පච්චනීයානුලෝම පච්චනීය වාරයට අනතුරු ව පච්චයපච්චනීයානුලෝම වාරය වදාළ සේක. එහි න හේතුදුකාදිවාරාදි වශයෙන් වාර විස්සක් ඇත්තේ ය. (සහජාතනිස්සය අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය සතර මේ වාරයෙහි නො යෙදේ.) එයින් නහේතුදුකාදිවාරය පළමු කොට වදාළ සේක. එහි ද දුක තික චතුක්කාදි වශයෙන්වාර එකුන්විස්සක් ඇත්තේ ය. එයින් දුක වාරය පළමු කොට වදාළ සේක. එහිද න හේතුමූලක ආරම්මණදුකාදි වසයෙන් වාර එක් විස්සක් ඇත්තේ ය. එයින් නහේතුමූලක ආරම්මණදුකය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත්, ‘න හෙතුපච්චයා ආරම්මණෙ ද්වෙ’ යනුවෙනි.
ඒ න හේතුමූලක ආරම්මණ දුකයෙහි මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණප්‍රත්‍යයෝත්පන්න පමණක් වී න හේතුප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් න හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා ආරම්මණෙ තීණි” යි වදාළ සේක.
අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ න හේතුප්‍රත්‍යයෝත්පන්න පමණක් වී ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් ආරම්මණ ප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණෙ එකං” යි වදාළ සේක.
සහේතුක චිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ න හේතු ආරම්මණ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච” යි වදාළ සේක.
මෝහමූලද්වයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ නහේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා ආරම්මණෙ ද්වෙ” යි වදාළ සේක. නහේතුමූලක අධිපතිදුකයක් නො ලැබේ. නහේතුමූලක අනනන්තර සමනන්තර දුකයෝ ආරම්මණ දුකය මෙනි.
නහේතුමූලක සහජාත දුකයෙහි මෝහමූලද්වයයෙහි මෝහවර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක චිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු සහජාත ප්‍රත්‍යයෝත්පන්න පමණක් වීනහේතුප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් නහේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා සහජාතෙ නව” යි වදාළ සේක.
නහේතුප්‍රත්‍යයෝත්පන්න පමණක් වී සහජාතප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැත්තේය. එ බැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න සහජාතෙ” යනාදිය නො වදාළ සේක.
නහෙතු සහජාත ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් ද නැත්තේ ය. එබැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න සහජාතෙ” යනාදිය නො වදාළ සේක.
මෝහමූලද්වයයෙිහ මෝහය ය, අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු නහේතු සහජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් “න හෙතුපච්චයා සහජාතෙ ද්වෙ” යි වදාළ සේක.
න හේතුමූලකඅඤ්ඤමඤ්ඤ දුකයෙහි මෝහමූලද්වයෙහි මෝහවර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෝත්පන්න පමණක් වී නහේතුප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් නහේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝමයෙහි “හේතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි” යි වදාළ සේක.
නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහා භූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු නහේතුප්‍රත්‍යයෝත්පන්න වී අන්‍යෝන්‍යප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ එකං” යි වදාළ සේක.
නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුක චිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු නහේතු අඤ්ඤමඤ්ඤ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එබැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච” යි වදාළ සේක.
මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුවය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු නහේතු අඤ්ඤමඤ්ඤ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හේතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ ද්වෙ” යනු වදාළ සේක. නිස්සයදුකය සහජාත දුකය මෙනි. උපනිස්සය දුකය ආරම්මණ දුකය මෙනි.
න හේතුමූලක පුරේජාත දුකයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහය හා අරූප විපාක ද වර්ජිත වූ සහේතුකප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ පුරේජාත ප්‍රත්‍යයෝත්පන්න වී න හේතුප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් න හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති, එ බැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා පුරේජාත තීණි” යි වදාළ සේක.
අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා මනෝද්වාරාවජ්ජනය ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතරය, අහේතුක චිත්තජ රූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු නහේතුප්‍රත්‍යයෝත්පන්න පමණක් වී පුරේජාත ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් පුරේජාතය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න පුරේජාතෙ ද්වෙ” යි වදාළ සේක.
අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, සහේතුක චිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු නහේතු පුරේජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න පුරෙජාතෙ සත්ත” යි වදාළ සේක.
පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ නහේතු පුරේජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා පුරෙජාතෙ තීණි” යි වදාළ සේක.
නහේතුමූලක ආසේවන දුකයෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තරකුශලයෝ ය යන මොවුහු ආසේවන ප්‍රත්‍යයෝත්පන්න පමණක් වී නහේතුප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් නහේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් අනුලෝමයෙහි “හෙතු පච්චයා ආසෙවනෙ තීණි”යි වදාළ සේක.
මෝහමූලප්‍රථමජවනයෙහි මෝහය ය, හසිතෝත්පාද ප්‍රථමජවනය ය, හසිතෝත්පාදයෙන් අන්‍ය වූ අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු නහේතුප්‍රත්‍යයෝත්පන්න පමණක් වී ආසේවන ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් ආසේවනප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආසෙවනෙ ද්වෙ” යි වදාළ සේක.
මෝහමූලද්වයයෙහි මෝහවර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, සහේතුකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු නහේතු ආසේවන දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එබැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආසෙවනෙ නව” යි වදාළ සේක.
මෝහමූලද්විතියාදිජවනයන්හි මෝහය හා හසිතෝත්පාද ද්විතීයාදි ජවන නාමස්කන්‍ධයෝ නහේතු ආසේවන දෙක්හි ප්‍රත්‍යයෝත්පන්නයෝ ය, එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා ආසෙවනෙ ද්වෙ” යි වදාළ සේක. මේ ක්‍රමය අනුව දුකතික චතුක්කාදියෙහි අනුලෝමයෙහි කළ විස්තරය සලකා විස්තර කරනු. ඉදිරියට ඒ ඒ වාක්‍යයේ අභිධෙය පමණක් දක්වනු ලැබේ.
න හෙතුපච්චයා කම්මෙ ද්වෙ. මෝහමූලද්වයයෙහි මෝහයෙන් හා ක්‍රියාචේතනාවන් ගෙන් අන්‍ය වූ අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, ‘දවෙ.’
න හෙතුපච්චයා විපාකෙ එකං. අහේතුකවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකවිපාකචිත්තජ රූපයෝ ය අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු, “එකං”
ආහාරෙ ද්වෙ, ඉන්‍ද්‍රියෙ ද්වෙ, ඣානෙ ද්වෙ, මේවායේ අභිධෙය අනුලෝමවාර විස්තරයේදී දැක්වූ ධර්‍මයෝ ම ය, මග්ගෙ එකං. මෝහමූලද්වයෙහි මෝහය ය. සම්පයුත්තෙ ද්වෙ, විප්පයුත්තෙ ද්වෙ, අත්‍ථියා ද්වෙ, නත්‍තියා ද්වෙ, අවිගතෙ ද්වෙ වුක්තානුසාරයෙන් අභිධෙය ගන්නේ ය.
න හෙතුපච්චයා න ආරම්මණපච්චයා සහජාතෙ එකං. අහේතුක චිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, “එකං” න හෙතුපච්චයා න ආරම්මණපච්චයා අඤ්ඤමඤ්ඤෙ එකං. අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුවය. ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය, යන මොවුහු, “එකං” න හෙතුපච්චයා න ආරම්මණපච්චයා නිස්සයෙ එකං. සහජාතයෙහි මෙනි. කම්මෙ එකං. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධි අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ, ‘එකං’ විපාකෙ එකං. අහේතුකවිපාකයන්ගේ චිත්තජ රූපයෝ ය අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, ‘එකං’ ආහාරෙ එකං. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ රූපයෝ, ‘එකං’ ඉන්‍ද්‍රියෙ එකං. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, රූපජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය වූ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු, ‘එකං’ ‘ඣානෙ එකං’ අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ, ‘එකං’ විප්පයුත්තෙ එකං. අත්‍ථියා එකං. අවිගතෙ එකං. සහජාතය මෙනි.
න හෙතුපච්චයා න ආරම්මණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා යි යෙදෙන තැන්වල ද වෙනසක් නැත්තේ ය.
න හෙතුපච්චයා න ආරම්මණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරෙ පච්චයා න සමනන්තරපච්චයා න අඤ්ඤමඤ්ඤපච්චයා සහජාතෙ එකං. නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජරූපයෝ ය, හෘදය වස්තුවෙන් අන්‍ය වූ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, ‘එකං’ නහෙතු -පෙ- න අඤ්ඤමඤ්ඤපච්චයා නිස්සයෙ එකං. සහජාතය මෙනි. කම්මෙ එකං. නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු, ‘එකං’ විපාකෙ එකං, නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන විපාකාහේතුක චිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුකවිපාකචිත්තජ උපාදායරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝය යන මොවුහු, එකං, ආහාරෙ එකං නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ උපාදායරූපයෝ ය, යන මොහු, ‘එකං’ ඉන්‍ද්‍රියෙ එකං. නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝ ය, ජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු ‘එකං’ ඣානෙ එකං. නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය අහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු, එකං විප්පයුත්තෙ එකං ඣානය මෙනි. අත්‍ථියා එකං අවිගතෙ එකං සහජාතය මෙනි. සබ්බත්‍ථ එකං, සැම තන්හි ම එක් වාරය බැගින් ඇත්තේ ය.
මූලයෙහි න උපනිස්සය යන පුරේජාත න පච්ඡාජාත න ආසේවන යන ප්‍රත්‍යයන් අන්ත කොට ඇති වාරයෝ ද න අඤ්ඤමඤ්ඤය අන්තකොට ඇති වාරයන් හා සමාන වෙති.
න හෙතු -පෙ- න පුරෙජාතපච්චයා න පච්ඡාජාතපච්චයා න ආසේවන පච්චයා න කම්මපච්චයා සහජාතෙ එකං. මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදායරූපයෝ, ‘එකං’ නිස්සය අත්‍ථි අවිගත යෙදෙන වාරයෝ ද සමාන වෙති. ආහාරෙ එකං. මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන ආහාරජ උපාදායරූපයෝ ‘එකං’ න කම්මය දක්වා ප්‍රත්‍යයන් මුල්වන කල්හි අවසානයට යෙදෙන්නේ සහජාත නිස්සය ආහාර අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය පස ය. එ බැවින් පාලියෙහි “න කම්මෙ ගණිතෙ පඤ්ච පඤ්හා හොන්තී” යි දැක්විණ.
න හෙතු -පෙ- න කම්මපච්චයා න විපාකපච්චයා න ආහාරපච්චයා සහජාතෙ එකං, නිස්සයෙ එකං. අත්‍ථියා එකං අවිගතෙ එකං. අභිධෙය මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය සෘතුජ උපාදායරූපයෝ ය.
න හෙතු -පෙ- න ආහාර, න ඉන්‍ද්‍රිය, න ඣාන, න මග්ග, න සම්පයුත්ත, න විප්පයුත්ත, නො නත්‍ථි, නො විගතපච්චයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, අත්‍ථියා එකං, අවිගතෙ එකං, අභිධෙය ඉහත කී ධර්‍මයෝ ම ය.
න හේතුදුකාදිය නිමි.
න ආරම්මණපච්චයා හෙතුයා පඤ්ච අභිධෙය සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය. න ආරම්මණ පච්චයා අධිපතියා පඤ්ච, අභිධෙය සාධිපති චිත්තජරූපයෝ ය. සහජාතෙ පඤ්ච, අභිධෙය චිත්තජාදි රූපකොටස් සත ය. පච්චනීයානුලෝමය මෙනෙහි කොට දුකතිකාදිය විස්තර කරනු. නානන්තර න සමනන්තර දුකාදි වාරයන් ද වුක්තානුසාරයෙන් විස්තර කරනු.
පච්චයපච්චයානු ලෝමවාරයයි.
පටිච්චවාරය නිමි.