මෙයින් කල්ප ලක්ෂයකින් පූර්වයෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ ශාරීරික ධාතුහු අප බුදුරදුන්ගේ ධාතුන් මෙන් විසිරී නොසිට ඒකඝනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට මහා දාගැබක් කළහ. මහජනයා ඉතා බැතියෙන් අනේකාකාරායෙන් ඒ චෛත්‍යය පුදනු දුටු හංසවතී නගරයෙහි කුලී වැඩ කරමින් ජීවත් වූ එක් දුගියෙක් සෝදා පිරිසිදු කොට තිබූ තමාගේ උතුරු සළුව (කරේ දමන රෙද්ද) උණ ලීයක අග එල්වා කොඩියක් කොට චෛත්‍යය සමීපයෙහි පිහිට වූයේ ය. එය සුලඟින් සැළෙනු දැක දුගියාට ඉමහත් සතුටක් ඇතිවිය. ඔහු මහත් ප්‍රීතියන් එක්තරා තෙර නමක් වෙත ගොස් තමාගේ ධ්වජ පූජාවේ අනුසස් විචාළේ ය. තෙරුන් වහන්සේ එහි අනුසස් මෙසේ පැවසූහ.
“හත්ථි අස්ස රථාපත්ති සේනාච චතුරංගනී,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානිස්සිදං ඵලං.”
හස්ති සේනාව, අශ්ව සේනාව, රථ සේනාව, පාබල සේනාව යන සිව්රඟ සෙනග නිරතුරුව පිරිවරන්නාහ. මෙය ධවජ දානයේ ඵලය ය.
“සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලංකතා,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”
සැටදහසක් තූර්ය භාණඩද මැනැවින් අලංකාර කළ බෙරද තා නිරතුරු පිරිවරන්නාහ. මෙය ධ්වජ දානයේ ඵලය ය.
“ඡලාසීතිසහස්සානි නාරියෝ සමලංකතා,
විචිත්තවත්ථාභරණා ආමුත්ත මණිකුණ්ඩලා.
ආළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”
විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් හා මිණි කොඬොලින් අලංකෘත වූ නිල්වන් ලැම ඇත්තා වූ මඳ සිනා ඇත්තා වූ මනා හික්මීම ඇත්තාවූ ඉතා උස් ද ඉතා මිටි ද ඉතා ස්ථූල ද ඉතා කෘශ ද නොවූ මධ්‍යම ශරීර ඇත්තා වූ අසූසය දහසක් ස්ත්‍රීහු තා පිරිවරන්නාහ. මේ ධ්වජ දානයේ ඵලය ය.
“තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සසි,
අසීතික්ඛන්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි.”
කල්ප තිස්දහසක් සැපවිඳින්නෙහි ය. අසූවරක් දේවෙන්ද්‍රව දේවරාජ්‍යය කරන්නේ ය.
“සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්ති භවිස්සසි,
පදේසරජ්ජං විපුලං ගණනාතො අසංඛීයං.”
දහස් වරෙක චක්‍රවර්තී රජ වන්නෙහි ය. ගණන් නැති වාරවල ප්‍රදේශ රජ වන්නෙහි ය.
“කප්පසතසහස්සම්හි ඔක්කාක කුලසම්භවො,
ගොතමො නාමගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
-
දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො,
පුඤ්ඤකම්මේන සංයුත්තො බ්‍රහ්මබන්ධු භවිස්සති.
-
අසිතිකෝටිං ඡඩ්ඩෙත්වා දාසෙ කම්මකරෙ බහුං,
ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.
-
ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්‍යපුංගවං,
උපවානොති නාමෙන හෙස්සසි සත්ථු සාවකො.”
කල්ප ලක්ෂයකින් ඔබ ඔක්කාක කුලයෙහි උපන් ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන්නා හ. එකල දෙව්ලොවින් චුතව පිනැති බ්‍රාහ්මණයෙක් වන්නේ ය. බොහෝ දාශකර්මකාරයන් හා අසූ කෙළක් ධනය ද හැර ගෞතම බුදුන් වහන්සේගේ සස්නෙහි පැවිදි වන්නේ ය. ශාක්‍යපුංග වූ ගෞතම බුදුන් වහන්සේ ආරාධනය කොට උපවාන නමින් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය.
“සතසහස්සිතෝ කප්පෙ යං කම්මකරිං තදා,
දුග්ගතිං නාභිජානාමි ධජදානස්සිදං ඵලං.”
මේ උපවාන තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයකි.
(අපදාන පාළියෙන් ගන්නා ලදී)