ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
202
‘‘පුබ්බෙ , භන්තෙ, දිසාසු වස්සං වුට්ඨා (වස්සංවුත්ථා (සී. ස්‍යා. කං. පී.)) භික්ඛූ ආගච්ඡන්ති තථාගතං දස්සනාය. තෙ මයං ලභාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය, ලභාම පයිරුපාසනාය. භගවතො පන මයං, භන්තෙ, අච්චයෙන න ලභිස්සාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය, න ලභිස්සාම පයිරුපාසනායා’’ති.
‘‘චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
202
එවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ, “ස්වාමීන් වහන්ස, මීට ඉහත ඒ ඒ දිසාවෙහි වස්වැසුවාවූ භික්ෂුහු තථාගතයන් වහන්සේ දක්නා පිණිස එන්නාහුය. අපි සිතින් වඩනලද මෛත්‍රී භාවනාදිය ඇති ඒ භික්ෂූන් දකින්ටද සේවනය කරන්ටද ලබම්හ. භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මෛත්‍රී භාවනාදියෙහි යෙදී වාසය කරන්නාවූ ඒ භික්ෂූන් වහන්සේලා දැකීමටද සේවනය කිරීමටද අපි නොලබම්හයි” කියා දැන්නුවේය.
“ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? ආනන්දය, ‘මෙහි තථාගත තෙම උපන්නේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහටදැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ ස්ථානය වන්නේය. ‘මෙහි තථාගත තෙම අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළේයයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි ආනන්දය මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පැවැත්වූයේයැයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ සතර ස්ථාන නම් වන්නාහුය. ආනන්දය, මෙහි තථාගතතෙම ලොව උපන්නේයයි කියාද, මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි කියාද, මෙහි තථාගතයන් විසින් ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේයයි කියාද, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි කියාද, ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ පැමිණෙන්නාහුය. ආනන්දය, බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද ඔහු සියල්ලෝම ශරීර භෙදයෙන් මරණින් පසු සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නාහුයයි” වදාළේය.
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා