සැප විඳීමේ ආශාව අධික තැනැත්තා කෙරෙහි ඒ ලෝභය නිර්ලෝභතාවේ හෙවත් අලෝභයේ වේශයෙන් පහළ වේ. එයට රැවටුණු තැනැත්තේ, තමන්ගේ වස්තුව පමණට වියදම් කරමින් ජීවිකාව කරන්නා වූ අන්‍යයන්ට ලෝභීහු යැයි නින්දා කරමින් සපයන සියල්ල ම වියදම් කොට කා බී ඒ වේලාවෙහි සැප විඳ ධනය නො සැපයිය හැකි කාලය, ධනය නො ලැබෙන කාලය පැමිණි කල්හි දුකට පත් වන්නේ ය. එබඳු අය බොහෝ සෙයින් මහලු කාලයේ දී දුකට පත් වන්නාහ.