ත්‍රිපිටකය
8. සක්කපඤ්හසුත්තං 8. සක්කපඤ්හ සූත්‍රය
344
එවං මෙ සුතං - එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. තෙන ඛො පන සමයෙන සක්කස්ස දෙවානමින්දස්ස උස්සුක්කං උදපාදි භගවන්තං දස්සනාය. අථ ඛො සක්කස්ස දෙවානමින්දස්ස එතදහොසි - ‘‘කහං නු ඛො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො’’ති? අද්දසා ඛො සක්කො දෙවානමින්දො භගවන්තං මගධෙසු විහරන්තං පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. දිස්වාන දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි - ‘‘අයං, මාරිසා, භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. යදි පන, මාරිසා, මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති? ‘‘එවං භද්දන්තවා’’ති ඛො දෙවා තාවතිංසා සක්කස්ස දෙවානමින්දස්ස පච්චස්සොසුං.
344
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.
“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.
මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.
“නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
345
අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං (ගන්ධබ්බපුත්තං (ස්‍යා.)) ආමන්තෙසි - ‘‘අයං, තාත පඤ්චසිඛ, භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. යදි පන , තාත පඤ්චසිඛ, මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති? ‘‘එවං භද්දන්තවා’’ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා බෙලුවපණ්ඩුවීණං ආදාය සක්කස්ස දෙවානමින්දස්ස අනුචරියං උපාගමි.
345
එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය.
346
අථ ඛො සක්කො දෙවානමින්දො දෙවෙහි තාවතිංසෙහි පරිවුතො පඤ්චසිඛෙන ගන්ධබ්බදෙවපුත්තෙන පුරක්ඛතො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය; එවමෙව දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො මගධෙසු පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ පච්චුට්ඨාසි. තෙන ඛො පන සමයෙන වෙදියකො පබ්බතො අතිරිව ඔභාසජාතො හොති අම්බසණ්ඩා ච බ්‍රාහ්මණගාමො යථා තං දෙවානං දෙවානුභාවෙන. අපිස්සුදං පරිතො ගාමෙසු මනුස්සා එවමාහංසු - ‘‘ආදිත්තස්සු නාමජ්ජ වෙදියකො පබ්බතො ඣායතිසු (ඣායතස්සු (ස්‍යා.), පජ්ඣායිතස්සු (සී. පී.)) නාමජ්ජ වෙදියකො පබ්බතො ජලතිසු (ජලතස්සු (ස්‍යා.), ජලිතස්සු (සී. පී.)) නාමජ්ජ වෙදියකො පබ්බතො කිංසු නාමජ්ජ වෙදියකො පබ්බතො අතිරිව ඔභාසජාතො අම්බසණ්ඩා ච බ්‍රාහ්මණගාමො’’ති සංවිග්ගා ලොමහට්ඨජාතා අහෙසුං.
346
එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.
එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
347
අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං ආමන්තෙසි - ‘‘දුරුපසඞ්කමා ඛො, තාත පඤ්චසිඛ, තථාගතා මාදිසෙන, ඣායී ඣානරතා, තදන්තරං (තදනන්තරං (සී. ස්‍යා. පී. ක.)) පටිසල්ලීනා. යදි පන ත්වං, තාත පඤ්චසිඛ, භගවන්තං පඨමං පසාදෙය්‍යාසි, තයා, තාත, පඨමං පසාදිතං පච්ඡා මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති. ‘‘එවං භද්දන්තවා’’ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා බෙලුවපණ්ඩුවීණං ආදාය යෙන ඉන්දසාලගුහා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ‘‘එත්තාවතා මෙ භගවා නෙව අතිදූරෙ භවිස්සති නාච්චාසන්නෙ, සද්දඤ්ච මෙ සොස්සතී’’ති එකමන්තං අට්ඨාසි.
347
එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්‍යාන ඇත්තාවූ ධ්‍යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.”
“පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය.
පඤ්චසිඛගීතගාථා පඤ්චසිඛගීතගාථා
සක්කූපසඞ්කම සක්කූපසඞ්කම
ගොපකවත්ථු ගොපකවත්ථු
වෙදනාකම්මට්ඨානං වේදනාකම්මට්ඨානං
පාතිමොක්ඛසංවරො පාතිමොක්ඛසංවරො
ඉන්ද්‍රියසංවරො ඉන්ද්‍රියසංවරො
සොමනස්සපටිලාභකථා සොමනස්සපටිලාභකථා