පච්චයානුලෝම පච්චනීයයට අනතුරුව පච්චයපච්චනීයානුලෝම වාරය වදාළ සේක. වාර ව්‍යවස්ථාව පටිච්චවාරය අනුව කරනු.
නහේතුමූලක ආරම්මණ දුකයෙහි මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සකල සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණ ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයන් ම වී නහේතුප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් නහේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. ඒ ධර්‍මයෝ අනුලෝමයෙහි “හෙතුපච්චයා ආරම්මණෙ තීණි”යි වදාරන ලදහ.
අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජං අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ නහේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී ආරම්මණ ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයන් නො වීමෙන් ආරම්මණප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණෙ එකං” යි වදාළ සේක.
සහේතුකචිත්තජරූපයෝ ය සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොවුහු නහේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච” යි වදාළ සේක.
මෝහමූලද්වයෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු න හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එබැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා ආරම්මණෙ චත්තාරි” යනු වදාළ සේක.
මේ ක්‍රමයෙන් පටිච්චවාරය අනුව ප්‍රත්‍යයන් බැහැර කෙරෙමින් විස්තර කරනු. නහෙතු පච්චයා ආරම්මණෙ චත්තාරි, අනන්තරෙ චත්තාරි, සමනන්තරෙ චත්තාරි, සබ්බත්‍ථ චත්තාරි, විපාකෙ එකං, මග්ගෙ තීණි, තීණි, යනු අකුසලෙන අකුසලය ය, අබ්‍යාකතෙ න අකුසලය ය, අකුසලාබ්‍යාකතෙන අකුසලය ය, යන මොහු ය. අකුසලෙන අකුසලයෙහි අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. අබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘ පාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රප්‍රත්‍යය කොට උපදනා මෝහමූලද්වයෙහි මෝහය ලැබේ. විභඞ්ගය “වත්‍ථුං පච්චයා විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො” යනු යි. අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය පච්චනීයයෙහි මෙන් විස්තර කරනු.
න ආරම්මණපච්චයා හෙතුයා පඤ්ච, අධිපතියා පඤ්ච, පටිච්චවාරය අනුව අභිධෙය උදුරනු. න අනන්තර න සමනන්තර න අඤ්ඤමඤ්ඤ න උපනිස්සය න පුරෙජාත මූලකවාරයෝ ද පටිච්චවාරය අනුව දත යුත්තාහ.
න පච්ඡාජාතපච්චයා හෙතුයා සත්තරස, ආරම්මණෙ සත්ත: ශුද්ධ අනුලෝම සඞ්ඛාවාරයෙහි මෙන් විස්තර කරනු, න කම්මපච්චයා හෙතුයා සත්ත, ආරම්මණෙ සත්ත, අධිපතියා සත්ත, අනුලෝමයෙහි මෙනි. න විපාකපච්චයා හෙතුයා සත්තරස, ආරම්මණෙ සත්ත, අනුලෝම ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි මෙනි. න ආහාරපච්චයා සහජාතෙ එකං, පටිච්චවාර පච්චනීයානුලෝමයෙහි මෙනි. න ඉන්‍ද්‍රියපච්චයා, න ඣානපච්චයා, න මග්ගපච්චයා. න සම්පයුත්තපච්චයා, න විප්පයුත්තපච්චයා. නො නත්‍ථිපච්චයා, නො විගතපච්චයා, මේ සියල්ල පටිච්චවාර පච්චනීයානුලෝමය අනුව විස්තර කරනු.
පච්චය පච්චනීයානුලෝම වාරය නිමි
පච්චයවාරය නිමියේ ය.