ත්‍රිපිටකය
9. මහාසතිපට්ඨානසුත්තං 9. මහා සතිපට්ඨාන සූත්‍රය
372
එවං මෙ සුතං - එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසධම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භද්දන්තෙ’’ති (භදන්තෙති (සී. ස්‍යා. පී.)) තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
372
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනියි” කථා කළෝය. භික්ෂුහු “ස්වාමින් වහන්ස,”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.
උද්දෙසො උද්දෙසො
කායානුපස්සනා ආනාපානපබ්බං කායානුපස්සනා ආනාපානපබ්බං
කායානුපස්සනා ඉරියාපථපබ්බං කායානුපස්සනා ඉරියාපථපබ්බං
කායානුපස්සනා සම්පජානපබ්බං කායානුපස්සනා සම්පජානපබ්බං
කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං
කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං
කායානුපස්සනා නවසිවථිකපබ්බං කායානුපස්සනා නවසිවථිකපබ්බං
379
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති.
‘‘ඉති අජ්ඣත්තං වා ...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං කඞ්කෙහි වා ඛජ්ජමානං සුනඛෙහි වා ඛජ්ජමානං බ්‍යග්ඝෙහි වා ඛජ්ජමානං දීපීහි වා ඛජ්ජමානං සිඞ්ගාලෙහි වා (ගිජ්ඣෙහි වා ඛජ්ජමානං, සුවානෙහි වා ඛජ්ජමානං, සිගාලෙහි වා ඛජ්ජමානං, (ස්‍යා. පී.)) ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති.
‘‘ඉති අජ්ඣත්තං වා...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං නිමංසලොහිතමක්ඛිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකානි අපගතසම්බන්ධානි (අපගතන්හාරුසම්බන්ධානි (ස්‍යා.)) දිසා විදිසා වික්ඛිත්තානි, අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ගොප්ඵකට්ඨිකං (‘‘අඤ්ඤෙන ගොප්ඵකට්ඨික’’න්ති ඉදං සී. ස්‍යා. පී. පොත්ථකෙසු නත්ථි) අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරුට්ඨිකං අඤ්ඤෙන කටිට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ඩකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිට්ඨිකං අඤ්ඤෙන ඛන්ධට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ඩකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ගීවට්ඨිකං අඤ්ඤෙන හනුකට්ඨිකං අඤ්ඤෙන දන්තට්ඨිකං අඤ්ඤෙන සීසකටාහං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති.
‘‘ඉති අජ්ඣත්තං වා ...පෙ.... විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණපටිභාගානි...පෙ.... අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි ...පෙ.... අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
379
[1] මහණෙනි, නැවතද භික්ෂුව මැරී එක දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුනාවූ නිල්වූ (පූයා) සැරව වැගිරෙන්නාවූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දකින්නේද ඒ භික්ෂුව තම ශරීරයම නුවණින් බලන්නේය. කෙසේද මේ ශරීරය මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාව නොයික්ම සිටියේය කියායි.
මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය, අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[2] මහණෙනි, නැවතද භික්ෂුව කවුඩන් විසින් කඩාගනු ලබන්නාවූ හෝ උකුසන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ ගිජු ලිහිණියන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ නොයෙක් සතුන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ අමු සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද ඒ භික්ෂුව විසින් තමාගේ ශරීරයම නුවණින් බලන්නේය. කෙසේදයත් මේ ශරීරයද මෙබඳුවූ ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාවය නොයික්ම සිටියේය කීයාය.
මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසයකරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසයකරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුවබලමින් වාසයකරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි විනාසවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්වයෙක් පුද්ගලයෙක් නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය මනා කොට පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙසුන් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[3] මහණෙනි, නැවතද භික්ෂුව ලේ මස් සහිතවූ නහර වලින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේ වේද ඒ භික්ෂුව මේ ශරීරයම නුවණින් බලන්නේය. මේ (මගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.
මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව ද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[4] මහණෙනි, නැවතද භික්ෂුව මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්මවන ලද්දේය කියායි.
මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරනනේය.
[5] මහණෙනි, නැවතද භික්ෂුව මස්, ලේ දෙකින් පහවූ නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.
මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව ද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[6] මහණෙනි, නැවතද භික්ෂුව නහර බැඳුම්වලින් වෙන්වූදිශා අනුදිශාවන්හි විසුරුණු ඇට කැබලිද, වෙන දිශාවක විසුරුණු පාඇටද, වෙන දිශාවක විසුරුණු කෙණ්ඩා ඇටද, වෙන දිශාවක විසුරුණු කලවා ඇටද, වෙන දිශාවක විසුරුණු කටි ඇටද, වෙනදිශාවක විසුරුණු පිටකටුද, වෙනදිශාවක විසුරුණු හිස්කැබලිද ඇතිව සොහොනෙහි දමනලද මළමිනිය යම්සේ දකීද, ඒ භික්ෂුව (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය. කියායි.
මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[7] මහණෙනි, නැවතද භික්ෂුව සක්ගෙඩියක, පාටට සමාන ස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.
මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥාණයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[8] මහණෙනි, නැවතද භික්ෂුව අවුරුදු ගණන් ඉක්මගිය ඇට ගොඩක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.
මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දන්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[9] මහණෙනි, නැවතද භික්ෂුව කුණුවූ, සුණුවූ ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.
මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය, අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
වෙදනානුපස්සනා වේදනානුපස්සනා
චිත්තානුපස්සනා චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා නීවරණපබ්බං ධම්මානුපස්සනා නීවරණපබ්බං
ධම්මානුපස්සනා ඛන්ධපබ්බං ධම්මානුපස්සනා ඛන්ධපබ්බං
ධම්මානුපස්සනා ආයතනපබ්බං ධම්මානුපස්සනා ආයතනපබ්බං
ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං
ධම්මානුපස්සනා සච්චපබ්බං ධම්මානුපස්සනා සච්චපබ්බං
404
‘‘යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තවස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු, භික්ඛවෙ, සත්තවස්සානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ වස්සානි...පෙ.... පඤ්ච වස්සානි... චත්තාරි වස්සානි... තීණි වස්සානි... ද්වෙ වස්සානි... එකං වස්සං... තිට්ඨතු, භික්ඛවෙ, එකං වස්සං. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තමාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු , භික්ඛවෙ, සත්ත මාසානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ මාසානි...පෙ.... පඤ්ච මාසානි... චත්තාරි මාසානි... තීණි මාසානි ... ද්වෙ මාසානි... එකං මාසං... අඩ්ඪමාසං... තිට්ඨතු, භික්ඛවෙ, අඩ්ඪමාසො. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
404
මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සත්වර්ෂයක් කල් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, පස් වසක් කල් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, තුන් අවුරුද්දක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමී ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, සත් මසක් කල් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන මේ දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, පස් මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සාරමසක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි වීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, තුන්මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතරසතිපට්ඨානයන් මාසදෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනාකරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, මාස දෙකක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් පසළොස් දිනක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිවීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය.)
405
‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානාති. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
405
මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.
භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ මේ සතරසතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.