ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
63
සාවත්ථිනිදානං . අථ ඛො ආයස්මා මිගජාලො යෙන භගවා...පෙ.... එකමන්තං නිසින්නො ඛො ආයස්මා මිගජාලො භගවන්තං එතදවොච - ‘‘‘එකවිහාරී, එකවිහාරී’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, එකවිහාරී හොති, කිත්තාවතා ච පන සදුතියවිහාරී හොතී’’ති?
‘‘සන්ති ඛො, මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී (නන්දි (සී. ස්‍යා. කං. පී.)). නන්දියා සති සාරාගො හොති; සාරාගෙ සති සංයොගො හොති. නන්දිසංයොජනසංයුත්තො ඛො, මිගජාල, භික්ඛු සදුතියවිහාරීති වුච්චති. සන්ති...පෙ.... සන්ති ඛො, මිගජාල, ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. නන්දියා සති සාරාගො හොති; සාරාගෙ සති සංයොගො හොති. නන්දිසංයොජනසංයුත්තො ඛො, මිගජාල, භික්ඛු සදුතියවිහාරීති වුච්චති. එවංවිහාරී ච, මිගජාල, භික්ඛු කිඤ්චාපි අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි (මනුස්සරාහසෙය්‍යකානි (සී. ස්‍යා. කං. පී.)) පටිසල්ලානසාරුප්පානි; අථ ඛො සදුතියවිහාරීති වුච්චති. තං කිස්ස හෙතු? තණ්හා හිස්ස දුතියා, සාස්ස අප්පහීනා. තස්මා සදුතියවිහාරී’’ති වුච්චති.
‘‘සන්ති ච ඛො, මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති. නන්දියා අසති සාරාගො න හොති; සාරාගෙ අසති සංයොගො න හොති. නන්දිසංයොජනවිසංයුත්තො ඛො, මිගජාල, භික්ඛු එකවිහාරීති වුච්චති...පෙ.... සන්ති ච ඛො, මිගජාල, ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා...පෙ.... සන්ති ච ඛො, මිගජාල, මනොවිඤ්ඤෙය්‍යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති. නන්දියා අසති සාරාගො න හොති; සාරාගෙ අසති සංයොගො න හොති. නන්දිසංයොජනවිප්පයුත්තො ඛො, මිගජාල, භික්ඛු එකවිහාරීති වුච්චති. එවංවිහාරී ච, මිගජාල, භික්ඛු කිඤ්චාපි ගාමන්තෙ විහරති ආකිණ්ණො භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි . අථ ඛො එකවිහාරීති වුච්චති. තං කිස්ස හෙතු? තණ්හා හිස්ස දුතියා, සාස්ස පහීනා. තස්මා එකවිහාරීති වුච්චතී’’ති. පඨමං.
63
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මිගජාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ‘එකවිහාරි ඒකවිහාරී’ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?” කියායි.
“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මෙසේ වාසය කරන්නාවූද මහණතෙම හුදෙක් වනයෙහි ශබ්ද නැත්තාවූ, ඝෝෂා නැත්තාවූ, වනය ඇසුරුකොට හමන වාතය නැත්තාවූ, මිනිසුන්ගේ රහසිගතවීමට සුදුසුවූ, සැඟවී වාසයට සුදුසුවූ, ඉතා දුරවූ වන සෙනසුන් සේවනය කෙරේද, එතකුදු වුවත් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඔහුට තෘෂ්ණාව දෙවැන්න වේ. මොහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවීය. එහෙයින් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මෙසේ වාසය කරන්නාවූ මහණතෙම හුදෙක් භික්‍ෂූන්ගෙන්, භික්‍ෂුණීන්ගෙන්, උපාසකවරුන්ගෙන්, උපාසිකාවරුන්ගෙන්, රජුන්ගෙන්, රජ මහ ඇමැතියන්ගෙන්, තීර්ත්‍ථකයන්ගෙන්, තීර්ත්‍ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසීගත්තාවූ ගම්වල වාසය කෙරේද, එතකුදුවුවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
ඊට හේතු කවරේද? තෘෂ්ණාව වනාහි ඔහුගේ දෙවැන්න වේ. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවාය. එහෙයින් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේය” යයි (වදාළ සේක.)
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය