දුගියකු යදියකු මගියකු කිසිවක් ලබාගනු සඳහා මසුරා වෙත පැමිණි කල්හි සමහර විට පරාර්ථකාමතා වේශයෙන් ඔහු ගේ සිත්හි මාත්සර්‍ය්‍යය පහළ වේ. එයින් වඤ්චිත වූයේ “නිකම් දී පුරුදු කළ කල්හි මෙතෙම වඩාත් අලසයෙක් වී හොඳට ම කාලකණ්ණියෙක් වන්නේ ය. දීම මොහුට කරන අපරාධයක් ය. මොහුට කරන්නට තිබෙන එකම යහපත නම් නො දීමමය” යි සිතා යදියාට අර්ථයක් සිදු කිරීමේ ආකාරයෙන් කිසිවක් නො දෙන්නේ ය.