ත්‍රිපිටකය
49. පංසුකූලවග්ගො 49. පංසුකූල වග්ග
1. පංසුකූලසඤ්ඤකත්ථෙරඅපදානං 1. පංසුකූල සඤ්ඤක ථේරාපදානය
2. බුද්ධසඤ්ඤකත්ථෙරඅපදානං 2. බුද්ධ සඤ්ඤක ථේරාපදානය
9
‘‘අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
ලක්ඛණෙ ඉතිහාසෙ ච, සනිඝණ්ඩුසකෙටුභෙ.
9
“(මම) ලක්‍ෂණ ශාස්ත්‍ර ඉතිහාසයෙහිද, නිඝණ්ඩු සහිතවූ කවීන්ට හිත ක්‍රියා කල්ප විකල්ප නම්වූ කෙටුභ ශාස්ත්‍රයෙහිද, ත්‍රිවේදයෙහිද පරතෙරට ගිය මන්ත්‍ර හදාරන්නාවූ මන්ත්‍රධරයෙක් වීමි.
10
‘‘නදීසොතපටිභාගා , සිස්සා ආයන්ති මෙ තදා;
තෙසාහං මන්තෙ (මන්තං (ස්‍යා. ක.)) වාචෙමි, රත්තින්දිවමතන්දිතො.
10
“එකල්හි ගඟ සැඩ පහරක් මෙන් මාගේ සමීපයට ශිෂ්‍යයෝ එති. දිවා රෑ දෙක්හි අනලස්වූයේ ඔහුනට මම මන්ත්‍ර හදාරවමි.
11
‘‘සිද්ධත්ථො නාම සම්බුද්ධො, ලොකෙ උප්පජ්ජි තාවදෙ;
තමන්ධකාරං නාසෙත්වා, ඤාණාලොකං පවත්තයි.
11
“එකෙණෙහි සිද්‍ධාර්ත්‍ථ නම් සම්බුදුරජතෙමේ ලොව පහළවිය. (මෝහ නමැති) ගනඳුර නසා ඥානාලෝකය පැවැත්වූහ.
12
‘‘මම අඤ්ඤතරො සිස්සො, සිස්සානං සො කථෙසි මෙ;
සුත්වාන තෙ එතමත්ථං, ආරොචෙසුං මමං තදා.
12
“මාගේ එක්තරා ශිෂ්‍යයෙක් විය. හෙතෙම මාගේ සෙසු සිසුනට මෙය කීය. එකල්හි ඔවුහු මෙය අසා මට සැළකළාහුය. (කෙසේදයත්?)
13
‘‘බුද්ධො ලොකෙ සමුප්පන්නො, සබ්බඤ්ඤූ ලොකනායකො;
තස්සානුවත්තති ජනො, ලාභො අම්හං න විජ්ජති (න හෙස්සති (සී. පී.)).
13
“සර්‍වඥවූ, ලෝකනායකවූ බුදුරජතෙම ලොව පහළවිය. ජනතෙමේ උන්වහන්සේට අනුවර්‍තනය වේ. අපට ලාභයක් නොවන්නේය (කියායි.)
14
‘‘අධිච්චුප්පත්තිකා බුද්ධා, චක්ඛුමන්තො මහායසා;
යංනූනාහං බුද්ධසෙට්ඨං, පස්සෙය්‍යං ලොකනායකං.
14
“මහත් යශස් ඇති, පසැස් ඇත්තාවූ බුදුවරයෝ (දිව්‍ය බ්‍රහ්මාදී කිසිවෙකුන්ගේ උපදේශ හේතු විරහිතව) ලොව පහළවන්නෝ වෙති. ලෝකනායකවූ (එම) බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි (මම සිතීමි.)
15
‘‘අජිනං මෙ ගහෙත්වාන, වාකචීරං කමණ්ඩලුං;
අස්සමා අභිනික්ඛම්ම, සිස්සෙ ආමන්තයිං අහං.
15
“(සිතා) මාගේ අඳුන්දිවි සමද, වැහැරි සිවුරුද, පැන්කෙණ්ඩියද ගෙන, අසපුවෙන් නික්ම, සිසුනට ඇමතීමි.
16
‘‘ඔදුම්බරිකපුප්ඵංව, චන්දම්හි සසකං යථා;
වායසානං යථා ඛීරං, දුල්ලභො ලොකනායකො (දුල්ලභා ලොකනායකා (සී.), දුල්ලභං ලොකනායකං (ස්‍යා. පී. ක.)).
