ඨපාකසාලිපාතුභාවො
ඉත්ථිපුරිසලිඞ්ගපාතුභාවො ඉත්ථිපුරිසලිඞ්ගපාතුභාවො
මෙථුනධම්මසමාචාරො මෙථුනධම්මසමාචාරො
සාලිවිභාගො සාලිවිභාගො
මහාසම්මතරාජා මහාසම්මතරාජා
බ්‍රාහ්මණමණ්ඩලං බ්‍රාහ්මණමණ්ඩලං
වෙස්සමණ්ඩලං වෙස්සමණ්ඩලං
සුද්දමණ්ඩලං සුද්දමණ්ඩලං
දුච්චරිතාදිකථා දුච්චරිතාදිකථා
බොධිපක්ඛියභාවනා බොධිපක්ඛියභාවනා