පච්චයානුලෝම පච්චනීය වාර සන්නය

star_outline

පච්චයපච්චනීය වාරයට අනතුරු ව පච්චයානුලෝමපච්චනීය වාරය වදාළ සේක. එහි හේතුදුකාදිවාරාදි වශයෙන් වාර තෙවිස්සක් ඇත්තේ ය. (එහි පශ්චාජ්ජාතය නො ලැබේ.) එයින් හේතුදුකාදිය පළමුකොට වදාළ සෙක. එ ද දුකතිකාදි වශයෙන් දෙවිසි වැදෑරුම් වේ. එයින් හේතුදුකාදිය පළමු කොට වදාළ සේක. එ ද හේතුමූලක නාරම්මණ දුකාදි වසයෙන් පසළොස් වැදෑරුම් වේ. එයින් හේතුමූලක නාරම්මණදුකය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත් “හේතුපච්චයා න ආරම්මණෙ පඤ්ච” යනුවෙනි.

හේතුමූලක නාරම්මණදුකයෙහි අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය -පෙ- ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ නාරම්මණ ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණෙ එකං” යි වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යයෝත්පන්න වී නාරම්මණප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් නාරම්මණප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් අනුලෝමයෙහි “හේතුපච්චයා ආරම්මණෙ තීණි” යි වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතු නාරම්මණ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා ආරම්මණෙ ද්වෙ” යි වදාළ සේක.

සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ හේතු නාරම්මණ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච” යි වදාළ සේක. (මේ අනුලෝමපච්චනීයයෙහි ප්‍රත්‍යය බැහැර කිරීම පච්චනීයෙන් පටන් ගත යුතු ය.)

“හෙතුපච්චයා න අධිපතියා නව” මේ න අධිපතිදුකයෙහි මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ය යන මොවුහු න අධිපතිප්‍රත්‍යයෝත්පන්න වී හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න අධිපතියා ද්වෙ” යි වදාළ සේක.

අධිපති ධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය, සාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු හේතු ප්‍රත්‍යයෝත්පන්න වී න අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් අනුලෝමයෙහි “හේතු පච්චයා අධිපතියා නව” යි වදාළ සේක.

හේතුනාධිපති ප්‍රත්‍යය දෙක්හි ප්‍රත්‍යයෝත්පන්න නොවන ධර්‍ම නැති බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා අධිපතියා” යනාදිය නොවදාළ සේක.

අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නොලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුසල මහාකුසල මහා ක්‍රියා සහේතුක ලෞකික විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපති සහේතුක චිත්තජ රූපයෝ ය, සසෙහ්තුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතු නාධිපති දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එබැවින් “හෙතුපච්චයා න අධිපතියා නව” යනු වදාළ සේක.

න අනන්තරෙ පඤ්ච, න සමනන්තරෙ පඤ්ච, න ආරම්මණය මෙනි. න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච, න අඤ්ඤමඤ්ඤදුකයෙහි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුහු න අඤ්ඤමඤ්ඤයේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ එකං” යි වදාළ සේක.

මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී න අන්‍යෝන්‍යප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් න අන්‍යෝන්‍යප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් “හෙතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි” යි වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන අහේතුක චිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු හේතු න අඤ්ඤමඤ්ඤ දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ එකං” යි වදාළ සේක.

නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුකචිත්තජ රූපයෝ ය හෘදයවස්තුවෙන් අන්‍ය වූ සහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍ය්‍ය ලබන සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු හේතු න අඤ්ඤමඤ්ඤ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න වන ධර්‍මයෝ ය. එබැවින් අනුලෝමපච්චනීයයෙහි “හේතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච” යි වදාළ සේක. න නිස්සය නො ලැබේ. න උපනිස්සය ය න ආරම්මණය මෙනි.

“හෙතුපච්චයා න පුරෙජාතෙ සත්ත” න පුරෙජාත දුකයෙහි අරූපභූමියෙහි උපදනා අවවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහය ය මනෝද්වාරාවජ්ජනය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතරය, අහේතුක චිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ ය යන මොවුහු න පුරෙජාතප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයයෙහි “න හේතුපච්චයා න පුරෙජාතෙ ද්වෙ” යි වදාළ සේක.

පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා අරූපවිපාක වර්ජිත සහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යයෝත්පන්න වී න පුරේජාත ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් න පුරේජාතය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝමයෙහි “හේතුපච්චයා පුරෙජාතෙ තීණි” යි වදාළ සේක.

පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ හේතු න පුරේජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නොවෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා පුරෙජාතෙ ද්වෙ” යි වදාළ සේක.

අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූප කුශල අරූප ක්‍රියා උපරිම මාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතු න පුරේජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එබැවින් අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න පුරෙජාතෙ සත්ත” යි වදාළ සේක.

“හෙතුපච්චයා න පච්ඡාජාතෙ නව” මෝහමූලද්වයෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතරය, අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු න පශ්චාජ්ජාත ප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයයෙහි ‘න හෙතුපච්චයා න පචඡාජාතෙ ද්වෙ’ යි වදාළ සේක.

හේතුප්‍රත්‍යයෝත්පන්න වී න පශ්චාජ්ජාත ප්‍රත්‍යයෝත්පන්න නොවන ධර්‍මයක් නැත්තේ ය. එ බැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා පච්ඡාජාතෙ” යනාදිය නො වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතු න පශ්චාජ්ජාතප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයේ ය, එබැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න පච්ඡාජාතෙ නව” යි වදාළ සේක. මේ ක්‍රමය අනුව සකල අනුලෝමපච්චනීය වාරයම විස්තර කරනු.

“හෙතුපච්චයා න ආසෙවනෙ නව” මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහා කුශල මහා ක්‍රියා ප්‍රථම ජවනයෝ ය, සහේතුක විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක චිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු “නව”

හෙතුපච්චයා න කම්මෙ තීණි අකුශලකුශලක්‍රියා චේතනාවෝ “න කම්මෙ තීණි”

හෙතුපච්චයා න විපාකෙ නව මෝහමූලයෙහි මෝහ වර්ජිත කුශලාකුශල සහේතුකක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජ රූපයෝ ය යන මොවුහු න විපාකෙ නව. න සම්පයුත්තෙ නව නාරම්මණය මෙනි.

හෙතුපච්චයා න විප්පයුත්තෙ තීණි අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය යන මොවුහු න විප්පයුත්තෙ නව. නො නත්‍ථි නො විගත නාරම්මණය මෙනි. සහජාත, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය අට හේතුමූලකයේ නො යෙදේ.

හෙතුපච්චයා ආරම්මණපච්චයා න අධිපතියා තීණි. ඒ ඒ අවස්ථාවෙහි අධිපති වන ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා සහේතුකලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු “හෙතු පච්චයා ආරම්මණපච්චයා න අධිපතියා තීණි”

හෙතුපච්චයා ආරම්මණපච්චයා න පුරෙජාතෙ තීණි. අරූපවිපාක සතර ය. අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහවර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූප කුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකලඵලයෝ ය යන නාමස්කන්‍ධයෝ “න පුරේජාතෙ තීණි”

න පච්ඡාජාතෙ තීණි. මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ‘තීණි’

න ආසෙවනෙ තීණි, මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහා ක්‍රියා ප්‍රථම ජවනයෝ ය, සහේතුක විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ‘තීණි’

න කම්මෙ තීණි, මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත කුශලාකුශල සහේතුකක්‍රියා නාමස්කන්‍ධයෝ ‘තීණි’

න විපාකෙ තීණි, මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත කුශලා කුශල සහේතුක ක්‍රියා නාමස්කන්‍ධයෝ ‘තීණි’

න විප්පයුත්තෙ තීණි, අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූප කුශල අරූප ක්‍රියා උපරිම මාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ‘තීණි’ (ආරම්මණප්‍රත්‍යය අනුව නාමස්කන්‍ධයන් පමණක් ලැබෙන බැවින් තීණි කියා ම වේ. හේතුආරම්මණ දෙක මුල්වන කල්හි අධිපති පුරේජාත, පච්ඡාජාත, ආසේවන, කම්ම, විපාක, විප්පයුත්ත යන ප්‍රත්‍යය සත නො යෙදේ.)

හෙතුපච්චයා ආරම්මණපච්චයා අධිපතිපච්චයා න පුරෙජාතෙ තීණි. අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියාවෝ ය, හැමකල්හිම අධිපති ලැබෙන අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵලයෝ ය, යන නාමස්කන්‍ධයෝ ‘තීණි’

න ආසෙවනෙ තීණි. අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහා ක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ඵලසිත් සතර ය යන නාමස්කන්‍ධයෝ ‘තීණි’

න කම්මෙ තීණි. සාධිපති කුශලා කුශල ක්‍රියා චේතනාවෝ ‘තීණි’

න විපාකෙ තීණි. අධිපතිධර්‍මවර්ජිත සාධිපති කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ‘තීණි’ න විප්පයුත්තෙ තීණි න පුරේජාතය මෙනි. මේ වාරයේ ලැබෙන්නේ ප්‍රත්‍යය සයෙකි.

