10. පායාසිසුත්තං | 10. පායාසි සූත්‍රය |
406
එවං
|
406
මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත්වූ කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්ෂුසංඝයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා වඩින සේක් කොසොල් ජනපද වාසීන්ගේ සෙතව්‍යා නම් නුවර යම් තැනකද එතැනට පැමිණියහ. එහි වූකලී ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සෙතව්‍යා නම් නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වසන්නාහ.
ඒ කාලයෙහි පායාසි නම් රාජන්‍යයා (උප රජු) පසේනදි කොසොල් රජු විසින් දෙන ලද නොයෙක් සතුන්ගෙන් ගැවසී ගත්තාවූ, තණ, දර දිය හා ධාන්‍ය (වී ආදිය) සහිතවූ, රජු ගෙන් ලබනලද හෙයින් අනුභව කළයුතුවූ, රජුගේ තෑග්ගක්වූ උසස් වශයෙන් දෙනලද සෙතව්‍යා නම් නුවර අධිපතිව වසයි.
|
පායාසිරාජඤ්ඤවත්ථු | පායාසිරාජඤ්ඤවත්ථු |
407
තෙන ඛො පන සමයෙන පායාසිස්ස රාජඤ්ඤස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති - ‘‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි සුකතදුක්කටානං
|
407
එකල්හි පායාසි රාජන්යයාට (උප රජුට) මේ මේ කාරණයෙන් (මෙලොව මිස) පරලොවක් නැත. මැරී උපදිනා (ඔපපාතික) සත්වයෝ නැත්තාහුය. කුසල අකුසල කර්මයන් ගේ ඵල විපාකයක් නැත්තේයයි මෙබඳුවූ ලාමක දෘෂ්ටියක් (පහත් දැකීමක්) උපන්නේ වෙයි.
ඉක්බිති සෙතව්‍යා නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු, “පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකවූ (ගොලයෙක්වූ) කුමාර කාශ්‍යප ශ්‍රමණයෝ පන්සියයක් පමණ භික්ෂූන්වූ මහත් භික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා යමින් සෙතව්‍යා නුවරට පැමිණ සෙතව්‍යා නුවර ලඟවූ සෙතව්‍යා නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වාසය කරන්නාහ. ඒ කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පණ්ඩිතය, කථාවෙහි දක්ෂය, නුවණ ඇත්තේය. බොහෝ උගත්ය. ලක්ෂණ කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. දියුණුවූ නුවණ ඇත්තේය. රහත් බවෙන්ද යුක්තයහ” යි ඒ පින්වත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පිළිබඳවූ මෙබඳු මහත් කීර්ති ශබ්දයක් පැන නැංගේය. එබඳු රහතුන්ගේ දැකීම යහපත්ය යන මේ කාරණය ඇසුවාහුය.
ඉක්බිති සෙතව්‍යා නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතිකයෝ රාශි රාශිව සමූහ සමූහව සෙතව්‍යා නුවරින් නික්ම උතුරු දෙසට හැරී ඇට්ටේරිය වනය යම් තැනකද එතැනට පැමිණෙත්.
|
408
තෙන ඛො පන සමයෙන පායාසි රාජඤ්ඤො උපරිපාසාදෙ දිවාසෙය්‍යං උපගතො හොති. අද්දසා ඛො පායාසි රාජඤ්ඤො සෙතබ්යකෙ බ්රාහ්මණගහපතිකෙ සෙතබ්යාය නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතෙ උත්තරෙනමුඛෙ ගච්ඡන්තෙ යෙන සිංසපාවනං
(යෙන සිංසපාවනං, තෙනුපසඞ්කමන්තෙ (සී. පී.)), දිස්වා ඛත්තං ආමන්තෙසි
‘‘අත්ථි
|
408
එවේලෙහි පායාසි රාජන්යතෙමේ ප්‍රාසාදයේ උඩුමහල් තලයෙහි දවල් නින්දට පැමිණියේ වෙයි. එවිට රාශි රාශිව සමූහ සමූහව සෙතව්‍යා නුවරින් නික්ම උතුරුදෙසට හැරී ඇට්ටේරිය වනය යම් තැනකද එතැනට යන්නාවූ සෙතව්‍යා නගර වාසී බ්‍රාහ්මණ ගෘහපතියන් පායාසි රාජන්යතෙමේ දුටුවේය. දැක, ඇසූ ප්‍රශ්නයට උත්තර දීමෙහි දක්ෂවූ ඛත්ත නම් අමාත්‍යයාට කථා කළේය. පින්වත් ඛත්තය සෙතව්‍යා නුවරවාසී බ්රාහ්මණගෘහපතිකයෝ බොහෝසෙයින් රැස්වූ සමූහයා ඇතිව එක්ව සෙතව්‍යා නුවරින් නික්ම උතුරු දිශාවට හැරී ඇට්ටේරිය වනය යම් තැනකද එහි කුමට යද්දැයි ඇසුවේය.
පින්වත, එයට කාරණයක් ඇත්තේය. ගෞතම ශ්‍රමණයන්ගේ ශ්‍රාවකවූ කුමාරකාශ්‍යප නම් ශ්‍රමණ තෙමේ පන්සියයක් පමණ මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා යමින් සෙතව්‍යා නගරයට පැමිණ, සෙතව්‍යා නුවර සමීපයෙහි ඒ සෙතව්‍යා නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වාසය කරයි. ඒ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම පණ්ඩිතය, නුවණ ඇත්තේය, බොහෝ උගත්ය, ලක්ෂණ කථා ඇත්තේය, වැඩුනු නුවණින් හා අර්හත්වයෙන්ද යුක්තයයි ඒ පින්වත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් පිළිබඳව මෙබඳු කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ පින්වත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ දැකීම පිණිස ඔවුහු යන්නාහයි කීය.
එසේ වීනම් පින්වත් ඛත්තය සෙතව්‍යා නගර වාසී බ්‍රාහ්මණ ගෘහපතීන් යම් තැනකද එතැනට යව. ගොස් සෙතව්‍යා නගර වාසී බ්‍රාහ්මණ ගෘහපතීන්ට මෙසේ කියව. පින්වත්නි, පායාසි රාජන්‍ය තෙමේ මෙසේ කියයි. පායාසි රාජන්යතෙමේද කුමාරකාශ්‍යප මහණහු දැකීමට එන්නේය. පින්වත්හු ඒ තාක් නවතිත්වායි” කියායි. ‘කුමාරකාශ්‍යප ශ්‍රමණ තෙමේද නුවණ නැති (මෝඩවූ) කථාවෙහි අදක්ෂවූ සෙතව්‍යා නගර වැසි බ්‍රාහ්මණ ගෘහපතියන්ට මේ මේ කාරණයෙන් පරලොවක් ඇත්තේය, (මැරී උපදින) ඔපපාතික සත්වයෝ ඇත්තාහුය. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේයයි අවබෝධ කරවයි. පින්වත් ඛත්තය, පරලොවක් නැත්තේය. මැරී උපදින (ඔපපාතික) සත්වයෝ නැත්තාහුය. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාකයක් නැත්තේය” යි කීය. එවිට ඒ ඛත්ත නම් ඇමතියා ‘පින්වත එසේය’යි පායාසි රාජන්යාගේ වචනය පිළිගෙන සෙතව්‍යා නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතීන් යම් තැනකද එතැනට ගියේය. ගොස් සෙතව්‍යා නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතීන්ට මේ කාරණය කීයේය. පින්වත්නි, පායාසි රාජන්‍ය තෙමේ මෙසේ කියයි.
“පායාසි රාජන්යතෙමේද කුමාරකාශ්‍යප මහණහු දැකීමට එන්නේය. පින්වත්හු ඒතාක් නවතිත්වා” කියායි.
|
409
අථ ඛො පායාසි රාජඤ්ඤො සෙතබ්යකෙහි බ්රාහ්මණගහපතිකෙහි පරිවුතො යෙන සිංසපාවනං යෙනායස්මා කුමාරකස්සපො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා කුමාරකස්සපෙන සද්ධිං
|
409
ඉක්බිති පායාසි රාජන්යතෙමේ සෙතව්‍යා නගර වාසී බ්‍රාහ්මණ ගෘහපතීන් විසින් පිරිවරන ලදුව ඇට්ටේරිය වනය යම් තැනකද, ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද සිහි කටයුතුවූද කථාව කොට නිමවා එක පැත්තක උන්නේය. සෙතව්‍යා නගරවාසී බ්‍රාහ්මණ ගෘහපතීන්ගෙන්ද සමහර දෙනෙක් ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක උන්නාහුය. සමහර දෙනෙක් ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු විය යුතුවූද, සිහි කටයුතුවූද, කථාකොට නිමවා එක පැත්තක උන්නාහුය. සමහරු ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද ඒ දෙසට ඇඳිලි බැඳගෙන එක පැත්තක උන්නාහුය. සමහරු තමන්ගේ නම් ගොත් කියා එක පැත්තක උන්නාහුය. සමහරු නිශ්ශබ්දවම එක පැත්තක උන්නාහුය.
|
නත්ථිකවාදො | නත්ථිකවාදො |
410
එකමන්තං
|
410
එක පැත්තක උන්නාවූ පායාසි රාජන්යතෙමේ ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කීය. පින්වත් කාශ්‍යපය, මම වනාහි මෙසේ කියන්නෙක්මි මෙබඳු දැකීම් (දෘෂ්ටි) ඇත්තෙක්මි. (කෙසේද) මේ මේ කාරණයෙන්ද පරලොවක් නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේය කියායි. ‘රාජන්යය මම වනාහි මේ මේ කාරණයෙන්ද පරලොවක් නැත, මැරී උපදින සත්වයෝද නැත්තාහුය, කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේයයි මෙසේ කියන්නෙකු හෝ දැකීම් ඇත්තෙකු හෝ නොදුටුවෙමි නොඇසුවෙමි. කෙසේ නම් මෙසේ කියන්නේද?
|
චන්දිමසූරියඋපමා | චන්දිමසූරියඋපමා |
411
‘‘තෙන හි, රාජඤ්ඤ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තෙ ඛමෙය්ය, තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි, රාජඤ්ඤ, ඉමෙ චන්දිමසූරියා ඉමස්මිං වා ලොකෙ පරස්මිං වා, දෙවා වා තෙ මනුස්සා වා’’ති? ‘‘ඉමෙ, භො කස්සප, චන්දිමසූරියා පරස්මිං ලොකෙ, න ඉමස්මිං; දෙවා තෙ න මනුස්සා’’ති. ‘‘ඉමිනාපි ඛො තෙ, රාජඤ්ඤ, පරියායෙන එවං හොතු - ඉතිපි අත්ථි පරො ලොකො, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො’’ති.
|
411
රාජන්යය එසේ වීනම් මේ කාරණය තගෙන්ම අසන්නෙමි. යම් විදියකින් තට වැටහෙන්නේද ඒ විදියට උත්තර දෙව.
රාජන්යය ඒ කුමකැයි සිතන්නෙහිද? මේ චන්ද්‍ර සූර්‍ය්‍යයෝ මේලෝකයෙහි හෝ වෙද්ද? පරලෝකයෙහි හෝ වෙද්ද? ඔවුහු දෙවියෝ හෝ වෙද්ද? මනුෂ්‍යයෝ හෝ වෙද්දැයි” ඇසූහ. එවිට රාජන්යතෙමේ “පින්වත් කාශ්‍යපය, මේ චන්ද්‍ර සූර්‍ය්‍යයෝ පරලෝකයෙහි වෙත්. මේ ලෝකයෙහි නොවෙත්. මේ චන්ද්‍ර සූර්‍ය්‍යයෝ දෙවියෝ වෙත්, මනුෂ්‍යයෝ නොවෙත්” යයි කීය, “රාජන්යය මේ කාරණයෙන්ද තට මෙබඳු සිතක් ඇතිවේවා මේ කාරණයෙන්ද පරලොවක් ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහුය. කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේය” කියායි.
|
412
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො එවං මෙ එත්ථ හොති - ‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි
|
412
“පින්වත්වූ කාශ්‍යපයෝ යම් කාරණයක් සලකා මෙසේ කියත්ද. එහෙත් මේ කාරණයෙහි මගේ අදහස මෙසේයි. මේ කාරණයෙන්ද පරලොවක් නැත. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය” කියායි.
“රාජන්යය මේ කාරණයෙන්ද පරලොවක් නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි තට යම් කාරණයකින් මෙබඳු සිතක් ඇතිවේද ඊට කාරණයක් ඇත්තේදැයි” ඇසූහ.
“පින්වත් කාශ්‍යපය මේ කාරණයෙන්ද පරලොවක් නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහුය. කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය’යි කියා යම් කාරණයකින් මට මෙබඳු සිතක් වේද ඊට කාරණයක් ඇත්තේය”යි කීය.
“රාජන්යය ඒ කිනම් කාරණයක්ද?”
“පින්වත් කාශ්‍යපය, සතුන් මරන්නාවූද, සොරකම් කරන්නාවූද, වැරදිලෙස කාමයෙහි හැසිරෙන්නාවූද, බොරු කියන්නාවූද, පරුෂවචන කියන්නාවූද, හිස්වචන කියන්නාවූද විෂම ලෝභය ඇත්තාවූද, ක්‍රොධ සිත් ඇත්තාවූද, මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තාවූද, මාගේ දන්නා අඳුනන අයද සහ ලේනෑයෝද ඇත්තාහ. ඔවුහු පසුකලෙක ලෙඩවූවාහු දුකට පැමිණියාහු දැඩිගිලන් බැව් ඇත්තාහු වෙද්ද මොව්හු මේ අසනීපයෙන් නොනැගිටින්නාහුයයි’ (සුවපත් නොවන්නාහු යයි) යම් කලක මම දනිම්ද, එකල මම ඔවුන් ලඟට ගොස් මෙසේ කියමි. පින්වත්නි යම් ඒ සත්ව කෙනෙක් සතුන් මරන්නෝද සොරකම් කරන්නෝද වැරදිලෙස කාමයන්හි හැසිරෙන්නෝද බොරු කියන්නෝද, කේලාම් කියන්නෝද, පරුෂ වචන කියන්නෝද, ක්රොධසිත් ඇත්තාහුද මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද, ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇත්තාවූ, නපුරුකොට වැටීමක් ඇති නරකයෙහි උපදින්නාහුයයි කියන්නාවූ, මෙබඳු දැකීම් ඇත්තාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහුය.
“පින්වත්හු සතුන් මරන්නෝය, සොරකම් කරන්නෝය, කාමයන්හි වරදවා හැසිරෙන්නෝය, බොරු කියන්නෝය, කේලාම් කියන්නෝය, පරුෂ වචන කියන්නෝය, හිස් වචන කියන්නෝය, විෂම ලෝභය බහුල කොට ඇත්තාහුය. ක්‍රොධ සිත් ඇත්තාහුය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය, ඉදින් ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ කීම ඇත්ත නම්, මේ පින්වත්හු ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපතින් පහවූ, නපුරුකොට වැටීමක් ඇත්තාවූ නරකයෙහි උපදින්නාහුය.
“පින්වත්නි, ඉඳින් ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපතින් පහවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරුකොට වැටීමක් ඇති නරකයෙහි උපදින්නාහු නම්, මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහ, කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇත්තේයයි යම් පරිද්දෙකින් මා කරා අවුත් දන්වව්. පින්වත්හු මට ඇදහියයුතු වචන ඇත්තාහුය. විශ්වාස කටයුතු වචන ඇත්තාහුය. පින්වතුන් විසින් යමක් දක්නා ලදද මෙය මෙසේ වන්නේයයි තමා විසින්ම දක්නා ලද්දකි කියායි. ඔවුහු මාගේ වචනය පිළිගෙන (මැරීගොස් නැවත) අවුත් නොකියත්. පණිවුඩ කාරයෙකු හෝ නොඑවත්. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක නැත්තේයයි කියා යම් කාරණයකින් මට මෙබඳු සිතක් ඇතිවේද මෙයද ඊට එක් කරුණක් වේයයි” කීය.
|
චොරඋපමා | චොරඋපමා |
413
‘‘තෙන හි, රාජඤ්ඤ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි, රාජඤ්ඤ, ඉධ තෙ පුරිසා චොරං ආගුචාරිං ගහෙත්වා දස්සෙය්යුං - ‘අයං තෙ, භන්තෙ, චොරො ආගුචාරී; ඉමස්ස යං ඉච්ඡසි, තං දණ්ඩං පණෙහී’ති. තෙ ත්වං එවං වදෙය්යාසි - ‘තෙන හි, භො, ඉමං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා
|
413
“රාජන්යය එසේනම් මේ කාරණය තාම විචාරන්නෙමි (තගෙන්ම අසන්නෙමි) යම් පරිද්දකින් තට කැමති වන්නේද, එපරිද්දෙන් එය කියව, රාජන්යය ඒ කුමකැයි සිතන්නේද මෙහි තාගේ පුරුෂයෝ අපරාධ කරන්නවුන් අල්වාගෙන ‘ස්වාමීනි මොහු අපරාධ කරන්නාවූ සොරෙක යම් දඬුවමක් කැමැත්තෙහිද මොහුට එය පමුණුවන්න’ කියා දක්වන්නාහු නම් එකල ඔබ ඒ පුරුෂයන්ට මෙසේ කියන්නෙහිය. “පින්වත්නි එසේනම් මේ පුරුෂයා දැඩිවූ රැහැණින් අත්දෙක පිටි අතට තියා තදින් බැඳ දැලිපිහියෙන් හිස මුඬු කොට නපුරුවූ නාදඇති වදබෙර ගසමින් වීදියෙන් වීදියටද, සතරමං සන්ධියෙන් සතරමං සන්ධියටද, ගෙනගොස් දකුණු දොරෙන් නික්මවා නුවරට දකුණු දිගින් පිහිටි (මිණිසුන්) මරණතැනදී හිස් කපව්” යයි කියායි. ඔවුහු යහපතැයි පිළිගෙන ඒ සොරා දැඩිවූ රැහැණින් අත්දෙක පිටිකරට තියා තදින් බැඳ දැළි පිහියෙන් හිස මුඬු කොට, නපුරු නාද ඇති වදබෙර ගසමින් වීදියෙන් වීදියටද, සතරමං සන්ධියෙන් සතරමං සන්ධියටද ගෙන ගොස් දකුණු දොරින් නික්මවා නුවරට දකුණු දිගින් පිහිටි (මිනිසුන්) මරණ ගැන හිඳුවන්නාහු නම් ඒ සොරා සොරු මරන්නන්ට, පින්වත් චොරඝාතකයනි, අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ මගේ දන්නා අඳුනන්නෝද සහ ලේ නෑයෝද ඇත්තාහුය. යම්තාක් මම ඔවුන්ට (තමන්ද තැන්පත් කළයුතු බඩුද) දක්වා එම්ද ඒතාක් නවතිත්වායි කියානම් ඔහුට ඊට ඉඩලැබේද, නැතහොත් චොරඝාතකයන් විසින් ඔහු විලාප කියද්දීම හිස සිඳ දමනු ලබද්දැ”යි (ඇසූහ)
“පින්වත් කාශ්‍යපය, ඒ සොරා සොරු මරන්නන්ට පින්වත් චොරඝාතකයෙනි, අසවල් ගමෙහි හෝ අසවල් නියම් ගමෙහි හෝ මාගේ දන්නා අඳුනන්නෝද සහ ලේ නෑයෝද ඇත්තාහුය. යම්තාක් කල් මම ඔවුන්ට (තමන්ද, තැන්පත් කළයුතු බඩුද) දක්වා එම්ද ඒතාක් කල් නවතිත්වා”යි කියාද, ඔහු අවකාශයක් නොලබන්නේය. එකල්හි ඔහු විලාප කියද්දීම චොරඝාතකයෝ හිස සිඳින්නාහුය”යි කීය, රාජන්යය ඒ සොරාද මනුෂ්‍යයෙකි. මනුෂ්‍යවූ චොරඝාතකයන්ගෙන්, පින්වත් චොරඝාතකයෙනි, අසවල් ගමෙහි හෝ අසවල් නියම් ගමෙහි හෝ මගේ දන්නා අඳුනන්නෝද සහ ලේ නෑයෝද ඇත්තාහ. මම යම්තාක් (තමන්ද, තැන්පත්කළ යුතු බඩුද) දක්වා එම්ද ඒතාක් කල් ඉවසත්වායි ඉඩක් නොලබන්නේනම්, කිමෙක්ද සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ, කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ කේලාම් කියන්නාවූ, පරුෂ වචන කියන්නාවූ හිස් වචන කියන්නාවූ, විෂම ලෝභය බහුලකොට ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ මිථ්යාදෘෂ්ටිකවූ තගේ දන්නා අඳුනන්නෝද සහ ලේ නෑයෝද ශරීරය බිඳීමෙන් මරණින්මත්තෙහි සැපතින් පහවූ, නපුරුලෙස වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු, නිරය පාලයන්ගෙන්, පින්වත් නිරයපාලයෙනි, යම්තාක් කල් අපි පායාසි රාජන්‍යයා ලඟට ගොස්, මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහ, කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේයයි කියා ඔහුට දන්වන්නමෝද ඒතාක් කල් බලාපොරොත්තු වෙත්වායි කෙසේ නම් ඉඩක් ලබන්නාහුද? රාජන්යය තොපට මේ කාරණයෙන්ද පරලොවක් ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහ. කරණලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේය යන මෙබඳු සිතක් ඇතිවේවායි කීහ.
|
414
‘‘කිඤ්චාපි
|
414
පින්වත්වූ කාශ්‍යප තෙමේ කොහොම නමුත් මෙසේ කියයි. එහෙත් මේ කාරණයෙහි මගේ අදහස මෙබඳු වෙයි. මේ කාරණයෙන්ද පරලොවක් නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය යනුවෙනි. රාජන්යය නම් කාරණයෙන්ද පරලොවක් නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරණලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය කියා යම් කරුණකින් තොපට මෙබඳු සිතක් ඇතිවේද ඊට කාරණයක් ඇත්තේදැයි (කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඇසූහ)
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොවක් නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය කියා යම් කාරණයකින් මට මෙබඳු සිතක් ඇතිවේද, ඊට කාරණයක් ඇත්තේයයි කීය.
“රාජන්යය ඒ කවර කරුණක් දැ”යි ඇසූහ.
පින්වත් කාශ්‍යපය මෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ කේලාම් කීමෙන් වැළකුනාවූ පරුස වචන කීමෙන් වැළකුනාවූ බහුලවූ විසම ලෝභය නැත්තාවූ ක්‍රොධ සහිත සිත් නැත්තාවූ සම්‍යක් දෘෂ්ටි (හරි දැකීම්) ඇත්තාවූ මගේ දන්නා අඳුනන්නන් හා සහ ලේ නෑයෝ වෙද්ද, ඔවුහු පසු කාලයෙක අසනීප වූවාහු දුකට පැමිණියාහු, දැඩි ගිලන් බැව් ඇත්තාහු වෙද්ද, යම් කලක මොවුහු දැන් මේ ආබාධයෙන් නොනැගිටින්නාහුයයි දනිම්ද, එකල මම ඔවුන් ලඟට ගොස් මෙසේ කියමි. පින්වත්නි යම් ඒ කෙනෙක් සතුන් මැරීමෙන් වැළකුනාහුද, සොරකම් කිරීමෙන් වැළකුනාහුද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහුද, බොරු කීමෙන් වැළකුනාහුද, කේලාම් කීමෙන් වැළකුනාහුද, පරුස වචන කීමෙන් වැළකුනාහුද, හිස් වචන කීමෙන් වැළකුනාහුද, බහුලවූ විෂම ලෝභය නැත්තාහුද, ක්‍රොධ සිත් නැත්තාහුද, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහුද ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ දිව්‍ය ලෝකයෙහි උපදින්නාහුයයි මෙසේ කියන්නාවූ, මෙසේ දෘෂ්ටි ඇත්තාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත්තාහුමය.
පින්වත්හු වනාහි සතුන් මැරීමෙන් වැළකුනාහුය. සොරකම් කිරීමෙන් වැළකුනාහුය කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහුය. බොරු කීමෙන් වැළකුනාහුය. කේලාම් කීමෙන් වැළකුනාහුය, පරුස වචන කීමෙන් වැළකුනාහුය, හිස් වචන කීමෙන් වැළකුනාහුය, බහුලවූ විෂම ලෝභය නැත්තාහුය, ක්‍රොධ සිත් නැත්තාහුය. සම්‍යක්දෘෂ්ටි ඇත්තාහුය. ඉඳින් ඒ පින්වත් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ වචනය ඇත්ත නම් පින්වත්හු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදින්නාහුය.
පින්වත්නි ඉදින් ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදින්නාහු නම්, යම් හෙයකින් මේ කරුණින්ද පරලොවක් ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහුය, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේයයි මා කරා පැමිණ මට කියන්නාහු නම් යහපති. පින්වත්හු වනාහි ඇදහිය යුතු වචන ඇත්තාහුය. විශ්වාස කටයුතු වචන ඇත්තාහුය. පින්වතුන් විසින් යමක් දක්නා ලද්දේ නම් එය තමා විසින්ම දක්නා ලද්දක් හෙයින් එසේම වන්නේයයි කියාය. ඔවුහු “හොඳයි” කියා මාගේ වචන පිළිගෙන (නැවත මා වෙත) අවුත් නොම දන්වත්, පණිවිඩ කාරයෙකුත් නොම එවත්.
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොවක් නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේය’යි මට මෙබඳුවූ අදහසක් වේද, මේද ඊට එක් කරුණකියි කීය.
|
ගූථකූපපුරිසඋපමා | ගූථකූපපුරිසඋපමා |
415
‘‘තෙන
‘‘තං කිං මඤ්ඤසි, රාජඤ්ඤ, අපි නු තස්ස පුරිසස්ස සුන්හාතස්ස සුවිලිත්තස්ස සුකප්පිතකෙසමස්සුස්ස ආමුක්කමාලාභරණස්ස ඔදාතවත්ථවසනස්ස උපරිපාසාදවරගතස්ස පඤ්චහි
|
415
රාජන්යය එසේ වීනම් තොපට (මේ කාරණය ගැන) උපමාවක් කරන්නෙමි. මේ ලෝකයෙහි සමහර නුවණ ඇති පුරුෂයෝ උපමාවෙන්ද කියන ලද වචනයේ තේරුම දැන ගනිත්.
රාජන්යය යම්සේ පුරුෂයෙක් අසුචි වලක හිසත් සමගම ගිලුනේ වේද එකල තොපි පින්වත්නි! එසේවීනම් ඒ පුරුෂයා අසුචි වළෙන් ගොඩ ගනිව්යයි (තොපගේ) පුරුෂයන්ට අණකරන්නහුය. ඔවුහු යහපතැයි උත්තරදී අසුචි වළෙහි ගිලුණාවූ ඒ පුරුෂයා අසුචි වළෙන් ගොඩ ගන්නාහුය, එවිට තොපි, පින්වත්නි, එසේ වීනම් ඒ පුරුෂයාගේ ශරීරයෙහි අසුචි උණ පතුරුවලින් හොඳින් ඉවත් කරව්යි කියා (තොපගේ) පුරුෂයන්ට කියන්නහුය, ඔවුහු යහපතැයි උත්තරදී ඒ පුරුෂයාගේ ශරීරයෙහිවූ අසුචි උණ පතුරුවලින් හොඳින් ඉවත් කරන්නාහුය. එවිට තොපි ඔවුන්ට පින්වත්නි, එසේ වීනම් ඒ පුරුෂයාගේ ශරීරය පඬුවන් මැටියෙන් තුන්වරක් හොඳින් අතුල්ලව්යි කියන්නහුය. ඔවුහු ඒ පුරුෂයාගේ ශරීරය පඬුවන් මැටියෙන් තුන්වරක් අතුල්ලන්නාහුය. එවිට තොපි ඔවුන්ට මෙසේ කියන්නහුය.
පින්වත්නි, එසේ වීනම් ඒ පුරුෂයා තෙල් ගල්වා සියුම් චූර්ණයෙන් තුන්වරක් හොඳින් සුද්ධ කරව්යි කියන්නහුය. ඔවුහු ඒ පුරුෂයා තෙල් ගල්වා සියුම්වූ චූර්ණයෙන් තුන්වරක් හොඳින් ශුද්ධ කරන්නාහුය. නැවත තොපි ඒ පුරුෂයන්ට මෙසේ කියන්නහුය. පින්වත්නි, එසේ වීනම් ඒ පුරුෂයාගේ ඉසකේ හා දැළි රැවුල් කපා සරසව්යයි කියාය. ඔවුහු ඒ පුරුෂයාගේ ඉසකේ හා දැළි රැවුල් කපා සරසන්නාහුය. නැවත තොපි ඔවුන්ට මෙසේ කියන්නහුය. පින්වත්නි, එසේ වීනම් ඒ පුරුෂයාහට මාහැඟිවූ මල්ද, මාහැඟිවූ සුවඳ විලවුන්ඳ මාහැඟිවූ ඇඳුම්ද ගෙන දෙව්යයි කියායි. ඔව්හු ඒ පුරුෂයාට මාහැඟිවූ මල්ද, මාහැඟිවූ සුවඳවිලවුන්ද මාහැඟිවූ ඇඳුම්ද ගෙන දෙන්නාහුය.
තොපි ඔවුන්ට මෙසේ කියන්නහුය, පින්වත්නි, එසේ වීනම් ඒ පුරුෂයා ප්‍රාසාදයට නංවා පස්කම් සැප පිළියෙල කර දෙවයි කියාය. ඔවුහු ඒ පුරුෂයා ප්‍රාසාදයට නංවා පස්කම් සැප සූදානම් කර දෙන්නාහ. රාජන්යය ඒ කුමකැයි සිතන්නෙහිද? කිමෙක්ද? හොඳින් ඉස්නානය කරනලද්දාවූ, හොඳින් සුවඳ සුණු තවරණ ලද්දාවූ ඉසකේ හා දැළිරැවුල් කපා සරසන ලද්දාවූ, මල් හා ආභරණ පළඳින ලද්දාවූ, සුදු වස්ත්‍ර අඳින ලද්දාවූ, උතුම්වූ ප්‍රාසාදයේ උඩුමහල් තලයට පැමිණියාවූ, පංචකාම සැපයෙන් පිනාගියාවූ, එයින්ම යුක්තවූ ඒ පුරුෂයා නැවතත් අසුචි වළෙහි ගිලෙන්ට කැමති වන්නේදැයි ඇසූහ. පින්වත් කාශ්‍යපය, එසේ කැමති නොවන්නේය. ඊට කාරණා කවරේද? පින්වත් කාශ්‍යපය, අසුචි වළ මනාප නොවෙයි අසුචියක්ම වෙයි. දුර්ගන්ධ වෙයි. දුර්ගන්ධයයි සම්මත වූයේද වෙයි, පිළිකුල් කටයුතු වෙයි. පිළිකුල්යයි සම්මත වූයේද වෙයි. දැකීමෙන්ම පිළිකුල් වෙයි. දැකීමෙන් පිළිකුල්යයි සම්මත වූයේද වේයයි කීය.
රාජන්යය එමෙන්ම මනුෂ්‍යයෝ දෙවියන්ට අසුචියක් වෙයි, අසුචියකැයි සම්මත වෙත්, දුර්ගන්ධ වෙත්, දුර්ගන්ධයයි සම්මතවෙත්, පිළිකුල් කටයුතු වෙත්, පිළිකුල් කටයුතුයයි සම්මතවෙත්, දැකීමෙන්ම පිළිකුල්වෙත්, දැකීමෙන්ම පිළිකුල් කටයුතුයයි සම්මත වෙත්. රාජන්යය, යොදුන් සියයක් දුර මනුෂ්‍ය ගඳ දෙවියන්ට පීඩා කරයි. කිමෙක්ද? සතුන් මැරීමෙන් වැළකුනාවූ සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, නපුරු වචන කීමෙන් වැළකුනාවූ, හිස් වචන කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය බහුලකොට නැත්තාවූ, ක්‍රොධ සිත් නැත්තාවූ, සම්‍යක්දෘෂ්ටි ඇත්තාවූ තොපගේ දන්නා අඳුනන්නෝද සහ ලේ නෑයෝද ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය. මැරී උපදින සත්වයෝ ඇත්තාහුය. කරනලද කුසල අකුසලයන්ගේ ඵල විපාක ඇත්තේයයි කෙසේ නම් ඇවිත් දන්වන්නාහුද? රාජන්යය මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදනා සත්වයෝ ඇත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේය යන මෙබඳු සිතක් තොපට වේවායි කීය.
|
416
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො එවං මෙ එත්ථ හොති - ‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො’’’ති. ‘‘අත්ථි පන, රාජඤ්ඤ, පරියායො
|
416
කෙසේ හෝ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියන්නාහුය. එසේ වුවත්, මේ කාරණයෙහි මගේ අදහස මෙබඳු වෙයි. මේ කාරණයෙන්ද පරලොව නැත. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි කියායි.
රාජන්යය, මේ කරුණින්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහුය. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කරුණකින් තොපට මෙබඳු සිතක් ඇති වේද ඊට කරුණක් ඇත්තේ දැයි ඇසූහ. පින්වත් කාශ්‍යපය, මේ කරුණින්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහුය. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කරුණකින් මට මෙබඳු සිතක් ඇත්තේ වේද ඊට කාරණයක් ඇත්තේ යයි කීය. ‘රාජන්යය, ඒ කෙබඳු කරුණක්දැ’යි ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, මත්වීමට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පානයෙන් වැළකුනාවූ මාගේ හිත මිතුරන්ද සහලේනෑයෝද වෙද්ද, ඔවුහු පසු කාලෙක ලෙඩ වූවාහු, දුකට පැමිණියාහු දැඩි ගිලන් බැව් ඇත්තාහු වෙද්ද, යම් කලක මම මොවුහු දැන් මේ අසනීපයෙන් නොනැගිටින්නාහු යයි (සනීප නොවන්නාහුයයි) දනිම්ද එකල මම ඔවුන් ලඟට ගොස් මෙසේ කීවෙමි. පින්වත්නි, යම් ඒ සත්ව කෙනෙක් සතුන් මැරීමෙන් වැළකුනාහුද, සොරකම් කිරීමෙන් වැලකුනාහුද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහුද බොරු කීමෙන් වැළකුනාහුද, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුනාහුද ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්ව උපදිත්යයි කියන්නාවූ, මෙසේ දෘෂ්ටි (දැකීම්) ඇත්තාවූ සමහර ශ්‍රමණබ්‍රාහ්මණයෝ ඇත්තාහුය.
පින්වත්හු සතුන් මැරීමෙන් වැළකුනාහුය, සොරකම් කිරීමෙන් වැළකුනාහුය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහුය, බොරුකීමෙන් වැළකුනාහුය, මත්වීමට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පානයෙන් වැළකුනාහුය, ඉදින් ඒ පින්වත් ශ්‍රමණ බ්‍රහ්මණයන්ගේ වචනය සත්‍ය වීනම්, පින්වත්හු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්ව උපදින්නාහුය. පින්වත්නි, ඉදින් ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්ව ඉපදුනාහු නම් යම් පරිද්දකින් අවුත් මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහුය. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේයයි මට දන්වව්. පින්වත්හු වනාහි ඇදහිය යුතු වචන ඇත්තාහුය, විශ්වාස කටයුතු වචන ඇත්තාහුය. පින්වත්හු විසින් යමක් දක්නා ලද්දේද, මා විසින් දක්නා ලද්දක් යම්සේද එපරිද්දෙන් වන්නේයයි කියායි. ඔවුහු මට යහපතැයි උත්තරදී, නැවත ඇවිත් නොකියත්, දූතයෙකුත් නොම එවත්. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහුය, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි, මට මෙබඳු අදහසක් වේද, මෙයද ඊට එක් කාරණයක් වෙයි.
|
තාවතිංසදෙවඋපමා | තාවතිංසදෙවඋපමා |
417
‘‘තෙන හි, රාජඤ්ඤ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි; යථා තෙ ඛමෙය්ය, තථා නං බ්යාකරෙය්යාසි. යං ඛො පන, රාජඤ්ඤ, මානුස්සකං වස්සසතං, දෙවානං තාවතිංසානං එසො එකො රත්තින්දිවො
(රත්තිදිවො (ක.)), තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බං වස්සසහස්සං දෙවානං තාවතිංසානං ආයුප්පමාණං. යෙ තෙ මිත්තාමච්චා ඤාතිසාලොහිතා පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා, තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා දෙවානං තාවතිංසානං සහබ්යතං. සචෙ පන තෙසං එවං භවිස්සති - ‘යාව මයං ද්වෙ වා තීණි වා රත්තින්දිවා දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙම, අථ මයං පායාසිස්ස රාජඤ්ඤස්ස ගන්ත්වා ආරොචෙය්යාම - ‘‘ඉතිපි අත්ථි පරො ලොකො, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො’’ති. අපි නු තෙ ආගන්ත්වා ආරොචෙය්යුං
|
417
රාජන්යය එසේ නම් මේ කාරණයෙහි තොපම විචාරන්නෙමි. යම් පරිද්දකින් තොප කැමති වන්නේද, එපරිද්දෙන් කියව, රාජන්යය මනුෂ්‍යයන් පිළිබඳ යම් අවුරුදු සියයක් වේද, ඒ අවුරුදු සියය තව්තිසා වැසි දෙවියන්ට එක් රැයක් හා එක් දවාලක් වෙයි. ඒ රාත්‍රියෙන් රාත්‍රි තිහක් තව්තිසා වැසි දෙවියන්ට එක් මාසයක් වෙයි, ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දක් වෙයි. ඒ අවුරුද්දෙන් දිව්‍යවූ අවුරුදු දහසක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය වෙයි.
සතුන් මැරීමෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, මත්වීමට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පානයෙන් වැළකුනාවූ තොපගේ යම් හිත මිතුරු සහ ලේ නෑ කෙනෙක් වෙද්ද ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්ව උපන්නාහුද. ඉදින් ඔවුන්ට, අපි රෑ දාවල් (දවස්) දෙකක් හෝ තුණක් හෝ දිව්‍යවූ පංචකාම ගුණයෙන් යුක්තව එයින් සතුටු වෙමින් හැසිරෙමුයයිද, ඉන්පසු අපි පායාසි රාජන්යාගේ සමීපයට ගොස්. ‘මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහ, කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේයයි’ ‘දන්වන්නෙමුයි යන මෙබඳු සිතක් වන්නේ නම්, කිමෙක්ද ඔව්හු (මෙහි) ඇවිත් මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේයයි අවුත් කියන්නාහුද? පින්වත් කාශ්‍යපය, මේ කාරණය නොවන්නේමය, පින්වත් කාශ්‍යපය (ඔවුන් එනවිට) අපමැරී බොහෝ කල් වන්නේය.
තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහුයයි කියා හෝ මෙසේ තව්තිසා වැසි දෙවියෝ දීර්ඝ ආයුෂ ඇත්තෝයයි කියා හෝ කවරෙක් මේ කාරණය පින්වත් කාශ්‍යපයන්ට කීයේද? තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහුයයි හෝ, තව්තිසා වැසි දෙවියෝ දීර්ඝ ආයුෂ ඇත්තෝය යි හෝ කියන පින්වත් කාශ්‍යපයන්ගේ වචනය අපි විශ්වාස නොකරමු.
|
ජච්චන්ධඋපමා | ජච්චන්ධඋපමා |
418
‘‘සෙය්යථාපි, රාජඤ්ඤ, ජච්චන්ධො පුරිසො න පස්සෙය්ය කණ්හ - සුක්කානි රූපානි
‘‘කො පනෙතං භොතො කස්සපස්ස ආරොචෙති - ‘අත්ථි දෙවා තාවතිංසා’’ති වා, ‘එවංදීඝායුකා දෙවා තාවතිංසා’ති වා? න මයං භොතො කස්සපස්ස සද්දහාම - ‘අත්ථි දෙවා තාවතිංසා’ති වා ‘එවංදීඝායුකා දෙවා තාවතිංසා’ති වා’’ති. ‘‘න ඛො, රාජඤ්ඤ, එවං පරො ලොකො දට්ඨබ්බො, යථා ත්වං මඤ්ඤසි ඉමිනා මංසචක්ඛුනා. යෙ ඛො තෙ රාජඤ්ඤ සමණබ්රාහ්මණා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති
|
418
රාජන්යය යම්සේ උත්පත්තියෙන්ම අන්ධවූ පුරුෂයෙක් කළු සුදු රූපයන් නොදක්නේද, නිල්පාට රූපයන් නොදක්නේද, කහ පාට රූපයන් නොදක්නේද, මදට පාට රූපයන් නොදක්නේද, සම විසම බව නොදක්නේද, තාරකා රූපයන් නොදක්නේද, ඉර හඳ නොදක්නේද, උත්පත්තියෙන් අන්ධවූ ඒ පුරුෂයා මෙසේ කියන්නේය. කළු සුදු රූපයෝ නැත්තාහුය, කළු සුදු රූපයන් දකින්නෙක් නැත. නිල් පාට රූපයෝ නැත්තාහුය, නිල්පාට රූපයන් දකින්නෙක් නැත. කහ පාට රූපයෝ නැත්තාහ. කහපාට රූපයන් දකින්නෙක් නැත. රතුපාට හෙවත් (ලේපාට) රූපයෝ නැත්තාහ, රතුපාට රූපයන් දකින්නෙක් නැත. මදට පාට රූපයෝ නැත්තාහ, මදට පාට රූපයන් දකින්නෙක් නැත. සම විසම බව නැත්තේය, සම විසමවූ දේ දකින්නෙක් නැත. තාරකා රූපයෝ නැත්තාහ, තාරකා රූපයන් දකින්නෙක් නැත. ඉර හඳ නැත්තාහ, ඉරහඳ දකින්නෙක් නැත. මම මෙය නොදනිමි. මම මෙය නොදකිමි. (ඒ නිසා) එය නැත. රාජාන්යය මෙසේ කියන්නාවූ ඒ ජාත්යන්ධ (උත්පත්තියෙන් අන්ධ) පුරුෂයා හොඳ කීමක් (ඇත්තක්) කියන්නේ දැයි ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මේ වනාහි මනා කොට කියනලද කාරණයක් නොවෙයි කළු, සුදු රූපයෝ ඇත්තාහ. කළු, සුදු රූපයන් දකින අය ඇත්තාහ. නිල්පාට රූප ඇත්තාහ. නිල්පාට රූපයන් දකින අය ඇත්තාහ. කහපාට රූපයෝ ඇත්තාහ. කහපාට රූපයන් දකින අය ඇත්තාහ. රතුපාට රූපයෝ ඇත්තාහ, රතුපාට රූපයන් දකින අය ඇත්තාහ. මදට පාට රූපයෝ ඇත්තාහ, මදට පාට රූපයන් දකින අය ඇත්තාහ, සමවිසම බව ඇත්තේය. සම විසම බව දකින අය ඇත්තාහ. තාරකා රූපයෝ ඇත්තාහ, තාරකා රූපයන් දකින අය ඇත්තාහ. ඉර හඳ ඇත්තේය, ඉර හඳ දකින අය ඇත්තාහ, යමෙක් මම මෙය නොදනිමි මම මෙය නොදකිමි. (එබැවින්) නැත්තේ යයි කියාද, පින්වත් කාශ්‍යපය, මෙසේ කියන්නාවූ ඔහු මනාකොට කියන්නේ (ඇත්ත කියන්නේ) නොවේ යයි කීය.
රාජන්යය, තොප ජාත්‍යන්ධයෙකු මෙන් මට වැටහෙන්නේය. ‘තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහුයයි කියා හෝ මෙසේ තව්තිසා වැසි දෙවියෝ දීර්ඝ ආයුෂ ඇත්තෝය කියා හෝ මේ කාරණය කවරෙක් පින්වත් කාශ්‍යපයන්ට කීයේද? තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහුය කියා හෝ තව්තිසා වැසි දෙවියෝ මෙසේ දීර්ඝ ආයුෂ ඇත්තෝය කියා හෝ අපි පින්වත් කාශ්‍යපයන්ගේ වචනය විශ්වාස නොකරමුයි’ මෙසේ යමක් තොපි මට කීවහුද, රාජන්යය තොප මේ මස් ඇසින් දකින්නාක් මෙන් පරලොව නොදත යුතුයි. රාජන්යය, යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් නිශ්ශබ්දවූ ඝොෂා රහිතවූ අරණ්‍ය සේනාසනද මහ වනලැහැබ් ඇති ඉතා දුරවූ වන සේනාසනද සේවනය කෙරෙද්ද, ඔවුහු එහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, තමා ගැන ආලයක් නැතිව වසමින් දිව්‍ය ඇස සොධනය කෙරෙත් (ලබත්) ඔවුහු මනුෂ්‍ය ඇස ඉක්ම පවත්නාවූ පිරිසිදු දිවැසින් මෙලොවද පරලොවද මැරී උපදින සත්වයන්ද දකිත්. රාජන්යය, මෙසේ පරලොව දත යුතුයි. යම්සේ තොපි මේ මසැසින් දකින්නහුද එපරිද්දෙන් නොදත යුතුමය. රාජන්යය මේ කාරණයෙන්ද තොපට පරලොව ඇත්තේය. මැරී උපදින සත්වයෝ ඇත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේය, යන මෙබඳු සිතක් ඇතිවේවා.
|
419
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො එවං
|
419
පින්වත් කාශ්‍යපයෝ යම්සේ මෙබන්දක් කියද්ද, එසේද වුවත් මේ කාරණයෙහි මගේ අදහස මෙසේය. මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහුය, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය කියා යි.
රාජන්යය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය යි, යම් කාරණයකින් තොපට මෙබඳු සිතක් ඇති වේද, ඊට කාරණයක් ඇත්තේ දැයි ඇසූහ.
‘පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් මට මෙබඳු සිතක් ඇති වේද, ඊට කාරණයක් ඇත්තේයයි කීය,’ ‘රාජන්යය ඒ කෙබඳු කාරණයක් දැයි’ ඇසූහ.
‘පින්වත් කාශ්‍යපය, මම මෙහි සිල්වත්වූ යහපත් ධර්ම ඇත්තාවූ, ජීවත්වීමට කැමතිවූ, මැරෙන්ට අකමැතිවූ, සැපට කැමතිවූ, දුකට පිළිකුල් කරන්නාවූ ශ්‍රමණබ්‍රාහ්මණයන් දකිමි. පින්වත් කාශ්‍යපය, එසේ දකින්නාවූ මට මෙබඳු සිතක් වෙයි. ඉඳින් සිල්වත්වූ, යහපත් ධර්ම ඇත්තාවූ, පින්වත් මේ ශ්‍රමණබ්‍රාහ්මණයෝ මෙලොවින් මැරුණාවූ අපට පරලොව සැප වන්නේයයි මෙසේ දන්නාහුනම් දැන් සිල්වත්වූ යහපත් ධර්ම ඇත්තාවූ පින්වත්වූ මේ ශ්‍රමණබ්‍රාහ්මණයෝ විෂ හෝ කන්නාහුය, ආයුධවලින් හෝ කපා ගන්නාහුය, බෙල්ලේ වැල් ලාගෙන හෝ මැරෙන්නාහුය, ප්‍රපාතයක හෝ වැටෙන්නාහුය යම් හෙයකින් වනාහි සිල්වත්වූ යහපත් ධර්ම ඇත්තාවූ මේ පින්වත් ශ්‍රමණබ්‍රාහ්මණයෝ, මෙලොවින් මැරුණාවූ අපට පරලොව සැප වන්නේයයි මෙසේ නොදනිද්ද, එහෙයින් සිල්වත්වූ, යහපත් ධර්ම ඇත්තාවූ ජීවත් වීමට කැමැත්තාවූ, මැරෙන්ට අකැමැතිවූ, සැපට කැමතිවූ, දුකට පිළිකුල් කරන්නාවූ මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තමා නොමරත්යයි කියායි. ‘පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි, කියා මෙබඳු අදහසක් මට යම් කාරණයකින් වේද, මෙයද ඊට එක් කාරණයක් වෙයි’ කීය.
|
ගබ්භිනීඋපමා | ගබ්භිනීඋපමා |
420
‘‘තෙන
‘‘අථ ඛො සා බ්රාහ්මණී සත්ථං ගහෙත්වා ඔවරකං පවිසිත්වා උදරං ඔපාදෙසි
(උප්පාතෙසි (ස්‍යා.)) - ‘යාව විජායාමි යදි වා කුමාරකො යදි වා කුමාරිකා’ති. සා අත්තානං චෙව ජීවිතඤ්ච ගබ්භඤ්ච සාපතෙය්යඤ්ච විනාසෙසි. යථා තං බාලා අබ්යත්තා අනයබ්යසනං ආපන්නා අයොනිසො දායජ්ජං ගවෙසන්තී, එවමෙව ඛො ත්වං, රාජඤ්ඤ, බාලො අබ්යත්තො අනයබ්යසනං ආපජ්ජිස්සසි අයොනිසො පරලොකං ගවෙසන්තො
|
420
රාජන්යය, එසේවී නම් තොපට උපමාවක් කරන්නෙමි. (කියන්නෙමි) උපමාවෙන්ද මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ කියනලද වචනයෙහි තේරුම දැනගනිත්. රාජන්යය, එහෙයින් පෙර සිදුවූ දෙයක් කියමි. එක් බ්රාහ්මණයෙකුට භාර්ය්යාවන් දෙදෙනෙක් වූවාහුය. එක් භාර්‍ය්‍යාවකට දස ඇවිරිදි හෝ දොළොස් ඇවිරිදිවූ හෝ පුතෙක් විය. එක් භාර්‍ය්‍යාවක් ගර්භිනී වූවා වදනකාලය ලංව ඇත්තේ විය. ඒ කාලයේ ඒ බමුණා මැරුණේය. එකල්හි මාණවකයා (ළමයා) සැතිරියවූ (කුඩා) මවුට මේ කාරණය කීය. පිනැත්තිය යම් මේ ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදී හෝ රත්රන් හෝ ඇද්ද ඒ සියල්ල මගේ වෙයි. මේ වස්තුව අතුරෙන් කිසිත් තිට නැත්තේය. පිනැත්තිය, පියාගේ දායාදයවූ මේ වස්තුව මට පාවා දෙවයි කීය. එසේ කී කල ඒ බැමිණිය ඒ මාණවකයාට (ළමයාට) මේ වචනය කීය. ‘පුත්‍රය, යම්තාක් මම වදම්ද ඒතාක් බලාපොරොත්තු වෙව. ඉඳින් කුමාරයෙක් වන්නේ නම් ඕහටද එක් කොටසක් වන්නේය, ඉඳින් කුමාරියක් වන්නී නම් ඕ තොපට උපස්ථාන කරන්නියක් වන්නී”යයි කියායි.
දෙවනුවද මාණවකයා සැතිරිවූ (කුඩා) මවට මේ කාරණය කීය, “පිනැත්තිය, යම් මේ ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදී හෝ රත්රන් හෝ ඇද්ද ඒ සියල්ල මගේ වෙයි. මේ වස්තුව අතුරෙන් කිසිවක් තිට නැත්තේය. පිනැත්තිය පියාගේ මේ දායාදය වූ වස්තුව මට පාවා දෙව”යි කියායි. දෙවනුවද ඒ බැමිණිය ඒ මාණවකයාට මේ වචන කීය. ‘පුත්‍රය, යම්තාක් මම වදම්ද ඒ තාක් කල් බලාපොරොත්තු වෙව, ඉඳින් පුතෙක් වන්නේ නම් ඔහුටද එක් කොටසක් වන්නේය, ඉඳින් දුවක් වේනම් ඕ තොපට උපස්ථාන කරන්නියක්වන්නීය”යි කියායි.
තුන් වෙනිවද ඒ මාණවකයා සැතිරියවූ (කුඩා) මවට මේ කාරණය කීය. “පිනැත්තිය යම් මේ ධනයක් හෝ ධ්‍යානයක් හෝ රිදී හෝ රත්රන් හෝ ඇද්ද ඒ සියල්ලම මගේ වෙයි. මේ වස්තුවෙහි කිසිත් තිට නැත්තේය, පිනැත්තිය පියාගේ දායාදය මේ මට පාවා දෙව”යි කීය. එවිට බැමිණි ආයුධයක් ගෙන ඇතුල් ගෙට (ගබඩාවට) ඇතුල්වී, මෙහි ඉඳින් කුමාරයෙක් හෝ වේද? කුමාරියක් හෝ වේද? කියා දැනගනිමි”යි බඩ පැලුවාය. ඈ තම ජීවිතයද, ගර්භයද, වස්තුවද නැසුවාය. යම් සේ අඥානවූ, අදක්ෂවූ තැනැත්තී වැරදි විදියෙන් වස්තුව සොයන්නී ඒ මහත්දුකට පැමිණියාද රාජන්යය, එපරිද්දෙන්ම අඥානවූ අදක්ෂවූ තෝ නුනුවණින් පරලොව සොයන්නේ මහත් දුකට පැමිණෙන්නෙහිය. අඥානවූ, අදක්ෂවූ ඒ බැමිණි වැරදි විදියෙන් වස්තුව සොයන්නී යම්සේ මහත් දුකට පැමිණියාද එමෙනි.
රාජන්යය, සීලවන්තවූ උතුම් ගුණ ධර්මයෙහි පිහිටියාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නොමේරූ අවසන් නොවූ ආයුෂය අතරකදී නොසිඳිත්. එසේද වුවත් පණ්ඩිතයෝ ආයුෂයාගේ මූකිරීම බලාපොරොත්තු වෙති. රාජන්යය සීලවන්තවූ උතුම් ගුණධර්මයෙහි පිහිටියාවූ ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ ජීවිතයෙන් ප්‍රයෝජන ඇත්තේමය.
රාජන්යය, සිල්වත්වූ උතුම් ගුණධර්ම ඇත්තාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉතා දීර්ඝ කාලයක් සිටිත්ද, ඒ තාක් ඒ ඒ ආකාරයෙන් බොහෝ පින් රැස් කෙරෙත්, බොහෝ දෙනාගේ හිත පිණිසද, බොහෝ දෙනාගේ සැප පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද පිළිපදිත්. දෙවි මිනිසුන්ට වැඩ පිණිසද, හිත පිණිසද, සැප පිණිසද, පිළිපදිත්. රාජන්යය, මේ කාරණයෙන්ද තොපට මෙබඳු සිතක් ඇති වේවා. මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහ. කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේය කියායි.
|
421
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො එවං මෙ එත්ථ හොති - ‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො’’’ති. ‘‘අත්ථි පන, රාජඤ්ඤ, පරියායො...පෙ.... අත්ථි, භො කස්සප, පරියායො...පෙ.... යථා කථං විය, රාජඤ්ඤා’’ති? ‘‘ඉධ මෙ, භො කස්සප, පුරිසා චොරං
|
421
යම්සේ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියද්ද, එසේ නමුත් මේ කාරණයෙහි මගේ අදහස මෙබඳුයි. මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාකයක් නැත්තේ යයි කියායි. රාජන්යය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් තොපට මෙබඳු සිතක් ඇති වේද, ඊට කාරණයක් ඇත්තේදැයි ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරණලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් මට මෙබඳු සිතක් ඇතිවේද, ඊට කාරණයක් ඇත්තේ යයි කීය. රාජන්යය, ඒ කෙබඳු කාරණයක්දැයි ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කරන්නාවූ සොරෙකු අල්වාගෙන ස්වාමීනි, මේ ඔබවහන්සේ ගේ (අණට විරුද්ධව) අපරාධ කරණ සොරෙකි. මොහුට යම් දඬුවමක් දෙනු කැමැත්තේ නම් එය දෙනු මැනවැයි දක්වද්ද, එකල ඒ පුරුෂයන්ට මම මෙසේ කියමි. පින්වත්නි, එසේ වීනම් ජීවත් වන්නාවූම (පණ තිබෙද්දීම) මේ පුරුෂයා හැලියක දමා කට වසා, තෙත්වූ සම්වලින් වෙලා. තෙත් මැටියෙන් ඝණව ආලේප කොට ලිපේ තබා ගිනි දල්වව් කියායි. ඔවුහු යහපතැයි මගේ වචනය පිළිගෙණ ජීවත්වන්නාවූම ඒ සොර පුරුෂයා හැලියක දමා කට වසා තෙත්වූ සම්වලින් වෙලා තෙත්වූ මැටියෙන් ඝනව ආලේප කොට ලිපේ තබා ගිනි දල්වත්. යම් වේලාවක අපි ඒ පුරුෂයා මැරුණේයයි දනිමුද, එවිට හැලිය බා තබා මැටි ආලේපය බිඳ කට ඇර (එයින්) පිට වෙන්නාවූ මොහුගේ ජීවිතය දක්නමු නම් යෙහෙකැයි කියා වහා බලමුද අපි පිට වෙන ඔහුගේ ජීවිතය නොදකුම්හ.
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේයයි යම් කාරණයකින් මට මෙබඳු අදහසක් වේද මෙයද ඊට එක් කාරණයක් වෙයි.
|
සුපිනකඋපමා | සුපිනකඋපමා |
422
‘‘තෙන
|
422
රාජන්යය, එසේ වීනම් තොපගෙන්ම මේ කරුණ අසන්නෙමි. යම් පරිද්දෙකින් තොපි කැමති වන්නහුද, එපරිද්දෙන් එය කියවයි කීහ. රාජන්යය, තොප දවල් නිදාගන්ට යහනට ගියවිට සිත් අලවන්නාවූ උයන්ද සිත් අලවන්නාවූ වනාන්තරද සිත් අලවන්නාවූ පොකුණුදැයි යන මේවා ගැන සිහිනයක් දුටු බවක් මතක ඇත්තේදැයි ඇසූහ. ‘පින්වත් කාශ්‍යපය, මම දවල් සයනයට පැමිණියෙම් සිත් අලවන්නාවූ උයන්ද, සිත අලවන්නාවූ වනාන්තරද, සිත් අලවන්නාවූ භූමිද, සිත් අලවන්නාවූ පොකුණුද සිහිනෙන් දැක මතක ඇත්තෙමියි’ කීය. ඒ වේලාවෙහි කුදුස්ත්රීහුද, මිටිස්ත්රීහුද, බාලස්ත්රීහුද, තරුණ දැරියෝද තොප ආරක්ෂා කිරීමෙහි යෙදී සිටියා හුදැයි ඇසූහ. ‘පින්වත් කාශ්‍යපය, එසේමය, ඒවේලාවෙහි කුදුස්ත්රීහුද, මිටිස්ත්රීහුද, බාලස්ත්රීහුද, තරුණ දැරියෝද මා ආරක්ෂා කිරීමෙහි යෙදී සිටියාහුයයි’ කීය. ඒ ස්ත්‍රීහු ඇතුල් වන්නාවූද, පිටවන්නාවූද, තොපගේ ජීවිතය දකිත්දැයි ඇසූහ. ‘පින්වත් කාශ්‍යපය, මේ කාරණය නොවේමයයි’ කීය.
