දශධර්ම සූත්‍ර‍ය

දස ඉමේ භික්ඛවේ, ධම්මා පබ්බජිතේන අභිණ්හං පච්ච-වෙක්ඛිතබ්බා

කතමේ දස?

  1. වේවණ්ණියම්හි අජ්ඣුපගතෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  2. පරපටිබද්ධා මෙ ජීවිකාති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  3. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  4. කච්චි නු ඛෝ මේ අත්තා සීලතෝ න උපවදතීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  5. කච්චි නු ඛෝ මං අනුවිච්ච විඤ්ඤූ සබ්‍ර‍හ්මචාරී සීලතෝ න උපවදන්තීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  6. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  7. කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  8. කථම්භූතස්ස මේ රත්තින්දිවා වීතිපතන්තීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  9. කච්චි නු ඛෝ ‘හං සුඤ්ඤාගාරේ අභිරමාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
  10. අත්ථි නු ඛො මේ උත්තරිමනුස්සධම්මා අලමරිඤාණ-දස්සන විසේසෝ අධිගතෝ සෝ ‘හං පච්ඡිමේ කාලේ සබ්‍ර‍හ්මචාරීහි පුට්ඨෝ න මංකුභවිස්සාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

ඉමේ ඛෝ භික්ඛවේ, දසධම්මා පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා.

(අංගුත්තර දසක නිපාත)

තේරුම:-

මහණෙනි, මේ කරුණු දසය පැවිද්දා විසින් නැවත නැවත නිතර නිතර මෙනෙහි කළ යුතු ය.

කවර කරුණු දසයක් ද?

  1. “මම ගිහියන්ගේ ආකාරයෙන් වෙනස් ආකාරයට පැමිණියේ වෙමි” යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය
  2. “මගේ ජීවිකාව අනුන් පිළිබඳ වූවකැ” යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය.
  3. “මා ගිහියන්ට වෙනස් ආකාරයකින් හැසිරිය යුතුය” යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතුය.
  4. “කිමෙක් ද? මාගේ සිත ශීලය නිසා චෝදනා කෙරේදැ”යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය.
  5. කිමෙක් ද? නුවණැති සබ්‍ර‍හ්මචාරීහු මා ගැන විමසා ශීලය කරණ කොට මට චෝදනා කෙරෙත්දැ”යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය.
  6. “මා හට ප්‍රිය මනාප සියල්ලෙන් මරණයෙන් මාගේ වෙන්වීම සිදු වන්නේ ය”යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය.
  7. “මම කර්මය තමා අයත් දෙය කොට ඇත්තෙමි. කර්මය උරුම කොට ඇත්තෙමි, කර්මය සුවදුක් ලැබීමේ හේතුව කොට ඇත්තෙමි, කර්මය නෑ කොට ඇත්තෙමි. කර්මය පිහිට කොට ඇත්තෙමි, යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් කර්මයක් කරන්නෙම් නම් එය උරුම කොට ඇත්තෙමි” යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය.
  8. “මා හට කුමක් කරමින් සිටිය දී රෑ දාවල් ඉක්ම යන්නේ දැ”යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය.
  9. “කිමෙක් ද? මම ශුන්‍යාගාරයෙහි සිත් අලවා වාසය කරම් දැ”යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය.
  10. “කිමෙක් ද? මරණාසන්න කාලයේ දී ඔබ යම්කිසි උත්තරීමනුෂ්‍ය ධර්මයක් ලබා ඇති දැ යි සබ්‍ර‍හ්මචාරීන් විචාළ හොත් ඒ අවස්ථාවෙහි දී දුර්මුඛ නො වී විසිය හැකි වීමට මට යම් කිසිවක් තිබේදැ”යි පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුතු ය.

“මහණෙනි, මේ ධර්මයෝ දසදෙන පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුත්තාහු ය.

මේ දශ ධර්මය මෙනෙහි කිරීමෙන් තෘෂ්ණා මානාදි කෙලෙස් තුනී වේ. සිල්වත් වීමට වත පිළිවෙත කිරීමට භාවනා කිරීමට උත්සාහය ඇති වේ. පැවිද්දන්ට මෙය නිතර මෙනෙහි කිරීම ඉතා ප්‍රයෝජනවත් ය. එබැවින් පැරණි පැවිද්දෝ මේ සූත්‍ර‍ය දිනපතා සජ්ඣායනා කළහ. දැනුදු මෙය සැදැහැවත් පැවිද්දෝ දිනපතා සජ්ඣායනා කෙරෙති.