අග්ඝසමෝධාන පරිවාසය

තෙළෙස් සඟවෙසෙස් ඇවැත් අතුරෙන් පළමුවන දෙවන ඇවැත් දෙක ලෙහෙසියෙන් පැමිණිය හැකි ඇවැත් දෙකකි. සමහර විට ඒ ඇවැත්වලට පැමිණත් ඒ බව නො දැන තිබිය හැකිය. ඒ නිසා පැරණි තෙරුන් වහන්සේලා වර්ෂයකට වරක් හෝ වර්ෂ දෙකතුනකට වරක් හෝ තමන්ගේ ශුද්ධිය පිණිස වත්-මානත් පුරා අබ්භාන කර ගත්හ. පෘථග්ජන භික්ෂුවකට ඇවතකට නො පැමිණ සැම කල්හිම විසීම පහසු කාර්යයක් නො වේ. එබැවින් එක් එක් භික්ෂුවකට බොහෝ සඟවෙසෙස් ඇවැත් විය හැකි ය. විනය හොඳින් නො දන්නා භික්ෂූන්ට වඩාත ඒ ඇවැත් සිදුවිය හැකිය.

එක් භික්ෂුවකට අප්පටිච්ඡන්න ඇවැත් ද, බොහෝ තිබිය හැකි ය. එක් දිනක් වූ පටිච්ඡන්න ඇවැත් ද බොහෝ තිබිය හැකිය. දෙ දින-තුන් දින-සතර දින-පස් දින-සදින දින-සත් දින-අට දින-නව දින-දශ දින-එකොළොස් දින-දොළොස් දින-තෙළෙස් දින-තුදුස් දින පටිච්ඡන්න ඇවැත් ද බොහෝ තිබිය හැකි ය. අරුණට පළමුව දිනපතා නැගිට තුණුරුවන් වැඳ, ඇවැත් දෙසා ගන්නා භික්ෂූන්ට පටිච්ඡන්න ඇවැත් නො තිබිය හැකි ය. සවස තුනුරුවන් වැඳ දිනපතා ඇවැත් දෙසා ගන්නා භික්ෂූන්ට එක් දවසකට වඩා පටිච්ඡන්න ඇවැත් නො තිබිය හැකි ය.

නො වරදවා පොහෝ කරන භික්ෂූන්ට තුදුස් දිනකට වඩා පටිච්ඡන්න ඇවැත් නො තිබිය හැකි ය. ඒ එකකුත් නො කරන්නාවූ භික්ෂූන්ගේ ඇවැත් පටිච්ඡන්න වී ඇති කාලය ප්‍රමාණ කිරීම ද පහසු නැත. පටිච්ඡන්නාපටිච්ඡන්න ආපත්ති දෙවර්ගය ම ඇති භික්ෂුව විසින් ඒවායින් ශුද්ධ වීම පිණිස, පළමු කොට පටිච්ඡන්නාපත්තීන් සඳහා පිරිවෙස් පිරිය යුතු ය. ඊට පසු පටිච්ඡන්නාපටිච්ඡන්න ආපත්ති දෙවර්ගය ම එක්කොට සියල්ල සඳහා සදිනක් මානත් පිරිය යුතු ය. එක් දින පටිච්ඡන්න ඇවැත්ය, දෙ දින පටිච්ඡන්න ඇවැත් ය යනාදි වශයෙන් බොහෝ ඇවැත් ඇත්තාවූ භික්ෂුව විසින්, ඉතා වැඩි ගණනක් දින සඟවන ලද ඇවැත්වලට, එයට අඩු දින ගණන් සැඟවූ ඇවැත් එක් කොට, වැඩි ගණනක් දින පටිච්ඡන්නවූ ඇවැත්වල දින ගණනට පිරිවෙස් පිරිය යුතු ය. එසේ කළ කල්හි සියල්ලෙන් ම ශුද්ධිය ලැබේ. ඉතාම වැඩි දින ගණනක් පටිච්ඡන්න වූ ඇවැත්වලට අඩු දිනගණන් පටිච්ඡන්න ඇවැත් එක්කොට සමාදන් වන්නා වූ පිරිවෙස ‘අග්ඝසමෝධාන පරිවාස’ නම් වේ.

එය පිරීමේ ක්‍රමය මෙසේ ය:- දස දිනක් පටිච්ඡන්න වූ ඇවැත්වලට ඉතිරි ඇවැත් එක්කොට පිරිවෙස් පිරීම මෙහි දක්වනු ලැබේ. එය අනුව අඩු වැඩි දින ගණන් පටිච්ඡන්න ඇවැත් මුල් කොට පිරිවෙස් පුරන සැටි තේරුම් ගත යුතු ය.

අග්ඝසමෝධාන පරිවාසය ඉල්ලීමේ වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො ද්විහපටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො තිහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො චතූහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො පඤ්චාහ පටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො ජාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො සත්තාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො අට්ඨාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො නවාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො, සො’හං භන්තෙ! සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචාමි.

සීමාවේදී සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකයෙන් හිඳ, සඞ්ඝයාට වැඳගෙන, මේ වාක්‍යය තුන් වරක් කියා පිරිවෙස ඉල්ලනු.

අග්ඝසමෝධාන පරිවාසදාන කර්ම වාක්‍යය.

“සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො ද්වීහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො තීහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො චතූහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො පඤ්චාහ පටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො ඡාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො සත්තාහ පටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො අට්ඨාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො නවාහ පටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො, සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. තාසං අග්ඝෙන සමොධානපරිවාසං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො ද්වීහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො තීහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො චතූහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො පඤ්චාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො ඡාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො සත්තාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො අට්ඨාහ පටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො නවාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො, සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහ පටිච්ඡන්නායො, තාසං අග්ඝෙන සමොධාන පරිවාසං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධාන පරිවාසං දෙති. යස්සායස්මතො ඛමති, (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො, තාසං අග්ඝෙන සමොධාන පරිවාසස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

දින්නො සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහ පටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධාන පරිවාසො, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි”

පිරිවෙස ගත් පසු එහිදී ම සමාදන්ව සඞ්ඝයාහට ආරෝචනය කළ යුතු.

සමාදන් වීමේ වාක්‍යය.

පරිවාසං සමාදියාමි. වත්තං සමාදියාමි.

තුන්වරක් කියනු.

පිරිවෙස ආරෝචනය කරන වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො ද්වීහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො තීහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො චතූහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො පඤ්චාහ පටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො ජාහපටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො සත්තාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො අට්ඨාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො නවාහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො, සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහ පටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධාන පරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං අදාසි. සො’හං පරිවසාමි. වෙදයාමහං භන්තෙ! වෙදයතීති මං සඞ්ඝො ධාරෙතු.

මෙසේ තුන් වරක් ආරෝචනය කරනු. ඉක්බිති පිරිවෙස නික්ෂේප කොට සුදුසු තැනකට ගොස් සමාදන් වෙමින් දින සම්පූර්ණ වන තෙක් පුරනු. නික්ෂේප කිරීමේ වාක්‍යය “පරිවාසං නික්ඛිපාමි. වත්තං නික්ඛිපාමි” යනුයි. තුන් වරක් කියනු. වත් මානත් නික්ෂේප කිරීම වනාහි එක් භික්ෂුවක් වෙත ද කළ හැකි ය. සීමාවේදී සඞ්ඝයා ඉදිරියේ වත හෝ මානත නික්ෂේප කිරීම අමතක වී ගියහොත් එක් භික්ෂුවක් වෙත ගොස් නික්ෂේප කළ යුතුය. ඉදින් ඒ භික්ෂුව කලින් ආරෝචනය නො කළ භික්ෂුවක් නම් ආරෝචනය කොට නික්ෂේප කළ යුතු ය. සීමාවේ ආරෝචනය කරද්දී සිටි භික්ෂුවක් වේ නම්, ආරෝචනය නො කොට ම නික්ෂේප කළ යුතු ය.