හෙතුපච්චයා, ආරම්මණපච්චයා අධිපතිපච්චයා අනන්තරපච්චයා සමනන්තරපච්චයා සහජාතපච්චයා අඤ්ඤමඤ්ඤපච්චයා නිස්සයපච්චයා උපනිස්සයපච්චයා, යි උපනිස්සය දක්වා මුල් කොට න පුරේජාතාදි ප්‍රත්‍යය සය යෙදෙන වාරයෝ චතුක්කයන්ට සමාන වෙති. හේතු ප්‍රත්‍යයෙහි පටන් පුරේජාතය දක්වා ඇති ප්‍රත්‍යයන් මුල් කොට න පශ්චාජ්ජාතාදි ප්‍රත්‍යය තුන යෙදෙන වාරයෝ ද චතුෂ්කයන්ට සමාන වෙති.

හෙතුපච්චයා -පෙ- උපනිස්සයපච්චයා පුරෙජාතපච්චයා න ආසෙවනෙ තීණි. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මවර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය ඵලසතර ය යන නාමස්කන්‍ධයෝ, ‘තීණි.’

න කම්මෙ තීණි. පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ සාධිපති කුශලාකුශලක්‍රියා චේතනාවෝ, ‘තීණි’.

න විපාකෙ තීණි. පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත සාධිපති කුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයෝ, ‘තීණි’ (ප්‍රත්‍යය සතරක් ලැබේ.)

හෙතු -පෙ- පුරෙජාතපච්චයා ආසෙවනපච්චයා න කම්මෙ තීණි. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයන්හි හා මහද්ගත ක්‍රියා ලෝකෝත්තරකුශලයන්හි ද ඇති චේතනාවෝ ‘තීණි’

න විපාකෙ තීණි. පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ, ‘තීණි’ (පච්ඡාජාත, කම්ම, විපාක යන ප්‍රත්‍යය තුන ලැබේ.)

හෙතු -පෙ- පුරෙජාතපච්චයා ආසෙවනපච්චයා කම්මපච්චයා න පච්ඡාජාතෙ තීණි. පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම හා චේතනා ද වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහා ක්‍රියා ද්විතීයාදිජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තරකුශලයෝය යන නාමස්කන්‍ධයෝ, ‘තීණි’ න විපාකෙ තීණි. න පච්ඡාජාතය මෙනි.

හේතු -පෙ- ආසේවන කම්ම ආහාර යන ප්‍රත්‍යයන් මුල් කොට න පච්ඡාජාත න විපාකයන් යෙදෙන වාරයෝ ද ඉහත කී වාරයන්ට සමාන වෙති. හේතු -පෙ- අවිගත යන ප්‍රත්‍යයන් මුල් කොට න පච්ඡාජාත න විපාක ප්‍රත්‍යයන් යෙදෙන වාර ද කර්‍මප්‍රත්‍යය දක්වා ප්‍රත්‍යයන් මුල් කොට යෙදෙන වාරයන්ට සමාන වෙති.

ආසේවනය හැර විපාකය ඇතුළු කොට මුලට යොදනු. හෙතු -පෙ- පුරෙජාත පච්චයා කම්මපච්චයා විපාකපච්චයා න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං. අභිධෙය අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයෝ ය. ආරම්මණ මූලකාදිය ද වුක්තානුසාරයෙන් විස්තර කරනු.

(මේ පච්චනීයානුලෝමයෙහි හේතුමූලකයේ තිකයන්ගේ පටන් ඉදිරියට ඇති කොටසෙහි පොත්වල එකිනෙකට බොහෝ වෙනස්කම් තිබේ. මුද්‍රික පට්ඨානපාලිය හා බුරුම සන්නයත් නො ගැලපේ. ඒ සන්නයේ ද අවුල් බොහෝ ය. ඒවා වෙනස් කොට සකස් කිරීමට ඉක්මන් නො විය යුතු නිසාත් පරෙස්සමෙන් කළ යුතු නිසාත් අප විසින් කිසි වෙනසක් නො කරන ලදි. පාලිය ද බුරුම අකුරෙන් මුද්‍රිත පොතේ හැටියට ම මෙහි යොදා ඇත. සන්නයත් බුරුම සන්නයේ සැටියට ම ලියා ඇත.

පච්චනීයානුලෝම පච්චනීයවාරය නිමි.