16
“දිඹුල් ගස්වල මල් මෙන්ද, සඳෙහි සාවා මෙන්ද, කපුටාගේ කිරි මෙන්ද බුදුවරයෝ දුර්ලභයහ.
17
‘‘බුද්ධො ලොකම්හි උප්පන්නො, මනුස්සත්තම්පි දුල්ලභං;
උභොසු විජ්ජමානෙසු, සවනඤ්ච සුදුල්ලභං.
17
“(දැන් එම) බුදුරජතෙම ලොව උපන්නේය. මිනිසත්බවද දුලබය. මෙම (බුදේ‍ධාත්පාදය - මිනිසත්බව යන) දෙකම ඇතිකල්හි සද්‍ධර්‍මශ්‍රවණය අතිශයින් දුර්ලභය.
18
‘‘බුද්ධො ලොකෙ සමුප්පන්නො, චක්ඛුං ලච්ඡාම නො භවං;
එථ සබ්බෙ ගමිස්සාම, සම්මාසම්බුද්ධසන්තිකං.
18
“බුදුරජතෙම ලොව උපන්නේය. පින්වතුනි, (අපි) අපගේ ඇස ලබමු. එව්, (අපි) සියල්ලෝම සම්බුදුරජුන්ගේ සමීපයට යන්නෙමු.
19
‘‘කමණ්ඩලුධරා සබ්බෙ, ඛරාජිනනිවාසිනො;
තෙ ජටා භාරභරිතා, නික්ඛමුං විපිනා තදා.
19
“එකල්හි සියල්ලෝ කමඩලා (පැන්කෙණ්ඩි) දරන්නාහු, කුර සහිත අඳුන් දිවි සම් හඳින්නාහු, දළ මඩුළු බරින් බර වූවාහු වනයෙන් නික්මුනාහුය.
20
‘‘යුගමත්තං පෙක්ඛමානා, උත්තමත්ථං ගවෙසිනො;
ආසත්තිදොසරහිතා, අසම්භීතාව කෙසරී.
20
“වියද්ඩු පමණ දුර බලන්නාහු, උත්තමාර්ත්‍ථයවූ නිවන සොයන්නාහු, ඇලුම් දොස් නැත්තාහු, නිර්භය කෙශර සිංහයන් වැනි වූවාහුය.
21
‘‘අප්පකිච්චා අලොලුප්පා, නිපකා සන්තවුත්තිනො;
උඤ්ඡාය චරමානා තෙ, බුද්ධසෙට්ඨමුපාගමුං.
21
“ස්වල්පකෘත්‍ය ඇත්තාහු, ලොල් නොවූවාහු, ප්‍රඥා ඇත්තාහු, සන්හුන් පැවතුම් ඇත්තාහු, පිණ්ඩචරියාවෙහි හැසිරෙන්නාහු ඔවුහු බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට එළඹුනාහුය.
22
‘‘දියඩ්ඪයොජනෙ සෙසෙ, බ්‍යාධි මෙ උපපජ්ජථ;
බුද්ධසෙට්ඨං සරිත්වාන, තත්ථ කාලඞ්කතො අහං.
22
“(එසේ එළඹෙන කල්හි) යොදුන් එකහමාරක් ශෙෂව (ඉතිරිව) ඇති කල්හි මාගේ (ශරීරයෙහි) ව්‍යාධියක් හටගත්තේය. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත්කොට එහිදී මම කළුරිය කෙළේ වෙමි.
23
‘‘චතුන්නවුතිතො කප්පෙ, යං සඤ්ඤමලභිං තදා;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධසඤ්ඤායිදං ඵලං.
23
“මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි (යම්) බුද්ධ සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
24
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
24
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
25
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
25
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
26
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
26
3. භිසදායකත්ථෙරඅපදානං 3. භිසදායක ථේරාපදානය
4. ඤාණථවිකත්ථෙරඅපදානං 4. ඤාණත්‍ථවික ථේරාපදානය
5. චන්දනමාලියත්ථෙරඅපදානං 5. චන්‍දන මාලිය ථේරාපදානය
6. ධාතුපූජකත්ථෙරඅපදානං 6. ධාතු පූජක ථේරාපදානය
7. පුලිනුප්පාදකත්ථෙරඅපදානං 7. පුලිනුප්පාද ථේරාපදානය
8. තරණියත්ථෙරඅපදානං 8. තරණිය ථේරාපදානය
9. ධම්මරුචියත්ථෙරඅපදානං 9. ධම්මරුචි ථේරාපදානය
10. සාලමණ්ඩපියත්ථෙරඅපදානං 10. සාලමණ්ඩපිය ථේරාපදානය