වත හෝ මානත ආරෝචනය කිරීමේදී එක් භික්ෂුවකට ආරෝචනය කරන කල්හි “වෙදයතීති මං ආයස්මා ධාරෙතු” යි ද, දෙනමකට ආරෝචනය කිරීමේදී “වෙදයාමහං ආයස්මන්තා ධාරෙන්තු” යි ද, තෙනමකට ආරෝචනය කිරීමේදී “වෙදයතීති මං ආයස්මන්තො ධාරෙන්තු” යි ද කිය යුතු.

වත්-මානත් ඉල්ලීමේදී හා කර්මවාක්‍ය කීමේදී ද ආරෝචනය කිරීමේදී ද, එකොළොස් දිනය පටන් තුදුස් දින දක්වා පටිච්ඡන්න ඇවැත් ගැන “එකාදසාහපටිච්ඡන්නායො ද්වාදසාහපටිච්ඡන්නායො තෙරසාහ පටිච්ඡන්නායො චුද්දසාහපටිච්ඡන්නායො” යි යොදා කියනු. පසළොස් දිනක් පටිච්ඡන්න ආපත්ති ගැන “පක්ඛපටිච්ඡන්නායො” යි යොදනු. සොළොස් දින පටන් එකුන් තිස් දින දක්වා ඇති දින ගණන් පටිච්ඡන්න ඇවැත් ගැන “අතිරෙකපක්ඛපටිච්ඡන්නායො” යි යොදනු. මසක් පටිච්ඡන්න ඇවැත් ගැන “මාසපටිච්ඡන්නායො” යි යොදනු. ඉන් ඔබ්බට ද “අතිරෙකමාසපටිච්ඡන්නායො ද්වෙමාසපටිච්ඡන්නායො අතිරෙක ද්වෙමාසපටිච්ඡන්නායො” යනාදීන් යොදා කියනු. වර්ෂයක් පටිච්ඡන්න ඒවා ගැන ‘එකසංවච්ඡර පටිච්ඡන්නායො’ යි යොදනු. ඉන් ඔබ්බට ‘අතිරෙක එකසංවච්ඡර ද්විසංවච්ඡර අතිරෙක ද්විසංවච්ඡර’ යනාදීන් යොදා ගත යුතු.

පිරිවෙස පුරා අවසන්වූ පසු පිරිවෙස් පිරූ ඇවැත්වලට හා අප්පටිච්ඡන්න ඇවැත්වලට ද මානත ගත යුතු ය. මානත ගැනීමේදී පිරිවෙස නික්ෂේප කොට විසුයේ නම් සීමාමාලකයේදී නැවත සමාදන්ව සඞ්ඝයා හට ආරෝචනය කළ යුතු ය. මානත ලැබීමට සුදුසු වන්නේ පිරිවෙස් සමාදන්ව ඉන්නා තැනැත්තා ය. පිරිවෙස නික්ෂේප කොට සිටින අතර මානත ගත්තේ ද එය ලැබුයේ නො වේ. එබැවින් එසේ ගෙන පුරන මානත නිශ්ඵල ය. පිරිවෙස් පිරූ දිනවල් ද සමහර විට යම් යම් කරුණු වලින් රත්තිච්ඡේදය වීමෙන් නිශ්ඵල වී තිබිය හැකි ය. නියමිත දින ගණනින් එක් දිනයකුදු පිරිවෙස් පිරීම අඩුවී තුබුණහොත් ඒ තැනැත්තා ද මානත ලැබීමට සුදුසු නො වේ. පිරිවෙස සම්පූර්ණ නො කොට මානත ගෙන පිරූයේ ද නිශ්ඵල ය. එබැවින් පිරිවෙස් පිරීම ද පරෙස්සමෙන් කළ යුතු ය. රත්තිච්ඡේදය වීම ගැන සැක ඇති දින වී නම්, ඒ දින වෙනුවට නැවත වත පුරා නිසැකවූ කල්හි ම මානත ගත යුතු ය.

අග්ඝසමෝධාන මානත ඉල්ලීමේ වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො -පෙ- සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධාන පරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං අදාසි. සො’හං භන්තෙ! පරිවුත්‍ථ පරිවාසො. අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං අප්පටිච්ඡන්නායො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නාඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං යාචාමි.

