ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
6
සාවත්ථිනිදානං. ‘‘පටිසල්ලාණෙ, භික්ඛවෙ, යොගමාපජ්ජථ. පටිසල්ලීණො, භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති? රූපස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච, වෙදනාය සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච, සඤ්ඤාය සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච, සඞ්ඛාරානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච, විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච’’...පෙ.... (යථා පඨමසුත්තෙ තථා විත්ථාරෙතබ්බො.) ඡට්ඨං.
6
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, විවේකව සිටීමට උත්සාහ කරව්. මහණෙනි, විවේකීව සිටින මහණතෙම තත්වාකාරයෙන් දනියි.
“මහණෙනි, විවේකීව සිටීමට උත්සාහ කරව්. මහණෙනි, විවේකව සිටින භික්ෂුතෙමේ තත්වූ පරිද්දෙන් දැනගනියි. තත්වූ පරිද්දෙන් කුමක් දනීද? රූපයාගේ හටගැනීමද, විනාශයද, වේදනාවගේ හටගැනීමද, විනාශයද, සංඥාවගේ හටගැනීමද, විනාශයද, සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, විඥානයාගේ හටගැනීමටද, විනාශයද දනියි.
“මහණෙනි, රූපයාගේ හටගැනීම කුමක්ද? වේදනාවගේ හටගැනීම කුමක්ද? සංඥාවගේ හටගැනීම කුමක්ද? සංස්කාරයන්ගේ හටගැනීම කුමක්ද? විඥානයාගේ හටගැනීම කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇලෙයි ප්‍රියයයි, මනාපයයි ප්‍රකාශ කරයි, ගැලී සිටියි. කුමක ඇලෙයිද? කුමක් ප්‍රියයයි, මනාපයයි කියයිද? කුමක ගැලී සිටියිද? රූපයෙහි ඇලෙයි. රූපය ප්‍රිය මනාපයයි කියයි. රූපයෙහි ගැලී සිටියි. රූපයෙහි ඇලෙන්නාවූ, රූපය ප්‍රියයයි, මනාප යයි රූපයෙහි ගැලීසිටින්නාවූ ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය උපාදානය (තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වාගැනීම) වෙයි. ඔහුගේ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ජරාව හා මරණයද, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයා ගේ හටගැනීමවේ.
“වේදනාවෙහි ඇලෙයි, වේදනාව ප්‍රියයයි, මනාපයයි කියයි. වේදනාවෙහි ගැලී සිටියි. වේදනාවෙහි ඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි. මනාපයයි කියන්නාවූ, වේදනාවෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. වේදනාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි. ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ භවය හේතුකොට ගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ගෙන ජරා, මරණ, දෙකද, ශොක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද හටගනිත්.
“සංඥාවෙහි ඇලෙයි. සංඥාව ප්‍රියයයි, මනාපයයි කියයි. සංඥාවෙහි ගැලී සිටියි. සංඥාවෙහි ඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, සංඥාවෙහි ගැලී සිටින්නාවූ ඔහුට බලවත් තණ්හාව උපදියි. සංඥාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි (තදින් අල්ලා ගැනීමයි.) ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ මේ ජාතිය හේතුකොට ගෙන ජරා මරණ දෙකද සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්.
“සංස්කාරයන්හි ඇලෙයි. සංස්කාරයන් ප්‍රියයයි, මනාපයයි කියයි. සංස්කාරයන්හි ගැලී සිටියි. සංස්කාරයන්හි ඇලෙන, සංස්කාරයන් ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, සංස්කාරයන්හි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. සංස්කාරයන්හි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ පහළවීම වේ.
“විඤ්ඤාණයෙහි ඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියයි. විඤ්ඤාණයෙහි ගැලීසිටියි. විඤ්ඤාණයෙහි ඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. විඤ්ඤාණයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. ඔහුට උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක් දොම්නස් සහ උපායාසයෝද හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ රාශියාගේ හටගැනීම වෙයි.
“මහණෙනි, මේ වනාහි රූපයාගේ හටගැනීම වෙයි. මේ වේදනාවගේ හටගැනීම වෙයි. මේ සංඥාවගේ හටගැනීම වෙයි. මේ විඥානයාගේ හටගැනීම වෙයි.
“මහණෙනි, රූපයාගේ නැතිවීම කවරේද? වේදනාවගේ නැතිවීම කවරේද? සංඥාවගේ නැතිවීම කවරේද? සංස්කාරයන්ගේ නැතිවීම කවරේද? විඤ්ඤාණයාගේ නැතිවීම කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොඇලෙයි. ප්‍රියයයි මනාපයයි නොකියයි. ගැලී නොසිටියි. කුමක නොඇලෙයිද, කුමක් ප්‍රියයයි මනාපයයි නොකියයිද, කුමක ගැලී නොසිටීද? රූපයෙහි නොඇලෙයි. රූපය ප්‍රියයයි මනාපයයි නොකියයි. රූපයෙහි ගැලී නොසිටියි. රූපයෙහි නොඇලෙන්නාවූ රූපය ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, රූපයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුට රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ බලවත් තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හේතුකොටගෙන ජාතිය නැතිවේ. ජාතිය නැතිවීම හේතුකොටගෙන ජරාමරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙති. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක්ඛ සමූහයාගේ නිරෝධය වේ.
“වේදනාවෙහි නොඇලෙයි. වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියයි. වේදනාවෙහි ගැලී නොසිටියි. වේදනාවෙහි නොඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, වේදනාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ වේදනාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
“සංඥාවෙහි නොඇලෙයි. සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියයි. සංඥාවෙහි ගැලී නොසිටියි. සංඥාවෙහි නොඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංඥාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංඥාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැතිවෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැති වීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
“සංස්කාරයන්හි නොඇලෙයි. සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියයි. සංස්කාරයන්හි ගැලී නොසිටියි. සංස්කාරයෙහි නොඇලෙන්නාවූ, සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංස්කාරයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංස්කාර කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
“විඤ්ඤාණයෙහි නොඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි නොකියයි. විඤ්ඤාණයෙහි ගැලී නොසිටියි. විඤ්ඤාණයෙහි නොඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාප යයි නොකියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ විඤ්ඤාණය කෙරෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නිරුද්ධවෙයි. ඔහුගේ ඒ බලවත් තෘෂ්ණාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධ වේ. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ දෙකද, සොක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ නිරෝධය වෙයි.
“මහණෙනි, මේ රූපයාගේ විනාශය වෙයි. මේ වේදනාවගේ විනාශය වෙයි. මේ සංඥාවගේ විනාශය වෙයි. මේ සංස්කාරයන්ගේ විනාශය වෙයි මේ විඤ්ඤාණයාගේ විනාශය වෙයි.
(හයවෙනි පටිසල්ලාණ සූත්‍රය නිමි.)
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය