නිෂ්ඵල කථාවලින් තොර ව වුවමනා පමණට කථා කරන ස්වභාවය මිතභාණිතා නමි. අප්‍රිය පුද්ගලයන් දුටු කල්හි සමහර විට ඔවුන් පිළිබඳ ද්වේෂය මිතභාණිතා වේශයෙන් පහළ වන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ අන්‍යයා හා කථා කළ යුතු ප්‍රමාණයට ද කථා නො කරන්නේ ය. තද බල අමාරුවලට පත් වී පිහිට සොයා බොහෝ දෙනා ළඟට ගොස් කවරකු ගෙන් වත් පිහිටක් නොලැබූ සමහරුන්ට මුළු ලෝකය ගැන ම ද්වේෂයක් ඇති වේ. සමහර විට එය ද මිතභාණිතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත තැනැත්තේ සැම දෙනා ම සමග කථාවෙන් වළකින්නේ ය.