තුන් වරක් ඉල්ලනු.

මානත්ත දාන කර්මවාක්‍යය.

“සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො -පෙ- සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්‍ථ පරිවාසො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො. -පෙ- සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. තාසං අග්ඝෙන සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්‍ථ පරිවාසො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි, අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තස්ස දානං. සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

දින්නං සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.”

මානත ලැබීමෙන් පළමු සමාදන් වී තුබූ පරිවාසය අභාවප්‍රාප්ත විය. දැන් සීමාවේදී ම ලැබූ මානත සමාදන් වී සඞ්ඝයාට ආරෝචනය කළ යුතු ය.

සමාදන් වීමේ වාක්‍යය.

මානත්තං සමාදියාමි. වත්තං සමාදියාමි.

තුන් වරක් කියනු.

මානත ආරෝචනය කිරීමේ වාක්‍යය.

අහං භන්තෙ සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තිායො ද්වීහපටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො තීහපටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො චතූහපටිච්ඡන්නායො, සම්බහුලා ආපත්තියො පඤ්චාහපටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො ඡාහපටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො සත්තාහ පටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො අට්ඨාහ පටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො නවාහ පටිච්ඡන්නායො. සම්බහුලා ආපත්තියො දසාහ පටිච්ඡන්නායො, සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධාන පරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහ පටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං අදාසි. සො’හං භන්තෙ! පරිවුත්ථ පරිවාසො. අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. අප්පටිච්ඡන්නායො සො’හං භන්තෙ! සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීෟනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරාමි. වෙදයාම’හං භන්තෙ! වෙදයතීති මං සඞ්ඝො ධාරෙතු.

මෙසේ තුන්වරක් ආරෝචනය කරනු. ඉන්පසු නික්ෂේප කරනු. කැමති නම්. “මානත්තං නික්ඛිපාමි. වත්තං නික්ඛිපාමි.” යි තුන්වාරයක් කියා නික්ෂේප කරනු. පිරිවෙස එක් භික්ෂුවක් වෙසෙන තැනදී ද පිරිය හැකිය. මානත පිරීමට යටත් පිරිසෙයින් භික්ෂූන් සතර නමක් සිටිය යුතු ය. එබැවින් සඞ්ඝයා ඇති තැනකට ගොස් දින සයක් සම්පූර්ණ වන තුරු මානත පිරිය යුතු ය. දිනපතාම එය සඞ්ඝයාට ආරෝචනය කළ යුතුය. මානත සදිනක් පුරා අවසන් කළ පසු විසි නමකට නො අඩු භික්ෂූන් පිරිසක් සීමාවට රැස් කරවා අබ්භාන කර්මය කර ගත යුතු ය. එසේ කරන කල්හි මානත නික්ෂේප කොට සිටියේ නම්, සඞ්ඝයා ඉදිරියේදී නැවත සමාදන්ව ආරෝචනය ද කොට අබ්භානය ඉල්ලිය යුතු ය.

අබ්භාන යාචන වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො. -පෙ- සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං. යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං අදාසි. සො’හං භන්තෙ පරිවුත්‍ථ පරිවාසො. අහං භන්තෙ සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. අප්පටිච්ඡන්නායො. සො’හං භන්තෙ! සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං සම්බහුලානං ආපත්තිනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං අදාසි. සො’හං භන්තෙ! චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචාමි.

මෙසේ තුන් වරක් ඉල්ලනු.

අබ්භාන කර්ම වාක්‍යය

“සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො. -පෙ- සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්‍ථ පරිවාසො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි, අප්පටිච්ඡන්නායො, සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං අබ්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. සම්බහුලා ආපත්තියො එකාහපටිච්ඡන්නායො, -පෙ- සම්බහුලා ආපත්තියො දසාහපටිච්ඡන්නායො, සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො, තාසං අග්ඝෙන සමොධාන පරිවාසං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො දසාහපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්‍ථ පරිවාසො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි, අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො (තිස්සං) භික්ඛුං අබ්භෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො අබ්භානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

අබ්භිතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.