ත්‍රිපිටකය
4. අග්ගඤ්ඤසුත්තං 4. අග්ගඤ්ඤ සූත්‍රය
වාසෙට්ඨභාරද්වාජා වාසෙට්ඨභාරද්වාජා
චතුවණ්ණසුද්ධි චතුවණ්ණසුද්ධි
115
‘‘චත්තාරොමෙ, වාසෙට්ඨ, වණ්ණා - ඛත්තියා, බ්‍රාහ්මණා, වෙස්සා, සුද්දා. ඛත්තියොපි ඛො, වාසෙට්ඨ, ඉධෙකච්චො පාණාතිපාතී හොති අදින්නාදායී කාමෙසුමිච්ඡාචාරී මුසාවාදී පිසුණවාචො ඵරුසවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු බ්‍යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨී. ඉති ඛො, වාසෙට්ඨ, යෙමෙ ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා නඅලමරියා නඅලමරියසඞ්ඛාතා කණ්හා කණ්හවිපාකා විඤ්ඤුගරහිතා, ඛත්තියෙපි තෙ (ඛො වාසෙට්ඨ (ක.)) ඉධෙකච්චෙ සන්දිස්සන්ති. බ්‍රාහ්මණොපි ඛො, වාසෙට්ඨ...පෙ.... වෙස්සොපි ඛො, වාසෙට්ඨ...පෙ.... සුද්දොපි ඛො, වාසෙට්ඨ, ඉධෙකච්චො පාණාතිපාතී හොති අදින්නාදායී කාමෙසුමිච්ඡාචාරී මුසාවාදී පිසුණවාචො ඵරුසවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු බ්‍යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨී. ඉති ඛො, වාසෙට්ඨ, යෙමෙ ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා...පෙ.... කණ්හා කණ්හවිපාකා විඤ්ඤුගරහිතා; සුද්දෙපි තෙ ඉධෙකච්චෙ සන්දිස්සන්ති.
‘‘ඛත්තියොපි ඛො, වාසෙට්ඨ, ඉධෙකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, පිසුණාය වාචාය පටිවිරතො, ඵරුසාය වාචාය පටිවිරතො, සම්ඵප්පලාපා පටිවිරතො, අනභිජ්ඣාලු අබ්‍යාපන්නචිත්තො, සම්මාදිට්ඨී. ඉති ඛො, වාසෙට්ඨ, යෙමෙ ධම්මා කුසලා කුසලසඞ්ඛාතා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා අලමරියා අලමරියසඞ්ඛාතා සුක්කා සුක්කවිපාකා විඤ්ඤුප්පසත්ථා, ඛත්තියෙපි තෙ ඉධෙකච්චෙ සන්දිස්සන්ති. බ්‍රාහ්මණොපි ඛො, වාසෙට්ඨ...පෙ.... වෙස්සොපි ඛො, වාසෙට්ඨ...පෙ.... සුද්දොපි ඛො, වාසෙට්ඨ, ඉධෙකච්චො පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... අනභිජ්ඣාලු , අබ්‍යාපන්නචිත්තො, සම්මාදිට්ඨී. ඉති ඛො, වාසෙට්ඨ, යෙමෙ ධම්මා කුසලා කුසලසඞ්ඛාතා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා අලමරියා අලමරියසඞ්ඛාතා සුක්කා සුක්කවිපාකා විඤ්ඤුප්පසත්ථා; සුද්දෙපි තෙ ඉධෙකච්චෙ සන්දිස්සන්ති.
115
“වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියායි. වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්ෂත්‍රියයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂවචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.
“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසු වෙද්ද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද ඒ ධර්මයෝ සමහර ක්ෂත්‍රියයෙකු කෙරෙහිද දක්නා ලැබෙත්.
“වාසෙට්ඨය, සමහර බ්‍රාහ්මණයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුසවචන කියන්නෙක් වෙයි, හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.
“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද, ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, සමහර වෛශ්‍යයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුස වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුලකොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.
“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද, ඒ ධර්මයෝ සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, සමහර ශුද්‍රයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුස වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුලකොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.
වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිත යයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි අසමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි අසමර්ථයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හාකරණ ලද්දාහු වෙත්ද ඒ ධර්මයෝ සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, මම ලෝකයෙහි සමහර ක්ෂත්‍රියයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරුකීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩිලෝභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටි (හරිදැකීම) ඇත්තේවෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්මකෙනෙක් කුසල්වෙද්ද, කුසල්යයි කියන ලද්දාහුද වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සෙවනය කටයුත්තාහුද සෙවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථ වෙද්ද ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදුවෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර ක්ෂත්‍රියයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
වාසෙට්ඨය, සමහර බ්‍රාහ්මණයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන්දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලෝභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටි (හරිදැකීම) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්ම කෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියන ලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සෙවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, සමහර වෛශ්‍යයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේළාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලෝභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග් දෘෂ්ටි (හරි දැකීම්) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්මකෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියන ලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සේවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය කිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහුවෙද්ද, ඒ ධර්මයෝ සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, සමහර ශුද්‍රයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන්දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලෝභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග් දෘෂ්ටි (හරි දැකීම්) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්ම කෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියනලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සේවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
116
‘‘ඉමෙසු ඛො, වාසෙට්ඨ, චතූසු වණ්ණෙසු එවං උභයවොකිණ්ණෙසු වත්තමානෙසු කණ්හසුක්කෙසු ධම්මෙසු විඤ්ඤුගරහිතෙසු චෙව විඤ්ඤුප්පසත්ථෙසු ච යදෙත්ථ බ්‍රාහ්මණා එවමාහංසු - ‘බ්‍රාහ්මණොව සෙට්ඨො වණ්ණො, හීනා අඤ්ඤෙ වණ්ණා; බ්‍රාහ්මණොව සුක්කො වණ්ණො, කණ්හා අඤ්ඤෙ වණ්ණා; බ්‍රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්‍රාහ්මණා; බ්‍රාහ්මණාව බ්‍රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායාදා’ති. තං තෙසං විඤ්ඤූ නානුජානන්ති. තං කිස්ස හෙතු? ඉමෙසඤ්හි, වාසෙට්ඨ, චතුන්නං වණ්ණානං යො හොති භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො, සො නෙසං අග්ගමක්ඛායති ධම්මෙනෙව, නො අධම්මෙන. ධම්මො හි, වාසෙට්ඨ, සෙට්ඨො ජනෙතස්මිං, දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්ච .
116
වාසෙට්ඨය, මේ සතර වංශයන් කෙරෙහි නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාවූද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාවූද, පිරිසිදුවූද, අපිරිසිදුවූද, ධර්මයන් මිශ්‍රව පවත්නාකල්හි බ්‍රාහ්මණයෝ “බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වෙති. බ්‍රාහ්මණ නුවූවෝ ශුද්ධ නොවෙති. බමුණෝම මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) මුඛයෙන් පහළවූවාහුය. (ඔහු විසින්) හෘදයෙහි හොවා වඩනලද්දාහුය. නොහොත් ලෙහි වැස මුඛයෙන් නික්මුනාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය’යි මෙසේ කියද්ද, ඔවුන්ගේ ඒ කථාව නුවැණැත්තෝ නොපිළි ගනිත්. ඊට හේතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්ෂත්‍රියාදි) සතර වංසයන් අතුරෙන් (එකකට ඇතුළත්වූ) යම් භික්ෂුවක් රහත් වූයේද, නැති කරනලද ආශ්‍රව ඇත්තේ වේද, වාසය කොට නිම කරන ලද බ්‍රහ්මචර්‍ය්‍ය වාස (උතුම් හැසිරීම්) ඇත්තේද, කරනලද සිව් මග කටයුතු ඇත්තේද, බහා තබන ලද ස්කන්ධ බර ඇත්තේද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. (එයද) ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් පිළිබඳවූ මෙලෙව්හිද පරලෙව්හිද යන දෙක්හිම ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි.
117
‘‘තදමිනාපෙතං, වාසෙට්ඨ, පරියායෙන වෙදිතබ්බං, යථා ධම්මොව සෙට්ඨො ජනෙතස්මිං, දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්ච.