රාජන්යය, ජීවත්වන්නාවූ ඒ ස්ත්‍රීහු, ජීවත්වන්නාවූ තොපගේ ඇතුල්වන්නාවූද, පිටවන්නාවූද ජීවිතය නොම දකින්නාහු නම් කිමෙක්ද තොපි මැරුණ තැනැත්තහුගේ ඇතුල් වන්නාවූද, පිට වන්නාවූද ජීවිතය කෙසේ නම් දකින්නහුද? රාජන්යය, මේ කාරණයෙන්ද තොපට මෙබඳු සිතක් ඇතිවේවා. මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය. මැරී උපදින සත්වයෝ ඇත්තාහ, කරණලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේය කියායි.
|
423
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො එවං මෙ එත්ථ හොති - ‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො’’’ති. ‘‘අත්ථි පන, රාජඤ්ඤ, පරියායො...පෙ.... ‘‘අත්ථි, භො කස්සප, පරියායො...පෙ.... යථා කථං විය රාජඤ්ඤා’’ති? ‘‘ඉධ මෙ, භො කස්සප, පුරිසා චොරං ආගුචාරිං ගහෙත්වා දස්සෙන්ති - ‘අයං තෙ, භන්තෙ, චොරො ආගුචාරී; ඉමස්ස යං ඉච්ඡසි, තං දණ්ඩං පණෙහී’ති. ත්යාහං එවං වදාමි - ‘තෙන හි, භො, ඉමං පුරිසං ජීවන්තංයෙව තුලාය තුලෙත්වා ජියාය අනස්සාසකං මාරෙත්වා පුනදෙව තුලාය තුලෙථා’ති. තෙ මෙ ‘සාධූ’ති පටිස්සුත්වා තං පුරිසං ජීවන්තංයෙව තුලාය තුලෙත්වා ජියාය අනස්සාසකං මාරෙත්වා පුනදෙව තුලාය තුලෙන්ති. යදා සො ජීවති, තදා ලහුතරො ච හොති මුදුතරො
|
423
කෙසේ හෝ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියති. එහෙත් මේ කාරණයෙහි මාගේ අදහස මෙබඳු වෙයි. මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය කියායි. රාජන්යය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් තොපට මෙබඳු සිතක් ඇතිවේද, ඊට කාරණයක් ඇත්තේදැයි ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරණලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් මට මෙබඳු සිතක් ඇතිවේද, ඊට කාරණයක් ඇත්තේ යයි කීය. ‘රාජන්යය, ඒ කෙබඳු කාරණයක්දැයි’ ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මෙහි මාගේ පුරුෂයෝ අපරාධයෙහි හැසිරෙන්නාවූ සොරෙකු අල්වා ගෙනවුත්, ස්වාමීනි, මේ ඔබ වහන්සේගේ (අණට විරුද්ධව) අපරාධ කරමින් හැසිරෙන සොරෙක, මොහුට යම් දඬුවමක් කරණු කැමැත්තෙහි නම් එය කරනු මැනවැයි මට දක්වද්ද, එවිට මම ඔවුන්ට මෙසේ කියමි. පින්වත්නි, එසේ වීනම් ජීවත්වන්නාවූ (ජීවිතය තිබියදීම) මේ පුරුෂයා තරාදියෙන් කිරා දුනු දියෙන් (දුනු ලනුවෙන්) බෙල්ල වෙලා හුස්ම ගැණීම නැතිකොට මරා නැවතත් තරාදියෙන් කිරා බලවයි කියායි. යහපතැයි ඔව්හු මාගේ වචන පිළිගෙන ජීවත් වන්නාවූම ඒ පුරුෂයා තරාදියෙන් කිරා දුනුදියෙන් බෙල්ල වෙලා හුස්ම ගැනීම නැති කොට මරා නැවතත් තරාදියෙන් කිරත්.
යම් කලක ඒ පුරුෂයා ජීවත්වේද, එකල ඉතා සැහැල්ලු වූයේද වෙයි, ඉතා මොලොක් වූයේද වෙයි. කටයුතුවලට ඉතා සුදුසු වූයේද වෙයි, යම් කලක ඔහු මැරුණේද, එකල්හි ඉතා බර වූයේද වෙයි, ඉතා දැඩි වූයේද වෙයි, කටයුත්තට ඉතා නුසුදුසු වූයේද වෙයි, පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි මෙබඳු සිතක් යම් කාරණයකින් මට ඇතිවීද මෙයද ඊට එක් කාරණයකියි කීවේය.
|
සන්තත්තඅයොගුළඋපමා | සන්තත්තඅයොගුළඋපමා |
424
‘‘තෙන
|
424
රාජන්යය, එසේ වීනම් තොපට උපමාවක් කරන්නෙමි. (පෙන්වමි) උපමාවෙන්ද මේ ලෝකයෙහි නුවණ ඇති පුරුෂයෝ කියනලද කථාවෙහි තේරුම දැන ගනිත්. රාජන්යය, යම්සේ පුරුෂයෙක් දවස මුළුල්ලෙහි රත් කරන ලද්දාවූ, ගිනිගෙන ඇවිලෙන්නාවූ, හොඳින් ඇවිලෙන්නාවූ එකම ගිනි ජාලාවක්වූ යකඩ ගුලියක් තරාදියෙන් කිරන්නේද, පසුව සීතලවූ නිමුනාවූ ඒ යකඩගුලිය තරාදියෙන් කිරන්නේද යම් කලෙක වනාහි ඒ යගුලිය ගිනිගෙන ඇවුලුනේ වේද, මනාකොට ඇවුලුනේ වේද, එකම ගිනි ජාලාවක් වේද, යම් කලක හෝ සීතල වේද, නිවුනේ වේද යන මේ අවස්ථා දෙක අතරින් කවර අවස්ථාවක ඒ යකඩගුලිය ඉතා සැහැල්ලු වූයේ හෝ වේද, ඉතා මොලොක් වූයේවේද කටයුතුවලට ඉතා සුදුසු වූයේ වේදැයි ඇසුවේය.
පින්වත් කාශ්‍යපය, යම් කලක ඒ යකඩගුලිය ගිනි සහිත වූයේ වේද වාතය සහිත වූයේද ගිනිගෙන ඇවුලුනේ වේද, මනාකොට ඇවුලුනේ වේද, එකම ගිනි ජාලාවක් වූයේ වේද එකල්හි ඉතා සැහැල්ලු වූයේද වෙයි, ඉතා මොලොක් වූයේද වෙයි, කටයුතුවලට ඉතා සුදුසු වූයේද වෙයි. යම් කලක ඒ යඩකගුලිය ගිනිරහිත වූයේද, වාතය රහිත වූයේද, සීතල වූයේද, නිවුනේ වේද, එකල්හි ඉතා බර වූයේද ඉතා දැඩි (තද) වූයේද වෙයි, කටයුතුවලට ඉතා නුසුදුසු වූයේද වෙයි කීය.
රාජන්යය, එමෙන්ම මේ ශරීරය යම් කලක ආයුෂ සහිත වූයේ වේද, උෂ්ණය සහිත වූයේ වේද එකල්හි ඉතා සැහැල්ලු වූයේද වෙයි, ඉතා මොලොක් වූයේද වෙයි, කටයුත්තට ඉතා සුදුසු වූයේද වෙයි, යම් කලක මේ ශරීරය ආයුෂ සහිත නොවූයේද, උෂ්ණය සහිත නොවූයේද, විඥානය සහිත නොවූයේද එකල්හි ඉතා බර වූයේද ඉතා දැඩි වූයේද කටයුත්තට ඉතා නුසුදුසු වූයේද වෙයි.
රාජන්යය, මේ කාරණයෙන්ද, තොපට මෙබඳු සිතක් ඇති වේවා, මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහ. කරණලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේය කියායි.
|
425
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො එවං මෙ එත්ථ හොති - ‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො’’’ති. ‘‘අත්ථි පන, රාජඤ්ඤ, පරියායො...පෙ.... අත්ථි, භො කස්සප, පරියායො...පෙ.... යථා කථං විය රාජඤ්ඤා’’ති? ‘‘ඉධ මෙ, භො කස්සප, පුරිසා චොරං ආගුචාරිං ගහෙත්වා දස්සෙන්ති - ‘අයං තෙ, භන්තෙ, චොරො ආගුචාරී; ඉමස්ස යං ඉච්ඡසි
|
425
කෙසේ හෝ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියති. එසේ නමුත් මේ කාරණයෙහි මගේ අදහස මෙසේයි. මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය කියායි.
රාජන්යය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් තොපට මෙබඳු සිතක් ඇතිවේද, ඊට කාරණයක් ඇත්තේදැයි, ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරණලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් මට මෙබඳු සිතක් ඇත්තේවේද, එයට කාරණයක් ඇත්තේයයි කීය.
“රාජන්යය, ඒ කෙබඳු කාරණයක්දැ”යි ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කරමින් හැසිරෙන්නාවූ සොරෙකු අල්වාගෙනවුත් ස්වාමීනි, මොහු (ඔබ වහන්සේගේ අණට විරුද්ධව) අපරාධ කරමින් හැසිරෙන සොරෙක. මොහුට යම් දඬුවමක් පමුණුවනු කැමැත්තෙහි නම් එය කරනු මැනවැයි මට දක්වද්ද, එවිට මම ඔවුන්ට මෙසේ කියමි.
“පින්වත්නි, එසේ වීනම් සිවියද, සමද, මස්ද, නහරද, ඇටද, ඇටමිදුලුද විනාශ නොකොට මේ පුරුෂයා ජීවිතයෙන් තොර කරව් (මරව්) මොහුගේ ජීවිතය නික්මෙනු බලනු සඳහාය කියායි. ඔවුහු මගේ වචනය පිළිගෙන සිවියද, සමද, මස්ද, නහරද, ඇටද, ඇටමිදුලුද විනාශ නොකොට ඒ පුරුෂයා ජීවිතයෙන් තොර කරත් (මරත්.) යම් කලක ඒ පුරුෂයා නොමළේ වේද, එකල ඒ පුරුෂයන්ට මම මෙසේ කියමි. පින්වත්නි, එසේ නම් මේ පුරුෂයා උඩුකුරු කොට හෙලව්. මොහුගේ නික්මෙන්නාවූ ජීවිතය දක්නමෝ නම් යෙහෙකැයි කියායි. ඔවුහු ඒ පුරුෂයා උඩුකුරුකොට හෙලත්. මොහුගෙන් නික්මෙන්නාවූ ජීවිතයක් අපි නොදකුම්හයි කියත්. එකල මම ඔවුන්ට මෙසේ කියමි. පින්වත්නි, එසේ නම් මේ පුරුෂයා යටිකුරු කොට හෙලව්. පැත්තකට හෙලව්, අනික් පැත්තට හෙලව්, උඩුඅතට තබව්, යටි අතට තබව්, අතින් ගසව්, ගස්වලින් ගසව්, දණ්ඩෙන් ගසව්, මෙහාට පෙරලව්, එහාට පෙරලව්, එහා මෙහා පෙරලව්, මොහුගේ නික්මෙන්නාවූ ජීවිතය දක්නමෝ නම් යෙහෙකැයි කියායි. ඔහු ඒ පුරුෂයා මෙහාට පෙරලත්, එහාට පෙරලත්, එහා මෙහා පෙරලත්, අපි මොහුගේ නික්මෙන්නාවූ ජීවිතයක් නොදකුම්හ. ඔහුගේ එම ඇසම වෙයි, ඒ රූපයෝම වෙත්, එම ඇසින් එම රූපායතනය ප්‍රකාශ නොකරයි. එම කණම වෙයි, එම ශබ්දයෝම වෙත්, ඒ කණින් ශබ්දායතනය ප්‍රකාශ නොකරයි. එම නාසයම වෙයි. එම ගඳ සුවඳම වෙත්. ඒ නාසයෙන් ගන්ධායතනය ප්‍රකාශ නොකරයි. එම දිවම වෙයි, එම රසයෝම වෙත්, එම දිවෙන් රසායතනය ප්‍රකාශ නොකරයි. එම කයම වෙයි. එම ස්පර්ශයෝම වෙත්, එම කයින් ඵස්සායතනය ප්‍රකාශ නොකරයි.
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේයයි මෙබඳුවූ සිතක් යම් කාරණයකින් ඇතිවේද, මෙයද ඊට එක් කාරණයකි.”
|
සඞ්ඛධමඋපමා | සඞ්ඛධමඋපමා |
426
‘‘තෙන හි, රාජඤ්ඤ, උපමං තෙ කරිස්සාමි. උපමාය මිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං, රාජඤ්ඤ, අඤ්ඤතරො සඞ්ඛධමො සඞ්ඛං ආදාය පච්චන්තිමං ජනපදං අගමාසි. සො යෙන අඤ්ඤතරො ගාමො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මජ්ඣෙ ගාමස්ස ඨිතො තික්ඛත්තුං සඞ්ඛං උපලාපෙත්වා සඞ්ඛං භූමියං නික්ඛිපිත්වා එකමන්තං නිසීදි. අථ ඛො, රාජඤ්ඤ, තෙසං පච්චන්තජනපදානං
(පච්චන්තජානං (සී.)) මනුස්සානං එතදහොසි
‘‘අථ ඛො, රාජඤ්ඤ, තස්ස සඞ්ඛධමස්ස එතදහොසි - ‘යාව බාලා ඉමෙ පච්චන්තජනපදාමනුස්සා, කථඤ්හි නාම අයොනිසො සඞ්ඛසද්දං ගවෙසිස්සන්තී’ති. තෙසං පෙක්ඛමානානං සඞ්ඛං ගහෙත්වා තික්ඛත්තුං සඞ්ඛං උපලාපෙත්වා සඞ්ඛං ආදාය පක්කාමි. අථ ඛො, රාජඤ්ඤ, තෙසං පච්චන්තජනපදානං මනුස්සානං එතදහොසි - ‘යදා කිර, භො, අයං සඞ්ඛො නාම පුරිසසහගතො
|
426
රාජන්යය, එසේ නම් තට උපමාවක් දක්වන්නෙමි. මේ ලෝකයෙහි සමහර නුවණ ඇති පුරුෂයෝ උපමාවෙන්ද කියනලද වචනයේ තේරුම දැන ගනිත්. රාජන්යය පෙර වූවක් කියමි.
“එක්තරා සක් පිඹින්නෙක් හක්ගෙඩියක් ගෙන පිටිසර පළාතකවූ ජනපදයකට ගියේය. ඔහු එක්තරා ගමක් යම් තැනකද, එතැනට ගියේය. ගොස් ගම මැදදී වේගයෙන් තුන් වරක් සක් ගෙඩිය පිඹ එය බිම තබා, එක පැත්තක උන්නේය. රාජන්යය එවිට ඒ පිටිසර පලාතේ උපන්නාවූ මිනිසුන්ට මෙබඳු සිතක් වූයේය. පින්වත්නි, මෙසේ (සිත්) ඇලවිය යුතුවූ, මෙසේ කැමතිවිය යුතුවූ, මෙසේ මත්විය යුතුවූ, මෙසේ බැඳිය යුතුවූ, මෙසේ ක්ලාන්ත විය යුතුවූ මේ ශබ්දය කවරෙකුගේද කියායි. නැවත ඒ පිටිසර ජනපද වැසි මනුෂ්‍යයෝ රැස්වී ඒ සක් පිඹින්නාට මේ කාරණය කීවෝය.
පින්වත, මෙසේ සිත් ඇලවිය යුතුවූ, මෙසේ කැමැති විය යුතුවූ මෙසේ මත්විය යුතුවූ, මෙසේ බැඳිය යුතුවූ, මෙසේ ක්ලාන්ත විය යුතුවූ මේ ශබ්දය කවරෙකුගේද කියායි. මෙසේ සිත් ඇලවිය යුතුවූද, මෙසේ කැමති විය යුතුවූද, මෙසේ මත්විය යුතුවූද, මෙසේ බැඳිය යුතුවූද මෙසේ ක්ලාන්ත විය යුතුවූද, මේ ශබ්දය යමෙකුගේද පින්වත්නි, එය වනාහි සක් ගෙඩිය යන නම ඇත්තේයයි කීය.
එවිට ඒ පිටිසර ජනපද වැසි මනුෂ්‍යයෝ පින්වත් සක් ගෙඩිය, නාදකරව, පින්වත් සක්ගෙඩිය, නාදකරවයි කියමින් සක් ගෙඩිය උඩු අතට පෙරලුවාහුය. ඒ සක්ගෙඩිය සබ්ද නොකළේමය. නැවතද ඒ පුරුෂයෝ පින්වත් සක්ගෙඩිය, නාදකරව, පින්වත් සක්ගෙඩිය, නාද කරවයි කියමින් ඒ සක් ගෙඩිය යටිඅතට පෙරලුවාහුය, පැත්තට පෙරලුවාහුය, දෙවැනි පැත්තට පෙරලුවාහුය, උඩුකුරු කොට තැබුවාහුය, යටිකුරු කොට තැබුවාහුය, අතින් ගැසුවාහුය, ගල්වලින් ගැසුවාහුය, ලීවලින් ගැසුවාහුය, ආයුධයෙන් ගැසුවාහුය, මෑතට පෙරලුවාහුය, ඈතට පෙරලුවාහුය, එහා මෙහා පෙරලුවාහුය, ඒ සක්ගෙඩිය නාද නොකළේමය. රාජන්යය, එවිට ඒ සක් පිඹින්නාහට මෙබඳු සිතක් වූයේය. පිටිසර උපන්නාවූ මේ මනුෂ්‍යයෝ මෝඩයෝ වෙත්. (ඔවුහු) කෙසේ නම් නුනුවණින් සක් හඬ සොයන්නාහු දැයි කියායි.
(එසේ සිතා සක් පිඹින්නා) ඔවුන් බලා සිටිද්දීම සක් ගෙඩිය ගෙන තුන්වරක් සක්ගෙඩිය පිඹ සක්ගෙඩියක් රැගෙන ගියේය.
රාජන්යය, එවිට ඒ පිටිසර ජනපද වැසි මිනිසුන්ට මෙබඳු සිතක් වූයේය. පින්වත්නි, යම් කලෙක මේ සක්ගෙඩිය පුරුෂයෙක් සමග (එක්ව) පැවැත්තේද, උත්සාහය සමග පැවැත්තේද සුලඟ සමග පැවැත්තේද එකල්හි මේ සක නාද කරයි. යම්කලක මේ සක පුරුෂයෙකු සමග නොපවත්නේද උත්සාහය සමග නොපවත්නේද, සුලඟ සමග නොපවත්නේද එකල්හි මේ සක ශබ්ද නොකෙරේයයි කියායි.
රාජන්යය, එපරිද්දෙන්ම මේ ශරීරය ආයුෂ සහිත වූයේද, උෂ්ණය සහිත වූයේද, විඥානය සහිත වූයේද එකල මේ (ශරීරය) ඉදිරියටද යයි, ආපසුද යයි, සිටීමද කෙරෙයි, හිඳීමද කෙරෙයි, නිදාගැනීමද කරයි, ඇස කරණකොටගෙන රූපයද දකියි, කණ කරණකොටගෙන ශබ්දයද අසයි, නාසය කරණකොටගෙන ගඳ සුවඳද දැනගනියි, දිව කරණකොට ගෙන රස විඳියි, කය කරණකොටගෙන ස්පර්ශද කෙරෙයි. සිත කරණකොටගෙන ධර්ම අරමුණුද දනියි. යම් කලක වනාහි මේ ශරීරය ආයුෂ සමග නොපවත්නේ වේද, උෂ්ණය සමග නොපවත්නේ වේද, විඥානය සමග නොපවත්නේ වේද, එකල්හි මේ (ශරීරය) ඉදිරියට යාමද නොකරයි, ආපසුයාමද නොකරයි, සිටීමද නොකරයි. හිඳීමද නොකරයි, නිදා ගැනීමද නොකරයි, ඇසින්ද රූපය නොදකී. කණින්ද ශබ්දය නොඅසයි, නාසයෙන්ද ගඳ සුවඳ නොදනියි. දිවෙන්ද රස විඳීම නොකරයි, ශරීරයෙන්ද ස්පර්ශය නොවිඳියි, සිතින්ද ධර්මාරමුණු නොදනී, රාජන්යය, මේ කාරණයෙන්ද තොපට මෙබඳු සිතක් ඇතිවේවා, මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය, මැරී උපදින සත්වයෝ ඇත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේය කියායි.
|
427
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො එවං
|
427
පින්වත් කාශ්‍යපයෝ කෙසේ හෝ මෙසේ කියන්නාහුද, එහෙත් මේ කාරණයෙහි මගේ අදහස මෙසේ වන්නේය. මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ, කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය කියායි.
