පච්චයවාරයේ අනුලෝම පච්චනීය වාර සන්නය

star_outline

පච්චයපච්චනීයවාරයට අනතුරු ව පච්චයානුලෝමපච්චනීය වාරය වදාළ සේක. පටිච්චවාරයෙහි පරිදි ව්‍යවස්ථා විභාගය කරනු,

හේතුමූලක නාරම්මණදුකයෙහි අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ නාරම්මණප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතු ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න නොවන බැවින් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණෙ එකං” යනු වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී නාරම්මණ ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න නොවන බැවින් නාරම්මණ ප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝමයෙහි ‘සත්ත’ යනු වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ හේතු න ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා ආරම්මණෙ චත්තාරි” යනු වදාළ සේක.

සහේතුකචිත්තජ රූපයෝ ය සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොවුහු හේතු නාරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමපච්චනීයයෙහි “හේතුපච්චයා න ආරම්මණෙ පඤ්ච” යි වදාරණ ලදහ. මෙහි ප්‍රත්‍යයන් බැහැර කිරීම ගැන පටිච්චවාරයට වඩා වෙනසක් නැත. සමහර තැනක වාර සඞ්ඛ්‍යාව පමණක් වෙනස් වේ.

හෙතුපච්චයා න අධිපතියා සත්තරස, න ආරම්මණෙ පඤ්ච, -පෙ- න උපනිස්සයෙ පඤ්ච, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්තරස. න ආසෙවනෙ සත්තරස, න කම්මෙ එකං, පටිච්චවාරය මෙනි.

ආරම්මණපච්චයා න හෙතුයා චත්තාරි, න අධිපතියා සත්ත, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කම්මෙ සත්ත, න විපාකෙ සත්ත, න ඣානෙ එකං, න මග්ගෙ එකං, න විප්පයුත්තෙ තීණි, පටිච්චවාරයෙහි මෙනි. අභිධෙය විභඞ්ගවාරය අනුව දත යුතු ය.

අධිපතිපච්චයා න ආරම්මණෙ පඤ්ච, න අනන්තරෙ පඤ්ච, -පෙ- න උපනිස්සයෙ පඤ්ච, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්තරස, න ආසෙවනෙ සත්තරස, න කම්මෙ සත්ත, න විපාකෙ සත්තරස, න සම්පයුත්තෙ පඤ්ච, න විප්පයුත්තෙ තීණි, නො නත්‍ථියා පඤ්ච, නො විගතෙ පඤ්ච, අනන්තර සමනන්තර අඤ්ඤමඤ්ඤ උපනිස්සය මූලකයෝ ආරම්මණ මූලකය මෙනි.

පුරෙජාතපච්චයා න හෙතුයා චත්තාරි, න අධිපතියා සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කම්මෙ සත්ත, න විපාකෙ සත්ත, න ඣානෙ එකං, න මග්ගෙ එකං, ආසෙවනපච්චයා න හෙතුයා චත්තාරි, න අධිපතියා සත්ත, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ සත්ත, න කම්මෙ සත්ත, න විපාකෙ සත්ත, න මග්ගෙ එකං, න විප්පයුත්තෙ තීණි, කම්මපච්චයා න හෙතුයා චත්තාරි, න ආරම්මණෙ පඤ්ච, න අධිපතියා සත්තරස, -පෙ- නො නත්‍ථියා පඤ්ච: නො විගතෙ පඤ්ච, (අභිධෙයවල වෙනසක් නැත. පටිච්චවාරය මෙනි. සඞ්ඛ්‍යාවල වෙනස සලකමින් විස්තර කරනු.)

පච්චයානුලෝම පච්චනීය වාරය නිමි.