‘‘ජානාති ඛො (ඛො පන (ක.)), වාසෙට්ඨ, රාජා පසෙනදි කොසලො - ‘සමණො ගොතමො අනන්තරා (අනුත්තරො (බහූසු)) සක්‍යකුලා පබ්බජිතො’ති. සක්‍යා ඛො පන, වාසෙට්ඨ, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අනුයුත්තා (අනන්තරා අනුයන්තා (ස්‍යා.), අනන්තරා අනුයුත්තා (ක.)) භවන්ති. කරොන්ති ඛො, වාසෙට්ඨ, සක්‍යා රඤ්ඤෙ පසෙනදිම්හි කොසලෙ නිපච්චකාරං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං. ඉති ඛො, වාසෙට්ඨ, යං කරොන්ති සක්‍යා රඤ්ඤෙ පසෙනදිම්හි කොසලෙ නිපච්චකාරං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං, කරොති තං රාජා පසෙනදි කොසලො තථාගතෙ නිපච්චකාරං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං, න නං (නනු (බහූසු)) ‘සුජාතො සමණො ගොතමො, දුජ්ජාතොහමස්මි. බලවා සමණො ගොතමො, දුබ්බලොහමස්මි. පාසාදිකො සමණො ගොතමො, දුබ්බණ්ණොහමස්මි. මහෙසක්ඛො සමණො ගොතමො, අප්පෙසක්ඛොහමස්මී’ති. අථ ඛො නං ධම්මංයෙව සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තො ධම්මං අපචායමානො එවං රාජා පසෙනදි කොසලො තථාගතෙ නිපච්චකාරං කරොති, අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං. ඉමිනාපි ඛො එතං, වාසෙට්ඨ, පරියායෙන වෙදිතබ්බං, යථා ධම්මොව සෙට්ඨො ජනෙතස්මිං, දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්ච.
117
“වාසෙට්ඨය, සත්වයන් පිළිබඳවූ මෙලෙව්හිද, පරලෙව්හිද, යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේද, එය මේ ආකාරයෙන්ද දත යුතුයි.
“වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙම “තමන්ට වඩා උසස් අනෙකෙකු තැනිහෙයින් අනුත්තර නම්වූ ශ්‍රමණභවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූයේය”යි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහුට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහු කෙරෙහි ගරු සැලකිලි පැවැත්වීමද වැඳීමද දැක හුනස්නෙන් නැගීසිටීමද ඇඳිලි බැඳීමද (ඇඟිලි එකට තබා වැඳීම) වත්පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියාද කෙරෙති. මෙසේ ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහු කෙරෙහි ගරු සැලකිලි පැවැත්වීමය වැඳීමය, දැක හුනස්නෙන් නැගී සිටීමය, ඇඳිලි බැඳීමය, වත් පිළිවෙත් ආදී ඒ සුදුසු ක්‍රියාය යන යමක් කෙරෙද්ද, පසේනදි කොසොල් රජ තෙමේ ඒ ගරු සැලකිලි පැවැත්වීමද, වැඳීමද, දැක හුනස්නෙන් නැගී සිටීමද, ඇඳිලි බැඳීමද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියාද තථාගතයන්වහන්සේට කෙරෙයි.
“ශ්‍රමණගෞතමයන් වහන්සේ පිරිසිදුව උපන්නේ නොවේද, මම පිරිසිදුව නූපන්නේ වෙමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බලසම්පන්න නොවේද? මම දුර්වල වෙමි. ශ්‍රමණ ගෞතමයන්වහන්සේ හිත් ප්‍රිය කරන රූපයෙන් යුක්ත නොවේද? මම දුර්වර්ණයෙක් (අවලක්ෂණ රූප ඇත්තෙක්) වෙමි. ශ්‍රමණගෞතමයන් වහන්සේ මහානුභාවසම්පන්න නොවේද, මම ස්වල්ප ආනුභාවඇත්තෙක් වෙමි”යි කියායි. එසේද ඇති කල්හි ධර්මයටම සත්කාර කරන්නේ ධර්මයටම ගරු කරන්නේ ධර්මයටම බුහුමන් කරන්නේ ධර්මයටම පුදන්නේ මෙසේ පසේනදි කොසොල් රජ තෙමේ තථාගතයන්වහන්සේ කෙරෙහි සැලකීමද වැඳීමද දැක හුනස්නෙන් නැගී සිටීමද ඇඳිලි බැඳීමද වත්පිළිවෙත් ආදී ඒ ඒ සුදුසුක්‍රියාද කෙරෙයි.
“වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ මෙලෙව්හිද පරලෙව්හිද යම්සේ ධර්මය ශ්‍රේෂ්ඨ වේද එය මෙකී කාරණයෙන්ද දතයුතුයි.
118
‘‘තුම්හෙ ඛ්වත්ථ, වාසෙට්ඨ, නානාජච්චා නානානාමා නානාගොත්තා නානාකුලා අගාරස්මා අනගාරියං පබ්බජිතා. ‘කෙ තුම්හෙ’ති - පුට්ඨා සමානා ‘සමණා සක්‍යපුත්තියාම්හා’ති - පටිජානාථ. යස්ස ඛො පනස්ස, වාසෙට්ඨ, තථාගතෙ සද්ධා නිවිට්ඨා මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, තස්සෙතං කල්ලං වචනාය - ‘භගවතොම්හි පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො’ති. තං කිස්ස හෙතු? තථාගතස්ස හෙතං, වාසෙට්ඨ, අධිවචනං ‘ධම්මකායො’ ඉතිපි, ‘බ්‍රහ්මකායො’ ඉතිපි, ‘ධම්මභූතො’ ඉතිපි, ‘බ්‍රහ්මභූතො’ ඉතිපි.
