ශෝභන රූපය හා මිහිරි කට හඬ ද තරුණ බව ද ඇත්තා වූ භික්ෂූන් දක්නා ඇතැම් කාන්තාවන් කෙරෙහි ශ්‍රද්ධා වේශයෙන් (පැහැදීමේ ආකාරයෙන්) රාගය පහළ වේ. භික්ෂුව සම්බන්ධයෙන් තමන් ගේ සිත්හි පහළ වී තිබෙන දෙය ශ්‍රද්ධාව නොව අනෙකක් බව ඒ කාන්තාවෝ නො දනිති. එයින් මෙහෙයවන ලද ඔවුහු ඉන් පෙර භික්ෂුවකට කිසි සැලකිල්ලක් නො කළාහු ද “බොහොම හොඳ හාමුදුරුවෝ යැ” යි පසසමින් ඒ භික්ෂුව කරා නිතර එළඹෙති. සැලකිලි ද කරති. සමහර විට ඒ භික්ෂුව පසසමින් අන්‍ය භික්ෂූන්ට නින්දා කරන්නට ද බසිති. ඔවුන් ගේ මේ ශ්‍රද්ධාව කුමක් ද යන බව ඔවුන් තබා ඔවුන් ගේ හිමියෝ ද නෑයෝ ද නො දනිති. කාරණය තේරුම් ගැනීමට තරම් නුවණැතියකු මෙය දැන ගෙන කිව හොත් ඔවුහු ඒ තැනැත්තාට ද විරුද්ධ වන්නාහ. ඊර්ෂ්‍යා කාරයෙකැ යි දෝෂාරෝපණය කරන්නාහ. ක්ලේශ වඤ්චනයට මනුෂ්‍යයෝ කොතරම් තදින් හසු වෙද්ද යන බව මෙබඳු කරුණු වලින් තේරුම් ගත හැකි ය.