ඡන්‍දජාතො අනක්ඛාතෙ මනසා ච ඵුටො සියා.
කාමෙසු ච අප්පටිබද්ධචිත්තො උද්ධංසොතො’ති වුච්චති.
යම් මහණෙක් (පැහැ සටහන් වශයෙන් මෙබඳු යැ යි) නො කියන ලද නිවන කෙරෙහි (නිවන් පසක් කිරීමෙහි) (කත්තුකම්‍යතා වශයෙන්) හටගත් ඡන්‍දය ඇත්තේ ද, යට තුන් මග තුන් පල සිතින් පිරුණේ වේ ද, පස්කම්හි නො ඇලුනු සිතැත්තේ වේ ද මෙසේ වූ මහණ තෙම උඩු බලා පැවති ප්‍රතිසන්‍ධි ස්‍රෝතස් ඇත්තේ යැ යි (උද්ධංසෝත යැ යි) කියනු ලැබේ.
එක් දවසක් අනැගැමිපල පත් මහතෙරනමක් වෙතට ගිය උන්වහන්සේගේ ඍද්ධිවිහාරිකයෝ “ස්වාමීනි! ස්වාමීන් වහන්සේට විශේෂාධිගමයෙක් ඇත්තේ දැ?” යි විචාළාහු ය. එවිට ඒ සථවිරයන් වහන්සේ “ගිහියෝත් අනැගැමි පලට පත් වෙති, රහත් බවට පැමිණ ම මොවුන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමි” යි එහිලා ලජ්ජිත ව කිසිවක් නො කියා ම කලුරිය කොට ශුද්ධාවාස බඹ ලොව උපන්හ. එකල්හි උන්වහන්සේගේ ඍද්ධිවිහාරිකයෝ හඬා වැලප බුදුරජුන් වෙත ගොස් වැඳ හඬ හඬා ම පසෙකට වී හුන්හ. ඉක්බිති බුදුරජානන් වහන්සේ “කිම මහණෙනි! හඬහු?” යි අසා වදාළ සේක. “ස්වාමිනී! අපගේ උපාද්ධ්‍යායයන් වහන්සේ කලුරිය කළහ” යි කීහ. “මහණෙනි! ඒ එසේය, අමුත්තක් නො සිතවු, මේ වනාහි එකාන්ත ධර්‍මයෙකි, මැරෙණු වළකාලනු නො හැකිය” යි වදාළ විට “ස්වාමීනි! එසේ ය, අපි දනිමු, අපි උපාද්ධ්‍යායයන් වහන්සේගෙන් ‘ස්වාමීන් වහන්සේ විසින් විශේෂාධිගමයෙක් ලද දැ?’ යි ඇසීමු, එහෙත් උන්වහන්සේ කිසිත් නො බැණ කලුරිය කළහ, එය අපට දුකැ” යි කීහ. “මහණෙනි! නො සිතවූ, තමුසේලාගේ උපාදධ්‍යායයන් විසින් අනාගාමී ඵලය අත්පත් කරණ ලද්දේ ය, ගිහියෝ අනාගාමීඵලයට පත්වෙති, එහෙයින් මා විසින් එය ලබන ලදැ යි කීම ලජ්ජාවට කරුණු ය, රහත් බවට පැමිණ ම කියමි යි සිතූ ඒ තැන තමුසේලාට කිසිත් නො බැණ කලුරිය කොට, ශුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි ඉපිද ගත්තේ ය, මහණෙනි! අස්වැසෙවු, නො හඬවු, තමුසේලාගේ උපාද්ධ්‍යාය තෙමේ කාමයෙහි නො බැඳුනු නො පැටලවුනු සිත් ඇති බවට පැමිණියේ වනැ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
ඡන්‍දජාතො අනක්ඛාත මනසා ච ඵුටො සියා,
කාමෙසු ච අප්පටිබද්ධ චිත්තො උදධංසොතොති වුච්චතී ති.
(යමෙක්) නිවනෙහි හටගත් ඡන්‍දය ඇත්තේ වේ ද සිතින් පහස්නා ලදුයේත් වේ ද කාමයන්හි නො ඇලුන සිත් ඇත්තේ වේ ද හෙතෙමේ උද්ධංසෝත යි කියනු ලැබේ.
ඡන්‍දජාතො = හටගත් ඡන්‍දය ඇත්තේ වේ ද.
මෙහි ඡන්‍ද නම්: කත්තුකම්‍යතා කුශලඡන්‍දය යි. ශමථ - විදර්‍ශනා භාවනාදී කුශලධර්‍මයන් කරණු කැමැති බව ලකුණු කොට සිටියේය. කුසල්දහම් කිරීමෙහි බලවත් කැමැත්ත යි. බලවත් උත්සාහය යි. ඒ බලවත් කැමැත්තට උත්සාහයට පැමිණියේ උපන් බලවත් කැමැත්ත ඇතියේ ඡන්‍දජාත නම්. “කත්තුකම්‍යතාවසෙන ජාත ඡන්‍දො, උස්සාහපත්තො” යනු අටුවාය.
අනක්ඛාතෙ = නිවනෙහි.
අසවලා විසින් කරණලදැ යි හෝ නීල පීත හ්‍රස්ව දීර්‍ඝාදිවර්‍ණ සංස්ථානයෙන් මෙබඳුය යි නො කිව යුතු බැවින් නිවන අනක්ඛාත නම්. [1] “නිබ්බානං හි අසුකෙන කතං වා නීලාදිසු එවරූපං වාති අවත්තබ්බතාය අනක්ඛාතං නාම” යනු අටුවා.
මනසා ච ඵුටො සියා = සිතින් පහස්නා ලදුයේත් වේද.
සෝතාපත්ති - සකදාගාමි - අනාගාමි යන මගපලසිත් තුනෙන් පහස්නා ලදුයේ මෙකී මගපලසිත් තුනෙන් නිවන අරමුණු කොට සිටියේ තුන් මග තුන් පල සිතින් පිරී සිටියේ මෙයින් කියන ලද්දේ ය. “හෙට්ඨිමෙහි තීහි මග්ග ඵල චිත්තෙහි ඵුටො පූරිතො භවෙය්‍ය” යනු අටුවා.
කාමෙසු ච = කාමයන්හි ද.
කාම නම්: වස්තුකාම ක්ලේශ කාමයෝ ය. [2]
අප්පටිබද්ධචිත්තො = නො ඇලුනු නො බැඳුනු සිත් ඇත්තේ වේ ද.
අනාගාමී මාර්‍ගයාගේ වශයෙන් කාමරාග පැහීම් හේතුයෙන් රූපාදී වූ වස්තුකාම ක්ලේශ කාමයෙහි නො ඇලුනු නො බැඳුනු සිත් ඇත්තේ අප්පටිබදේධචිතේත නම්. “අනාගාමිමග්ගවසෙන කාමෙසු ච අප්පටිබද්ධචිත්තො” යනු අටුවා.
උද්ධංසොතොති වුච්චති = උද්ධං සෝත යි කියනු ලැබේ.
මෙසේ නිවන් ලැබීමෙහි ලා හටගත් කත්තුකම්‍යතා කුසලඡන්‍දයෙන් උත්සාහවත් වූ සෝතාපත්ති ආදී වූ යට මගපල සිත්වලින් නිවන අරමුණු කොට සිටි රූපාදී පංචකාමයෙහි නො ඇලුනු නො වැටුනු සිත් ඇති පුද්ගල තෙමේ අවිහ නම් ශුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි ඉපිද එතැන් පටන් පිළිසිඳ ගැනීම් විසින් අකනිටා බඹලොවට යනුයේ උඩුබලා පැවැති ප්‍රතිසන්‍ධි ස්‍රෝතස ඇති බැවින් උද්ධංසොත යි කියනු ලැබේ. [3] “එවරූපො භික්ඛූ අවිහෙසු නිබ්බත්තිත්වා තතො පට්ඨාය පටිසන්‍ධිවසෙන අකණිට්ඨං ගච්ඡන්තො උද්ධං සොතොති වුච්චති” යනු අටුවා.
ස්වකීය උපාද්ධ්‍යායයන් වහන්සේගේ කලුරිය කිරීමෙහිලා හඬා වැටුනු ඍද්ධිවිහාරික භික්‍ෂූන් අමතා බුදුරජානන් වහන්සේ “තමුසේලාගේ උපාද්ධ්‍යාය තෙමේ මේ කියූ උදධංසෝත වැනිය” යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්ෂූහු රහත් බවෙහි පිහිටා ගත්හ. ධර්‍මදේශනා තොමෝ මහාජනයාට වැඩ සහිත වූය.
අනාගාමිස්ථවිර වස්තුව නිමි.