118
“වාසෙට්ඨය, තෙපි නොයෙක් ජාති ඇත්තාහුය, නොයෙක් නම් ඇත්තාහුය. නොයෙක් ගොත්‍ර ඇත්තාහුය, නොයෙක් කුලයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුය. තෙපි කවරහුදැ’යි විචාරණ ලද්දාහුම ‘ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයම්හ’යි ප්‍රකාශ කරන්නාහුය. වාසෙට්ඨය, යම් පුද්ගලයෙකුගේ ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ කෙරෙහි චංචල නොවී පිහිටියාද හටගත් මුල් ඇත්තීද ඒහෙයින්ම දැඩි කොට පිහිටියාද ස්ථිර වූවාද ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි අන් කිසිවෙකු විසින් හෝ සොලවන්නට නොහැකි වූවාද, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ වචනය කියන්නට සුදුසුය. එනම්, මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වෙමි, ඖරස පුත්‍ර වෙමි. මුඛයෙන් පහළවූයේ වෙමි. ධර්මයෙන් පහළවූයේ නම් වෙමි. ධර්ම නිර්මිත නම් වෙමි. (නව ලොකොත්තර ධර්ම නමැති දායාදයට යොග්‍ය හෙයින්) ධර්මදානය නම් වෙමි”යි කියායි. ඊට හේතු කවරේද, වාසෙට්ඨය, ‘ධම්මකාය, යනුද ‘බ්‍රහ්මකාය’ යනුද ‘ධම්මභූත’ යනුද, ‘බ්‍රහ්මභූත’ යනුද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.
119
‘‘හොති ඛො සො, වාසෙට්ඨ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ ලොකෙ යෙභුය්‍යෙන සත්තා ආභස්සරසංවත්තනිකා හොන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.
‘‘හොති ඛො සො, වාසෙට්ඨ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො විවට්ටති. විවට්ටමානෙ ලොකෙ යෙභුය්‍යෙන සත්තා ආභස්සරකායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡන්ති. තෙධ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.
119
“වාසෙට්ඨය, යම් හේතුවකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලෝකය වැනසේද, එබඳු කාලයක මේ ලෝකය වැනසෙන කල්හි බොහෝසෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපදනාහු වෙත්, ඔහු තුමූ එහි (ඔපපාතිකව) මනසින් උපන්නාහු ප්‍රීතියම ආහාරකොට ඇත්තාහු ස්වකීය ශරීරාලෝකයෙන්ම බබලන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්. වාසෙට්ඨය, යම් හෙයකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලෝකය හටගනීද, එබඳු කාලයක් වේ. ලෝකය හටගන්නා කල්හි බොහෝසෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්මලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති, ඔහු තුමූ සිතින්ම (ඔපපාතිකව) උපන්නාහු ප්‍රීතියම ආහාර කොට ඇත්තාහු ස්වකීය ශරීරාලෝකයෙන්ම බබලන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්.
රසපථවිපාතුභාවො රසපථවිපාතුභාවො
චන්දිමසූරියාදිපාතුභාවො චන්දිමසූරියාදිපාතුභාවො
භූමිපප්පටකපාතුභාවො භූමිපප්පටකපාතුභාවො
පදාලතාපාතුභාවො පදාලතාපාතුභාවො
අකට්ඨපාකසාලිපාතුභාවො අකට්ඨපාකසාලිපාතුභාවො
ඉත්ථිපුරිසලිඞ්ගපාතුභාවො ඉත්ථිපුරිසලිඞ්ගපාතුභාවො
මෙථුනධම්මසමාචාරො මෙථුනධම්මසමාචාරො
සාලිවිභාගො සාලිවිභාගො
මහාසම්මතරාජා මහාසම්මතරාජා
බ්‍රාහ්මණමණ්ඩලං බ්‍රාහ්මණමණ්ඩලං
වෙස්සමණ්ඩලං වෙස්සමණ්ඩලං
සුද්දමණ්ඩලං සුද්දමණ්ඩලං
දුච්චරිතාදිකථා දුච්චරිතාදිකථා
බොධිපක්ඛියභාවනා බොධිපක්ඛියභාවනා