“නව හි භික්ඛවේ, අංගේහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමේහි නවහි?”
“න මනාපේන පච්චුට්ඨෙන්ති, න මනාපේන අභිවාදෙන්ති, න මනාපේන ආසනං දෙන්ති, සන්තමස්ස නිගූහන්ති, බහුකම්පි ථෝකං දෙන්ති, පණීතම්පි ලූඛං දෙන්ති, අසක්කච්චං දෙන්ති නෝ සක්කච්චං, න උපනිසීදන්ති ධම්මසවණාය, භාසිතස්ස න රසී යන්ති. ඉමේහි ඛෝ භික්ඛවේ, නවහි අංගේහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”
(අංගුත්තර නවක නිපාත)
තේරුම :-
“මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත වන කුලයට නො ගියේ නම් යෑමට නුසුදුසු ය. ගියේ නම් වැද හිඳ ගැනීමට නුසුදුසු ය. කවර අංග නවයකින් ද යත්? පැවිද්දකු ගිය කල්හි කැමැත්තෙන් හුනස්නෙන් නො නැගිටිත් ද, කැමැත්තෙන් නො වඳිත් ද, කැමැත්තෙන් හිඳීමට අසුනක් නො දෙත් ද, පැවිද්දාහට ඇති දෙය සඟවා ද, බොහෝ තිබිය දී බළලකුට කපුටකුට දෙන්නාක් මෙන් ස්වල්පයක් දෙත් ද, ප්‍රණීත දෑ තිබිය දී රූක්ෂ දෙයක් දෙත් ද, දෙන දෙය නො මනා ලෙස අනාදරයෙන් අගෞරවයෙන් දෙත් ද, දහම් ඇසීමට එළඹ නො හිඳිත් ද, දහම් දෙසූ කල්හි සතුටු නො වෙත් ද, මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත කුලයට නොගියේ නම් යෑම නුසුදුසු ය. ගියේ නම් වැද හිඳගැනීමට නුසුදුසු ය.