රාජන්යය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් තොපට මෙබඳු සිතක් ඇතිවේද, ඊට කාරණයක් ඇත්තේදැයි ඇසූහ. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරනලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි යම් කාරණයකින් මට මෙබඳු සිතක් ඇතිවේද, ඊට කාරණයක් ඇත්තේයයි කීය.
“රාජන්යය, ඒ කෙබඳු කාරණයක්දැ”යි ඇසූහ.
පින්වත් කාශ්‍යපය, මෙහි මගේ පුරුෂයෝ අපරාධ කරමින් හැසිරෙන සොරෙකු අල්වා ගෙනවුත්, ස්වාමීනි, මොහු නුඹ වහන්සේගේ අණට විරුද්ධව අපරාධ කරමින් හැසිරෙන සොරෙකි. මොහුට යම් දඬුවමක් දෙනු කැමැත්තෙහිනම් එය නියම කරනු මැනවැයි මට දක්වද්ද, එකල මම ඔවුන්ට මෙසේ කියමි. එසේ නම් මොහුගේ සිවිය සිඳිව්, මොහුගේ ජීවිතය දකින්නමු නම් යෙහෙකැයි කියායි. ඔවුහු ඒ පුරුෂයාගේ සිවිය සිඳිත්, “අපි මේ පුරුෂයාගේ ජීවිතය නොදකුම්හ” එකල මම ඔවුන්ට මෙසේ කියමි පින්වත්නි, එසේ නම් මොහුගේ ජීවිතය දකින්නමු නම් යෙහෙක ඒ සඳහා මේ පුරුෂයාගේ සම සිඳිව්, මස සිඳිව්, නහර සිඳිව්, ඇට සිඳිව්, ඇට මිදුලු සිඳිව්යයි කියායි. ඔව්හු ඒ පුරුෂයාගේ සමද සිඳිත්, මසද සිඳිත්, නහරද සිඳිත්, ඇටද සිඳිත්, ඇට මිදුලුද සිඳිත් අපි මේ පුරුෂයාගේ ජීවිතය නොදකුම්හයි කියති. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ. කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි, මට මෙබඳු සිතක් යම් කාරණයකින් වේද, මේද ඊට එක්කාරණයකි.
|
අග්ගිකජටිලඋපමා | අග්ගිකජටිලඋපමා |
428
‘‘තෙන හි, රාජඤ්ඤ, උපමං තෙ කරිස්සාමි. උපමාය මිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං, රාජඤ්ඤ, අඤ්ඤතරො අග්ගිකො ජටිලො අරඤ්ඤායතනෙ
‘‘අථ ඛො තස්ස දාරකස්ස එතදහොසි - ‘පිතා ඛො මං එවං අවච - ‘‘අග්ගිං, තාත, පරිචරෙය්‍යාසි. මා ච තෙ අග්ගි නිබ්බායි. සචෙ ච තෙ අග්ගි නිබ්බායෙය්ය, අයං වාසී ඉමානි කට්ඨානි ඉදං අරණිසහිතං, අග්ගිං නිබ්බත්තෙත්වා අග්ගිං පරිචරෙය්යාසී’’ති. යංනූනාහං අග්ගිං නිබ්බත්තෙත්වා අග්ගිං පරිචරෙය්ය’න්ති. අථ
‘‘අථ ඛො සො අග්ගිකො ජටිලො ජනපදෙ තං කරණීයං තීරෙත්වා යෙන සකො අස්සමො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං දාරකං එතදවොච - ‘කච්චි තෙ, තාත, අග්ගි න නිබ්බුතො’ති? ‘ඉධ මෙ, තාත, ඛිඩ්ඩාපසුතස්ස අග්ගි නිබ්බායි. තස්ස මෙ එතදහොසි - ‘‘පිතා ඛො මං එවං අවච අග්ගිං, තාත, පරිචරෙය්‍යාසි. මා ච තෙ, තාත, අග්ගි නිබ්බායි. සචෙ
|
428
රාජන්යය, එසේවී නම් තට උපමාවක් දක්වන්නෙමි. මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමායෙන්ද කියනලද වචනයාගේ අර්ථය දැනගනිත්. රාජන්යය, පෙරවූ කරුණක් කියමි. ගිනි දෙවියා පුදන්නාවූ එක්තරා ජටිලයෙක් අරණ්‍යයෙහි කොළවලින් සෙවිලි කරණලද පැලක වෙසෙයි. රාජන්යය, ඉක්බිත්තෙන් එක්තරා වෙළඳ පිරිසක් ජනපද ප්රදෙශයකින් පිටත්විය. අනතුරුව ඒ වෙළඳ පිරිස ඒ ගිනි දෙවියා පුදන්නාවූ ජටිලයාගේ ආවාසය අවට එක් රැයක් වාසය කොට ගියේය. ඊට පසුව ඒ ගිනිදෙවියා පුදන්නාවූ ජටිලයාට මෙබඳු සිතක් වූයේය. “ඒ වෙළඳ පිරිසගේ වාසය යම් තැනකද මම එහි යන්නෙම් නම් යෙහෙකැයිද එහි කිසි යම් දෙයක් ලබන්නෙම් නම් මැනවැ”යිද කියාය. ඉක්බිතිව ඒ ගිනි පුදන ජටිලතෙම උදයම නැගිට ඒ වෙළඳ සමූහයා යම් තැනක සිටියේද එහි පැමිණියේය. පැමිණ ඒ වෙළඳ සමූහයාගේ වාසස්ථානයෙහි දමන ලද්දාවූ උඩුකුරුවූ සයනය කරන්නාවූ බාලවූ ලදරු කුමාරයකු දුටුයේය. දැක ඔහුට මෙබඳු සිතක් පහළ වූයේය. මා බලා සිටියදීම මනුෂ්‍ය වූවෙකු මැරෙන්ට හැරීම මට සුදුසු නොවෙයි. මම මේ ළදරුවා ආශ්රමයට ගෙන ගොස් හදන්නෙම් නම් වඩන්නෙම් නම් පොෂ්‍යය කරන්නෙම් නම් යෙහෙකැයි කියායි.
ඉක්බිති ගිනිදෙවියා පුදන්නාවූ ඒ ජටිල තෙමේ ඒ ළදරුවා ආශ්රමයට ගෙනවුත් ඇතිදැඩි කළේය, පෝෂ්‍යය කෙළේය. වර්ධනය කළේය. යම් කලෙක ඒ ළමයා දස අවුරුදු හෝ දොළොස් අවුරුදු වයස් ඇත්තේද, එකල ගිනි දෙවියා පුදන්නාවූ ඒ ජටිලයාට ජනපදයෙහි කිසියම් කටයුත්තක් උපන්නේය. අනතුරුව ගිනිදෙවියා පුදන්නාවූ ඒ ජටිල තෙම ඒ ළමයාට කථාකොට “පුත්‍රය, මම ජනපදයට යන්ට කැමැත්තෙමි. පුත, තෝ, ගිනි පුදව, තාගේ ගිනි නොනිවව. ඉඳින් තාගේ ගිනි නිවුනේ නම් මේ වෑයයි, මේ දරය, මේ ගිනි ගානා දඬු දෙකය, ගිනි උපදවා ගිනි පුදව”යි කීය. ඉක්බිති ඒ ගිනිදෙවියා පුදන ජටිලතෙම ඒ ළමයාට මෙසේ අනුසාසනා කොට ජනපදයට ගියේය. සෙල්ලම් කිරීමෙහි යෙදුනාවූ ඒ ළමයාගේ ගිනි නිවී ගියේය. ඊට පසුව ඒ ළමයාට මෙබඳු සිතක් වූයේය. පිය තෙමේ මට “පුත්‍රය, ගිනි පුදව” තාගේ ගිනි නොනිවව. ඉදින් තාගේ ගිනි නිවුනේ නම් මේ වෑයය, මේ දරය, මේ ගිනිගානා දඬු දෙකය, ගිනි උපදවා ගිනි පුදව”යි කියා ගියේය. මම ගිනි උපදවා ගිනි පුදන්නෙම් නම් යෙහෙකැයි සිතීය. ඉක්බිතිව ඒ ළමයා ගිනි උපදවා ගිනි දෙවියා පුදන්නෙම් නම් යෙහෙකැයි සිතා ගිනි ගානා දඬු දෙක වෑයෙන් සැස්සේය. හෙතෙම ගිනි නොලැබීය. ගිනි ගානා දඬු දෙක දෙකට පැලුයේය. තුනට පැලුයේය. සතරට පැලුයේය. පහට පැලුයේය. දහයට පැලුයේය. සියයකට පැලුයේය. කැබලි කැබලි කෙළේය. කැබලි කැබලි කොට වනෙහි ලා කෙටුයේය, වනෙහි ලා කොටා මහා සුලඟෙහි පිඹ හැරියේය. හෙතෙම ගිනි නොලැබුයේමය. ඊට පසුව ගිනි පුදන ඒජටිල තෙම ජනපදයෙහි ඒ කටයුත්ත අවසාන කොට තමන්ගේ ආශ්‍රමය යම් තැනකද එහි පැමිණියේය. පැමිණ ‘පුත්‍රය, කිමෙක්ද තාගේ ගිනි නොනිවුනේ දැ”යි ඇසීය. පියානෙනි, මෙහි මා සෙල්ලම් කරමින් සිටිද්දී මාගේ ගිනි නිවියේය. එකල මට ‘මාගේ පියතෙම වනාහි පුත්‍රය, තෝ ගිනි පුදව, තාගේ ගිනි නොනිවව, ඉඳින් තාගේ ගිනි නිවුනේ නම් මේ වෑයය, මේ දරය, මේ ගිනි ගානා දඬු දෙකය, ගිනි උපදවා ගිනි පුදව”යි කීයේය. එබැවින් මම ගිනි උපදවා ගිනි පුදන්නෙම් නම් යෙහෙකැයි සිතුවෙමි. පියාණෙනි, ඉක්බිතිව ගිනි ලබන්නෙම් නම් යෙහෙකැයි කියා ගිනි ගානා දඬු දෙක වෑයෙන් සැස්සෙමි. මම ගිනි නොලැබුයෙමි. ගිනි ගානා දඬු දෙක දෙකට පැලුයෙමි. තුනට පැලුයෙමි. සතරට පැලුයෙමි. පහට පැලුයෙමි. දහයට පැලුයෙමි. සියයකට පැලුයෙමි, කැබෙලි කැබලි කෙළෙමි. කැබලි කැබලි කොට වනෙහි ලා කෙටූයෙමි. වනෙහි ලා කොටා මහ සුලඟෙහි පිඹ හැරියෙමි. මම ගිනි නොලැබුයෙමියි කීය. ඊට පසුව ගිනි පුදන්නාවූ ඒ ජටිලයා මේ ළදරු තෙම අඥානය, අදක්ෂය. කෙසේ නම් නුනුවණින් ගිනි සොයන්නේදැයි සිතා ඔහු බලා සිටියදීම ගිනි ගානා දඬු දෙක ගෙන ගිනි උපදවා, ඒ ළමයාට මෙසේ කීයේය. “පුත්‍රය, මෙසේ ගිනි ඉපදවිය යුතුය අඥානවූ අදක්ෂවූ තොප මෙන් නුනුවණින් ගිනි නොසොයන්නෙහිය” යි කීයේය. රාජන්යය, එපරිද්දෙන්ම අඥානවූ අදක්ෂවූ තෝ නුනුවණින් පරලොව සොයන්නෙහිය. රාජන්යය, මේ ලාමකවූ දෘෂ්ටිය දුරුකරව, රාජන්යය, මේ ලාමක දෘෂ්ටිය දුරුකරව, තට දීර්ඝ කාලයක් අභිත පිණිස දුක් පිණිස නොවේවායි කීයේය.
|
429
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො නෙවාහං සක්කොමි ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිතුං. රාජාපි මං පසෙනදි කොසලො ජානාති තිරොරාජානොපි - ‘පායාසි රාජඤ්ඤො එවංවාදී එවංදිට්ඨී - ‘‘ඉතිපි නත්ථි පරො ලොකො, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො’’ති. සචාහං, භො කස්සප, ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිස්සාමි, භවිස්සන්ති මෙ වත්තාරො - ‘යාව බාලො පායාසි රාජඤ්ඤො අබ්යත්තො දුග්ගහිතගාහී’ති. කොපෙනපි නං හරිස්සාමි, මක්ඛෙනපි නං හරිස්සාමි, පලාසෙනපි නං හරිස්සාමී’’ති.
|
429
“කෙසේ හෝ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියති. එසේවී නමුත් මේ ලාමකවූ දෘෂ්ටිය හරින්ට නොහැකි වෙමි. පසේනදි කොසොල් රජතෙමේද වෙනත් ජනපදවල රජවරුද “පායාසි රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදිනා සත්වයෝ නැත්තාහුය, කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේය යන වාද ඇත්තෙකැයිද දෘෂ්ටි ඇත්තෙකැයිද දනිත්. පින්වත් කාශ්‍යපය, ඉඳින් මම මේ ලාමක දෘෂ්ටිය හරින්නෙම් නම් මට මෙසේ කියන්නෝ වන්නාහුය. “පායාසි රාජන්‍ය තෙමේ අඥාන වෙයි, අව්‍යක්ත වෙයි, වරදවා ගන්නා ලද්දක් ගන්නෙක් වෙයි කියාය. යම් කෙනෙක් මට අව්‍යක්තය යනාදි වශයෙන් මෙසේ කියද්ද, ඔවුන් කෙරෙහි උපදින කෝපයෙන්ද ඒ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි. ඔවුන් කෙරෙහි උපදින ගුණමකු කමින්ද මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි. එකට එක කිරීමක් වශයෙන්ද මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමියි” කීයේය.
|
ද්වෙ සත්ථවාහඋපමා | ද්වෙ සත්ථවාහඋපමා |
430
‘‘තෙන හි, රාජඤ්ඤ, උපමං තෙ කරිස්සාමි. උපමාය මිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං, රාජඤ්ඤ, මහාසකටසත්ථො සකටසහස්සං පුරත්ථිමා ජනපදා පච්ඡිමං ජනපදං අගමාසි. සො යෙන යෙන ගච්ඡි, ඛිප්පංයෙව පරියාදියති තිණකට්ඨොදකං හරිතකපණ්ණං. තස්මිං ඛො පන සත්ථෙ ද්වෙ සත්ථවාහා අහෙසුං එකො
‘‘අථ ඛො සො සත්ථවාහො සත්ථිකෙ ආමන්තෙසි - ‘අයං, භො, පුරිසො එවමාහ - ‘‘පුරතො කන්තාරෙ මහාමෙඝො අභිප්පවුට්ඨො, ආසිත්තොදකානි වටුමානි, බහු තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච. ඡඩ්ඩෙථ, භො, පුරාණානි තිණානි කට්ඨානි උදකානි, ලහුභාරෙහි සකටෙහි සීඝං සීඝං ගච්ඡථ, මා
‘‘යදා අඤ්ඤාසි දුතියො සත්ථවාහො - ‘බහුනික්ඛන්තො ඛො, භො, දානි සො සත්ථො’ති බහුං තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච ආරොපෙත්වා සත්ථං පයාපෙසි. ද්වීහතීහපයාතො ඛො පන සො සත්ථො අද්දස පුරිසං කාළං ලොහිතක්ඛං සන්නද්ධකලාපං
‘‘අථ ඛො සො සත්ථවාහො සත්ථිකෙ ආමන්තෙසි - ‘අයං, භො, ‘‘පුරිසො එවමාහ - පුරතො කන්තාරෙ මහාමෙඝො අභිප්පවුට්ඨො, ආසිත්තොදකානි වටුමානි, බහු තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච. ඡඩ්ඩෙථ, භො, පුරාණානි තිණානි කට්ඨානි උදකානි, ලහුභාරෙහි සකටෙහි සීඝං සීඝං ගච්ඡථ; මා යොග්ගානි කිලමිත්ථා’’ති. අයං භො පුරිසො නෙව අම්හාකං මිත්තො, න ඤාතිසාලොහිතො, කථං මයං ඉමස්ස සද්ධාය ගමිස්සාම. න වො ඡඩ්ඩෙතබ්බානි පුරාණානි තිණානි කට්ඨානි උදකානි, යථාභතෙන භණ්ඩෙන සත්ථං පයාපෙථ. න නො පුරාණං ඡඩ්ඩෙස්සාමා’ති. ‘එවං, භො’ති ඛො තෙ සත්ථිකා තස්ස සත්ථවාහස්ස පටිස්සුත්වා යථාභතෙන භණ්ඩෙන සත්ථං පයාපෙසුං. තෙ පඨමෙපි සත්ථවාසෙ න අද්දසංසු තිණං වා කට්ඨං
‘‘අථ ඛො සො සත්ථවාහො සත්ථිකෙ ආමන්තෙසි - ‘අයං ඛො, භො, සත්ථො අනයබ්යසනං ආපන්නො, යථා තං තෙන බාලෙන
|
430
රාජන්යය, එසේ වීනම් තට උපමාවක් කියන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ කියනලද වචනයේ තේරුම දැනගනිත්. රාජන්යය, පෙරවූ දෙයක් කියමි. ගැල් දහසකින් යුක්තවූ මහත් ගැල් සමූහයක් නැගෙනහිර ජනපදයෙන් බටහිර ජනපදයට ගියේය. ඒ ගැල් සමූහය යම් යම් මාර්ගයකින් යාද, ඒ ඒ මාර්ගයෙහි තණද, දරද, දියද (අවසන් වෙයි) යටත්පිරිසෙයින් නිල් තණකොළ පමණකුදු ඉතිරි නොවෙයි. එකෙක් ගැල් පන්සියයකටද, තවත් එකෙක් අනික් ගැල් පන්සියයකටදැයි ඒ ගැල් සමූහයෙහි ගැල්නායකයෝ දෙදෙනෙක් වූහ. අනතුරුව ඒ ගැල් නායකයන්ට මෙබඳු සිතක් ඇතිවිය. මේ වනාහි ගැල් දහසකින් යුක්තවූ මහත් ගැල් සමූහයෙක් වෙයි. ඒ අපි යම් මාර්ගයකින් යන්නමෝද, ඒ මාර්ගයන්හි තණද, දරද, දියද (අවසන් වෙයි) යටත්පිරිසෙයින් තණකොල පමණකුත් ඉතිරි නොවෙයි. අපි එක් කොටසකට ගැල් පන්සියය බැගින් මේ ගැල් සමූහය දෙකට බෙදන්නමු නම් හොඳයයි සිතීය. ඔව්හු එක් කොටසකට ගැල් පන්සියයක්ද අනික් කොටසට ගැල් පන්සියයක්දැයි දෙකට බෙදුවාහුය. එක් ගැල් නායකයෙක් බොහෝ තණද, දරද, දියද, ගැල්වල පටවාගෙන ගැල් සමූහය පැදවූයේය. දෙතුන් දිනක් ගියාවූ ඒ ගැල් සමූහය මඩ තැවරුණාවූ රෝදවලින් යුක්තවූ යහපත්වූ රථයකින් ඉදිරි මාර්ගයට එන්නාවූ රතුපාටවූ ඇස් ඇති දරනලද දුනු ඊතල ඇති බෙල්ලෙහි පළඳිනලද මානෙල් මල් මාලා ඇත්තාවූ තෙත්වූ වස්ත්‍ර ඇත්තාවූ තෙත්වූ ඉසකෙස් ඇති කළුපාටවූ පුරුෂයෙකු දුටුයේය. දැක, පින්වත, කිනම් ජනපදයකින් එන්නෙහිදැයි ඇසීය. අසවල් ජනපදයනැයි කීයේය. කොතැනට යන්නෙහිදැයි ඇසුවේය. මෙ නම් ජනපදයටයයි කීයේය. පින්වත, කිමෙක්ද, ඉදිරි කාන්තාරයෙහි මහාවැස්සක් වැස්සේ දැයි ඇසීය. පින්වත, එසේය. ඉදිරි කාන්තාරයෙහි මහාවැස්සක් වැස්සේය. පාරවල් වතුරෙන් පිරී ඇත. බොහෝවූ තණද, දරද, දියද ඇත්තේ වෙයි. පින්වත, පරණවූ තණද, දරද, දියද අහක දමව්. සැහැල්ලු බර ඇති ගැල්වලින් යුක්තව වහ වහා යව්. ගවයන් මහන්සි නොකරව්යයි කීයේය. ඉක්බිතිව ඒ ගැල් ප්‍රධානියා ගැල් සමූහයෙහි සිටියවුන්ට කථා කෙළේය. පින්වත්නි, මේ පුරුෂයා මෙසේ කියයි. ‘ඉදිරි කාන්තාරයෙහි මහාවැස්සක් වැස්සේය. පාරවල් වතුරෙන් පිරී ඇත. බොහෝ දියද දරද තණද ඇත්තේය. පින්වත්නි, පරණවූ තණද, දියද, දරද, අහකදමව්. ගැල් වල බර අඩු කොට ගෙන වහා යව්. ගවයන් මහන්සි නොකරව්’ යයි කියායි. එහෙයින් පින්වත්නි, පරණවූ තණද දරද දියද අහක දමව්. ගැල්වල බර අඩු කර පදවව්යයි, කීයේය. පින්වත, එසේය කියා ඒ ගැල් සමූහයෙහි සිටි පුරුෂයෝ ඒ ගැල් ප්‍රධානියාට පිළිතුරුදී පරණවූ තණද දරද, දියද අහක දමා ගැල්වල බර අඩුකර ගෙන පැදවූහ. ඔවුහු පළමුවන නවාතැන්පලෙහිද, තණ හෝ දර හෝ දිය හෝ නුදුටුවාහුය. දෙවැනි නවාතන්පලෙහිද, තණ හෝ දර හෝ දිය හෝ නුදුටුවාහුය. තුන්වන නවාතැන්පලෙහිද, තණ හෝ දර හෝ දිය හෝ නුදුටුවාහුය. සතරවන නවාතැන් පලෙහිද, දර හෝ තණ හෝ දිය හෝ නුදුටුවාහුය. පස්වන නවාතැන් පලෙහිද, තණ හෝ දර හෝ දිය හෝ නුදුටුවාහුය. සයවන නවාතැන්පලෙහිද තණ හෝ දර හෝ දිය හෝ නුදුටුවාහුය. සත්වන නවාතැන් පලෙහිද තණ හෝ දර හෝ දිය හෝ නුදුටුවාහුය. ඒ සියල්ලෝම මහත් විනාශයට පැමිණියාහුය. මනුෂ්‍යවූද තිරිසන්වූද යම් කෙනෙක් ඒ ගැල් සමූහයෙහි වූවාහුද, ඒ සියල්ලෝම අමනුෂ්යවූ යකුන් විසින් කාදමන ලද්දාහ. ඇට පමණක් ඉතිරි කළෝය. දෙවන ගැල් ප්‍රධානියා ඒ ගැල්සමූහය දැන් නික්ම බොහෝ කල් ගියේයයි යම් කලෙක දැන ගත්තේද එකල බොහෝ තණද දියද දරද ගැල්වලට පටවා ගෙණ ගැල්සමූහය පැදවූයේය. මේ ගැල් සමූහයද තුන් දිනක් ගියපසු හෙතෙම මඩ තැවරුණාවූ රෝදවලින් යුක්තවූ යහපත්වූ රථයකින් ඉදිරි මාර්ගයට එන්නාවූ රතුපාට ඇස් ඇති දරණ ලද දුනු ඊතල ඇති බෙල්ලෙහි පළඳිනලද මානිල්මල්මාලා ඇති තෙත්වූ වස්ත්‍ර ඇති තෙත්වූඉසකෙස් ඇති කළුපාට පුරුෂයෙකුදුටුවේය. දැක පින්වත, කිනම් ජනපදයකින් එන්නෙහි දැයි ඇසීය. අසවල් ජනපදයෙනැයි කීවේය. කොතැනට යන්නෙහි දැයි ඇසීය. මෙනම් ජනපදයටයි කීයේය. පින්වත, කිමෙක්ද ඉදිරි කාන්තාරයෙහි මහාවැස්සක් වැස්සේදැයි ඇසීය. පින්වත, එසේය, ඉදිරි කාන්තාරයෙහි මහාවැස්සක් වැස්සේය. මාර්ග වතුරෙන් පිරීගොස්ය. බොහෝවූ තණද දරද දියද ඇත්තේය. පින්වත, පරණවූ තණද දරද දියද බැහැර දමව්. ගැල්වල බර අඩුකර ගෙන වහා වහා යව්. මේ ගවයන් මහන්සි නොකරව්යයි කීයේය. ඊට පසුව ඒ ගැල් ප්‍රධානියා ගැල් සමූහයෙහි නියුක්තයන්ට කථා කෙළේය.
පින්වත්නි, මේ පුරුෂයා මෙසේ කියයි. “ඉදිරි කාන්තරයෙහි මහවැස්සක් වැස්සේය. මාර්ග ජලයෙන් පිරී ගොස්ය. බොහෝවූ තණද, දරද, දියද, ඇත්තේය. පින්වතුනි, පරණවූ තණද, දරද, දියද, අහකදමව්. ගැල්වලබර අඩුකර ගෙන වහා වහා යව්. ගවයන් මහන්සි නොකරව්ය” යි කියායි. පින්වත්නි, මේ පුරුෂතෙම වනාහි අපගේ මිත්‍රයෙක් නොවෙයි. සහලේනෑයෙක්ද නොවෙයි. අපි කෙසේ නම් මොහු ගැන විශ්වාසයෙන් යන්නමුද, පරණවූ තණද, දරද, දියද, අහක නොදැමිය යුත්තාහුය. තණ ආදිය හා බඩුද තැන්පත් කරණ ලද පරිද්දෙන්ම ගැල් සමූහය පදවව්. අපගේ පුරාණවූ තණ ආදිය බැහැර නොදමව්යයි කීයේය.
පින්වත, එසේයයි ඒ ගැල් සමූහයෙහි නියුක්ත වූවෝ ඒ නායකයාට පිළිතුරුදී තැන්පත් කර තබන ලද භාණ්ඩ ඇති පරිදිම ගැල් සමූහය පැදෙව්වාහුය. ඔවුහු පළමුවන නවාතැනෙහිද තණ හෝ දර හෝ දිය හෝ නුදුටුවාහුය. දෙවෙනි නවාතැනෙහිද තණ හෝ දර හෝ දිය හෝ නුදුටුවාහුය. තුන්වන නවාතැනෙහිද තණ හෝ, දර හෝ, දිය හෝ නුදුටුවාහුය. සතරවන නවාතැනෙහිද තණ හෝ දර හෝ, දිය හෝ නුදුටුවාහුය. පස්වන නවාතැනෙහිද තණ හෝ දර හෝ, දිය හෝ නුදුටුවාහුය. සයවන නවාතැනෙහිද තණ හෝ, දර හෝ, දිය හෝ නුදුටුවාහුය. සත්වන නවාතැනෙහිද තණ හෝ, දර හෝ, දිය හෝ නුදුටුවාහුය. මහා විනාශයට පැමිණියාවූ ඒ ගැල් සමූහය දුටුයේය. ඒ ගැල් සමූහයෙහි යම් මනුෂ්‍යයෝ හෝ සිවුපාවෝ හෝ වූවාහුද අමනුෂ්යවූ ඒ යක්ෂයා විසින් කාදමනලද ඔවුන්ගේ ඇට පමණක්ම දුටුවාහුය. ඊට පසුව ඒ ගැල් නායක තෙම ඒ ගැල් සමූහයෙහි නියුක්තයන්ට කථා කළේය.
පින්වත්නි, මේ ගැල් සමූහය ඒ අඥානවූ ගැල් නායකයා නිසා මෙසේ මහාවිනාශයට පැමිණියේය.
පින්වත්නි, එහෙනම් අපගේ ගැල් සමූහයෙහි අඩුවූ අගය ඇති යම් භාණ්ඩයෝ වෙද්ද, ඒ භාණ්ඩයන් අහක දමා මේ ගැල් සමූහයෙහි වැඩිවූ අගය ඇති යම් භාණ්ඩයෝ වෙද්ද, ඒ භාණ්ඩයන් ගනිව්යයි’ කීයේය.
පින්වත, එසේය කියා ඒ ගැල් නායකයාට පිළිතුරුදී තමන්ගේ ගැල්වල අඩුවූ වටිනාකම් ඇති යම් භාණ්ඩයෝ වෙද්ද ඒ භාණ්ඩයන් බැහැර දමා ඒ ගැල් සමූහයෙහි වැඩිවූ වටිනාකම් ඇති යම් භාණ්ඩයෝ වෙද්ද ඒ භාණ්ඩයන් ගෙණ පණ්ඩිතවූ ඒ ගැල්නායකයා යම්සේ ඒ කාන්තාරය සැපසේ එතෙර කළාහුද, රාජන්යය, එපරිද්දෙන්ම අඥානවූ අව්‍යක්තවූ නුනුවණින් පරලොව සොයන්නාවූ තෝ මහා විනාශයට පැමිණෙන්නෙහිය. මෙසේ ඒ අඥානවූ ගැල්නායකයා නිසා ගැල් සමූහය මහාවිනාශයට පැමිණියේද එමෙන්ම යම් කෙනෙක් තාගේ වචනම ඇසිය යුතුයයිද, ඇදහිය යුතුයයිද, සිතන්නාහුද, ඔව්හුද ඒ ගැල් සමූහයෙහි නියුක්තයන් මෙන් විනාශයට පැමිණෙන්නාහුය. රාජන්යය මේ ලාමකවූ මිථ්‍යා දෘෂ්ටිය දුරුකරව, රාජන්යය, මේ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටිය දුරු කරව, තොපට දීර්ඝකාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස නොවේවා.
|
431
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො නෙවාහං සක්කොමි ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිතුං. රාජාපි මං පසෙනදි කොසලො ජානාති තිරොරාජානොපි - ‘පායාසි රාජඤ්ඤො
|
431
කිසිසේත් භවත් කාශ්‍යපතෙමේ කියයිද එසේවුවත් මේ ලාමකවූ දෘෂ්ටිය දුරුකළ නොහැක්කෙමි. පසේනදි කොසොල් රජතෙමේද අනික් පිට රාජ්‍යවල රජවරුද “පායාසි රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදනා සත්වයෝ නැත්තාහුය කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේයයි කියන්නෙකැයිද මෙබඳු දෘෂ්ටි ඇත්තෙකැයිද දන්නාහුය. පින්වත් කාශ්‍යපය, ඉඳින් මම මේ ලාමකවූ දෘෂ්ටිය අත්හරින්නෙම් නම් පායාසි රාජන්‍ය තෙම අඥානයෙක, වැරදිමත ගන්නෙකැයි කියන්නෝ වන්නාහුය. යම් කෙනෙක් මට අව්‍යක්තය යනාදීන් කියද්ද, ඔවුන් කෙරෙහි උපදනා කෝපයෙන්ද, ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි. ඔවුන් කෙරෙහි ඇතිවන්නාවූ ගුණමකුකමින්ද ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි, ඔවුන්ට එකට එක කිරීම් වශයෙන්ද ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි”යි කීයේය.
|
ගූථභාරිකඋපමා | ගූථභාරිකඋපමා |
432
‘‘තෙන හි, රාජඤ්ඤ, උපමං තෙ කරිස්සාමි. උපමාය මිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං, රාජඤ්ඤ, අඤ්ඤතරො සූකරපොසකො පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං අගමාසි. තත්ථ අද්දස පහූතං සුක්ඛගූථං ඡඩ්ඩිතං. දිස්වානස්ස එතදහොසි - ‘අයං ඛො පහුතො සුක්ඛගූථො ඡඩ්ඩිතො, මම ච සූකරභත්තං
(සූකරානං භක්ඛො (ස්‍යා.)); යංනූනාහං ඉතො සුක්ඛගූථං හරෙය්ය’න්ති. සො උත්තරාසඞ්ගං පත්ථරිත්වා පහූතං සුක්ඛගූථං ආකිරිත්වා භණ්ඩිකං බන්ධිත්වා සීසෙ උබ්බාහෙත්වා
(උච්චාරොපෙත්වා (ක. සී. ක.)) අගමාසි. තස්ස අන්තරාමග්ගෙ මහාඅකාලමෙඝො පාවස්සි. සො උග්ඝරන්තං පග්ඝරන්තං යාව අග්ගනඛා ගූථෙන මක්ඛිතො ගූථභාරං ආදාය අගමාසි. තමෙනං මනුස්සා දිස්වා එවමාහංසු - ‘කච්චි නො ත්වං, භණෙ, උම්මත්තො, කච්චි විචෙතො, කථඤ්හි නාම උග්ඝරන්තං පග්ඝරන්තං යාව අග්ගනඛා ගූථෙන මක්ඛිතො ගූථභාරං හරිස්සසී’ති. ‘තුම්හෙ ඛ්වෙත්ථ, භණෙ, උම්මත්තා, තුම්හෙ විචෙතා, තථා
|
432
රාජන්යය, එසේ නම් තට උපමාවක් දක්වන්නෙමි. මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමායෙන්ද කියන ලද වචනයාගේ අර්ථය දැන ගනිත්, රාජන්යය, පෙරවූ දෙයක් නම් ඌරන් ඇතිකරන්නාවූ එක් පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට ගියේය. ඒ ගමෙහි දමනලද බොහෝවූ වියලී ගියාවූ අසුචි දුටුයේය. ඒ වියලි අසුචි දුටු ඔහුට මෙබඳු සිතක් වූයේය. මේ දමනලද වියලුනු අසුචි බොහෝ ඇත්තේය, මාගේ හූරෝද ආහාර නැත්තාහුය, මෙයින් වියලි අසුචි ගෙණ යන්නෙම් නම් යෙහෙකැයි කියාය. හෙතෙම උතුරුසලුව දිගහැර බොහෝ වියලි අසුචි අවුලා පොදියක් බැඳ හිසෙහි තබා ගෙණ ගියේය. එසේ යන කල්හි අතර මග මහත් අකාල වර්ෂාවක් වැස්සේය. හෙතෙම පාදයෙහි නියපොතු අග දක්වා උඩින් වැගිරෙන්නාවූද යටින් පෙරෙන්නාවූද අසුචියෙන් තැවරුණේ ගූ ආහාරය ගෙණ ගියේය. මනුෂ්‍යයෝ ඒ පුරුෂයා දැක මෙසේ කීවාහුය. කිමෙක්ද බොළ තෝ පිස්සෙක්ද විකල සිත් ඇත්තෙක්ද නිය අග දක්වා උඩින් වැගිරෙන්නාවූද යටින් පෙරෙන්නාවූද ගූයෙන් තැවරී ගූ ආහාරය ගෙණ යන්නෙහිදැයි ඇසූහ. බොලව්, මේ කාරණයෙහි තොපිම උම්මත්තකයෝය, විකල සිත් ඇත්තෝය, එසේද වුවත් මාගේ ඌරන්ට කෑම නැත්තාහුයයි ඔහු කීය, රාජන්යය, එපරිද්දෙන්ම තෝ ගූ ආහාරය ගෙණ ගියාවූ ඒ පුරුෂයා වැනියයි වැටහෙන්නේය, රාජන්යය, මේ ලාමකවූ දෘෂ්ටිය දුරුකරව රාජන්යය, මේ ලාමකවූ දෘෂ්ටිය දුරුකරව, තට දීර්ඝකාලයක් මුළුල්ලෙහි අහිත පිණිසද දුක් පිණිසද නොවේවායි” කීයේය.
|
433
‘‘කිඤ්චාපි
|
433
“කිසිසේත් පින්වත් කාශ්‍යප තෙමේ මෙසේ කියද්ද එසේ වී නමුත් මේ ලාමක දෘෂ්ටිය හරින්ට නොහැක්කෙමි, පසේනදි කොසොල් රජතෙමේද අන්‍ය ජනපදවල රජවරුද පායාසි රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදනා සත්වයෝ නැත්තාහුය, කුසලාකුසලකර්මයන්ගේ ඵලවිපාකයෙක් නැත්තේයයි කියන්නෙකැයිද මෙබඳු දෘෂ්ටි ඇත්තෙකැ”යිද මා දනිත්, පින්වත් කාශ්‍යපය, ඉඳින් මම මේ ලාමකවූ දෘෂ්ටිය හරින්නෙම් නම් පායාසි රාජන්යතෙමේ අඥානයෙක, අව්යක්තයෙක, වැරදිමත ගන්නෙකැයි, මටකියන්නෝ වන්නාහුය, යම් කෙනෙක් මට අව්‍යක්තය යනාදීන් කියද්ද, ඔවුන් කෙරෙහි උපදනා කෝපයෙන්ද ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි, ඔවුන් කෙරෙහි ඇති ගුණමකුකමින්ද ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි, ඔවුන්ට එකටඑක කිරීම් වශයෙන්ද මේ දෘෂ්ටියගෙන හැසිරෙන්නෙමි”යි කීයේය.
|
අක්ඛධුත්තකඋපමා | අක්ඛධුත්තකඋපමා |
434
‘‘තෙන
‘‘ලිත්තං පරමෙන තෙජසා, ගිලමක්ඛං පුරිසො න බුජ්ඣති;
ගිල රෙ ගිල පාපධුත්තක
(ගිලි රෙ පාපධුත්තක (ක.)), පච්ඡා තෙ කටුකං භවිස්සතීති.
‘‘එවමෙව ඛො ත්වං, රාජඤ්ඤ, අක්ඛධුත්තකූපමො මඤ්ඤෙ පටිභාසි. පටිනිස්සජ්ජෙතං, රාජඤ්ඤ, පාපකං දිට්ඨිගතං; පටිනිස්සජ්ජෙතං, රාජඤ්ඤ, පාපකං දිට්ඨිගතං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
|
434
“එසේ වීනම් තට උපමාවක් දක්වන්නෙමි. මේ ලෝකයෙහි නුවණැත්තාවූ සමහර මනුෂ්‍යයෝ උපමායෙන්ද කියන ලද වචනයාගේ අර්ථය දැනගණිත්, රාජන්යය, පෙරවූ දෙයක් කියමි. අක්ෂධූර්තයෝ (දූ කෙළින්නෝ) දෙදෙනෙක් දාදු කැටවලින් ක්‍රීඩා කළෝය. එයින් එකෙක් පරාදවන පරාද වන දාදු කැටය ගිලියි. දෙවැන්නා පරාද වන දාදු කැටය ගිලින්නාවූ ඒ දූ කෙළින්නා දුටුයේය. දැක, ඔහුට මෙසේ කීයේය. යහලුව, තෝ වනාහි ඒකාන්තයෙන් දිනන්නෙහිය. යහලුව, දාදු කැට මට දෙව, බලිකර්මයක් කරන්නෙමියි කියේය. යහලුව එසේයයි කියා ඒ දූ කෙළින්නා ඒ දෙවැනි දූ කෙළින්නාට දාදු කැට දුන්නේය. ඉක්බිත්තෙන් ඒ දෙවැනි දූ කෙළින්නාද දාදු කැට විෂයෙන් යොදා ඒ දූ කෙළින්නාට මෙසේ කීයේය. යහලුව එව දාදු කැටවලින් ක්‍රීඩා කරන්නෙමු යයි කියාය. යහලුව එසේය කියා ඒ දූ කෙළින්නා දෙවැනි දූ කෙළින්නාට පිළිතුරුදුන්හ, දෙවනුවද ඒ අක්ෂ ධූර්තකයෝ දෙදෙන පස ඇටවලින් ක්‍රීඩා කළෝය. දෙවැනි වතාවේද ඒ අක්ෂ ධූර්තක තෙම පැමිණි පැමිණි පරාජය ගුලිය ගිළියි, දෙවෙනි අක්ෂ ධූර්තක තෙම පැමිණි පැමිණි පරාජය ගුලිය ගිළින්නාවූ ඒ අක්ෂ ධූර්තකයා දුටුයේය. දැක ඒ අක්ෂ ධූර්තකයාහට මේ ගාථාව කීයේය. “තියුණුවූ විෂයෙන් ගල්වන ලද පස ඇට ගිලින්නාවූ පුරුෂතෙම නොදනියි. එම්බල පුරුෂය, ගිළුව. පාපීවූ ධූර්තකය ගිලපිය, පසුව තට දරුණුවූ විපාක වන්නේයයි කියාය.”
රාජන්යය, එපරිද්දෙන්ම තෝ දූ කෙළින්නෙකු වැනියයි වැටහෙන්නේය. රාජන්යය මේ ලාමකවූ දෘෂ්ටිය අත්හරුව, රාජන්යය, මේ ලාමක දෘෂ්ටිය අත්හරුව දීර්ඝ කාලයක් මුලුල්ලෙහි තට අහිතපිණිසද දුක් පිණිසද නොවේවායි කීයේය.
|
435
‘‘කිඤ්චාපි භවං කස්සපො එවමාහ, අථ ඛො නෙවාහං සක්කොමි ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිතුං. රාජාපි මං පසෙනදි කොසලො ජානාති තිරොරාජානොපි - ‘පායාසි රාජඤ්ඤො එවංවාදී එවංදිට්ඨී - ‘‘ඉතිපි නත්ථි පරො ලොකො...පෙ.... විපාකො’’ති. සචාහං, භො කස්සප, ඉදං පාපකං දිට්ඨිගතං
|
435
කිසිසේත් භවත් කාශ්‍යප තෙමේ මෙසේ කියන්නේය. එසේ වූයේ නුමුත් මේ ලාමකවූ දෘෂ්ටිය අත්හරින්ට නොහැක්කේ වෙමි. පසේනදි කොසොල් රජතෙමේද අනික් ජනපදවල රජවරුද “පායාසි රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද (මෙලොව සිටියාහට) පරලොව නැත්තේය. මැරී උපදනා සත්වයෝ නැත්තාහුය. කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි කියන්නෙක මෙබඳු දෘෂ්ටි ඇත්තෙකැයි දනිත්යයි” කීයේය.
“පින්වත් කාශ්‍යපය, ඉඳින් මම මේ ලාමකවූ දෘෂ්ටිය හරින්නෙම් නම් “පායාසි රාජන්යය තෙමේ අඥාන වෙයි, අව්‍යක්ත වෙයි, වරදවා ගන්නාලද දේ, ගන්නෙකැ”යි මට මෙසේ කියන්නෝ ඇතිවෙත්. යම් කෙනෙක් මට අව්‍යක්තය යනාදිය කියද්ද, ඔවුන් කෙරෙහි උපදනා කෝපයෙන්ද ඒ මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, ඔවුන් කෙරෙහි උපදනා ගුණමකුකමින්ද, ඒ මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, එකට එක කිරීම් වශයෙන්ද, මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමියි” කීයේය.
|
සාණභාරිකඋපමා | සාණභාරිකඋපමා |
436
‘‘තෙන
‘‘තෙ යෙන අඤ්ඤතරං ගාමපට්ටං තෙනුපසඞ්කමිංසු. තත්ථ අද්දසංසු පහූතා සාණියො ඡඩ්ඩිතා, දිස්වා සහායකො සහායකං ආමන්තෙසි - ‘යස්ස ඛො
‘‘තෙ
‘‘තෙ යෙන සකො ගාමො තෙනුපසඞ්කමිංසු. තත්ථ යො සො සහායකො සාණභාරං ආදාය අගමාසි, තස්ස නෙව මාතාපිතරො අභිනන්දිංසු, න පුත්තදාරා අභිනන්දිංසු, න මිත්තාමච්චා අභිනන්දිංසු, න ච තතොනිදානං සුඛං සොමනස්සං
|
436
රාජන්යය, එසේ නම් තට උපමාවක් කියන්නෙමි. උපමායෙන්ද මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ කියනලද වචනයාගේ අර්ථය දැනගනිත්. රාජන්යය, පෙරවූ කාරණයක් කියමි. එක්තරා ජනපදයක් දියුණු වූයේය. අනතුරුව යහලුවෙක් යහලුවෙකුට කථා කෙළේය. යහලුව යමු. ඒ ජනපදය යම් තැනකද එතනට යමු. එහිදී යම් කිසි ධනයක් ලබන්නෙමු නම් යෙහෙකැයි කීය. යහලුව, එසේය කියා අනික් යහලු තෙම ඒ යහලුවාට පිළිතුරු දුන්නේය. ඔහු දෙදෙන ඒ ජනපදය යම් තැනකද එක්තරා දියුණු ගමක් යම්තැනකද එහි පැමිණියාහුය. එහි දමනලද බොහෝවූ සණ වැහැරි දුටුවාහුය. යහලුතෙම අනික් යහලුවාට කථා කෙළේය. යහලුව, මේ බොහෝවූ සණවැහැරි දමන ලද්දේය. යහලුව, එහෙයින් තෝද, සණවැහැරි මිටියක් බැඳ ගණුව. මමද සණවැහැරි මිටියක් බැඳ ගන්නෙමි, දෙදෙනාම සණවැහැරි ගෙන යන්නම්හයි කීය, යහලුව, එසේයයි කියා අනික් යහලු තෙම යහලුවාට උත්තරදී සණවැහැරි මිටියක් බැන්දේය. ඔහු දෙදෙනම සණවැහැරි මිටි ගෙන එක්තරා දියුණු ගමක් යම් තැනකද, එහි පැමිණියාහුය. එහි දමන ලද බොහෝවූ හන නූල් දුටුවා හුය. දැක යහලු තෙම යහලුවාට කථා කෙළේය. යහලුව යමක් සඳහා සණවැහැරි කැමැති වන්නමෝද, මේ බොහෝවූ සණනූල් අහක දමන ලද්දේ වෙයි. යහලුව, එහෙයින් තෝද සණවැහැරි මිටිය ඉවත දමව. මමද සණවැහැරි මිටිය අහක දමන්නෙමි. දෙදෙනම සණනූල් මිටි ගෙනයන්නමෝ යයි කීයේය. දෙවැනි යහලුවා, මේ සණවැහැරි මිටිය මා විසින් දුරසිට ගෙනෙන ලද්දේද මනාලෙස බඳිනා ලද්දේද වෙයි. මට ප්‍රයෝජන නොවෙයි. තෝ දැනගනුව, හෙවත් ගනු කැමැත්තෙහි නම් ගනුවයි කීයේය, ඊටපසුව ඒ යහලු තෙම හණවැහැරි මිටිය අහක දමා හණනූල් මිටිය බැඳ ගත්තේය. ඔහු දෙදෙන එක්තරා දියුණු ගමක් යම් තැනකද එහි පැමිණියාහුය. එහි දමන ලද බොහෝවූ හණ පිළි දුටුවාහුය. දැක යහලු තෙම යහලුවාට කථා කෙළේය. යහලුව, යමක් සඳහා හන වැහැරි හනනූල් හෝ කැමැති වන්නමෝද මේ බොහෝ සණපිළි දමන ලද්දේය, යහලුව, එහෙයින් තෝද සණවැහැරි මිටිය අහක දමව, මමද හණනූල් මිටිය අහක දමන්නෙමි. දෙදෙනම හණ වස්ත්‍ර ගෙනයන්නෙමුයි කීයේය. යහලුව, මේ හණමිටිය මා විසින් දුර සිට ගෙණන ලද්දේද මනාකොට බඳනා ලද්දේද වෙයි. මට ප්‍රයෝජන නොවෙයි. තෝ දැන ගණුවයි කීය. ඊට පසුව ඒ යහලු තෙම හණ නූල් මිටිය අහකදමා හණ පිළි මිටියක් බැඳ ගත්තේය.
ඔහු දෙදෙන එක්තරා දියුණු ගමක් යම් තැනකද, එහි පැමිණියාහුය. එහි දමන ලද කොමු වැහැරි දුටුවාහුය. යහලු තෙම යහලුවාට කථා කළේය. යහලුව යමක් සඳහා හණ වැහැරි, හණ නූල්, හණ පිළි කැමති වන්නෝමද, මේ බොහෝවූ කොමු වැහැරි අහක දමන ලද්දේය. යහලුව, එහෙයින් තෝද හන මිටිය අහක දමව, මමද හණ පිළි මිටිය අහක දමන්නෙමි. දෙදෙනම කොමු වැහැරි ගෙන යන්නෙමුයී, කීය. “යහලුව මේ හණ මිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට එයින් වැඩක් නැත තගේ කැමැත්තක් කරවයි” කීය. ඊට පසුව ඒ යහලු තෙම හණ පිළි මිටිය අහක දමා කොමු වැහැරි බරක් බැඳ ගත්තේය. ඔහු දෙදෙන (තවත්) එක්තරා දියුණු ගමකට පැමිණියාහුය. එහි දමන ලද බොහෝවූ කොමු වැහැරි නූල් දුටුවාහුය. දැක යහලු තෙම යහලුවාට කථා කළේය. “යහලුව යමක් සඳහා අපි හණ වැහැරි, හණ නූල්, හණ පිළි, කොමු වැහැරි කැමති වන්නමෝද, මේ බොහෝවූ කොමු වැහැරි නූල් අහක දමන ලද්දේය. යහලුව එහෙයින් තෝද හණ මිටිය අහක දමව මමද කොමු වැහැරි මිටිය අහක දමන්නෙමි. දෙදෙනම කොමු වැහැරි නූල් ගෙන යන්නෙමුයි” කීය. යහලුව මේ හණ මිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට එයින් කමක් නැත, තගේ කැමැත්තක් කරවයි” කීය. ඊට පසු ඒ යහලු තෙම කොමු වැහැරි මිටිය අහක දමා කොමු වැහැරි නූල් බරක් බැඳ ගත්තේය. ඔහු දෙදෙන (තවත්) එක්තරා දියුණු ගමකට පැමිණියාහුය. එහි දමනලද බොහෝවූ කොමු පිළි දුටුවාහුය. දැක යහලු තෙම යහලුවාට කථා කළේය.
“යහලුව, යමක් සඳහා අපි හණ වැහැරි, ගණ නූල්, හණපිළි, කොමුවැහැරි, කොමුවැහැරි නූල් කැමතිවන්නමෝද, මේ බොහෝවූ කොමුපිළි අහක දමන ලද්දේය යහලුව එහෙයින් තෝද හණ මිටිය අහක දමව, මම කොමු වැහැරි නූල් මිටිය අහක දමන්නෙමි. දෙදෙනම කොමු පිළි ගෙන යන්නෙමුයි” කීය.
“යහලුව, මේ හණමිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට ඒවායින් වැඩක් නැත. තගේ කැමැත්තක් කරවයි”යි කීය.
ඉන්පසු ඒ යහලු තෙම කොමු වැහැරි නූල් මිටිය අහක දමා කොමු පිළි බරක් බැඳ ගත්තේය.
ඔහු දෙදෙන (තවත්) එක්තරා දියුණු ගමකට පැමිණියාහුය. එහි දමනලද බොහෝවූ කපු පුලුන් දුටහ. දැක යහලු තෙම යහලුවාට කථා කළේය. යහලුව, යමක් සඳහා අපි හණ වැහැරි, හණනූල්, හණ පිළි, කොමුවැහැරි, කොමුවැහැරි නූල්, කොමු පිළි කැමති වන්නමෝද, මේ බොහෝවූ කපු පුලුන් අහක දමන ලද්දේය. යහලුව එහෙයින් තෝද හණ මිටිය අහක දමව, මමද කොමු පිළි අහක දමන්නෙමි. දෙදෙනම කපු පුලුන් ගෙනයන්නෙමු”යි කීය. “යහලුව මේ හණ මිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට ඒවායින් වැඩක් නැත. තගේ කැමැත්තක් කරවයි කීය.
ඉන්පසු ඒ යහලු තෙම කොමුපිළි මිටිය අහකදමා කපු පුලුන් බරක් බැඳ ගත්තේය.
ඔහු දෙදෙන (තවත්) එක්තරා දියුණු ගමකට පැමිණියහ. එහි දමනලද බොහෝවූ කපු නූල් දුටහ. යහලු තෙම යහලුවාට කථා කළේය. “යහලුව, යමක් සඳහා අපි හණ වැහැරි, හණ නූල්, හණ පිළි, කොමු වැහැරි නූල් කපුපුලුන්, කැමති වන්නෙමුද? මේ බොහෝවූ කපු නූල් අහක දමන ලද්දේය.
යහලුව, එහෙයින් තෝද හණ මිටිය අහක දමව, මමද කපු පුලුන් අහක දමන්නෙමි. දෙදෙනම කපු නූල් ගෙනයන්නෙමු”යි කීය.
“යහලුව, මේ හණමිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට ඒවායින් වැඩක් නැත. තගේ කැමැත්තක් කරවයි” කීය.
ඉන්පසු යහලු තෙම කපු පුලුන් මිටිය අහකදමා කපුනූල් බරක් බැඳ ගත්තේය. ඔහු දෙදෙන (තවත්) එක්තරා ගමකට පැමිණියහ. එහි දමනලද බොහෝවූ කපු පිළි දුටහ. දැක යහලු තෙම යහලුවාට කථා කෙළේය.
“යහලුව, අපි යමක් සඳහා හණ වැහැරි, හණනූල්, හණ පිළි, කොමු වැහැරි, කොමුවැහැරි නූල්, කොමුපිළි, කපුපුලුන්, කපුනූල් කැමති වන්නමෝද, මේ බොහෝවූ කපුපිළි අහක දමන ලද්දේය. යහලුව, එහෙයින් තෝද හණ මිටිය අහක දමව, මමද කපුනූල් අහක දමන්නෙමි. දෙදෙනාම කපුපිළි ගෙන යන්නෙමුයි” කීය.
“යහලුව, මේ හණමිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට ඒවායින් කම් නැත. තගේ කැමැත්තක් කරවයි” කීය.
ඉන්පසු ඒ යහලු තෙම කපු නූල් අහක දමා, කපු පිළි බරක් බැඳ ගත්තේය.
ඔහු දෙදෙන තවත් එක්තරා ගමකට පැමිණියාහුය. එහි දමනලද බොහෝවූ යකඩ දුටහ. දැක යහලු තෙම යහලුවාට කථා කෙළේය.
“යහලුව, යමක් සඳහා හණවැහැරි, හණනූල්, හණපිළි, කොමුවැහැරි, කොමුවැහැරි නූල්, කොමුපිළි, කපුපුලුන්, කපු නූල්, කපුරෙදි, කැමති වන්නමෝද, මේ බොහෝවූ යකඩ අහක දමන ලද්දේය. යහලුව, එහෙයින් තෝද හණ මිටිය අහක දමව. මමද කපුපිළි අහක දමන්නෙමි. දෙදෙනම යකඩ ගෙන යන්නෙමුයි” කීය.
“යහලුව, මේ හණ මිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට ඒවායින් කමක් නැත. තොපගේ කැමත්තක් කරවයි” කීය.
එවිට ඒ යහලු තෙම කපු පිළි අහක දමා යකඩ බරක් බැඳ ගත්තේය.
ඔහු දෙදෙන (තවත්) දියුණු ගමකට පැමිණියහ. එහි දමනලද බොහෝවූ තඹ දුටහ. දැක යහලු තෙම යහලුවාට කථා කළේය. යහලුව යමක් සඳහා අපි හණ වැහැරි, හණ නූල්, හණ පිළි, කොමුවැහැරි, කොමු පිළි, කපු පුලුන්, කපු නූල්, කපුරෙදි, යකඩ කැමති වන්නමෝද, මේ බොහෝවූ තඹ අහක දමන ලද්දේය. යහලුව එහෙයින් තෝද හණ මිටිය අහක දමව. මමද යකඩ අහක දමන්නෙමි. දෙදෙනාම තඹ ගෙනයන්නෙමු”යි කීය.
“යහලුව, මේ හණ මිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට ඒවායින් කමක් නැත. තගේ කැමැත්තක් කරවයි කීය.
එවිට ඒ යහලු තෙම යකඩ අහක දමා තඹ මිටියක් බැඳ ගත්තේය.
ඔහු දෙදෙන (තවත්) දියුණු ගමකට පැමිණියහ. එහි දමනලද බොහෝවූ සුදු ඊයම් දුටහ. දැක යහලු තෙම යහලුවාට කථා කළේය.
“යහලුව, යමක් සඳහා අපි හණ වැහැරි, හණනූල්, හණ පිළි, කොමු, කොමු නූල්, කොමු පිළි, කපු, කපු නූල්, කපු පිළි යකඩ, තඹ කැමති වන්නමෝද, මේ බොහෝවූ සුදු ඊයම් අහක දමන ලද්දේය. යහලුව එහෙයින් තෝද හණ මිටිය අහකදමව, මම තඹ අහක දමන්නෙමි. දෙදෙනාම සුදු ඊයම් ගෙන යන්නෙමුයි” කීය.
“යහලුව මේ හණ මිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට ඒවායින් කමක් නැත. තගේ කැමැත්තක් කරවයි”කීය.
එවිට යහලු තෙම තඹ අහක දමා ඊයම් බරක් බැඳ ගත්තේය.
ඔහු දෙදෙන (තවත්) දියුණු ගමකට පැමිණියහ. එහි දමනලද බොහෝවූ රිදී දුටහ. දැක යහලු තෙම යහලුවාට කථා කළේය.
“යහලුව, අපි යමක් සඳහා හණ, හණ නූල්, හණ පිළි, කොමු, කොමු නූල්, කොමු පිළි, කපු, කපු නූල්, කපු පිළි, යකඩ, තඹ, ඊයම්, කැමති වන්නමෝද, මේ බොහෝවූ රිදී, අහක දමන ලද්දේය. යහලුව, එහෙයින් තෝද හණ මිටිය අහක දමව. මමද ඊයම් අහක දමන්නෙමි. දෙදෙනාම රිදී ගෙන යන්නෙමු”යි කීය.
“යහලුව, මේ හණ මිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, හොඳින් බඳින ලද්දේද වෙයි. මට ඒවායින් කමක් නැත. තගේ කැමැත්තක් කරව”යි කීය. එවිට යහලු තෙම ඊයම් අහක දමා රිදී බරක් බැඳ ගත්තේය.
ඔහු දෙදෙන (තවත්) දියුණු ගමකට පැමිණියහ. එහි දමනලද බොහෝවූ රන් මසු දුටහ. දැක යහලු තෙම අනික් යහලුවාට කථා කළේය. යහලුව අපි යමක් සඳහා හණ, හණ නූල් හණපිළි, කොමු, කොමුනූල්, කොමුපිළි, කපු, කපුනූල් කපුපිළි, යකඩ, තඹ, සුදු ඊයම්, රිදී කැමති වන්නමෝද, මේ බොහෝ රන් මසු අහක දමන ලද්දේය. යහලුව එහෙයින් තෝද හණ මිටිය අහක දමව, මමද රිදී බර අහක දමන්නෙමි. දෙදෙනාම රන් මසු ගෙන යන්නෙමු”යි කීය.
යහලුව, මේ හණමිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, මනාකොට බඳනා ලද්දේද වෙයි. මට එයින් ප්‍රයෝජන නොවෙයි. ඉඳින් තෝ ගනු කැමැත්තෙහි නම් ගණුවයි කීයේය. ඊට පසුව යහලු තෙම රිදී බර අහක දමා රන් මසු බරක් බැඳ ගත්තේය. ඔහු දෙදෙන තමන්ගේ ග්‍රාමය යම් තැනකද එහි පැමිණියාහුය. එහි යම් යහලුවෙක් හණ මිටිය ගෙණ ගියේද, ඔහුගේ මව්පියෝ සතුටු නොවූහ. අඹු දරුවෝද සතුටු නොවූහ. යාළු මිත්‍රයෝද සතුටු නොවූහ. ඒ කරණකොට ගෙන හෙතෙම සැපතටද සතුටටද නොපැමිණියේය. යම් ඒ යහලුවෙක් වනාහි රන්මසු මිටිය රැගෙන ගියේද, ඔහුගේ මව්පියෝද සතුටු වූවාහුය. අඹුදරුවෝද සතුටු වූවාහුය. යාලු මිත්‍රයෝද සතුටු වූවාහුය. ඒ කරණකොට ගෙන සැපතටද සතුටටද පැමිණියේය. රාජන්යය, එපරිද්දෙන්ම තෝ හණ මිටිය ගෙන ගිය පුරුෂයා වැනියයි වැටහෙන්නේය, රාජන්යය, මේ ලාමකවූ දෘෂ්ටිය අත්හරුව, තට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස නොවේවායි කීයේය.
|
සරණගමනං | සරණගමනං |
437
‘‘පුරිමෙනෙව
‘‘ඉච්ඡාමි චාහං, භො කස්සප, මහායඤ්ඤං යජිතුං, අනුසාසතු මං භවං කස්සපො, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති.
|
437
“මම පළමු උපමාවෙන්ම පින්වත් කාශ්‍යපයන් කෙරෙහි සතුටු සිත් ඇත්තේ විශේෂයෙන් පැහැදුනෙමි. එසේද වුවත් මම මේ විසිතුරු ප්‍රශ්න වැටැහීම් අසනු කැමැත්තෙම් මෙසේ මම පින්වත් කාශ්‍යපයන්ට විරුද්ධව කරුණු දැක්විය යුතුයයි සිතුයෙමි. පින්වත් කාශ්‍යපය, ධර්ම දේශනාව ඉතා මැනව, පින්වත් කාශ්‍යපය, ධර්මදේශනාව ඉතා යහපති, පින්වත් කාශ්‍යපය, යටිකුරු කරන ලද්දක් උඩු කුරු කරන්නේ හෝ යම්සේද වැසුනාවූ දෙයක් විවෘත කරන්නේ හෝ යම්සේද මංමුළාවූවෙකු හට මාර්ගය කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තල් පහනක් දරන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම පින්වත් කාශ්‍යපයන් විසින් නොයෙක් පරිද්දෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය. පින්වත් කාශ්‍යපය, ඒ මම, ඒ භවත් ගෞතමයාණන් වහන්සේද නවලෝකෝත්තර ධර්මයද ආර්‍ය්‍ය භික්ෂු සංඝයාද සරණ කොට යමි. භවත් කාශ්‍යපයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගියාවූ උපාසක යෙකැයි මා දරණ සේක්වා, පින්වත් කාශ්‍යපයන් වහන්ස මම මහා දානයක් දීමට කැමැත්තෙමි. පින්වත් කාශ්‍යපයන් වහන්සේ යමක් මට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේද එසේ මට අනුසාසනා කෙරේවා”යි කීයේය.
|
යඤ්ඤකථා | යඤ්ඤකථා |
438
‘‘යථාරූපෙ
‘‘යථාරූපෙ ච ඛො, රාජඤ්ඤ, යඤ්ඤෙ නෙව ගාවො හඤ්ඤන්ති, න අජෙළකා හඤ්ඤන්ති, න කුක්කුටසූකරා හඤ්ඤන්ති, න විවිධා වා පාණා සංඝාතං ආපජ්ජන්ති, පටිග්ගාහකා ච හොන්ති සම්මාදිට්ඨී සම්මාසඞ්කප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතී සම්මාසමාධී, එවරූපො ඛො, රාජඤ්ඤ, යඤ්ඤො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. සෙය්යථාපි, රාජඤ්ඤ, කස්සකො බීජනඞ්ගලං ආදාය වනං පවිසෙය්ය. සො තත්ථ සුඛෙත්තෙ සුභූමෙ සුවිහතඛාණුකණ්ටකෙ බීජානි පතිට්ඨපෙය්ය
|
438
“රාජන්යය, යම් බඳුවූ යාගයෙක්හි ගවයෝ හෝ නසනු ලබද්ද, එළු බැටලුවෝ හෝ නසනු ලබත්ද කුකුළන් හා ඌරෝ හෝ නසනු ලබද්ද, නොයෙක් ප්‍රාණීහු විනාශයට පැමිණෙද්ද මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ මිථ්යාසංකල්පනා ඇත්තාවූ මිථ්‍යාවචන ඇත්තාවූ මිථ්යාකර්මාන්ත ඇත්තාවූ මිථ්‍යාජීවිකා ඇත්තාවූ මිථ්‍යාව්‍යායාම ඇත්තාවූ මිථ්‍යාස්මෘති ඇත්තාවූ මිථ්‍යාසමාධි ඇත්තාවූ දන් පිළිගන්නෝ වෙද්ද, රාජන්යය, මෙබඳුවූ දානය තෙම මහත්ඵල ඇත්තේ නොවෙයි, මහානිසංස ඇත්තේ නොවෙයි, මහත් බැබලීම් ඇත්තේ නොවෙයි.
“රාජන්යය, යම්සේ ගොවියෙක්, බිජුවට හා නගුල ගෙන වනයට යන්නේද, හෙතෙම එහි කණු කටු ආදිය විනාශ නොකරනලද සම නොවූ බිම ඇති නිසරු කෙතෙහි කැඩුනාවූ, කුණුවූ, අව් සුලඟින් නසන ලද සහල් ඇටයෙන් යුක්තවූ හොඳින් තවානෙහි නොදමන ලද්දාවූ බීජයන් වපුරන්නේ නම්, වර්ෂාවද කලින් කල හොඳින් නොවසින්නේ නම් කිමෙක්ද? ඒ බීජයෝ වැඩීමට, දියුණුවට, පැතුරුණු බවට පැමිණෙත්ද, ගොවියා හෝ මහත් ඵලයට (පොහොසත් බවට) පැමිණෙන්නේදැයි” ඇසූහ.
“පින්වත් කාශ්‍යපය, මේ කාරණය එසේ නොවේය”යි කීය. “රාජන්යය, එපරිද්දෙන්ම යම්බඳුවූ දානයෙක්හි ගවයෝ හෝ නසනු ලබත්ද, එළු බැටලුවෝ හෝ නසනු ලබත්ද, කුකුළන් හා ඌරො නසනු ලබත්ද නොයෙක්සතුන් විනාශයට පැමිණෙත්ද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, මිථ්‍යා වචන ඇත්තාවූ, මිථ්යාකර්මාන්ත ඇත්තාවූ, මිථ්‍යාආජීව ඇත්තාවූ, මිථ්‍යාව්‍යායාම ඇත්තාවූ, මිථ්‍යා ස්මෘති ඇත්තාවූ, මිථ්‍යා සමාධි ඇත්තාවූ, ප්‍රතිග්‍රාහකයෝත් (දානය පිළිගන්නෝ) වෙද්ද, රාජන්යය මෙබඳුවූ දානය මහත් ඵල ඇත්තේ නොවෙයි මහානිසංස ඇත්තේ නොවෙයි. මහත්බැබලීම් ඇත්තේ නොවෙයි.
“රාජන්යය, එපරිද්දෙන්ම යම්බඳුවූ දානයෙක්හි ගවයෝ නසනු නොලබද්ද, කුකුළන් හා ඌරෝ නසනු නොලබද්ද, එළු බැටලුවෝ නසනු නොලබද්ද, නොයෙක් ප්‍රාණීහු විනාශයට නොපැමිණෙද්ද, සම්‍යක්දෘෂ්ටි ඇත්තාවූ, සම්යක්සංකල්පනා ඇත්තාවූ, සම්‍යක් වචන ඇත්තාවූ, සම්යක්කර්මාන්ත ඇත්තාවූ, සම්‍යක්ආජීවය ඇත්තාවූ, සම්‍යක්ව්‍යායාමය ඇත්තාවූ, සම්‍යක්ස්මෘති ඇත්තාවූ, සම්‍යක්සමාධියෙන් යුක්තවූ දන් පිළිගන්නෝත් වෙද්ද, රාජන්යය, මෙබඳුවූ දානය තෙම මහත් ඵල ඇත්තේ වෙයි, මහත් ආනිසංස ඇත්තේ වෙයි, මහත් බැබලීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ වෙයි,
“රාජන්යය, යම්සේ බිජුවට හා නගුල ගෙන ගොවියෙක් වනයට යන්නේද, හෙතෙම එහි නසනලද කණු කටු ඇති සමවූ භූමිඇති සරු කෙතෙහි නොකැඩුනාවූ කුණු නුවූ අව් සුලඟින් නොනසනලද සහල් ඇටයෙන් යුක්තවූ මනාකොට තවානෙහි දමනලද්දාවූ බීජයන් වපුරන්නේ නම්, වර්ෂාවද කලින් කල මනා කොට වර්ෂා කරන්නේ නම් කිමෙක්ද, ඒ බීජයෝ වැඩීමටද දියුණු බවටද, විපුල බවටද, පැමිණෙන්නාහුද ගොවි තෙම මහත් ඵල ලබන්නේ දැයි ඇසීය.
“පින්වත් කාශ්‍යපය, එසේය”යි කීයේය.
“රාජන්යය, එපරිද්දෙන්ම යම්බඳු දානයෙක ගවයෝ නසනු නොලැබෙද්ද, එළු බැටලුවෝ හෝ කුකුලන් හා ඌරෝ හෝ නසනු නොලැබෙද්ද, නොයෙක් ප්‍රාණීහු විනාශයට නොපැමිණෙද්ද සම්‍යක්දෘෂ්ටි ඇත්තාවූ, සම්යක්සංකල්පනා ඇත්තාවූ, සම්‍යක්වචන ඇත්තාවූ, සම්යක්කර්මාන්ත ඇත්තාවූ, සම්යක්ජීවිකාව ඇත්තාවූ, සම්‍යක්ව්‍යායාම ඇත්තාවූ, සම්‍යක්ස්මෘති ඇත්තාවූ, සම්‍යක්සමාධියෙන් යුක්තවූ ප්‍රති ග්රාහකයෝ වෙද්ද, රාජන්යය, මෙබඳුවූ දානය තෙම මහත් ඵල ඇත්තේ වෙයි, මහානිසංස ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ වේය”යි කීයේය.
|
උත්තරමාණවවත්ථු | උත්තරමාණවවත්ථු |
439
අථ
|
439
ඊට පසුව පායාසි රාජන්‍ය තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණ දුගී මගී යාචක යන මොවුන්ට දානය පිහිටෙව්වේය. ඒ දානයෙහි වනාහි කාඩි දෙවැනි කොට ඇති නිවුඩු හාලේ බතින් යුක්තවූ භෝජනයක් දෙනු ලැබේ. ගොඩවල් වශයෙන් සිටියාවූ මහත් දාවලු ඇති ගොරෝසු වස්ත්‍රද දෙනු ලැබෙත්. ඒ දානයෙහි වනාහි උත්තර නම් මාණවකයෙක් කටයුතුවල යෙදුනේය. හෙතෙම දන්දී මෙසේ නැවත නැවත කියයි, ‘මේ දානයෙන් පායාසි රාජන්‍යයා සමග මේ ලෝකයෙහි එක්වූයෙමි. පරලොව ඔහු හා සමග එක් නොවේවා’යි කියාය.
උත්තර මානවකයා විසින් දන් දී කියනු ලබන “මේ දානය කරණ කොට මේ ලෝකයේදී පායාසි රාජන්‍යයා හා සමග එක්වූ යෙමි, පරලොවදී එසේ එක් නොවෙම්වා”යි යන වචනය පායාසි රාජන්යයාට අසන්ට ලැබුනේය. ඊට පසුව පායාසි රාජන්‍ය තෙම උත්තර නම් මාණවකයාට කථා කොට ‘පුත උත්තරය, තෝ දන්දී මේ දානයෙන් මේ ලෝකයෙහි පායාසි රාජන්‍යයා සමඟ එක්වූයෙමි, පරලොව පායාසි රාජන්‍යයා හා එක් නොවෙම්වායි කියන්නෙහිය යන වචනය සැබෑදැ’යි ඇසීය. ‘පින්වත, එසේය’යි කීයේය. පුත උත්තරය, තෝ දන් දී මේ දානයෙන් මේ ලෝකයෙහි පායාසි රාජන්‍යයා හා සමග එක්වූයෙමි. පරලොව එක් නොවෙම්වායි යන මේ වචනය කුමක් සඳහා කියන්නෙහි දැයි ඇසීය. ‘පුත උත්තරය, අපි පින් කැමැත්තෝ දානයාගේ ඵලය කැමති වන්නමෝ නොවමුදැ’යි ඇසීය. ‘පින්වතුන්වහන්සේගේ දානයෙහි කාඩි දෙවැනි කොට ඇති නිවුඩු සාලේ බත්යයි කියනලද මෙබඳුවූ භොජනයක් දෙනු ලැබේ. පින්වත් තෙමේ අනුභව කරනු තබා පාදයෙන් ස්පර්ශ කරන්ටත් කැමැති නොවන්නේද එබඳු ආහාරයක් දෙනු ලබන්නේය, යම් වස්ත්‍රයන් පින්වත් තෙමේ පරිභොග කරනු තබා පාදයෙන්වත් ස්පර්ශ කරන්ට කැමති නොවන්නේද එබඳු ගොඩවල් වශයෙන් පිහිටියාවූ මහත් දාවලු ඇති ඝන වස්ත්‍ර, දෙනු ලැබෙත්. පින්වත් තෙමේ අපට ප්‍රියවෙයි. මනාප වෙයි. කෙසේ නම් අපි ප්‍රියවූ මනාපවූ පින්වතුන් අමනාපයක් හා යොදවන්නමෝදැයි කීයේය. පුත උත්තරය, එසේවී නම් තෝ යම්බඳුවූ භොජනයක් මම අනුභව කරම්ද, එබඳුවූ භෝජනද මම යම් වස්ත්‍රයක් පරිභොග කරම්ද, එබඳුවූ වස්ත්‍රද දානයෙහි පිහිටුවව යයි කීයේය.
උත්තර නම් මාණවක තෙමේ ‘පින්වත, එසේය’යි කියා පායාසි රාජන්යයාහට පිළිතුරු දී යම්බඳුවූ භෝජනයක් පායාසි රාජන්යතෙමේ අනුභව කරයිද, එබඳුවූ භෝජන දානයෙහි පිහිටෙව්වේය. යම් බඳුවූ වස්ත්‍රයන් පායාසි රාජන්‍ය තෙමේ පරිභොග කෙරේද එබඳුවූ වස්ත්‍රයන්ද දානයෙහි පිහිටෙව්වේය.
|
440
අථ
|
440
ඉක්බිතිව පායාසිරාජන්ය තෙමේ සකස් නොකොට දන්දී සියඅතින් දන් නොදී අගෞරවයෙන් දන්දී බැහැර දමනු කැමැත්තෙකු මෙන් දන්දී ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට ගියාවූ සිස්වූ සෙරිස්සක නම් විමානයෙහි උපන්නේය, උත්තර නම්වූ යම් මාණවකයෙක් ඒ පායාසි රාජන්යයාගේ දානයෙහි ව්‍යාවෘත වූයේද හෙතෙම සකස් කොට ශ්‍රද්ධායෙන් දන් දී ගෞරවයෙන් දන් දී නිරතුරුව දන් දී ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණියේය.
|
පායාසිදෙවපුත්තො | පායාසිදෙවපුත්තො |
441
තෙන
අථ ඛො ආයස්මා ගවම්පති මනුස්සලොකං ආගන්ත්වා එවමාරොචෙසි - ‘‘සක්කච්චං දානං දෙථ, සහත්ථා දානං දෙථ, චිත්තීකතං දානං දෙථ, අනපවිද්ධං දානං දෙථ. පායාසි රාජඤ්ඤො අසක්කච්චං දානං දත්වා අසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්යතං උපපන්නො සුඤ්ඤං සෙරීසකං විමානං. යො පන තස්ස දානෙ වාවටො අහොසි උත්තරො
|
441
එ සමයෙහි වනාහි ආයුෂ්මත් ගවම්පති ස්ථවිර තෙම නිරතුරුව සිස්වූ සේරිස්සක විමානයට දිවා විහරණය සඳහා වඩින්නේය. ඉක්බිතිව පායාසි දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් ගවම්පති ස්ථවිරතෙම යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ගවම්පතිස්ථවිරයන් වැඳ එක පැත්තක සිටියේය. එකත් පසෙක සිටියාවූ පායාසි දිව්‍ය පුත්‍රයාට ආයුෂ්මත් ගවම්පතී ස්ථවිර තෙම මේ කාරණය කීයේය.
‘ඇවැත්නි, තෝ කවරෙක් වූයෙහි දැ’යි කියාය, ‘ස්වාමීනි, මම පායාසිරාජන්යයා වෙමි’යි කීයේය.
ඇවැත්නි, තෝ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදනා සත්වයෝ නැත්තාහුය, කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් නොවෙහි දැයි ඇසීය. එසේය ස්වාමීනි, මම පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ. කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය යන මෙබඳුවූ දෘෂ්ටි ඇත්තේ වූයෙමි. එහෙත් මම කුමාරකාශ්‍යප ආර්‍ය්‍යයන් වහන්සේ විසින් මේ ලාමකවූ දෘෂ්ටියෙන් මුදනු ලැබුවෙමි.
ඇවැත්නි, තාගේ දානයෙහි ව්‍යාවෘතවූ උත්තර මාණවක තෙම කොහි උපන්නේ දැයි ඇසීය. ස්වාමීනි, මාගේ දානයෙහි යෙදුනාවූ උත්තර මානවක තෙම සකස් කොට ශ්‍රද්ධායෙන් දන් දී, සිය අතින් දන් දී, ගෞරවයෙන් දන් දී, නිරතුරුව දන් දී, පිරිසිදු කොට දන් දී ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග නම් තව්තිසා වැසි දෙවියන්ගේ එකී භාවයට පැමිණියේය. ස්වාමීනි, මම වනාහි සකස් නොකොට අශ්‍රද්ධාවෙන් දන්දී සියතින් දන්නොදී ගෞරවයෙන් දන්නොදී අහක දමනු කැමැත්තෙකුමෙන් දන් දී ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ එකී භාවයෙහිවූ සිස්වූ සෙරිස්සක නම් මේ විමනෙහි උපන්නෙමි. ස්වාමීනි, ගවම්පති ස්ථවිරයන්වහන්ස, එබැවින් නුඹ වහන්සේ මනුෂ්‍ය ලෝකයට ගොස් මෙසේ දැන්වුව මැනවි. සකස් කොට දන් දෙව්, සියතින් දන් දෙව්, සිතින් ගුණ සලකා දන් දෙව්, නිරතුරුව දන් දෙව්, පායාසිරාජන්ය තෙමේ සකස් නොකොට දන් දී, සිතින් ගුණ නොසලකා දන් දී, අහක දමනු කැමැත්තෙකු මෙන් දන් දී, ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු චාතුර්මහා රාජික දෙවියන්ගේ එකී භාවයවන සිස්වූ සෙරිස්සක නම් විමානයෙහි උපන්නේය. උත්තර මානවකතෙම වනාහි ඒ පායාසි රාජන්යයාගේ දානයෙහි යෙදී සකස් කොට ශ්‍රද්ධායෙන් දන් දී, සිය අතින් දන් දී, සිතින් ගුණ සලකා දන් දී, ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු මනා ගතිඇති ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණියේය.
ඉන්පසු ආයුෂ්මත් ගවම්පතිස්ථවිරයන් වහන්සේ මිනිස් ලොවට අවුත් මෙසේ දැන්වූයේය. සකස් කොට (ශ්‍රද්ධායෙන්) දන් දෙව්, සියතින් දන් දෙව්, නිරතුරුව දන් දෙව්, සිතින් ගුණ සලකා දන් දෙව්, පායාසි රාජන්යතෙමේ සකස් නොකොට දන් දී, සියතින් දන් නොදී සිතින් ගුණ නොසලකා දන් දී, අහක දමනු කැමැත්තෙකුමෙන් දන් දී, ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ එකීභාවයෙහි සිස්වූ සෙරිස්සක නම් විමානයෙහි උපන්නේය. උත්තර නම් මාණවකතෙම ඒ පායාසිරාජන්යයාගේ දානයෙහි යෙදුනේ සකස් කොට දන් දී, සියතින් දන් දී, සිතින් ගුණ සලකා දන්දී ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණියේය කියායි.
|