අධිපති මිශ්‍රකයට අනතුරු ව අනන්තරමිශ්‍රකය වදාළ සේක. එ ද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් සභාගයන් පළමු කොට වදාළ සේක. අනන්තරමූලක සමනන්තර සභාගය, උපනිස්සය සභාගය, ආසේවන සභාගය, කම්මසභාගය, නත්‍ථි සභාගය, විගතසභාගය යි සභාගවාර සයෙකි.
(1) ඔවුන් ගෙන් අනන්තරමූලක සමනන්තරසභාගයෙහි අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අර්‍හන්තච්‍යුති වර්ජිත පූර්‍වපූර්‍ව නාමස්කන්‍ධයෝ අනන්තර ප්‍රත්‍යය ද සමනන්තර ප්‍රත්‍යය ද වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ “අනන්තර පච්චයා සමනන්තරෙ සත්ත” යි වදාරන ලදහ. උපනිස්සය සභාගය ද එසේ ය.
(3) ආසේවන සභාගයෙහි ප්‍රථමජවනඵලජවන වර්ජිත පශ්චිම පශ්චිම එක්පනස් ජවනයන්ට ප්‍රත්‍යය වන අන්තිමජවන වර්ජිත පශ්චිම පශ්චිම සත්සාළිස් ලෞකික ජවනයෝ - “අනන්තර පච්චයා ආසෙවනෙ තීණි”
(4) කම්මසභාගයෙහි මාර්‍ගානන්තර ඵලසිත් සතරට ප්‍රත්‍යය වන මාර්‍ගචේතනාව - “අනන්තර පච්චයා කම්මෙ එකං” “මග්ගො ඵලස්ස” යි විභඞ්ගය උදුරනු. නත්‍ථිසභාග විගතසභාග දෙක සමනන්තර සභාගය මෙනි.
සභාගයන්ට අනතුරු ව ඝටනාවන් වදාළ සේක. සමනන්තර උපනිස්සය නත්‍ථි විගත ඝටනාව ය, ආසේවන ඝටනාව ය, සම්පයුත්ත ඝටනාවය යි ඝටනා තුනෙකි.
(1) සකලානන්තරප්‍රත්‍යය ධර්‍මයෝ - “අනන්තර සමනන්තර නත්‍ථි විගතන්ති සත්ත” (2) සකලාසේවන ප්‍රත්‍යය ධර්‍මයෝ - “අනන්තරසමනන්තර උපනිස්සය ආසෙවන නත්‍ථි විගතන්ති තීණි” (3) මාර්‍ගානන්තරඵල චිත්තයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගචේතනාව - “අනන්තර සමනන්තර උපනිස්සය කම්ම නත්‍ථි විගතන්ති එකං” මෙහි සභාග වාර සයෙකි. ඝටනා තුනෙකි.