ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
198
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ආයාමානන්ද, යෙන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යෙන කුසිනාරා උපවත්තනං මල්ලානං සාලවනං තෙනුපසඞ්කමිස්සාමා’’ති . ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යෙන කුසිනාරා උපවත්තනං මල්ලානං සාලවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ඉඞ්ඝ මෙ ත්වං, ආනන්ද, අන්තරෙන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤපෙහි, කිලන්තොස්මි, ආනන්ද, නිපජ්ජිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා අන්තරෙන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤපෙසි. අථ ඛො භගවා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්‍යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො.
තෙන ඛො පන සමයෙන යමකසාලා සබ්බඵාලිඵුල්ලා හොන්ති අකාලපුප්ඵෙහි. තෙ තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි මන්දාරවපුප්ඵානි අන්තලික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි චන්දනචුණ්ණානි අන්තලික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි තූරියානි අන්තලික්ඛෙ වජ්ජන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි සඞ්ගීතානි අන්තලික්ඛෙ වත්තන්ති තථාගතස්ස පූජාය.
198
එවිට භාග්‍යවතුන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, එව, යම්හ, හිරඤ්ඤවතී නම් ගංගාවගේ එගොඩ ඉවුර යම් තැනෙක්හිද කුසිනාරා නුවර මල්ලව රජුන්ගේ උපවර්තන නම්වූ සල්වනය යම්තැනකද එතනට පැමිණෙම්හයි’ කීවෝය “එසේය, ස්වාමීන් වහන්ස” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග හිරඤ්ඤවතී නම් ගංගාවගේ එගොඩ ඉවුර යම්තැනකද කුසිනාරා නුවර මල්ලව රජුන්ගේ උපවර්තන නම් සල් වනය යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, තෙපි මට යමක සල් ගස් දෙදෙන අතුරෙහි හිස උතුරට තබා ආසනයක් පනවව, ආනන්දය, ඉතා ක්ලාන්තයෙමි, සයනය කරමියි” කීවෝය. “එසේය, ස්වාමීන් වහන්සැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී යමක සල්ගස් අතුරෙහි උතුරට හිස තබා ආසනයක් පැණවූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රීපාදය උඩ වම් ශ්‍රීපාදය තබා සිහි නුවණින් යුක්තව දකුණැලයෙන් සිංහසෙය්‍යාවෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු නිදීමෙන්) සැතපුණෝය.
එකල යමක සල්ගස්දෙක සැමතැනම අකාලයට පිපුන මල්වලින් ගැවසීගත්හ. ඒ ගස් දෙවියන් විසින් සොලවන ලදුව තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගතයන් වහන්සේගේ ශරීරය මත මල් වගුරුවන්නාහුය. බොහෝසෙයින්ම මල් අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන් හාත්පස මල් වගුරුවන්නාහුය දිව්‍යමය වූ පරසතු මදාරා මල්ද අහසින් වැටෙන්නාහුය. ඒ අහසින් එන්නාවූ දිව්‍ය මල්ද තථාගතයන් වහන්සේගේ ශරීරය මත වැගිරෙන්නාහුය. බොහෝසෙයින් මල් අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන් හාත්පස වගුරු වන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමයවූ සඳුන් කුඩුද අහසින් වැටෙන්නාහුය. ඒ දිව්‍ය සඳුන් කුඩුද තථාගතයන් වහන්සේගේ ශරීරය මත විසිරෙන්නාහුය. බොහෝ සෙයින්ම සඳුන් සුණු අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන්ම හාත්පස වගුරුවන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමයවූ පංචතූර්‍ය්‍ය නාදයෝද ආකාශයෙහි පවත්වන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය ගීතිකාද අහසෙහි පවත්නාහුය.
199
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘සබ්බඵාලිඵුල්ලා ඛො, ආනන්ද, යමකසාලා අකාලපුප්ඵෙහි. තෙ තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි මන්දාරවපුප්ඵානි අන්තලික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි චන්දනචුණ්ණානි අන්තලික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි තූරියානි අන්තලික්ඛෙ වජ්ජන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි සඞ්ගීතානි අන්තලික්ඛෙ වත්තන්ති තථාගතස්ස පූජාය. න ඛො, ආනන්ද, එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපචිතො වා. යො ඛො, ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානුධම්මප්පටිපන්නො විහරති සාමීචිප්පටිපන්නො අනුධම්මචාරී, සො තථාගතං සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති අපචියති (ඉදං පදං සීස්‍යාඉපොත්ථකෙසු න දිස්සති), පරමාය පූජාය. තස්මාතිහානන්ද, ධම්මානුධම්මප්පටිපන්නා විහරිස්සාම සාමීචිප්පටිපන්නා අනුධම්මචාරිනොති. එවඤ්හි වො, ආනන්ද, සික්ඛිතබ්බ’’න්ති.
199
එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, යමක සල්ගස් දෙදෙන අකාලයට පිපුන මල් වලින් ගැවසී ගත්හ. ඒ ගස් තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගතයන් වහන්සේගේ ශරීරය මත මල් වගුරුවන්නාහුය. බොහෝ සෙයින්ම මල් අතුලාක් මෙන් වගුරුවන්නාහුය. දිව්‍යමය පරසතු මදාරා මල්ද අහසින් වැටෙන්නාහුය. තථාගතයන් වහන්සේගේ ශරීරය මත විසුරුවන්නාහුය. බොහෝ සෙයින් මල් අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන් නැවත නැවත වගුරු වන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමයවූ සඳුන් කුඩුද අහසින් වැටෙන්නාහුය. ඒ දිව්‍ය සඳුන් කුඩුද තථාගතයන් වහන්සේගේ ශරීරය මත වැගිරෙන්නාහුය. බොහෝසෙයින්ම සඳුන් සුණු අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන්ම නැවත නැවත වගුරුවන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය ගීතිකාද අහසෙහි පවත්නාහුය ආනන්දය, මෙතෙක්වූ පූජාවෙන් තථාගත තෙම සත්කාර කරන ලද්දේ නම් නොවන්නේය. ගරු කරන ලද්දේද නොවන්නේය සිතින් බුහුමන් කරන ලද්දේත් නොවන්නේය. පූජා කරන ලද්දේත් නොවන්නේය. උපස්ථාන කිරීම් වශයෙන් පුදන ලද්දේත් නොවන්නේය. ආනන්දය, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නව විධවූ ලොකෝත්තර ධර්මයට අනුව පිළිපදිමින් වාසය කරන්නේ වේද, සුදුසු මාර්ගයෙහි ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වේද, ඒ පුද්ගලතෙම තථාගතයන් වහන්සේට සත්කාර කරන්නේ වෙයි, ගරු කරන්නේද වෙයි, සිතින් බුහුමන් කරන්නේද වෙයි. පූජා කරන්නේද වෙයි, උතුම්වූ පූජාවෙන්ද පුදන්නේ වෙයි. ආනන්දය, එහෙයින් ධර්මානුධර්ම හැසිරීමෙන් යුක්තව වාසය කරම්හ. නිවනට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදී අනුධර්මචාරීව වාසය කරම්හයි කියා ආනන්දය තොප විසින් මෙසේ හික්මිය යුතු වන්නේයයි” දේශනා කළෝය.
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා