ප්‍රත්‍යය නිර්‍දෙශ වාරයට අනතුරු ව පුච්ඡා වාරය වදාළ සේක.
ධම්මානුලෝම වාරය ය,
ධම්මපච්චනීය වාරය ය,
ධම්මානුලෝම පච්චනීය වාරය ය,
ධම්ම පච්චනීයානුලෝම වාරය යයි
වාර සතරක් ඇත්තේ ය. එයින් ධම්මානුලෝම වාරය පළමු කොට වදාළ සේක. එහිද-
තිකපට්ඨානය ය,
දුකපට්ඨානය ය,
දුකතික පට්ඨාන ය,
තික දුක පට්ඨාන ය,
තික තික පට්ඨානය ය,
දුක දුක පට්ඨාන ය යි,
පට්ඨාන සයක් ඇත්තේය. එයින් තිකපට්ඨානය පළමු කොට වදාළ සේක. එහිද කුසලත්තිකාදි වශයෙන් තික දෙවිස්සක් ඇත්තේය. එයින් කුසලත්තිකය පළමු කොට වදාළ සේක. එහිද-
පටිච්ච වාරය ය,
සහජාත වාරය ය,
පච්චය වාරය ය,
නිස්සය වාරය ය,
සංසට්ඨ වාරය ය,
සම්පයුත්ත වාරය ය,
පඤ්හා වාරය ය යි,
වාර සතක් ඇත්තේය. එයින් පටිච්ච වාරය පළමු කොට වදාළ සේක. එහි ද,
පච්චයානුලෝම වාරය ය,
පච්චය පච්චනීය වාරය ය,
පච්චයානුලෝම පච්චනීය වාරය ය,
පච්චය පච්චනීයානුලෝම වාරයය යි
වාර සතරක් ඇත්තෙය. එයින් පච්චයානුලෝම වාරය පළමු කොට වදාළසේක. එහි ද ඒකමූලකවාර දුමූලික වාරාදි වශයෙන් වාර සූවිස්සක් ඇත්තේ ය. එහිද ඒකමූලකවාරය පළමු කොට වදාළ සේක. එයින් හෙතුපච්චය ඒකමූල වාරය ආරම්මණ පච්චය ඒකමූල වාරය යනාදි වශයෙන් වාර සූවිස්සක් ඇත්තේ ය. එයින් හේතුපච්චය ඒකමූල වාරය පළමු කොට වදාළ සේක. එහි ද,
කුසල පද වාරය ය,
අකුසල පද වාරය ය,
අබ්‍යාකත පද වාරය ය,
කුසලාබ්‍යාකත පද වාරය ය,
අකුසලාබ්‍යාකත පද වාරය ය,
කුසලාකුසල පද වාරය ය,
කුසලාකුසලාබ්‍යාකත පද වාරය යයි,
මූලපදයන් ගේ වශයෙන් වාර සතක් ඇත්තේ ය. එයින් කුසලපද වාරය පළමු කොට වදාළ සේක. එහි ද කුසලපදාවසාන වාරය යනාදීන් අවසාන පදයන් ගේ වශයෙන් සත්වාරයක් ඇත්තේය. එයින් කුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. කෙසේ ද යත් “සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා” යනුවෙනි.
එහි පදාර්‍ථ
කුසලං ධම්මං පටිච්ච, එක් ව ඉපිදීම් වශයෙන් කුසල ධර්‍මය නිසා, කුසලො ධම්මො, කුසල ධර්‍මය: උප්පජ්ජෙය්‍ය, උපදනේය: හෙතු පච්චයා සියා, ඒ කුසල ධර්‍මය හේතුප්‍රත්‍යයෙන් උපදනේද: යනුයි.
කුසල පදාවසාන වාරයට අනතුරු ව අකුසල පදාවසාන වාරය වදාළ සේක. කෙසේ ද යත්, “සියා කුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතු පච්චයා?” යනුවෙනි. පදාර්‍ථ උක්තානුසාරයෙන් දත යුතු. අකුසල පදාවසාන වාරයට අනතුරු ව අබ්‍යාකත පදාවසාන වාරය වදාළ සේක. කෙසේ ද? යත්, “සියා කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා” යනු වෙනි. අබ්‍යාකත පදාවසාන වාරයට අනුතරුව කුසලාබ්‍යාකත පදාවසාන වාරය වදාළ සේක. “සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මා උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා” යනු වෙනි.
පදාර්‍ථ
කුසලං ධම්මං පටිච්ච, එක්ව ඉපදීම් වශයෙන් කුසල ධර්‍මය නිසා, කුසලො ච, කුසල් වූ ද: අබ්‍යාකතො ච, කුසලාකුසල නො වූ ද: ධම්මා, ධර්‍මයෝ: උප්පජ්ජෙය්‍යුං, උපදනාහ: හෙතුපච්චයා සියා, ඒ කුශලාව්‍යාකෘත ධර්‍මයෝ හේතුප්‍රත්‍යයෙන් උපදනාහු ද යනුයි. මේ ක්‍රමයෙන් අකුසලාබ්‍යාකතවාරාදි වාර තුන ද විස්තර කරනු.
කුසල පදයේ වාර සත නිමි.
කුසලපද වාරයට අනතුරුව අකුසලපද වාරය වදාළ සේක. එහි ද කුසල පදාවසාන වාරාදි වශයෙන් සත් වාරයක් ඇත්තේය. එයින් කුසල පදාවසාන වාරය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත්, “සියා අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා” යනුවෙනි. මෙ සේ අකුසල පදයේ වාර සත විස්තර කරනු.
අකුසල පදයේ වාර සත නිමි.
මෙසේ අබ්‍යාකත පදයේ වාර සත ද, කුසලාබ්‍යාකත පදයේ වාර සත ද, අකුසලබ්‍යාකත පදයේ වාර සත ද, කුසලා කුසලාබ්‍යාකත පදයේ වාර සත ද විස්තර කරනු. සියල්ල පිඩු කළ කල්හි හේතුප්‍රත්‍යය ඒකමූල වාරයේ ප්‍රශ්න එකුන් පනසක් වේ. හේතුප්‍රත්‍යය ඒකමූල වාරයට අනුතරුව ආරම්මණ ප්‍රත්‍යය ඒකමූල වාරය වදාළ සේක. එහි ද කුසලපදවාරාදි වශයෙන් වාර සතක් ඇත්තේය. හේතුප්‍රත්‍යය ඒකමූල වාරය අනුව සියල්ල විස්තර කරනු. එහි ද ප්‍රශ්න එකුන් පනසකි. එසේම අවිගත ප්‍රත්‍යය දක්වා ඇති ප්‍රත්‍යය සියල්ල විස්තර කරනු. එක් එක් වාරයක ප්‍රශ්න එකුන් පනස බැගින් ඇත්තේය. ඒකමූලනයෙහි ප්‍රත්‍යය සූවිස්සෙහි සියල්ල පිඩු කළ කල්හි ප්‍රශ්න එක් දහස් එක්සිය සැත්තෑවක් වන්නේ ය.
සහස්ස මෙකඤ්ච සතං ඡ සත්තනි පුනා පරා
පුච්ඡා සම්පිණ්ඩිතා හොන්ති නයම්හි එකමූලකෙ
ඒකමූල වාරය නිමි.
එකමූලක වාරයට අනතුරු ව දුමූලක වාරය වදාළ සේක. එහි ද හේතාරම්මණදුක වාරය ය, හේතාධිපතිදුක වාරය ය, -පෙ- හේතාවිගත දුකවාරය යයි වාර තෙවිස්සක් ඇත්තේය. එයින් හේතාරම්මණ දුක වාරය පළමු කොට වදාළ සේක. එහි ද කුසලපදවාරදි වශයෙන් වාර සතක් ඇත්තේය. එයින් කුසලපද වාරය පළමු කොට වදාළ සේක. එහි ද අවසාන පදයන්ගේ වශයෙන් වාර සතක් ඇත්තේය. එයින් කුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත් “සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතු පච්චයා ආරම්මණ පච්චයා” යනුවෙනි. හේතාරම්මණදුක වාරයේ ප්‍රශ්න එකුන් පනස වුක්තානුසාරයෙන් විස්තර කරනු. අනතුරු ව හේතුප්‍රත්‍යයට අධිපති ප්‍රත්‍යයාදිය එපිළිවෙලින් එකතු කොට ඉතිරි දුකවාර දෙවිස්ස ද විස්තර කරනු. එක් එක් වාරයක ප්‍රශ්න එකුන් පනස බැගින් ලැබෙන බැවින් මේ හේතු පච්චය දුමූලක වාරයෙහි ප්‍රශ්න එක් දහස් එක් සිය සත් විස්සක් වන්නේය.
සහස්ස මෙකඤ්ච සතං සත්තවීසති මෙව ච
දුකෙසු තෙවීසතියා පුච්ඡා හොන්ති දුමූලකෙ
දුමූලක වාරය නිමි.
දුමූලක වාරයට අනතුරු ව තිමූලක වාරය වදාළ සේක. එහි ද හේතාරම්මණ අධිපති තිකාදි වශයෙන් වාර දෙවිස්සක් ඇත්තේය. එයින් හේතුආරම්මණ අධිපති තිකය පළමුකොට වදාළ සේක. එහි ද කුසලපද වාරාදීන්ගේ වශයෙන් වාරසතක් ඇත්තේය. එයින් කුසලපද වාරය පළමු කොට වදාළ සේක. එද අවසානපදයන් ගේ වශයෙන් සත් වැදෑරුම් වේ. එයින් කුසල පදාවසාන වාරය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත් “සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතු පච්චයා ආරම්මණපච්චයා අධිපති පච්චයා” යනුවෙනි. එසේ ප්‍රශ්න එකුන් පනසම විස්තර කරනු. එසේ ම හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙකට අනන්තර ප්‍රත්‍යයේ පටන් අවිගත ප්‍රත්‍යය දක්වා ඇතිප්‍රත්‍යය එක්විස්ස ද පිළිවෙලින් යොදා ඉතිරි වාර එක් විස්ස ද විස්තර කරනු. එක් එක් වාරයෙක ප්‍රශ්න එකුන් පනස බැගින් වන බැවින් තික වාර දෙවිස්සෙහි ප්‍රශ්න එක් දහස් අට සැත්තෑවක් වේ.
සහස්ස මෙකං පුච්ඡානං අට්ඨසත්ත ති මෙව ච
පුච්ඡා ගණනතො හොන්තී නයම්හි තිකමූලකෙ
තිමූලක වාරය නිමි.
හෙතු ආරම්මණ අධිපති යන ප්‍රත්‍යය තුන හා පිළිවෙලින් අනන්තරාදි ප්‍රත්‍යය එක් විස්ස යොදා චතුමූලක වාරය විස්තර කරනු. එක් එක් වාරයෙක ප්‍රශ්න එකුන් පනස බැගින් වීමෙන් වාර එක් විස්සෙහි ප්‍රශ්න එක් දහස් එකුන් තිසක් වේ.
සහස්ස මෙකං පුච්ඡානං එකූනතිංස පුනා පරා,
පුච්ඡා ගණනනො හොන්ති නයම්හි චතුමූලකෙ
චතුමූලක වාරය නිමි.
හේතු ආරම්මණ අධිපති අනන්තර යන ප්‍රත්‍යය සතර හා සමනන්තර ප්‍රත්‍යයේ පටන් අවිගත ප්‍රත්‍යය දක්වා ඇති ප්‍රත්‍යය විස්ස යොදා පඤ්චමූලක වාරය විස්තර කරනු. එක් එක් වාරය ප්‍රශ්න එකුන් පනස බැගින් වීමෙන් වාරවිස්සෙහි නවසිය අසූවක් වේ.
සතානි නච පුච්ඡානං අසීති ච පුනාපරා,
පුච්ඡා ගණනහො හොන්තී නමයහි පඤ්චමූලකෙ,
පඤ්චමූල වාරය නිමි.
ඡමූලක වාරය හේතු, ආරම්මණ, අධිපති, අනන්තර, සමනන්තර යන ප්‍රත්‍යය පස හා සහජාතාදි ප්‍රත්‍යය එකුන්විස්ස පිළිවෙලින් යොදා විස්තර කරනු. වාර එකුන්විස්සෙහි ප්‍රශ්න නවසිය එක්තිසක් වේ.
සතානි නව පුච්ඡානං එකතිංස තතො පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයම්හි ඡක්කමූලකෙ,
ඡමූලක වාරය යි.
සත්තමූලක වාරය හේතාදි ප්‍රත්‍යය සය හා අන්‍යෝන්‍ය ප්‍රත්‍යයාදි ප්‍රත්‍යය අටළොස පිළිවෙලින් යොදා විස්තර කරනු. එක් එක් වාරයෙක ප්‍රශ්න එකුන් පනස බැගින් වීමෙන් ඡක්කවාර අටළොසෙහි ප්‍රශ්න අටසිය දෙ අසූවක් වේ.
සතානි අට්ඨ පුච්ඡානං ද්වාසීති ච තතො පරෙ,
පුච්ඡා ගණනතො හොන්ති නයම්හි සත්තමූලකෙ
සත්තමූලක වාරය යි.
අට්ඨමූලක වාරයේ පටන් සබ්බමූලකවාරය දක්වා ඇති වාර සොළොස ද උක්තානුසාරයෙන් විස්තර කරනු. ප්‍රශ්න සඞ්ඛ්‍යා මතු දැක්වෙන ගාථාවලින් දත යුතු ය.
සතානි අට්ඨ පුච්ඡානං තෙත්තිංසා ච තතො පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයම්හි අට්ඨමූලකෙ
-
සතානි සත්ත පුච්ඡානං චතුරාසීති තතො පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයම්හි නවමූලකෙ
-
සතානි සත්ත පුච්ඡානං පඤ්චතිංස තතො පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයම්හි දසමූලකෙ
-
ඡසතානි ච පුච්ඡානං ඡලාසීති තතො පරා,
නයම්හී පුච්ඡා ගණිතා එකා දසක මූලකෙ
-
ඡසතානි ච පුච්ඡාතං සත්තතිංස තතො පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ ද්වාදස මූලකෙ.
-
සතානි පඤ්ච පුච්ඡානං අට්ඨාසීති තතො පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ තෙරස මූලකෙ
-
සතානි පඤ්ච පුච්ඡානං තිංස වා ථ නවා පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ චුද්දස මූලකෙ.
-
සතානි චත්තාරි පුච්ඡානං නවූති ච තතො පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ පන්නරස මූලකෙ.
-
සනාති චත්තාරි චත්තාළීසෙ කා ච පුනා පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ සොළස මූලකෙ.
-
සතානි තීණි පුච්ඡානං නවුතී ද්වෙ පුනා පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ සත්තරස මූලකෙ.
-
සතානි තීණි පුච්ඡානං තෙචත්තාරීස මෙව ච
පුච්ඡා ගණනතො හොන්ති නයෙ අට්ඨාරස මූලකෙ.
-
ද්වෙ සතා නවුති චෙව චතස්සො ච පුනා පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ එකූන වීසතිකෙ
-
ද්වෙ සතා හොන්ති පුච්ඡානං චත්තාළීසා ච පඤ්ච ච,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ වීසති මූලකෙ.
-
සතං ඡනවුති චෙව පුච්ඡා හොන්ති සම්පිණ්ඩිතා
ගණිතා ලක්ඛඤ්ඤූහි එකවීසතිකෙ නයෙ.
-
චත්තාළීසාධික සතං සත්ත චෙව පුනා පරා,
පුච්ඡා ගණනතො හොන්ති නයෙ ද්වාවීසති මූලකෙ.
-
අට්ඨනවුති මෙවි ධ පුච්ඡා ගණනතො මතා,
නයම්හි තෙවීසතිමෙ තෙවීසතික මූලකෙ.
අවසාන වාරය වූ චතුවීසති මූලකයෙහි හෙවත් සබ්බමූලකයෙහි ලැබෙන්නේ ප්‍රශ්න එකුන් පනසකි. ඒකමූලක වාරයෙහි පටන් සබ්බමූලක වාරය දක්වා ඇති මේ වාර සූවිස්සෙහි ලැබෙන ප්‍රශ්න සියල්ල පිඩු කළ කල්හි තුදුස් දහස් සත්සියයක් වේ.
චුද්දසෙ ච සහස්සානි පුන සත්ත සතානි ච,
පුච්ඡා හෙතු පදස්සෙ ව එක මූලාදි භෙදතො.
හේතු ප්‍රත්‍යය පිළිබඳ වූ ඒකමූලාදි වාර සූවිස්ස නිමි.
මේ හේතු ප්‍රත්‍යය මෙන් ම ආරම්මණාදි ප්‍රත්‍යය තෙවිස්ස ද විස්තර කළ යුතු ය. “එකෙකස්ස පදස්ස එකමූලං දුමූලං තිමූලං සබ්බමූලං අසම්මුය්හන්තෙන විත්‍ථාරෙතබ්බං” යනුවෙන් පාලියෙහි දැක්වෙන්නේ ආරම්මණාදි ප්‍රත්‍යය තෙවිස්ස ද හේතු ප්‍රත්‍යය මෙන් ම ඒකමූලාදි වශයෙන් විස්තර කළ යුතු බව ය. එසේ විස්තර කරන කල්හි හේතුප්‍රත්‍යයෙහි ප්‍රශ්න තුදුස් දහස් සත්සියයක් ලැබෙන්නාක් මෙන් ආරම්මණාදි ප්‍රත්‍යයන්හි ද ප්‍රශ්න තුදුස් දහස් සත්සියය බැගින් ලැබෙන්නේ ය. ප්‍රත්‍යය සූවිස්සෙහි ම ලැබෙන ප්‍රශ්න පිඩු කළ කල්හි තුන්ලක්‍ෂ පනස් දෙදහස් අටසියයක් වන්නේය.
ද්වාපඤ්ඤාස සහස්සානට්ඨ සතානි තීණි සතසහස්සානි,
කුසලත්තිකස්ස පුච්ඡා අනුලොම නයම්හි සුවිභත්තා
මේ තිකපට්ඨානයෙහි අනුලෝම නයයෙහි කුසලත්‍රිකය සම්බන්‍ධයෙන් ලැබෙන ප්‍රශ්න ගණන ය, වේදනාදි එක්විසි ත්‍රිකයන්හි ද එක එකක තුන්ලක්‍ෂ දෙපනස් දහස් අටසියය බැගින් ම ප්‍රශ්න ලැබෙන්නේ ය. ත්‍රික දෙවිස්සෙහි ලැබෙන ප්‍රශ්න සියල්ල ම පිඩු කළ කල්හි සැත්තෑ සත් ලක්‍ෂ සැට එක් දහස් සය සියයක් වේ.
එකසට්ඨි සහස්සානි ඡසතානි සත්ත සත්තති,
සතසහස්සානි පුච්ඡානං තික භෙදෙ පභෙදතො,
සංඛිත්තා වාචනා මග්ගෙ
තික පට්ඨානය යි.
දුකපට්ඨානයෙහි සියයක් වූ දුකයන්ගෙන් පළමුවැන්න හේතුදුකය යි. එහි ද, හේතුපදය ය, නහේතු පදය ය, හේතුනහේතු පදය ය යි ආදි පද තුනක් වේ. එසේ ම අවසාන පද ද තුනක් වේ. එක් එක් ආදි පදයක් හා පිළිවෙලින් අවසාන අවසාන පද තුන යෙදීනේ හේතු දුකය සම්බන්‍ධයෙන් ප්‍රශ්න නවයක් ලැබේ. ඒ මෙසේය.
-
- සියා හෙතුං ධම්මං පටිච්ච හෙතුධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා?
- සියා හෙතුං ධම්මං පටිච්ච න හෙතු ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා?
- සියා හෙතුං ධම්මං පටිච්ච හෙතු ච නහෙතු ච ධම්මා උප්පජ්ජෙය්‍යුං හෙතුපච්චයා?
- සියා නහෙතුං ධම්මං පටිච්ච නහෙතු ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා?
- සියා නහෙතුං ධම්මං පටිච්ච හෙතු ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා?
- සියා නහෙතුං ධම්මං පටිච්ච හෙතු ච නහෙතු ච ධම්මා උප්පජ්ජෙය්‍යුං හෙතුපච්චයා?
- සියා හෙතුඤ්ච නහෙතුඤ්ච ධම්මං පටිච්ච හෙතුධම්මො උප්පජ්ජෙය්‍ය හෙතු පච්චයා?
- සියා හෙතුඤ්ච නහෙතුඤ්ච ධම්මං පටිච්ච නහෙතු ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා?
- සියා හෙතුඤ්ච නහෙතුඤ්ච ධමමං පටිච්ච හෙතු ච නහෙතු ච ධම්මා උප්පජ්ජෙය්‍යුං හෙතු පච්චයා?
මේ හේතු ප්‍රත්‍යයෙහි ලැබෙන ප්‍රශ්න නවය ය. ආරම්මණාදි ප්‍රත්‍යය තෙවිස්සෙහි ද මෙසේ ම ප්‍රශ්න නවය බැගින් ලැබෙන්නේ ය. සූවිසි ප්‍රත්‍යයෙහි ම ලැබෙන ප්‍රශ්න පිඩු කළ කල්හි දෙසිය සොළසක් වේ. මේ හේතුප්‍රත්‍යයේ ඒක මූල නයයෙහි ලැබෙන ප්‍රශ්න සඞ්ඛ්‍යාවය, හේතු ප්‍රත්‍යය දුමූලකාදි වශයෙන්ද විස්තර කළ යුතුය. එසේ කරන කල්හි දුමූලක නයයෙහි ප්‍රශ්න දෙසිය සතක් වේ. තිමූලක නයයෙහි එක්සිය අටඅනූවක් වේ. චතුමූලකයෙහි එකසිය අසූනවයක් වේ. පඤ්චමූලකයෙහි එකසිය අසූවක් වේ. ඡමූලකයෙහි එක්සිය එක් සැතෑවක් වේ. සත්තමූලකයෙහි එක්සිය සැට දෙකක් වේ. අට්ඨ මූලකයෙහි එක්සිය තෙපනසක් වේ. නව මූලකයෙහි එක්සිය සිවුසාලිසක් වේ. දසමූලකයෙහි එක්සිය පන්තිසක් වේ. ඒකාදස මූලකයෙහි එක්සිය සවිස්සක් වේ. ද්වාදසමූලකයෙහි එක්සිය සතොළොසක් වේ. තේරසමූලකයෙහි එක්සිය අටක් වේ. චුද්දසමූලකයෙහි අනූනවයක් වේ. පන්නරසමූලකයෙහි අනූවක් වේ. සෝළස මූලකයෙහි එක් අසූවක් වේ. සත්තරස මූලකයෙහි දෙසැත්තෑවක් වේ. අට්ඨාරස මූලකයෙහි තෙසැටක් වේ. එකුනවීසති මූලකයෙහි සිවුපනසක් වේ. වීසති මූලකයෙහි පන්සාළිසක් වේ. එකවීසති මූලකයෙහි සතිසක් වේ. ද්වාවීසති මූලකයෙහි සත් විස්සක් වේ. තේවීසති මූලකයෙහි අටළොසක් වේ. සබ්බමූලකයෙහි නවයක් වේ. සියල්ල පිඩුකළ කල්හි හේතුප්‍රත්‍යයෙහි ප්‍රශ්න දෙදහස් සත්සියයක් වේ. ආරම්මණාදි ප්‍රත්‍යයන්හි එක එකක දෙදහසක් සත්සියය බැගින් ම ප්‍රශ්න වන්නේ ය. සූවිසි ප්‍රත්‍යයෙහි ම ප්‍රශ්න පිඩු කළ කල්හි සූසැට දහස් අට සියයක් වන්නේ ය.
චතුසට්ඨි සහස්සානි පුන අට්ඨ සතානි ච,
පුච්ඡා හෙතු දුකස්සෙ ව අනුලොම නයෙ මතො.
හේතු දුකයෙන් අන්‍ය වූ දුක අනූනවයෙහි ද එක් එක් දුකයක හේතු දුකයෙහි ලැබෙන ප්‍රශ්න සංඛ්‍යාවම ලැබෙන්නේ ය. දුක සියයෙහි අනුලෝම ක්‍රමයෙන් ලැබෙන ප්‍රශ්න පිඩු කළ කල්හි සූසැට ලක්‍ෂ අසූ දහසක් වන්නේය.
සට්ඨි සතසහස්සානි චත්තාරි ච තතො පරං,
අසීති ච සහස්සානි පුච්ඡා දුක සතෙ විදූ.
මේ ශුද්ධික ත්‍රික ද්වික ප්‍රස්ථාන දෙක්හි ප්‍රශ්නයන් ගේ පරිච්ඡේදයය
(මෙහි දක්වන ලදුයේ ක්‍රමය දත හැකි වීම සඳහා පුච්ඡාවාරයෙන් ස්වල්පයෙකි. දක්වන ලද කොටස අනු ව සිතා නො දැක්වූ පට්ඨානයන්ගේ නයයන් ගේ වශයෙන් සකල පුච්ඡාවාරය ම තේරුම් ගත යුතු ය. මෙහි පුච්ඡාවාරයම විස්තර කරන ලදුයේ අටුවාවේ දැක්වෙන ක්‍රමය අනුව ය. මෙය පිළිබඳ ව තවත් ආචාර්‍ය්‍යවාද ඇත්තේ ය. දීර්‍ඝ වන බැවින් මෙහි නො දක්වන ලදි.)
පණ්ණත්ති වාර වර්‍ණනාව නිමි.
විශේෂ කරුණු
මේ පණ්ණත්ති වාරයෙහි ලැබෙන ප්‍රශ්න සඞ්ඛ්‍යාව ඉතා බොහෝය. මෙහි දක්වා ඇත්තේ ඒවායින් සුළු කොටසකි. තිකපට්ඨානයෙහි ප්‍රශ්න (7761600) සැත්තෑසත් ලක්‍ෂ සැට එක් දහස් සසියයක් ප්‍රශ්න ලැබෙන බව ඉහත දක්වා ඇත. එය තිකපට්ඨානයේ සම්පූර්‍ණ ප්‍රශ්න සඞ්ඛ්‍යාව නොව අනුලෝම ක්‍රමයෙන් පටිච්ච වාරයේ පමණක් ලැබෙන ප්‍රශ්න සංඛ්‍යාව ය. ඉහත දක්වන ලද ත්‍රිකප්‍රස්ථාන ප්‍රශ්න (7761600) සැත්තෑසත් ලක්‍ෂ සැට එක් දහස් සසියය ධම්මානු ලෝමාදි ක්‍රම සතරෙන් චතුර්ගුණ වන බැවින් 31046400 ක් වේ. එය පටිච්චවාරාදි සත්වාරයන්ට පැමිණීමෙන් සත්ගුණයකින් වැඩි වී 217324800 ක් වේ. එය නැවත පච්චයානුලෝමාදි ක්‍රම සතරට පැමිණ චතුර්ගුණ වීමෙන් (86,92,99200) අසූහය කෝටි අනූදෙලක්‍ෂ අනූනව දහස් දෙසියයක් වේ. මේ එක් පට්ඨානයක ප්‍රශ්නයෝ ය, දුකපට්ඨානයේ ප්‍රශ්න සඞ්ඛ්‍යාව එයට මඳක් අඩු ය. ඉතිරි පට්ඨාන සතරෙහි ලැබෙන ප්‍රශ්න සඞ්ඛ්‍යාව ඉතා බොහෝ වේ. මේ ප්‍රශ්නවලින් ඇතමෙක් දිය යුතු පිළිතුරක් නැති සිස් ප්‍රශ්නයෝ ය. ඒවා හැර දමා පිළිතුරු ලැබිය හැකි ප්‍රශ්නවලට පමණක් පිළිතුරු දැක්වීම් වශයෙන් මතු දැක්වෙන විසජ්ජනාවාරය වදාරා තිබේ.