කරුණා දැක්වීම් වශයෙන් අනුන්ගේ සිත් සතුටු කර ඒ මගින් ලාභ සත්කාර ලබා ගැනීමේ ලෝභය සමහර විට කරුණා වේශයෙන් ම පහළ වන්නේ ය. මෙය බොහෝ සෙයින් භික්ෂූන් කෙරෙහි සිදුවන කරුණකි. සැබෑ කරුණාව දුඃඛිතයන් පිළිබඳව නොව පොහොසතුන් පිළිබඳව ය. මේ ප්‍රතිරූපක කරුණාවට රැවටුණු භික්ෂූහු තමන්ගෙන් පිහිටක් සොයා එන දුඃඛිතයා පලවා හැර පොහොසතාටත් පොහොසතා ගේ දරුවාටත් කරුණාව දක්වති. කරුණාවට පාත්‍රවූ පොහොසත්හු ද “අනේ අපේ හාමුදුරුවෝ බොහෝ කරුණාවත් කෙනෙකැ”යි පසසති. පහදිති.